මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

ගෙදර කුස්සිය පැත්තෙ බැල්කනියෙ ගෑවෙන නොගෑවෙන තරමට තාප්පෙ අයිනෙ හැදිල තියෙන අඹ ගහේ ගේ පැත්තට නැමිල තියෙන අත්තෙ කූවුවක් හදාපු නම දන්නෙ නැති කුරුළු ජෝඩුව අපි මේ ගෙදරට එනකොටත් බොහෝම කලබලයෙන් තමයි උන්නෙ. මුලින්ම අපි හිතුවෙ කාලයක් වහල තිබුන මේ උඩ තට්‍ටුවට අපි ආවට බයවෙලා කියල. බැල්කනියෙ කොට තාප්පෙ පලින් පල තිබුන කුරුළු වසුරු පැල්ලම් කිව්වෙකිව්වෙත් ඒ කුරුළු ජෝඩුව එතනට වෙලා හැන්දෑවෙ ඈතින් පේන අවිසාවේල්ල පාරට උඩහින් බහින ඉරේ හැඩ බල බල ඉන්න ඇති කියල.

ඒත් සතියක් විතර ගිහිල්ලත් ඒ දෙන්නගෙ කලබලේ අඩු උනේ නෑ.. කුරුල්ල කොයිවෙලාවකවත් එක තැනක ඉන්න නෑ. ඒ අත්තෙන් මේ අත්තට පැන පැන අඹ ගහේ දිරච්ච පොතු අස්සෙ ඉන්න වේයො අල්ලන එකමයි වැඩේ. ඊට දවස් දෙක තුනකට පස්සෙ උනන්දුවෙන් බලනකොටයි දැක්කෙ ඉඳල හිටල රවුම් කූඩුවෙ පුංචි දොරෙන් පුංචි කුරුළු පැටව් දෙන්නෙක් එබිකම් කරනව.

කුරුලු තාත්තා අච්චර කලබලෙන් අත්තෙන් අත්තට පැන පැන වේයො ඇල්ලුවෙ ඇයි කියල ඒ වෙලාවෙ තමයි මට තේරුනේ.

දැං අපේ පැටියටත් කෑම කවන්න වෙලාවක් බලවගත්තොත් හොඳයි නේද ?

මෙච්චර වෙලා මටත් හොරෙන් කුරුල්ලො බල බල උන්න මගෙ පිටිපස්සෙන් හිටපු චූටිමැණිකෙ ඇහුවා…

හ්ම්….

අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..

ඒ ඩිංග මම හිතුව මිසක් කිව්වෙ නෑ. කිව්වනං ඕං වැහි වලාවක් පාත්වෙන්න හොඳටෝම ඉඩ තිබුන එතනට.

දැං ඉතිං නැකැත් හදවන්නෙ කොහොමෙයි..

අපේ අම්මට බොහෝම විස්වාසවන්ත කේන්දර බලන ගුරුන්නාන්සෙ කෙනක් ඉන්නව උනත් දැං කාලෙක ඉඳල උන්දැට කියල මට නැකැත් හදවන එක නවත්තල දාල ඉන්නෙ මගෙ මොකක්හරි අලුගුත්තේරු කතාවකට. ඉතිං එහෙව් එකේ ආයෙ ඕක අම්මට කියන්න බෑ නෙව.

දැං මොකද කරන්නේ… ඒ…..

ඔහොම කල්පනා කරකර අමාරුවෙ වැටිල ඉන්නකොට අපේ කේන්දර ගුරුන්නාන්සෙ තමයි නෑ බැ නොකියා ඒ උදව්ව කරල දුන්නේ.

ආයිත් මට දෙපාරක් මතක් කරන්න උනේ නෑ හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනා.

ඕං ඒ සුභ නැකතට මගෙයි චූටිමැණිකෙගෙයි පුතු පැටියා බත් කාපු පිංතූර ටිකක්.

ඕං මගෙ හිත ඉස්සෙල්ලම ගියේ පැන්සලට

ඕං මගෙ හිතයි අතයි ඉස්සෙල්ලම ගියේ පැන්සලට.

දෙයියන්ගෙ මල්ලිලු නෙ මේ.

ආච්චි අම්මගෙ කිරිබත් නේද මේ.....

සීයගෙන් තමයි මුල්ම කිරිබත් කට.

අම්මයි තාත්තයි සීයයි ආච්ච්යි මායි

නැන්දයි සීයයි ආච්චියි මායි.

ප/ලි :

මං අද තමයි ඉස් ඉස්සෙල්ලම තාත්තගෙ බ්ලොග් එක කියවන මාමල නැන්දල සීයල ආච්චිල බලන්න ආවෙ.

පේනවනෙ, අච්චර රහ කෑම තියෙද්දි මං මුලින්ම අතට ගත්තෙ පැන්සලක් !

කවදහරි මාත් තාත්ත වගේ බ්ලොග් එකක් ලියනකොට මගෙ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියල ලියල තියන්නම්. එදාට නැන්දල මාමල හැමෝම එන්න ඕන කියවල යන්න.

මීට,
අම්මගෙයි තාත්තගෙයි පුතු පැටියා [ලීනු]

Advertisements

50 Responses to මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

  1. සෝරෝ says:

    පොඩ්ඩට තුණුරුවන්ගෙම සරණයි…!!

    ජය වේවා..!!

    ප.ලි – කථාව පටං ගත්ත හැටි නම් එ ල කිරි…

    කැමතියි

  2. බෙලෙක් කටා says:

    සුභ පැතුම් අයියේ.පුතු පැටියත් කවද හරි Richmondite කෙනෙක් වෙයි නේද?අයිය ඉන්න එකම පොටෝ එකෙත් මූණ පැහැදිලි නම් මදි……

    කැමතියි

  3. හසී says:

    සුබ පැතුම් අයියේ.. පැටියාටයි අයියාටයි අක්කාටයි බුදු සරණයි!

    කැමතියි

  4. පොඩි එකාට මලින් පිරි අනාගතයකට මගෙන් උනුසුම් සුබ පැතුම් මචං …….

    කැමතියි

  5. එල එල ලියන්න කෝ අපි එන්නම් කියවන්න, මුලු පවුලටම සුභ පැතුම්

    කැමතියි

  6. Alchemiya says:

    සුභ පැතුම්…
    පොඩි එකාට නාථ දෙයියන්ගෙම පිහිටයි….. ඒ වගේම ගණ දෙයියොත් බලා කියා ගන්න ඕන…
    දැන් ඉතින් පොත් කියවන්න ගත්තොත් හොඳයි…
    පොඩි එකාට තේරුණේ නැති වුනාට ඒක දැන්ම පටන් ගන්න ඕන හොඳ පුරුද්දක්.
    පැටියව ළඟින් තියාගෙන පින්තූර පොත් කියවන්න (තාත්තා කියවන ඒවා හෙම නොවෙයි හරිද ඕං)
    එතකොට පැටියට පොත් ගැන ආස හිතෙනවා…

    කැමතියි

  7. ඕනයා says:

    අඩේ . . . අපි දන්නෙත් නැතුවා . . . . පොඩ්ඩට තෙරුවන් සරණයි . . . . .
    ප.ලි.
    හැබැයි නවමෝ උඹට තිබුන ඔතනින් ලැපක් තියන්න

    කැමතියි

  8. deeps says:

    සිරියාවේ බෑ පොඩි එකා…තෙරුවන් සරණයි!!

    කැමතියි

  9. සුබ පැතුම් පොඩ්ඩෝ…
    බුදු සරණයයි!!!!!

    කැමතියි

  10. gizza says:

    පුතාට තෙරුවන් සරණයි…!!!
    රටට වෙඩක් ඈති ගුණ යහපත් දරුවෙක් වේවා….
    සුබ අනාගතයක් පුතාට

    තාත්තට වගේම පුතත් ලස්සනට ලියන්න පුලුවන් බ්ලොග්කරුවෙක් වේවා…:D

    කැමතියි

  11. පුතු පැටියත් තාත්තා වගේ බ්ලොග් ලියනකොට මගේ දරුවෙක් මේ වගේම නවම් අයියා කියලා කියයි. කොහොමද වැඩේ. පුතු පැටියා වාසනාවන් !!!! 🙂

    කවදාහරි හොද මහත්තැන් කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා කියලා පතනවා !!!! පුතු පැටියට බුදු සරණයි !!!!

    කැමතියි

  12. Siri says:

    පුතාට තෙරුවන් සරණයි…!!!

    කැමතියි

  13. blog gadol says:

    පුතාට අනාගතයේදී හොඳ පුරවැසියෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ!!! (බ්ලොග් ලියන පුරවැසියෙක්)

    කැමතියි

  14. බුදු සරනය් චූටි පුතේ. හොඳ දරුවෙක් වෙන්න.

    කැමතියි

  15. සුභපැතුම් පුංචි පුතු පැටියට. මම නම් බත් කවන නැකතට පැනපු ගමන් තඩි කිරිබත් කෑල්ලක් බදාගෙන තියෙන්නෙ. ඒකනෙ දැනුත් කෑම දැක්කම ඉන්න බැරි.

    කැමතියි

  16. දුමී says:

    හුරතල් කොලු පැටියෙක්!! ඇස් වහක් කට වහක් නැතිව පුතේ උඹ කවදා හරි සිරි ලක් මාතාවගේ යෝධ පුතෙක් වේවා !

    නවම් මලේ, උඹටත් චූටි මැණිකේ නගාටත් කොළු පැටියාටත් තෙරුවන් සරණයි !

    කැමතියි

  17. නදී... says:

    සුබ පැතුම් නවම් බබාට.
    ඉක්මන්ට ගොඩක් කාල ලොකු වෙන්න ඕනේ.අප්පච්චි වගේ බ්ලොග් ලියන්න පුලුවන් එතකොට ඔයාට.

    කැමතියි

  18. සමීර says:

    පොඩි එකාට තුණුරුවණ්ගේම සරණයි !

    කැමතියි

  19. Beetle says:

    ලීනු පුතු පැටියාට වාසනාවන්ත අනාගතයක්..!!!

    කැමතියි

  20. පුංචි පුතුට දළදා සමිඳු පිහිටයි…..

    ලොකු මිනිහෙක් වෙමින් ගමන් හොඳ මිනිහෙක් වෙන්න පුතේ…

    කැමතියි

  21. Bindi says:

    පොඩ්ඩා හරි සිරියාවයි . හොඳ බබා පැන්සල අතට ගත්තේ කැවුම් ගෙඩියක් නැතිව .. ..ගොඩක් පොත් කියවන්න ..බ්ලොග් ලියන්න තියෙන නිසා ගොඩක් බත් කාලා ඉක්මනට ලොකු වෙන්න.

    සුබ අනාගතයකට ආසිරි

    බින්දි නැන්දා ….ලොක්කි සහ බනී අක්කලා සමග බනිලගේ තාත්තා.

    කැමතියි

  22. දළදා සමිඳු පිහිටයි …!! පුතු පැටියට

    කැමතියි

  23. මාරයා... says:

    හපොයි පරක්කු උනා…
    දරු පැටියාට නීරෝගීමත් අනාගතයක් හිමි වේවා..!

    කැමතියි

  24. arunishapiro says:

    //අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..//

    පුතු පැටියාගේ තාත්තා කලින් ‍මගේ නිවහනට ඇවිත් දාපු ප්‍රතිචාරයක් මතක් වුනා, මෙන්න මෙහෙම…

    //ඉන්න රටේ හැටියට කරන කියන දේවල් වලත් වටිනාකම් වෙනස් වෙන හැටි නේද?//

    නැකතක් බලලා මුලින් ම බත් කවන දවසට ‘ඉඳුල් කට ගානවා’ කියලා තාමත් කියනවා දැයි තාත්තාගෙන් අහන්න. පුංචි පුතා කට ගෑවේ ඉඳුල් කෑම නෙවෙයි අළුතින් උයපු කෑම නේද?

    කියන්න තව තව දේවල් නම් කට කහමින් දැවෙනවා … ඒත් සතුටු සටහනක දී ඒවා මොනවාට ද? අනික පුංචි ඔයා ටිකක් ලොකු වෙනකම් මේ ආච්චි බලාගෙන ඉන්නම් තව තව දේවල් අහන්න!!!

    සුබ අනාගතයක් ඔබ සියළු දෙනාටම!

    කැමතියි

  25. නවම් අයියගේ පුතු පැටියාට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි .!!!!

    කැමතියි

  26. හරි ලස්සන පිංතූර ටික. මටත් මතක් උනා මගෙ ළමයින්ට නැකතට බත් කැවූ හැටි. අද තමා චූටි මැණිකෙත් දැක්කෙ. හැමෝටම සුබ අනාගතයක්.

    කැමතියි

  27. abeetha says:

    පොඩ්ඩට සුභ පැතුම් මලේ…

    මට දැන්නේ බන් මතක් උනේ අපේ එකාට නැකතක් බැලුවේ නෑ කියලා… මල විජ්ජුම්බරයයි….

    කැමතියි

  28. TG says:

    නවම්ගෙත් චූටි මැනිකෙගෙත් පුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ලොකුවෙලා හොඳ මිනිහෙක් වෙන්න

    කැමතියි

  29. දුකා says:

    ශාහ් . . .නියමයි නවම් මලේ . . ශෝයි කොලු පැටියා . . .

    මගේත් උනුසුම් සුභ පැතුම් පුතාටයි අම්මටයි අප්පච්චිටයි හැමදෙනාටම . . .

    සමාවෙන්න ඊයේ ලිපිය කියෙව්වට කොමෙන්ට් කොරන්න බැරි උනා . . ..

    කැමතියි

  30. Hasitha says:

    පුතාට තුනුරුවනේ සරණයි… හොඳ මනුස්සයෙක් වෙයන් පුතේ 🙂

    කැමතියි

  31. මං මේ බැලුවේ පැටියාගේ තාත්තා ගැන…. තාත්තා කෙලින් ඉන්නවා නේද…?

    දැන් නවම් අයියේ පොඩ්ඩා බත් කනවද? නැත්තං අර කැඳ වගේ සීන් එකද කවන්නේ?

    කැමතියි

  32. අනේ නවම් සහෝ… ඔයාගේ බ්ලොග් එක කාලෙකින් මිස් වෙලා… නෝනි කියවලා මටත් කියපු නිසයි මේ ගැන දැනගත්තේ. පුතු පැටියට සුභ අනාගතයක් වේවා කියලා මමයි නෝනියි දෙන්නම සුභ පතනවා…!!!

    ඉස්සර වගේ බ්ලොග් එක කරගෙන යන්න… කියවන්න නම් ඕනෙ තරම් අය ඉන්නවා. ජයවේවා !!!

    කැමතියි

  33. සුභ අනාගතයක් චූට් මල්ලියට!!

    මාත් අම්මගෙන් අහල බලන්න ඕන මම මොකක්ද මුලින්ම අතට අරන් තියෙන්නේ කියලා…

    කැමතියි

  34. පරක්කු වෙලා හරි මම සුබ පතනවා බං කොලු පැටියට ……….
    බුදු සරණයි උඹේ මුලු පවුලටම ………..

    කැමතියි

  35. chanakalin says:

    පුතාට සුභපැතුම්!!

    තාත්තල උනාමත් මාර කේස් නේද ? අපිනම් තාම 18 පැන්න ගමන් නිසා ෂේප්.

    මමනම් අකුරු කියවපු දවසෙත් මුලින්ම අතට ගත්තෙ කිරිබත්ලු.

    කැමතියි

  36. දැං කොහොමද කොලු පැටියගෙ තත්වේ! මාරයාගෙ නැතක නැගලා යනවා ඇති. ඕන කෑමක් කනවා ඇති.

    හැබෑට මේ පෝස්ට් කොහොම මට මිස් උනාද මන්දා

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: