ලෝකෙ හොඳම ගෑණි ඕනෙද, මටනම් එපා….. [මොකටද නිකං හිත රවට්ටගන්නෙ]


ගෑණි, පවුල, ගෙදර උන්දැ, ඒයි, යෝදි, අරය, වාතේ, බිරිඳ, ඇණේ, වයිපරේ, හාමිනේ, නෝනෙ, මළ යස්සණී, රත්තරං, පැටියා, කුක්කු බබා, මැණික, බබාලගෙ අම්ම, නෝනා මහත්තයා, ළමයින්ගෙ අම්ම,  වස්තුව, මේ ඇහුනයි, මයෙ අම්මා, බාරි, ඩාලිං, හනී,…………

ඔය ඔක්කෝම කියන්නෙ ගෙදර ගැණු මනුස්සයාට නෙ. ඔතන මළ පැන්නම කතාකරන වචන මුකුත් ලියල නෑ. ඒව ලිව්වනං ඉතිං මේක පබ්ලිෂ් කරන්න බෑ නෙව.

කොයි පිරිමියත් බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ගෙ බිරිඳ කරගන්න. [ඇත්තනෙව, කවුද සෙකන්ඩ් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් එකක් කරන්නෙ පිස්සු නැත්නම්]

ඒක නිසා අපි කල්පනා කරල බලමු හොඳම කියන විශේෂණය ඇතුලේ තියෙන ප්‍රධාන කරුණු කරණා මොනවද අකියල.

ලස්සන / සුදු [සුදු = පිරිසිඳු, පිරිසිඳු = හොඳ, එමනිසා සුදු = හොඳ]

මේක ගැඹුරෙන් කල්පනාකරල බැලුවොත් අපි අත්විඳින සත්‍යයක්. හොඳ පෙනුමක් තියෙන සුදු, උස මහත පුද්ගලයෙකුට, කෙට්‍ටු, කළු මනුස්සයකුට වඩා මූලික සමාජ පිළිගැනීමක් තියෙනව [ලංකාව ඇතුලෙ]. මනුස්සය කවුද කියල අඳුරගත්තම ඒ සිතුවිල්ල වෙනස් වෙන එක වෙනම කතාවක්.

අහිංසක

නපුරු නැති, පලිගන්නේ නැති, එකට එක කියන්නෙ නැති, බැන්නත් ඔළුව පැත්තකට හරවල හිනාවෙලා ඉන්න, මල් වැච්ච දිග ගවුම් අඳින, නිතඹෙ වදින තරම් ඝණකම කොණ්ඩයක් තියෙන වගේ……

බුද්ධිමත්

රටතොට ගැන, සමාජය ගැන, ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති, ජීවිතේට සාර්ථකව මූණදෙන්න පුළුවන්……

කරුණාවන්ත

මොන වැ‍රැද්ද කලත් හිනාවෙලා සමාව දෙන, ගෙදරට එන කුරුල්ලන්ට ලේන්නුන්ට කන්න බොන්න දෙන, රෑ දෙගොඩ හරියෙ බීගෙන හතර ගාතෙන් ගෙදර ගියත් වෙනද වගේම ආදරෙන් පිළිගන්න….

තව අනු කාරණා මහ ගොඩයි……

අපි නිකමට වගේ හිතමුකො ඔය වගේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන සිහින කුමාරිය ලෝකෙ කොහේ හරි ඉන්නව කියල.  ඒයා තමයි ලෝකෙ හොඳම ගැහැණිය කියල.

ඒත් ඉතිං ලෝක සම්ප්‍රදායේ හැටියට එක ගෑණියෙකුට නීත්‍යාණුකූලව විවාහ වෙන්න පුළුවන් එක පිරිමියෙක් එක්ක විතරයිනෙ. ඉතිං අනේ අර ලෝකෙ හොඳම ගෑණි විවාහ කරගන්න බලං ඉන්න අනිත් පිරිමි ටිකට මොකද වෙන්නෙ.

හොඳම ගෑණි නෑ කියල ඉතිං ඉතුරු පිරිමි ටික කසාද නොබැඳ ඉඳීද?

විකාර…………

හැමෝම තම තමන්ගෙ සිතුම් පැතුම් අනුව තරාදියෙ දාල බොහෝම අමාරුවෙන් බැලන්ස් කරල හොඳම කෙනා කියල හිත හදාගෙන එයා එක්ක හාදවෙනව / විවාහ වෙනව.

ඊට පස්සෙ ඔන්න අර හීන කුමාරිගෙ ඇති ඒත් හැබෑ කුමාරිගෙ නැති කරුණු කාරණා එකිනෙක මතුවෙනව.

ඔන්න ඉතිං ඊටත් පස්සෙ, “ගිණි අවි සහ ගිණිකෙළි”. එහෙමත් නැත්නම් “දිය යටින් ගින්දර”

හැබැයි ඉතිං හැම තැනම එහෙම නෑ….. [දන්නෝ දනිති]

අර අඩුපාඩු, අඩුපාඩු විදියටම දැකල ඒවායේ පැවැත්ම පිළිගන්නවනම් සහ  ඒක නිසාම ඇතිවෙන ගැ‍ටුම් වලක්වාගන්න පුළුවන් නම් ඔන්න ආයෙමත් ලෝකෙ ඉන්න හොඳම ගෑණි තමන්ගෙ ගෙදර.

ඔව්… පිළිගන්න… කිසිවෙක් සර්ව සම්පූර්ණ නෑ. අඩුපාඩු එමටයි. ඇයගේ වගේම ඔබගෙත්….

තමන් සෑම විටම නිවැරදියි කියල සිතුවිල්ලේ ඉන්නා තුරු තමන් වැරදියි. ඒවගේම තමන්ගෙත් වැරදි තියනව කියල කල්පනාවෙන්න පටන්ගත්තු තැන ඉඳල තමන් නීවැරදි මාවතේ ගමන් කරනව.

සති අන්ත පත්තර වල කිචි පි‍ටුවෙ තියෙන නළු නිළියන්ගෙ සර්ව සම්පූර්ණ පවුල් ජීවිතවල ලස්සන ගැන හිතල තම තමන්ගේ පවුල් ඒවත් එක්ක සසඳන්න යන්න එපා. එහෙම උනොත් මහ විනාසයක්. ඒ හැමදෙයක්ම හැබෑව යටපත් කරමින් පැන නඟින සමාජීය පිලිගැනීම උදෙසා කරන ප්‍රකාශ විතරමයි.

ඒවගේම අල්ලපු ගෙදර ගෑණිගෙ පිළිවෙල ගැන කල්පනා කරල ගෙදර ගෑණිව කන හදන්න එපා.

කොටින්ම හොඳ අමතක කරල නරක විතරක් මතකයේ තියාගන්න කැත පුරුද්ද අමතක කරන්න. හිත පින්තූර ඇල්බම් එකක් කරගන්න, මොකද ලස්සන මතක සටහන් විතරයිනෙ අපි ඇල්බම් එකකට ඇතුල් කරන්නෙ.

ප/ලි :  ඒ ඔක්කෝම පැත්තකින් තියමුකෝ, අපේ තියෙන දාහක් අඩුපාඩු ගැන නාහෙන් නාඬා ඉන්න එකම මදෑ ලෝකෙ හොඳම ගෑණි වෙන්න.

ප/ප/ලි : මේ සටහන ලියන්න හිතුනෙ, බ්ලොග් නොලියන, බ්ලොග් නොකියවන මගේ යාළුවෙක් ඊයෙ හවස කෝල් කරල තමන්ගෙ ගෑණිගෙ අඩුපාඩු කිය කිය නාහෙන් අඬපු නිසා. මම නං ඌට අන්තිමටම කිව්වෙ. ඔච්චරම අවුල් නං, යන්න ඕනෙමයි කියනවනං යන්න දීපං කියල තමයි. බලෙන් නවත්තගෙන අල කන්නයැ. මට උනත් ඔච්චරයි !

Advertisements

78 Responses to ලෝකෙ හොඳම ගෑණි ඕනෙද, මටනම් එපා….. [මොකටද නිකං හිත රවට්ටගන්නෙ]

  1. Alchemiya says:

    අන්න ඒකට මගේ ගෑණි….
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ…
    අපේ ගෙදර විතරයි ඉන්නේ…
    අනේ ඒකි නැත්තං මං මැරිච්ච තැන්වල ගස් පැලවෙලා කවුරුහරි කපාගෙන ගේකුත් හදලා…
    (අපේ ගෑණි කියන්න බෑ.. වෙන කවුරුහරි එකෙක් අයිතිවාසිකම් කිවුවොත්,…… මේ දවස්වල මගේ දේවල් අනුන් අයිති කරගන්න සම්භාවිතාව වැඩියි නෙවැ)

    කැමතියි

  2. සාතන් says:

    හෙහ්… එල පෝස්ටුවක්නෙ… ඇත්තටම අපි හිතන් ඉන්නව තමන්ගෙ කෙනා හොඳම කෙනා කියල … (බඳිනකන් ;)..)

    කැමතියි

  3. ඔය කතාව ඇත්ත. හොදම කෙනා හොයන එක කාගෙත් පුරුද්දක්.
    ඒත් ඉතින් අපි වගේ උන් එක්ක ඉන්න එකම මදෑ. අනික ඔය වගේ ගෑනුත් හොදම පිරිමියා හෙව්වනම් අපිට සොරිම තමා. මොනා වුනත් හම්බෙන දේ බලා හදා ගෙන ඉන්න එක තමා කරන්න තියෙන්නේ.

    මේකට අදාල නිසා ලින්ක් එක දැම්මා මගේ පෝස්ට් එකක.

    http://bckurera.wordpress.com/2010/06/05/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B6%A9-%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB/

    කැමතියි

  4. abeetha says:

    ඒ ඔක්කෝම පැත්තකින් තියමුකෝ, අපේ තියෙන දාහක් අඩුපාඩු ගැන නාහෙන් නාඬා ඉන්න එකම මදෑ ලෝකෙ හොඳම ගෑණි වෙන්න.

    100% ඇත්ත මචන්….. මේ වාක්‍යයට මම කොච්චර එකඟද කියන එක මනින්න මිනුම් ඒකකයක්වත් හොයාගන්න බෑ මචන්….

    කැමතියි

  5. සමහරු අලි පත ගෑණුන්ට චූටි මැණිකෙ කියලත් කියනව ආදරේට. 🙂

    කැමතියි

  6. deeps says:

    හ්ම්ම් ඕව් අයියේ….අපි අනික් කෙනාගේ වැරදි ගැන හිත හිත එයාට බැනලා ගහගෙන ප්‍රශ්න විසඳන ඒකෙන වෙන්නේ හැමෝගෙම හිත රිදෙන එක..ඒ වෙනු‍වට තමන්ගේ වැරදි ගැන හිතනවා නම් ඒ ගැටුම ඔක්කොම නවත්තගන්න පුළුවන්…එත් අවුල කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ආව ගමන් අපිට මතක වෙන්නේ අපේ වැරදි නෙවේ, අනික් කෙනාගේ වැරදිනේ…එතකොට කොච්චර හොඳ කලත් ඔලුවට එන්නේ අර එක නරක දේ…පස්සේ දවසක එයාගේ හොඳ මතක් වුනත් එතකොට පෙරහැර ගිහින් අල්ලන්න බැරි තරම් දුරකට…..ඒක නිසා අයියේ මේ පොස්ට් එකටම එකතු කරන්න වරදක් කලත් second chance එකක් දෙන්න කියලා.

    කැමතියි

  7. හොඳ අදහසක්!
    ලෝකෙ හොඳම පිරිමියත් එපා 🙂

    කැමතියි

  8. දුකා says:

    නවම් මල්ලීත් ලඟදී කාල වගේ හොඳවැයින් කෑමක් . . හික් හික්

    කැමතියි

  9. ඔන්න මටත් ලොකේ හොඳම ගෑනිව එපා. මට ඔන කරන්නේ මාව බලාකියාගෙන ගෙදර ඩොරේ වඩපල ටික කරලා දීලා ආදරෙන් ඉන්න පුලුවන් කෙනෙක්ව විතරයි. 🙂

    කැමතියි

  10. sithuwam says:

    ඕන් ඉතින් විවාහ සම්ප්‍රාප්ත වෙලා නැති හිංද හොඳම ගෑණි ගැනනම් කියන්නෙ දන්නෑ.හැබැයි හොඳම ගෑණු ළමය කියා හිතන් ඉන්න කස්ටිය බඳින මාතෘකාව ආව විතරයි ලෝකෙ ඉන්න නරකම ගෑණි වෙනව කියානම් දන්නවා.ඔයාට අරක පුලුවන්ද මේක පුලුවන්ද,වගකීම් ගන්න පුලුවන්ද මාව බලාගන්න පුලුවන්ද,මට ප්‍රශ්ණ විසදන්න බෑඔයාට පුළුවන්ද ඔකී නොකී මෙකී ප්‍රශ්න පත්තරයක්ම අහනවා.අනේ මන්ද අම්මප ඔය කියන විදියෙ හොඳ ගෑණුත් ඉන්නවද?

    කැමතියි

    • නවම් says:

      සීයට සීයක් හොඳ ගෑණුවත් සීයට සීයක් නරක ගෑනුවත් මේ ලෝකෙ නෑ මලේ. හැම ගෑණියෙක් ඇතුලෙම ඒ දෙන්නම නිදාගෙන ඉන්නව. හරි කෙනා අවදිකරගන්න තමයි උත්සාහ කරන්න ඕනෙ. හැබැයි හොඳම ගෑණි පොඩ්ඩක් විතර කම්මැලියි නින්දෙන් ඇහැරෙන්න.

      කැමතියි

  11. එහෙමනම් මමත් ආයේ තේරය‍ම් බේරුම් කරන්න යන්නේ නෑ නවම් අයියාගේ බන පදය අහලා .මුලින්ම වචනේ දෙන එක අල්ලලා බදලා තියාගන්නවා . ආයේ කවදාකවත් යන්න දෙන්නේ නෑ . ඒත් පස්සේ කාලෙක හොඳ කෙනෙක් හම්බුනොත් ?

    මම හිතන විදිහටනම් අපි වෙනුවෙන් මවාපු කෙනා කොහොම හරි අපිට ලැබෙනවා .අපි කැමති වුණට අකමැති වුණත් වෙන්නේ ඒකයි .

    කැමතියි

    • නවම් says:

      ආ ඒකත් උඹේ වාසියට හරෝගත්තද? මං කිව්වද මුලින්ම වචනෙ දෙන එක අල්ලහන්න කියල. අනේ බං උඹල තමයි දවසකටවත් මිනිස්සු. හොඳට හොයල බලල හිතට වැඩියම අල්ලන එක කරකාර බැඳ ගනින්. හැබැයි ඊට පස්සෙ ඕන්න අල්ලපු ගෙදර ගෑණි දිහා බලල මිණී මරාගන්නව නෙවෙයි.

      කැමතියි

  12. Beetle says:

    මගේ යාළුවෙක් ගාව තිබුණා ඌම හදාගත්ත එක්සෙල් ෆයිල් එකක්… ගෑණු ළමයාගේ ඩීටේල්ස් ඒකේ ‍ෆිල් කලාම ගෑණු ළමයා කොච්චර කොලිටි ද කියලා ප්‍රසන්ටේජ් එකකින් රේට් වෙනවා… ඌ ඒකේ 90% වැඩි එක්කෙනෙක් මිසක් මැරි කරන්නේ නෑ කිව්වා…

    මටත් දෙන්න ඇහුවා… ඒ දවස්වල මම ගෑණු ළමයෙක් එක්ක යාළු වෙලා හිටි නිසා මම එපා කිව්වා… 😀

    කැමතියි

  13. බුදු අම්මේ මට නම් ලෝකෙ හොඳම ගෑණි වෙන්න ඕනෙත් නෑ. මට ලෝකෙ හොඳම මිනිහත් එපා. ඔය රෑට හතර ගාතෙන් ආපුවම දෙහි පොවන එක ගැන නම් මම දැම්මම කියලා තියෙන්නෙ. තමුසෙට ඕනෙ නම් බොනවා හැබැයි බිව්වට පස්සෙ ආවතේව නම් මම කරන්නෙ නෑ කියලා. වමනෙ අදින්නෙත් නෑ. දෙහි අතුල්ලන්නෙත් නෑ. හහ්. උන්ට බොන්ඩ. අපි දුක් විදින්ඩ. එව්වා කොහෙද මාත් එක්ක.

    ප/ලි: තරහ අවසර අයියලා ටික…

    කැමතියි

  14. Saji says:

    මමනම් ලෝකෙ හොදම කෙනා හොයන්නෙ නැතුව මට හම්බුනේ ලෝකෙ හොදම කෙනා කියලයි හිතුවෙ.එහෙම හිතන එක තමා කරන්න තියෙන හොදම දේ.අවුරුදු 4ක් පහුවෙලත් තාමනම් අපි හොදින්.(අනේ මන්දා ඉතින් බැන්දට පස්සෙනම් )නැතුව ඉතින් ඔය කිව්ව වගේම තමයි ලෝකෙ ඉන්න හොදම පිරිමිය හොයන එකත්.සරලවම කියනවනම් “MISSION IMPOSSIBLE”

    කැමතියි

    • නවම් says:

      බැන්දට පස්සෙත් එහෙම්මම හිතන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව ! ජය වේවා….

      කැමතියි

    • මමත් හිතන්නෙ එහෙම තමය්. මොකද හොඳම කෙනා කියානෙ තව කෙනෙක්ට හෝ පිරිසකට සාපේක්ශව නෙ. මගේ කියලා බාර ගත්තු කෙනාව තව අයත් එක්ක සංසංදනය කරන්නෙ මොකටද නේද?
      බැන්ද්දට පස්සේ ප්‍රශ්න ආපු නැති ජෝඩු නම් ඉතින් හොයන්න බැරි වෙය්. මොකද කසාද බඳින්නේ දෙන්නෙක් මිසක් සම නිවුන්නු නෙමෙය් නෙ. ඉතින් අදහස් පැවතුම් අතර 0.001% වත් වෙනසක් හිටිනවාමය්. කොහොම උනත් ප්‍රශ්නය ඉවර උනාට පස්සෙ, කතා කරල විසඳ ගත්තට පස්සෙ හිතට දැනෙන්නෙ පුදුමාකර සැහැල්ලුවක්.
      හරියට මහ වැස්සකට පස්සෙ පායන ඉරේ එලිය වැඩ්ය් වගේ.

      කැමතියි

  15. Gimhani says:

    මටනම් හිතෙන්නේ ලෝකෙ ඉන්න හොදම ගෑනි ඉපදීල නැතුව ඇති
    එයා ඉන්නව ඇති ලෝකෙ ඉන්න හොදම පිරිමියා ඉපදෙනකම්…..

    කැමතියි

  16. ලෝකේ සෙක්සිම ගෑනි දුන්නොත් ඒත් එපාද???

    කැමතියි

  17. bindi says:

    ඔන්න බැලන්ස් එකේ බබිත් බේරලා බබිගේ හත්මුතු පරම්පරාවත් බේරා ගෙන නවම් ලියා ඇත. එකඟයි

    කැමතියි

  18. නියම ආටිකල් එක….. හැමොම හිතන්නේ තමන්ගේ කෙනා තමයි හොදම කෙනා කියලා…. ඉතින් එහෙම හිතුවහම හරිනේ…. මොකද වෙන කාටවත් හොදම කෙනා නෙමේනේ තමන්ගේ කරගන්න ඕනේ… තමන්ට හොද කෙනානේ…. ඉතින් ලොකේ හොදම කෙනා තමන්ගේ කෙනා කියලා හිතුවහම හරි සිම්පල්

    කැමතියි

  19. අර මං කියල දුන්න ක්‍රමේට වැඩ කරානන් හොඳ ගෑණියෙක් තෝරගන්න තිබ්බ. දැං ඔය වෙච්චි සිද්ධිය හරිටම කියන්න බැරුවද මේක ලිව්වෙ?

    කැමතියි

  20. ඒ ඔක්කෝම පැත්තකින් තියමුකෝ, අපේ තියෙන දාහක් අඩුපාඩු ගැන නාහෙන් නාඬා ඉන්න එකම මදෑ ලෝකෙ හොඳම ගෑණි වෙන්න.
    ඒක නම් සහතික ඇත්ත…. හොඳම සුපිරි එවා ඕනි නෑ… මේ ඉන්න ගෑනි ඉහටත් උඩින් මට නම්.

    කැමතියි

  21. හරිම හරවත් ලිපියක්. ඔය කතාව ආණ්ඩුවලටත් පොදුයි. අපිට ලෝකයේ හොඳම ආණ්ඩුව ලබන්න හරිම අමාරුයි. නවම් මලයා සමා වෙන්න ඕනේ ඔබ තුමාගේ ලිපිය දිහා දේශපාලන ඇසකිනුත් බැලීම ගැන.

    කැමතියි

  22. අඩෝ පට්ට කතාව අයියණ්ඩි …සිරාම සීන් එක .. මට මතක් වෙනව අර ජර්මන් නාට්ටි කරු ..බෙෂ්ටිගේ ” සෙට්සුආනයේ හොඳ මිනිහා” කියන නිර්මාණය …

    කැමතියි

  23. Kathandara says:

    /* මම නං ඌට අන්තිමටම කිව්වෙ. ඔච්චරම අවුල් නං, යන්න ඕනෙමයි කියනවනං යන්න දීපං කියල තමයි.
    */

    Well said.

    කැමතියි

  24. gayan says:

    හම්බෙන ගැණි හොදම ගැණි කියල හිත හදාගෙන ඉන්න එක තමා හොදම දේ..

    කැමතියි

  25. gayan says:

    හම්බෙන ගැණි හොදම ගැණි කියල හිත හදාගෙන ඉන්න එක තමා හොදම දේ..ඔන්න අද ඉදන් නවම්මාවතත් කියවන්න වෙන පාටක් තියෙන්නෙ

    කැමතියි

  26. gayan says:

    නවම් මාවත තවත් මාවතක් නෙවෙයි වාගෙ.ඔන්න අද ඉදන් නවම්මාවතත් කියවන්න වෙන පාටක් තියෙන්නෙ

    කැමතියි

  27. නවම් අයියේ අර නම් ලිස්ට් “චූටි මැණිකේ” කියන නම නැහැ නොවැ බං…

    ඊටත් උඹ මේ පෝස්ට් එක අක්කට පෙන්නුවේ නෑ නේද?

    කැමතියි

  28. Buwa says:

    මේ ලිපිය කියෙව්වාම දාන්න හිතෙනව නවම්ගේ කටේ මසුරන් ගෝනියක් (මසුරන් නම් එපා පුලුවන් නම් රීලෝඩ් එකක් දාපන් කියල එහෙම කියනව නෙවේ ඕං )

    බලාගෙන ගියාම අපි හොයන්නෙ ලෝකේ නැති ගැණු මනුස්සයින්ව . බඳින්න කලින් ඉඳලම කචල් බචල් ඇතිවෙන්නෙ ඒක තමයි . අපි වගෙ අයට හොඳ අවවාද මාලාවක් දීල තියෙන්නෙ

    කැමතියි

  29. අසනි says:

    යාලුවෝ ටික ලෝකේ ඉන්න හොදම ගෑනී ගැන හිතන එක පැත්තක දාලා නරකද තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්න හිතුවොත්….ඔන්න ඉතින් එතකොටනම් ලෝකේ හොදම පිරිමියාට වගේ ආදරේනම් හම්බෙනවා සුවර්..

    කැමතියි

  30. says:

    හොඳම එකා තියා ඉන නරකම එකාවත් තාම හම්බ උනේ නැති හැටි 😀

    කැමතියි

  31. :-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D:-D

    කැමතියි

  32. නදී... says:

    නියම පෝස්ට් එක අය්යා.හොදම දේ තමන්ට හම්බුන කෙනා හොදම කෙනා කියල හිතන එක.

    කැමතියි

  33. ලෝකේ හොඳම ගැනි ලබන්න නම් මන් ලෝකේ හොඳම මිනිහ වෙන්න එපාය.. මන් දන්නවනේ මගේ හැටි.. ඒ හින්ද මට නම් හම්බුන කෙනා හොඳටම හොඳයි.. ලෝකේ හොඳම ගැනී ඉන්නේ පින්තුරෙකයි මිනිහෙකුගේ මනෝ ලෝකෙයි විතරයි.. ඔබේ උපදෙස් නම් අගෙයි.. තමුන්ගේ ගෑනි හරි මිනිහ හරි ගැන දොස් අනුන්ට කියන කෙනා කරන්න ඕන වෙන්වෙන එකයි.. එහෙම බැරිනම් සෙට් වෙලා ඔහේ යන එකයි.. බැන බැන එකට ඉන්නේ මොකටද ?

    කැමතියි

  34. ඇත්ත කියපං උඹට චූටි මැණිගෙ ගැහුවද ………
    මට හිතෙන්නෙ අනිවා උඹ හොඳ කෑමක් කාලා තියන හැඩයි ………

    කැමතියි

  35. මේ කොරන දස වැඩ ඉවසගෙන ඉන්න එකම මදැයි බන්… මටත් ඉතින් මගෙ ගෑනි ( කිව්වට වෙන්න ගෑනි ) තමයි හොඳම

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: