අවසාන ප්‍රේමයේ ප්‍රීතිය

පළමු පෙම නුඹ නූනත්
අවසන් පෙම මෙයම යැයි පැවසු දින
නුඹෙන් ගැලූ සිනා ගඟ
මා සිත දෙගොඩ තලා
පළමු පෙම් කැළැල් සෝදා ගිය අපූරුව……

Advertisements

35 Responses to අවසාන ප්‍රේමයේ ප්‍රීතිය

  1. එහෙනම් එච්චරයි. පළමු පෙම නූනත් අවසාන පෙම මෙයමයි. නියමයි. මගෙත් එහෙමයි.

    කැමතියි

  2. deeps says:

    හම්මේ මුණේ තියන හිනාව 🙂

    කැමතියි

  3. අසනි says:

    නුබේ අවසාන පෙම
    ඇගේ වු නියාවට
    සිනාසෙන්න ඇති
    ලොවට ඇහෙන්නට…

    ලස්සන සිතුවිල්ලක් අයියේ..

    කැමතියි

  4. බලන් යනකොට ප්‍රථම ප්‍රේමය කවදාවත් අමතක කොරන්න බෑ කියන එක බොරුවක් එහෙනම්.

    කැමතියි

  5. පූසා says:

    මගේ කොහොම වෙයිද දන්නේ නෑ 😀

    කැමතියි

  6. හම්මෝ නවම් මාවතේ ආදරේ ගංවතුර ගලනවා… ඇත්තටම මේකෙ තියෙන සමහර පෝසට් (මේකත් එයින් එකක්) දැක්කම කදුලු එනවා හෝ ගාල…

    කැමතියි

  7. හිමිකාරිය ලැබෙනකම් ඔහොමයි අයියේ.
    ඕක ගනන් ගන්න දෙයක් නෑ.

    කැමතියි

  8. සන් ලයිට් ටිකකුත් දාලා ඇතිල්ලුව නම් කුනු පාරවල් හොයාගන්නවත් නෑ

    කැමතියි

  9. බඩ පපුව දාලා ගියා අයියන්ඩි ..

    කැමතියි

  10. arunishapiro says:

    ඔය කවිය මාත් අහලා තියනවා!!

    කැමතියි

  11. Alchemiya says:

    පළමු පෙමේ පැල්ලම් කවදාවත් මකන්න බෑ…
    ඒක ගලේ කෙටු අකුරක් වගේ හිත පතුලේ හැමදාම තියෙනවා….
    මම තවමත් ඒ පෙමට ආදරේ කරනවා…
    ඒක මහ කියාගන්න බැරි හිතරිදුමක්….

    කැමතියි

  12. blog gadol says:

    නියමයි අයියේ! අද මාලුවගේ කවියත් එක්ක සුපිරි කවි දෙකයි

    කැමතියි

  13. Ravi says:

    අවසාන පෙම,
    මුණගැසුනු සඳ,
    සිත උපන් සැනසුම,
    මෙතෙකැයි කිව නොහැක.

    කැමතියි

  14. පළමු පෙම
    දියවීගොස්
    කඳුළු කැටයක්වී
    හද පතුලේ නොතිබී
    ගිනි පුලිඟුවක්වී
    හදපතුලේ
    සැඟවේද ?

    කැමතියි

  15. දැනුයි තේරෙන්නෙ උඹ මේක ලිව්වෙ අර බේරේ වැවට දාපු ගල ගැන ලියන්න චූට් මැණිකෙව ෂේප් කරගන්න නේද ……………

    අනේ බං උඹ ……….

    කැමතියි

  16. අමා says:

    මැරූ මගේ පෙම
    උබට නොවටින
    දවා හළු කර
    බින්ද ප්‍රේමය
    අමතකව ඇත
    මට අතීතය
    නෙතක කදුළක්
    නොමැත මට අද…..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: