සියළුම සිංහල බ්ලොග් කරුවන් ගේ බිරින්දැවරුන් වෙත ලියමි.

දැන් කීප දොහක ඉඳං මයෙ මිනිහ නිස්කාරනේ මත් එක්ක කේන්ති ගන්නව නෙව. මයෙ මොන වැ‍රැද්දකටද කිය ඇහුවට කියන්නෙත් නෑ. කතා බහත් බොහෝම අඩු වෙලා මේ දවස් ටිකට. කිසිම මනුස්සයෙක් පෙන්නන්න බෑ. අහවල් දෙයක් හන්දද කියල මට නං හිතාගන්න බෑ.

කල්පනා කරලමද කොහෙද දවස් දෙක තුනට ඇදිල ගිහිල්ල සුදු මැලි වෙලා හරියට අර හුඹගෙන් ඇදල ගත්තු නයා වගේ. අපෙ අප්පෝ බැලුවම දුකේ බෑ. කොහොමට හිටපු මිනිහෙක්ද? [මාව බැඳගන්න කලින්]

මං නිකං සැකේට වගේ මනුස්සය කක්කුස්සියට ගිය වෙලේ ලැප් ටොප් එක ඇදල අරං නිදිවරං, මගෙන් රටක කතා අහං බොහෝම කැපවීමෙන් දරුවටයි මටයි වත් නැති ආදරෙන් ආරස්සා කොරන බ්ලොග් රාජයා බැලුව.

අනේ දෙයියනේ බලන්න දුකයි.පටංගන්න කොට දවසට පෝස්ට් දෙකක් විතර දාපු මනුස්සයා ටික කාලෙකින් සතියකට දෙකක් ඊටත් පස්සෙ සතියකට එකක් දාන තරං නිර්මාණ බංකොලොත් භාවයකට පත්වෙලා. ස්ටේටස් පේජ් එක බලන බැරි තරමට කඩාගෙන වැටීල නොවැ.

ඒත් පෝස්ට් අඩු උනාට දාන එක දෙක හරි බලන්න හාර පන්සීයක් සතියකට එනව. ඉතිං මේ මනුස්සයට හිත හදාගන්න ඒකවත් මදියිද මංද.

එක අතකට ඒක අහන්න දෙයකුත් නෙමෙයි. මේ මිනිහ කිසිම දෙයක් ඇති කියන ජාතියෙ නෙමෙයි නෙව.

මං ඒත් කිව්ව ලියන්න තරං වැදගත් දෙයක් නැත්නං ගෙදර ඉස්සරහ මැටි ගඩොල් කපන වලේ මැටි පාගන මී හරක් දෙන්න ගැන හරි, අල්ලපු ගෙදර කෙල්ල ලිඳගාව නානකොට අර අනිත් පිස්සව ආදර්ශයට අරං පොතක් අරගෙන බැල්කනියට වෙලා ඉඳල මගෙන් කාපු කොහු පාර ගැන හරි, බැල්කනියෙ වනල තිබිච්ච අන්ඩවෙයාර් එක හුලඟට ගිහිල්ල ලෑන්ඩ් ලෝඩ්ගෙ වයිෆ්ගෙ පෑන්ටි වැලේ පැටලිච්ච එක ගැන හරි ලියන්නෙයි කියල.

කොහේද මේ මිනිහ කිව්වෙ “ඈ ඕයි ගෑණියෙ, ඕව ලියල රෙද්දක් ඇඳං පාරෙ යන්න ඇහැක්ද ?” කියල.

අනේ මේ මිනිහගෙ මං නොදන්න බොරු සදාචාරෙ පැත්තක තියල අර මාළුව වගේ විලිසංගෙ නැති කතා ටිකක් ලිව්වනං ආයෙ කාලයක් යනකං ගොඩ. එහෙමත් නැත්නං මොකක්හරි ඇනෝනිමස් ආතල් එකක් ගත්තනං ඇ‍ඟේ ලේ ටිකත් රත් කරගනෙ කොකු දෙක තුනක් පටලවාගෙන සන්තෝසෙන් ඉන්න ඇහැකි.

කවද්ද ඉතිං මේ මනුස්සය මං කියන දෙයක් ඇහැව්වෙ. ඒත් කීව නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියල අතෑරල දාන්න ඇහැක. මොකක් උනත් මේ මයෙ අම්මල බෑ බෑ කියද්දි ජෝඩු කරපු මඟුලනෙව.

ඔය මං උඩින් කියාගෙන ආවෙ මට කියන්න ඕන දේට පොටක් පාදගන්න.

මේං මට කියාගන්න ඕන දේ…….

මයෙ මනුස්සයගෙ ගෙදර ගෙනැල්ල කරන රාජකාරි වැඩ කටයුතු අහවර උනාම ඉඳල හිටල ලැප් ටොප් එක ඉල්ලං කියවන බ්ලොග් කීපයෙනුත් දෙක තුනක්ම කිසිම පෝස්ට් එකක් නැතුව පාළු වෙලා ගිහිල්ල. බලන්න දුකේ බෑ.

අනේ මං වගේ තම තමංගෙ මිනිස්සුන්ට ඔයාලත් පුළුවන් විදියට වතුර පාරක් ගහල , හති කුඩු පැකට් එකක් එහෙම දීල පොඩි උදව්වක් කරන්න ඔය බ්ලොග් පංඩංගුව ඇදගෙන යන්න. මොකද එහම නැත්නං කාලයක් යනකොට සිංහල බ්ලොග් ලියන්න ඉතුරුවෙන්න කසාද නොබැඳපු හිච්චි කොළු කෙළි රොත්තකුයි, රස්සා එහෙම කොරල ලොකු මහත් වෙච්ච දරුවො දීගතල දීල එහම අහවර වෙච්ච වයසක රොත්තකුයි තමයි. මයෙ මිනිහ වගේ හැඩි දැඩි විවාහක පිරිමි බ්ලොග් අවකාශයෙන් අතුගෑවිලා යයි.

මනුස්සයා උදේ පාන්දරම ඇහැරවන්න, හොඳ කිරි තේ එකක් එහෙම ගිහිල්ල දීල ආදරෙන් ඔළුව ඉඹල එහෙම වැඩ පටගන්න කියල කොම්පියුටරේ ගාවට එක්කං යන්න.

ආයෙම හැන්දෑවට ගෙදර ආවමත් කම්පියුටර් එක බදාගෙන ඉන්න එකට මුකුත් කියනව එහෙම නෙවෙයි.

ඉවසන්න… වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි සිංහල බ්ලොග්කරුවන්ගේ අනාගතය වෙනුවෙන්.

ගෙදර උයන්න පිහන්න එළවලු මාළු එහෙම නැත්නං වැරදිලාවත් සති අන්තයේ ගෙදරට වෙලා සනීපෙට බ්ලොග් ලියන මනුස්සයවනම් ඒක නවත්තල කඩේ යවන්න එහෙම එපා. ඔයාම මල්ලක් අරන් හන්දියට පයින් යන්න. ඒක ඇඟටත් බොහොම හොඳයි.

තව පොල් ගාන, පිටි කොටන, පිටි හලන වැඩ වලට එහෙමත් හවුල් කරගන්න එපා. ඒකත් තමාම කරන එක අනාගතයේ ඔය ආරන තෙල් බඩවල් වලට එහෙම බොහොම හොඳයි.

ඊලඟට ඔය උකුලෙ දාල නිදි කරවන ළමයි එහෙම ඉන්නවනම් ඒ අය නිදි කරවන එකත් ඔයාලම කරන්න මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඒකත් බොහෝම හොඳ ව්‍යායාමයක්. අමතක කරන්න එපා.. රිය සක වන් පුළුලුකුළ !! සිහිනිඟ ගත හැක මිටින !!!

තව ඩිංගෙන් වැදගත්ම දේ අමතක වෙනවනෙව. ඔය ඉඳල හිටල බ්ලොග් ලියන පුරුස පක්සෙ කඩන බෝතල් වලට බර බරේ දානව එහෙම නෙවෙයි. ඒවයෙදි සිද්ධවෙන අත් වැරදීම්, කට වැරදීම්, අකලකංචි එහෙම බොහෝම වැදගත් ඔය බ්ලොග් කලාවෙ තවත් පැති කඩක් වෙච්ච මඩ පෝස්ට් වලට එහෙම. මඩ කියන්නෙ සිංහල බ්ලොක් කලාවේ ජීවනාලිය කිව්වොත් හරියටම හරි. සමහර ඌරන්ට මඩ කිව්වොත් දවල්ට බතුත් ඕනෙ නෑ. [මේකෙත් එනව නේද යාන්තං මඩ පුවක් ගඳ ?]

මීට,
සදා බ්ලොග් ලැදි,
චූටි මැණිකේ.

Advertisements

53 Responses to සියළුම සිංහල බ්ලොග් කරුවන් ගේ බිරින්දැවරුන් වෙත ලියමි.

  1. බෙලෙකා says:

    නවම් මාවත ට නැවතවරක් ප්‍රහාරයක්.ප්‍රහාරය සාර්ථකයි.නමුත් ආදරේට කරපු ප්‍රහාරයක් ලු.
    {අර අන්ඩවෙයා සීන් එකනම් පාර.}

    කැමතියි

  2. පූසා says:

    අනේ වාසනාවන්! මේ වගේ හොඳ බිරින්දෑවක් ලබන්න සෑහෙන්න පිං කරන්න ඕනේ 😀
    “මාළුව වගේ විලිසංගෙ නැති කතා ටිකක්” ඒකනම් ඇබෑව ඒකා අදත් ලියලා කතාවක් කමෙන්ට් කරන්න දෙයක්වත් මට හිතා ගන්න බෑ ඕං 😀

    කැමතියි

  3. praveena says:

    මෙහෙම නෝනලා හම්බවෙන මහත්තුරු පින්වන්තයෝ නේන්නම්….!!!

    ඔය වගේම බ්ලොග් ලියන නෝනලා බැඳලා ඔය ඔක්කොම කරන්ට කැමති මහත්තුරුත් ඉන්නවද?…:-)

    කැමතියි

  4. කොල්ලා කට ඇරගෙන නොකා නොබී බ්ලොග් කොරද්දි මං මක්කටෙයි බලන් ඉන්නෙ? මාත් පටන් ගත්ත බ්ලොග් එකක්. දැන් මං ලියනව. කොල්ලා බනිනවා…

    කැමතියි

  5. අනේ මන්දා බ්ලොග් ලියන එක මෙච්චර කට්ටක්ද? බලමුකො අපේ හාමිනේ මොකද කරන්නේ කියලා 🙂

    කැමතියි

  6. sadachare ne kiwwe mage… mamath oya wal katha liyanna purudu une nawam ayyagenama thama. ara bottan galona seen ehema liyala thiune… api kawadawath ehema ewwa liwwada?

    කැමතියි

  7. නගේ උඹ කොහෙද ඉන්නෙ අපේ හාමිනේට පොඩ්ඩක පංගාර්තු කොරන්න ආස්සරේට කියල!

    නවම් උඹ නවං ඉන්න හැටි මට මැවිල පේනව බං!

    කැමතියි

  8. අන්න චූටි මැණිකේ අක්කා නියම ට්‍රැක් එකට වැටිලා තියෙනවා. නවම් මාවත කියලා කියන්නේ අපි ආසාවෙන් කියවන බ්ලොග් එකක්. ඒ නිසා ඒක නගා හිටවන වැඩේ අක්කම බාර ගන්න ඕනා. 🙂

    කැමතියි

  9. bindi says:

    අනේ වාසනාවන් ! මෙවන් බිරිඳක් ලද නවම් කෙතරම් වාසනාවන්තද .

    කැමතියි

  10. අසනි says:

    ඔය බ්ලොග් ලියන, ලගදි දීග තල යන්න පෙරුන් පුරන් ඉන්න කෙළි පොඩ්ඩියෝ වෙනුවෙනුත්, ඔය වගේම ඉල්ලිමක් කරමුකෝ අක්කේ..පිරිමි පාර්ෂවයෙනුත්… (වැඩ ලිස්ට් එක දුන්නට ස්තුති අක්කේ…හික්ස්)

    කැමතියි

  11. නවම් අයියා මේක නෝනට බටර් පාර ගාලා ලියවගත්ත එකක් නේද.

    කැමතියි

  12. ඩිලාන් says:

    හුටා මේක ආයෙත් හැක් කලාද මොනා නැතත් බ්ලොග් අවකාශයේ බ්ලොග් ලියන සියලුම තරුන සැමියන්ගේ බිරින්දැන්ට සහ වෙන්ඩ සැමියන්ගේ බිරින්දෑවරුන්ට ආදර්ශයක්…

    කැමතියි

  13. හැහ් හැහ් . . .. මල්ලි . . . ඔන්න ඕක තමා කියන්නෙ අපි කරන වැඩ හැමෝටම ඒ විදියට කරන්න බෑ කියල. ඉරිද දවල්ට අපේ ගෙදර වරෙං . . . පොත් කියවන ටෙක්නික් එක මම කියල දෙන්නං . . . .

    ප.ලි.
    මං මේ ආගිය අතේ කල්පනා කොලේ ඔය “හැඩි දැඩි” කතාව . . . . “හැඩි” නං උඹ දිහෑ බැලුවාම පේනව . . . ඒත් “දැඩි” . . . ??? අනේ මං දන්නෑ

    කැමතියි

  14. වෙන්ඩ මැණිකෙට කෙලින්ම යැව්ව පොස්ට් එකම…..

    කැමතියි

  15. රතු මුහුද says:

    මෙය අපිට බටර් ගාල ,ඔයාගේ අරයගෙ ඇගිලි ටික කැපුවේ නැනේද?

    කැමතියි

  16. බ්ලොග් ලියන එකත් එක පිස්සුවක් වගේ දෙයක්,
    එයත්, මං හිතන්නේ බුදු හාමුදුරුවො දේශනා කල මෝහයෙ කැල්ලක්,
    ඕනෑම දෙයක් තදින් ගැනීම.
    ඒ නිසා ඒ පිස්සුවත් දැන් ඇති කියල හිතෙනව.

    කැමතියි

  17. abeetha says:

    “එක අතකට ඒක අහන්න දෙයකුත් නෙමෙයි. මේ මිනිහ කිසිම දෙයක් ඇති කියන ජාතියෙ නෙමෙයි නෙව.”

    අනේ මංදා චූටි මැනිකෙත් අනවශ්‍ය කථාත් බ්ලොගේ දානවද කියලා….

    කැමතියි

  18. චූටි මැනිකෙටත් කියල ඉවසන්න පුලුවං සීමාවක් තියනවනෙ මචෝ . . .

    කැමතියි

  19. Gimhani says:

    අම්මෝ මේක දැක්කම බයත් හිතුනා. බදින්න යෝජනාවක් ආපු ගමන් දැනගන්න ඕන බ්ලොග් ලියන එකෙක්ද කියලා…

    කැමතියි

  20. Ravi says:

    මයෙ බොලොග් ලිවිල්ලට අපෙ උන්දැ එක පයිං මනාපයි…….උන්දැට නිවී සැනසිල්ලෙ උන්දැගෙ වැඩ කටයුතු කොර ගත්තෑකිනෙ…..හෙහ්, හෙහ්,

    කැමතියි

    • නවම් says:

      රවී අයියට කියන්න මාත් මයෙ මිනිහ බ්ලොග් ලියනවට මනාපයි, මට මගේ පාඩුවෙ වැඩක් පලක් කරගන්න ඇහැකි, නැත්නං උයන්න ගියත් පස්සෙන් ඇවිල්ල දාහක් අඩුපාඩු කියවනව.

      ඔය ළූණු කැපිල ලොකු වැඩියි, පරිප්පු ගැරුවෙ නෑ නේද? දෙහි බෑයකුත් දැම්මොත් නරක්ද? හාල්මැස්සො හොද්දට තක්කාලි දැම්මයි? එක විකාරයයි……

      කැමතියි

  21. හේරා says:

    හ්ම්…………………………………………………………………………

    කැමතියි

  22. Kathandara says:

    නොබැඳපු එවුන් නොබැඳම ඉන්න හිතයි දැන් මේක දැකලා!

    කැමතියි

  23. manik says:

    ඒක ඇත්ත චූටි මැණිකෙ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ අපිට නෑනෙ ඔහොම උදව් කරන අය. ඉතින් අපි ගැන ඔයා මොනවද කියන්නේ.
    මැණික්

    කැමතියි

  24. අපොයි අපේ හාමිනේ මේ දැන් තුවෙනි පාරට ඇවිත් ඇහුව ඔයා තාමත් ඕකෙද කියල. ඒ කරලා මුණ නිකම් අබිලික් කරගෙන ඔන්න ගියා. හොඳ වචනටික . මන් මේ ෆුල් ට්‍රයි එක බ්ලෝග කියවන්න අල්ලගන්න ..කෝ.. රුප ලාවන්‍යය ගැන එකක් තියේ නම් කියවාවි..(කමක් නෑ ඉතින් ඇහැට කනට පෙන්න ඉන්න එක කාටද ආඩම්බර මටමනේ..) ..

    කැමතියි

  25. බ්ලොග් ලියන්න ගත්තාම නිකං අබිං කෑවා වගේ ඉවරයක් නැහැ ………..
    කො‍හොම උනත් එල පෝස්ට් එකක් ………
    නවම් උඹට හරි ගියා එහෙනම් …..

    කැමතියි

  26. ෂහ්… හරියට බලාගෙන හිටිය වගේ කියලා තියෙන ලස්සන.
    henryblogwalker aka Dude

    කැමතියි

  27. malmi says:

    ඔහ්…! ඒකට අෙප් මනුස්සයා. ෙකාම්පීටෙර් ඒක නිකම් දැක්කත් ඒ්කටත් පුප්පනවා. ….කිං…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: