ඇයි බල්ලෝ……. ???


කවදා හැදෙයිද ගෙයක් දොරක් නැති,
ඉන්න හිටින්න තැනක් නැති
කුස පොත්ත පිට පොත්තට ඇලුණු මිනිසුන්ට
මෙහෙම පෝස්ටරයක්…
ෆේස් බුක් ගිණුමක්…
මාධ්‍ය ප්‍රචාරයක් …

Advertisements

37 Responses to ඇයි බල්ලෝ……. ???

  1. මිනිස්සුන්ට කරන්න ඉතින් චන්දෙ දීල ආණ්ඩුවක් කියල එකක් පත්කරන් ඉන්නවනේ.. එකේ ඉන්න හැමෝමත් විපක්ෂේ ඔක්කොමත් ඉතින් දුප්පතාගේ හිතවත්තුනේ. කරන නොකරන එක වෙනම කතාවක්. මේ අහිංසකයින්ට එහෙමවත් එකක් නැහැනේ..

    කැමතියි

  2. බල්ලන්ට හරි හැදිච්ච එක ගැන සතුටු වෙයං බං ……..
    උන්වත් හොඳට ඉන්නැතෑ ………

    කැමතියි

  3. හිනා වෙන්නද අඬන්නද කියල හිතගන්න බෑ.

    කැමතියි

  4. මට මේ මුකුත්ම තේරුනේ නෑනේ. 😦

    කැමතියි

  5. කුස පොත්ත පිට පොත්තට ඇලුණු මිනිස්සු කවුරුත් නැති වෙන දවසක් එනකන් හිටියොත් අර ලෝක සාමය වගේ ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්. පාරවල් ගානෙ කුණු කකා, තුවාල වෙලා, කකුල් කැඩිලා ඒවයෙන් වද විඳ විඳ , අපා දුක් විඳින මේ අසරණ සත්තු ගැන මෙහෙමවත් දෙයක් වෙන එක හොඳයි.

    කැමතියි

    • නවම් says:

      ඔව්, කුසපොත්ත හැකොලිච්ච මිනිස්සු නැත්තටම නැති කරන්න අමාරු වෙයි. ඒත් ඒ ගැන උත්සාහයන්වලට මෙහෙම මිනිස්සු එකෙතු නොවෙන්නෙ ඇයි. අනික ඇයි මේ මිනිස්සු බල්ලන්ට මෙච්චර කරුණාව. අතේ තියන තුට්‍ටු දෙක වියදම් කරගනද මේ කරන්නෙ.. නෑ…. සාක්කුව ගැන හිතල.

      කැමතියි

  6. අසනි says:

    ගොඩක් මිනිස්සුන්ට ලේ බර දැනෙන්නේ විලාසිතාවට අයියන්ඩි..ඒත් සතුටු වෙමු විලාසිතාවේ මූවාවෙන්වත් බල්ලොන්ටවත් කලක් යන එකට..හැබැයි ඔය ගොඩක් ඈයෝ සලකන්නේ නම්බුකාර බල්ලොන්ට මිසක් නකුටොන්ට නෙවෙයිනේ අප්පා..ෂෙපඩ්..වයලට් අගට නැති උන්ට ගල් පාර තමා…ඔන්න ඔහොමයි ලෝකේ.. කුස පොත්ත පිට පොත්තට ඇලුණු පුංචි කුලේ බලු ඈයෝන්ට සෙතක් වෙනවනන් ඕන් මාත් කැමති අනේ…

    කැමතියි

  7. Observer says:

    ඔය දීල තියෙන නොම්මර වලට ෆෝන් කොරල බැලුවනං….අඩු ගානෙ සිංහලෙන් කතා කොරන්න පුළුවන් කෂ්ටියද කියල….

    කැමතියි

  8. ඔහොම පෝස්ටරයක් මිනිස්සු වෙනුවෙන් ගැහුවා කියලා ඔටාරා නෝනලාට සල්ලි එනවායැ.ඒකයි වෙනස.

    කැමතියි

  9. ඔව් සමහර මිනිස්සුන්ට වැඩිය සමහර බල්ලෝ වාසනාවන්තයි, මුදලට මිනිසත්කමට වැඩිය තිරිසන්කම ඉස්මතුවීමේ විපාක..

    කැමතියි

  10. blog gadol says:

    මටත් හිතෙනවා හොඳ වැඩක් කියලා. පවුනෙ බව්වො

    කැමතියි

  11. අනේ ඉතින් පාරෙ චාටර් වෙන්න අතාරිනවට වඩා මේක හොඳ නැද්ද මං අහන්නෙ..

    කැමතියි

  12. bindi says:

    බල්ලා නම් වලිගෙ වනයි. විශ්වාසවන්තයි ..කන්න දීපු අත හපා නොකයි . ඉතින් මිනිසෙක් හදා ගන්නවට වඩා බල්ලෙක් හදා ගන්න කට්ටිය කැමතියි.

    කැමතියි

  13. “දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා…”

    කැමතියි

  14. Observer says:

    නිකමට කෝල් එකක් දාල බැලුව, මාස තුනකට සැරයක් එනව කිව්ව බල්ලව බලල යන්නත්, ගෙනිච්ච කෙනා බල්ලව හොඳට බලාගන්නවද කියල.

    කැමතියි

  15. arunishapiro says:

    මිනිහාට තමන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. බල්ලා .. බලා ගන්න මිනිහෙක් අවශ්‍යයයි!

    කැමතියි

  16. uwiniran says:

    බල්ලො පව් තමයි.. ඒත්… මේවා මහ කෝලම්.. කොච්චර ප්‍රශ්න තියෙනවද ලෝකෙ. ඔයිට වඩා… නේද???

    කැමතියි

  17. හා පැටික්කි (MS) says:

    අයියේ ඉතින් අමුතු දෙයක්යැ. මොකෝ පාරේ ඉන්න කැහැටු බල්ලන්ට පිට බඩට ඇලුණු බල්ලන්ට කියලත් දැන්වීම් දානවයැ. ඔය හොඳ පෙල පතක් තියන බල්ලොන්ට හැර.

    කැමතියි

  18. මිනිස්සු දුප්පත් වෙන්නෙ කම්මැලි කම නිසා. ඒත් බල්ලො එහෙම නෙමෙයිනෙ. උන් දුප්පත් වෙන්නෙ මිනිස්සු උන අගුපිල්වල අතාරින නිසා. ඒ නිසා මේක හොඳ වැඩක්!

    කැමතියි

  19. vajiradevi says:

    බල්ලෙක් හදන එක හරි පොෂ් අනේ..
    ඔය දැන් ඔටාරා නෝනත් හදන්නේ කික්කි පැටියෙක්..
    හරි ෂෝක්…
    කන්න නැති මිනිහෙක්ට කන්න දුන්නට ඒකේ පින්තූර අරන්
    facebook එකේ දාන්නයැ!
    ‘my cute little doggie’ කියලා ඇල්බම් එකක්ම upload කරන්න පුලුවන්…
    කුක්කා එක්ක jogging යන්නත් පුලුවන්..
    අනේ..shopping කරන ගමන් කුක්කව ලස්සන කරන්න
    කොයි තරම් බඩු තියෙනවද odel එකේ!…
    ඒක හරි පොෂ් වැඩක් අනේ..

    කැමතියි

  20. සහෝදර ප්‍රේමය මනාව පෙන්නුම් කරන අවස්ථාවක්…! 😀

    කැමතියි

  21. වචන ටිකකින් මහ හුඟක් දේවල් කියල… මිනිස්සු වෙනුවෙනුත් ඇලවෙන්නෙ බන්… අප්‍රිකාවේ බඩ පොත්ත පිටට ඇනුනු මිනිස්සුන්ගෙ ෆොටෝ ගහල එව්වත් විකුනන් කන්නේ….

    කැමතියි

  22. malmi says:

    ඒත් එයාලා කරන හොද වැඩත් නැත්තෙම නැහැ. නාරාහේන්පිට චිත්‍රාෙල්න් එකේ ආබාධිත දරුවන් වෙනුවෙන් ලොකු පාසැලක් කරනවා. ඒකේ හුගාක් දරුවන් ඉගෙන ගන්නවා. සතියේ පාසැලක් වගේම. ඒ ඇරුනම ආබාධිත දරුවන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රමයක් මගින් පැයක්, දෙකක් වෙනම ෆිසියෝතෙරපි, ඔකියුපේෂනල් තෙරපි වගේ දේවල් කරනවා. ඒකෙන් හොද වෙන අය ගොඩක් ඉන්නවා. ඒ වගේ ආබාධිත දුප්පත් දරුවන්ටත් වෙනත් රටවලින් ආධාර අරන් දෙනවා. මම හිතන්නේ ඒක හොද දෙයක්. මමත් එතනට ගිහින් තියෙනවා. බොහෝම දියුණු තැනක්. රජයේ වෛද්‍යවරු පවා මේ ස්ථානය අනුමත කරනවා. නෝනාගෙන් අහලා දැනගන්න

    කැමතියි

  23. ආරච්චිල says:

    ඉරිසියා කරන්න එපා යකෝ

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: