ග්‍රාමසේවකගේ දඬුවම් මාරුව – ඔය ගෑණු ළමයි එහෙම මේ පැත්තට නාවට කාරි නෑ.


පයාගලට පයාගල කිව්වට හැබෑවටම තවම ඔය කෝච්චි ස්ටේෂන්වල, තැපැල් කන්තෝරුවල වගේම ඇතැම් රාජ්‍ය ආයතන වල ලියල තියෙන්නෙ “පයියාගල” කියල මහ උජාරුවට. ඒත් ඉතිං අලුතෙන් හැදිච්ච කඩවල්වල, බෝඩ් වල එහෙම ඔරිජිනල් නමේ තියෙන “යි” කෑල්ල ලොප් කරල පයාගල කියල නෙව තියෙන්නෙ.

ආ තව ඩිංගෙන් අමතක වෙනව, ග්‍රාමසේවක මහත්තයගෙ රාජකාරි ලියුං කරදහි වලත් තියෙන්නෙ පයියාගල කියල. [හැබෑවටම එහෙමද කියල දන්නෙ නෑ, කියාපු එකා එහෙමයි කිව්වෙ]

ඕං දැං කතාව.

මුල්ම පත්වීමෙ ඉඳල අවුරුදු ගානක් පයාගල රාජකාරි කොරාපු අපේ ග්‍රාමසේවක මහත්තයා මොකක්ද මංදා කොරාපු දහදුරා වැඩක් කරමුලින්ම අහුවෙලා දුන්නලු දඬුවම් මාරුවක්. දුන්නෙත් බදුල්ල පළාතෙ ලුණුගල ග්‍රාමසේවක වසමට. කොරල තියෙන්නෙ. අපෙ අප්පෝ මේ නහින දෙහින කාලෙ ඕවයෙ බඩගන්න ඇහැක්කෙ කාටෙයි කියල මුන්දැ බොහෝම විස්සෝප වෙලා දහ අතේ වලිකෑව මේ මාරුව අවලංගු කරගන්ට.

මොන, හොල්ලන්නවත් බැරිවුනා !

කොහොමෙන් කොහොම හරි ඔන්න අපේ ග්‍රාමසේවක මහත්තයා ලුණුගල වසමෙ වැඩ බාරගත්තලු. ඒත් ඉතිං උන්දැ හිතකින් නෙමෙයි උන්නෙ.

ඒ මොකද ඇහැව්වා… ඒවනං මං දන්නෙ නෑ ….. අහන්නත් එපා !

ඔන්න ඔහොම විස්සෝපෙන් රාජකාරි කොරන අතරෙ දවසක් උදහැනැක්කෙ කොළුවෙක් ආව චරිත සහතිකයක් ඉල්ලං ඔය මොකක්ද මංද රස්සාවකට යන්න. දන්න අඳුනන කෙනෙක්ට එපැයි චරිත සහතිකයක් දෙන්න. ඒත් ඉතිං ඇවිල්ල දෙදොහකින් කොහොමෙයි මේ කවුද කිංද මංද නොදන්න කොළු ගැටයෙකුට චරිත සහතිකයක් දෙන්නෙ.

කොළුව නෙමෙයි අතෑරියෙ. ඌත් දන්න කියන සේරම ඇන්දි අන්දල අන්තිමට අපේ ග්‍රාමසේවක උන්නැහේ කැමති කරවාගත්ත සහතිකයක් ලියල දෙන්න.

ඕං ඉතිං විනාඩි පහලවක් විතර කොළුවව රස්තියාදු කරල ලියල දුන්න සහතිකේ.

කොළුවත් දෑතම පාල බොහෝම ගෞරවයෙන් සහතිකේ අරගෙන ගෙනාපු කෙහෙල් ඇවරියත් පිල් කණ්ඩිය උඩින් තියල යන්න ගියා.

ඒ ගිහිල්ල විනාඩියක් ගියේ නෑ මේං කොල්ල ආපහු දුවං එනව.

ග්‍රාමසේවක මහත්තයෝ.. ග්‍රාමසේවක මහත්තයෝ..

මොකෝ ගිය පයිං ?

අනේ මහත්තයෝ මේකෙ වසම ලියල තියෙන්නෙ වැරදියට නෙව..

හ්ම්.. කෝ මෙහාට ගමු……

හප්පච්චියේ.. වස වැ‍රැද්දයි වෙලාතියෙන්නෙ… ඔහොම ඉමු බලන්න..

කොළුව පිල් කණ්ඩිය ගාව හිටෝල ග්‍රාමසේවක මහත්තය ඇතුලට ගියා.

මං වේලපහම කිව්ව නෙව මුන්නැහේ උන්නෙ ගම රට දාල එන්න වෙච්ච එකේ විස්සෝපෙන් ය කියල. ඒ හන්දාමද කොහේද ග්‍රාමසේවක වසම ලියන්න තියෙන කොටසෙ ලියවිලා තියෙන්නෙ උන්නැහේගෙ පරණ වසම වෙච්චි “පයියාගල කියල”

සහතික පොතේ අන්තිම කොලේ වෙච්චි, ආයෙ ඊලඟ සුමානෙ දිසාපති කන්තෝරු යනකං අලුත් පොතක් ගන්නව බොරු.

කොළුවෝ.. කලබොලේට මයෙ අතිං ලියවිලා තියෙන්නෙ මං ඊයෙ පෙරේදා වෙනකං රාජකරි කොරාපු වසමෙ නම නෙව. මේ ලිව්වෙත් අන්තිම කොලේ, අලුතෙන් එකක් ලියන්නත් හැටියක් නෑ.

හ්ම්ම් දැං ගොහිං ආයෙ ලබන සුමානෙ දිහාවට ආපහු එමු. මං අළුත් පොතක් ගෙනැල්ල ලියන්නං.

අනේ රාළහාමි, රස්සාවට එන්නෙයි කිව්වෙ අනිද්ද. එහෙව් එකේ කොහොමෙයි ලබන සුමානෙ වෙනකං ඉන්නෙ. අනේ කොහොම හරි වෙන එකක් දෙන්නකො.

කොළුවගෙ අඬෝවැඩියාවෙන් බේරෙන්න බැරිම තැන, හ්ම්.. ඔහොම ඉමු බලන්න කියල ආයෙම ක‍තෝරු කාමරේට ගිහිල්ල පෑන අරං කැපුවා මුල් ග්‍රාමසේවක වසමෙ නම මෙන්න මෙහෙම,

පයියාගල

ඊලඟට ඒ කපාපු තැනට උඩින් ලිව්වා “ලුණු” කියල.

ඊලඟට සහතිකේ යටින්ම තරුවක් දාල මෙහෙම ලිව්වා

*පයියා කපා ලුණු දමන ලදී කියල.

ප/ලි: මේක සීයට සීයක්ම ඇත්ත කතාවක් කියල ආයෙ මං ඔහෙලට අමුතුවෙන් කියන්න ඕනෙය.

Advertisements

43 Responses to ග්‍රාමසේවකගේ දඬුවම් මාරුව – ඔය ගෑණු ළමයි එහෙම මේ පැත්තට නාවට කාරි නෑ.

  1. අයියෙ ටොපි එකේ “කාරි” කියල හදන්ඩෝ

    කැමතියි

  2. Anushka says:

    බොල ග්‍රාමයගෙ ඉස්පෙලින් මිස්ටේක් වගේම උඹෙත් පොඩි ඉස්පෙලින් අවුලක්. “කරි කපා කාරි ” දමන ලදී කියල යටින් ලියපිය.

    මරු කතාව

    කැමතියි

  3. හිකිz.ගම්මුන්ගෙන් ගුටි නොකා බේරුනා නම් ඇති.අනික ඔය සහතිකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට අත්සන් කරන්න ගෙනිච්චාම අලිත් ග්‍රාම සේවක තුමාගෙ හැටි දැනගන්න ඇති නෙව,

    කැමතියි

  4. Gimhani says:

    හපොයි ඒපාර ඒවත් ලුනු දාන්න ගත්තද? හික්ස්

    කැමතියි

  5. මම අහල තියෙන විදිහට ග්‍රාමසේවක තුමා මෙන්න මේ වගේ සටහනක් දමන්නේ…

    “ප_ _ කපා ලුණු දමන ලදී. ගල නොකැපූ බවට සහතික වෙමි”

    කැමතියි

  6. Ravi says:

    හෙහ්…හෙහ්….නවම්ගෙ කතා කියෙව්වම මටත් කතාවක් මතක් වෙන එක නෙව වැඩේ,

    මේක උනේ මම වාරිමාර්ග වලට සම්බන්ධ අර්ධ රාජ්‍ය ආයතනයක වැඩ කරද්දි…

    ඔය තියනවනෙ ආණ්ඩුවේ එක එක කාලෙන් කාලෙට එන වැඩ සටහන්……ඒ කිව්වෙ මේ ප්‍රෝග්‍රෑම්ස් කියන එව්ව…….ඔන්න ඒ කාලෙ ආව එහෙම එකක්…….නියමිත පරිදි නීත්‍යානුකූල ඔප්පු නැති අය ගැන හොයා බලල ඔප්පු හරිගස්සල දෙන එක තමයි මේ වැඩ සටහනේ අරමුණ.ඔය වැඩ සටහන් වලට එක එක විසිවිත්තර නම් දාන්ට හපන්නුනෙ ආණ්ඩුවෙ ලොක්කො……ඔන්න මේකෙ නම “අමා ව්‍යාපෘතිය”……..හෙහ්, හෙහ්,

    ඔන්න කොළඹින් ආව ලොක්කෙක්……ඇවිල්ල අපි ඔක්කොම රැස් කොරවල මෙ වැඩ සටහනේ අරමුණු පිළිබඳව දුන්න ලෙක්චර් එකක් කඳුළු බේරෙන්ඩ,

    ඒ කරල අන්තිමට ඇහුව “දැන් මොකවත් ප්‍රශ්න එහෙම තියනවද මේ මහත්තුරුන්ට?”

    මගෙ යාළුවෙක් හිටිය කොයි වෙලෙත් බුලත් හපේ කටේ, මනුස්සය හපේ කටේම පැත්තකට කරගෙන නැඟිට්ට,

    ” දැන් මහත්තයො මොකොද හැබෑට ඕකට ඔය අමා වියාපුරුතියෙයි කියන්නෙ?”

    ” ආ….ඒක මෙහෙමයි…මේ වැඩ සටහන මුලින්ම අපි ආරම්භ කලේ අනුරාධපුර සහ මාතලේ පදනම් කරගෙන….අන්න ඒ මුල් අකුරු දෙකෙන් තමයි අපි මේකට අමා කියල නම් කලේ” කොළඹ මහත්තය සුහද හිනාවක් එහෙම පාල කිව්ව.

    මගෙ යාලුව ඔලුව අත ගහ ගත්ත ” දෙයියෝ සාක්කි…….හොඳ වෙලාවට මහත්තයලට ඔය වියාපුරුතිය හුන්නස්ගිරියයි, කාගමයි පදනම් කරගෙන පටන් ගන්ට නොහිතුනෙ……..හෙහ්, හෙහ්,….එහෙම උනා නම් මහ විනාසයක් නෙව වෙන්නෙ” එහෙම කියල මිනිහ ඉඳ ගත්ත.

    ලොක්කගෙ මූණ රතු උනා ජම්බු ගෙඩිය වාගෙ. පහුවදාම මගෙ යාළුවට ආව විනය පරීක්ෂනයකට කැඳවීමේ ලිපියක්. චෝදනාව – රාජ්‍ය ව්‍යාපෘතියක් ප්‍රසිද්ධියේ චේතනාන්විතව අවඥාවට ලක්වන අයුරු කටයුතු කිරීම…………හෙහ්, හෙහ්,

    කැමතියි

  7. සෙල්ලම් වැඩැක් යැ කරල තියෙන්නේ…

    කැමතියි

  8. අපි මෙයිට කලිනුත් වතාවක් කකාගේ කතන්දරයකදී මේ ගැන කථා කලා මතකයි. කෙසේ හෝ අපි අදට නරක වචනයක් ලෙස සැලකුවත් පෙර මේ වචනය එහෙම සලකලා නැහැ. දැන් බලන්න
    තේ පයිය
    බුලත් පයිය
    වගේ වචන තව තියනවා මේ ඇති. මේවා මේ ලෙස උච්ඡාරනයට ගෙන ඇත්තේ මට හිතෙන විදියට නම් මෙහි හැඩය අනුවයි (Morphology). දැන් ඔය පයියාගල කියන්නේ එහි තිබෙන සුප්‍රසිද්ධ ගල මේ හැඩය ගෙන ඇති නිසායි. මේවා අපේ පැරනියන්ගේ මනා හැකියාව. යමක් නම් කිරීමෙදී එහි කුමන හෝ ගුණාන්ගයක් අනුව නම් කරනවා. එවිට ඒ ස්ථානය හෝ එම ද්‍රව්‍ය නිවැරදිව නම් වෙනවා, විතරක් නෙමෙයි හදුනා ගැනීමේ පහසුවත් ඇති වෙනවා.
    මහෝදරගේ සහ රවීගේ කමෙන්ට් දෙකත් අගෙයි!

    කැමතියි

  9. හත්තිලව්වෙ, පොඩ්ඩක් හොයලා බලපං ඌට ෂුවර් එකටම රස්සාව හම්බ උනාද කියලා ……

    කැමතියි

  10. ඩිලාන් says:

    හික්ස් අනේ නවමෝ මේ ගිරාමසේවක කාගේ කවුද ගැබෑට

    කැමතියි

  11. Observer says:

    “ග්‍රාමසේවකගේ දඬුවම් මාරුව – ඔය ගෑණු ළමයි එහෙම මේ පැත්තට නාවට කාරි නෑ.”
    ඔතන “කාරි” කියන එක වෙනුවට “කරි” කියල චුට්ට වෙලාවක් තිබුන බව උඩ කොමෙන්ට් වලින් පෙනුන.

    කාරි කියන kaari කියල ගහල, http://www.google.com/transliterate/Sinhalese කියන එකට ගිහින් බලපුවම ආපු ප්‍රභේද මෙන්න මේවා කාරි,කැරි,කැරී, ක්රි, කාරී – කොහොමද ඔතන සඳහන් සමහර ඒවායින් එකක් නවම් අතින් මාතෘකාවට වැටුන නං…..හිකිස්….

    නවම්ගෙ පොස්ට් එක වගේම මහෝදර සහ රවිගෙ කොමෙන්ට් දෙකත් එන්ජෝය් කලා.

    කැමතියි

  12. blog gadol says:

    හික් හික්!! ලොවෙත් නෑ. රස්සාවෙ ඉන්ටර්වීව් එක හැන්ඩ්ල් කරන එකාට කලන්තෙ දාන්න ඇති

    කැමතියි

  13. මෙව්වා ඔෆිස් එකේ කියවල හිනා වෙලා, සුද්ද ළඟදීම මාව ආපහු ලංකාවට යවනව! හික් හික් !

    කැමතියි

  14. මගෙ අම්මෝ දන්න ඇති හොඳටම…රජකාලෙ දඩුවම්ද මන්ද අප්පා..

    කැමතියි

  15. අරූට අනිවා ජොබ් එක හම්බවෙන්න ඇති සහතිකේ බලපු ගමන්..

    කැමතියි

  16. පයියා කපා ලුණු දැමූ බවත්, ගල නොකැපූ බවත් මෙයින් සහතික වෙමි!!

    ඔන්න ඔහෝමයි හරි විදිය. 🙂

    කැමතියි

  17. මධුරංග says:

    නියම කතාව නේ අයියා.
    අර කොල්ලට පොලෝ පලාගෙන යන්න හිතෙන්නැති නේ !!!!

    කැමතියි

  18. කතාව නම් මරු. අර හාල්මැස්සොන්ගෙ තියෙන සම්බන්දෙ මොකක්ද?

    කැමතියි

  19. abeetha says:

    මටත් තේරුනා මල්ලිට ලඟක ඉඳන් ඔහොම ඇබැද්ධියක් වෙලා කියලා….

    කැමතියි

  20. මේක නිකං ඩබල් මීනින් වගේනේ……

    ඔය චරිත සහතිකේ කියවලා බලපු එකටනම් ඒ වගේ වෙන්න ඇති…

    කැමතියි

  21. සිරා කතාව!

    ඉස්කෝලෙ කාලෙ අපිත් එක්ක හිටියා පයාගල කොල්ලෙක් (ඌ පයාගල කියල පස්සෙ තමා දැනගත්තෙ). ඌ ලැජ්ජාවට අපිට කිවුවෙ උගේ ගම මග්ගොන කියල.

    කැමතියි

  22. අපොයි ග්රාමයින්ගේ වැඩ ගැන නම් කියල වැඩක් නැහැ.. අලුතින් හැඳුනුම් පත ගන්න ගිහින් මට දුන්න වදයක්.. අවුරුදු දහයක් විතර ලංකාවේ නොහිටි මට හිටපු තැන ග්රාමයගෙන් ලියුමක් ගෙනෙන්නලු ! අය්යෝ උගේ දෙමාපියෝ බැනුම් අහපු තරමක්..

    කැමතියි

  23. සෝරෝ says:

    හපෝ මේ බ්ලොග් එක අපි වගේ පොඩි අයට සුදුසු නෑ වගේ… බ්ලැක් ලිස්ට් එකට දාන්න ඕන… 😀

    කැමතියි

  24. ගෑනු ළමයින්ට එන්ට එපා කියල තිබුන නිසා අපේ වයිෆ් කාරය නං මේක දිහා බැලුවෙවත් නෑ.
    මට නං පැලෙනකන් හිනා ගියා.

    කැමතියි

  25. weniwel says:

    කතාව වගේම කමෙන්ට් සමහරක් ලස්සනයි.. හොඳට හිනා උනා

    කැමතියි

  26. අම්මෝ…. අන්තිම දේපේලිය කියෙව්වම ඇඟත් එක්කලා හිරිවැටිලා ගියා…….

    ඔය පය්යාගල පැත්තෙ පල්ලියකට අපිත් ගියා ගාලු යන ගමන් අතර මගෙ දී……

    පයියා කපා ලුණු දමන ලදී කියල මතක ඇතුව අත්සන ගහලා සහතික කරන්ඩ ඇති නේද

    කැමතියි

  27. malmi says:

    පහුෙවලා හරි දැනගත්තු ඒක ෙහාදා ළුනු දාන්න පුළුවන් බව

    කැමතියි

  28. arafathsl says:

    අන්තිම තරුව එක්ක මෙහෙම දෙයක් ලියුවා කියලා මම අහලා තියෙන්නේ…
    “පයිය කපා ලුණු දමන ලද බවත්
    ගල නොකැපූ බවත් සහතික කරමි”

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: