අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන් ගියා. ක‍ටුනායක අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවට ගිහිල්ල කෙල්ලො ගොඩක් මැද ගතකරපු කලය මතුපිටින් බැලුවම හරිම ලස්සනයි වගේ බලන කෙනෙක්ට පෙනෙයි. ඒත් යථාර්තය ඒකම නෙවෙයි. මතුපිටින් පෙනෙන හැම දෙයකම අභ්‍යන්තරය ගොඩක් වෙනස්. හිත රිදෙන තැන් බොහෝමයි.

ඒ අත්දැකීම් වලින් කොටස් තුනකට ලියාපු පහලින් තියන ලිපිවල තිබුනෙ අපි අත්විඳපු හිතට බරක් එකතුකරාපු එක සිද්ධියක් විතරයි.  කැමතිනම් කියවන්න,

01.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
02.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
03.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

මාත් එක්ක ක‍ටුනායක බෝඩිමේ හුණ්ඩු කාමරේ උන්න යාළුවන්ගෙන් එකා දෙන්න මාසයක් හමාරක් අපිත් එක්ක ඉඳල  හෙමිහිට හෙමිහිට කාමරෙන් ගියා. ඒකට හේතු ගොඩක් තිබුනත් ඉඩ කඩ මදිවීම හැම තිස්සෙම ප්‍රධාන හේතුව හැටියට අපි හැමෝම පිලිගත්තා.

එහෙම ගියත් ඒ තුන් හතරදෙනා වැඩි ඈතකට නෙමෙයි ගියේ.

ඒ බෝඩිමේදිම අඳුනගනිපු ගෑණුළමයි එක්ක වෙනමම කාමරවලට !

ලිවින් ‍ටුගෙදර් අහල තිබුනට මේ තමයි මුලින්ම හැබෑවක් කියල දැකපු කාලෙ. උන් එහෙම යනව කිව්වම අපි මුලින්ම බය උනා මුන් මේ මොනව කරන්න හදනවද කියල. ඒත් අපිට අරුමයක් උනාට සීයක් හමාරක් උන්නු ඒ බෝඩිං සංකීර්ණයේ කිසිම කෙනෙකුට ඒක ලොකු දෙයක් උනේ නෑ. කිසිම අවලාදයක්, බැනුමක් නෑ.

ඕනෙම නම් වැඩිම උනොත්, ආ නංගී… හරිගියා එහෙනං ඈ…. කියල උන් එක්කම එච්චර කාලයක් උන්නු කෙල්ලෙක්ම විහිළුවක් කරන්න ඇති.

එදා ඉඳල අපි වගේ උන් උදේට උයන්න කුස්සියට ආවෙ නෑ. කඩෙන් හැන්දැවට ආප්ප, කොත්තු කන්න ආවෙ නෑ.

පොකුණට වැටිච්ච ගල ඇතිකරපු ‍රැලි හෙමිහිට මැකිල ගියා. රොන් මඩ ආයෙම පතුලටම කිඳාබැස්සා. අපි වෙනදා වගේම අමන්දොළුව පාර දිගේ කෙල්ලො පේලියක් පස්සෙන් වැටිල රස්සාවට ගියා. ආයෙම හැන්දෑවෙ බෝඩිමට ගෑ‍ටුව. බොහොම නිස්කලංකයෙන් ඒකාකාරී විඩාබර දවස් ගෙවිලා ගියා.

ඒත් එක දවසක් !

හැන්දෑවෙ අටට විතර අපි බෝඩිමේ කපරාරු නොකරුපු බ්ලොග් ගල් වලින් බැඳපු කොට තාප්ප කෑල්ලකින් තුන් පැත්තක් විතරක් වටවෙච්ච, වහලක් නැති ෂවර් පෝලිමේ නාන අතරෙ අපේ කාමරේ උන්නු සම්පත් දුවගෙන ඇවිල්ල බැනියමක් හෝදන්න තියාගත්ත.

මොකෝ බං මේ… අපි නාන්න කතාකල වෙලාවෙ උඹ ඉහේ ඇම්මයි කියල නිදාගෙන නේද උන්නෙ ?.

……. උත්තරයක් නෑ, ටැප් එක ගාව දණ ඇණගෙන රෙද්ද හෝදනව.

උඹට මොන යකා වැහුනයි මේ හැන්දෑවෙ?

…… ඒත් සද්දයක් නෑ,

මිනිහෝ කියාපන්, මොකද උනේ……

ඒයි ඒයි…. පොඩ්ඩක් එහාට වෙයං බලන්න.. යකෝ මේ ලේ නේද……. !!!

මොකද බං උනේ… කියහංකො….

මොන රෙද්දක්ද බං. මුකුත් උනේ නෑ…..

එහෙනං මේ ලේ…. !!!

උඹලත් ගෑණු වගේනෙ. කට පියං ඉඳහල්ල යකුනේ. මුකුත් උනේ නෑ…

එහෙම කියල ඌ හෝදපු බැනියමත් අරං ආපහු කාමරේට ගියා.

අපි නාගෙන අහවර වෙලා කාමරේට යනකොට මෙන්න මනුස්සය ඉහේ ඉඳං පොරවාගෙන නිදි.

මචං… මම ඇඟට අත තියල කතා කලා.

හ්ම්…..

මචං පාං තියනව කාල නිදාගං..

ම්හ්.. උඹල කාහල්ල, මගෙ ඔළුව රිදෙනව බං…..

උනේ මොකක්ද කියල දැනගන්න අපිට ලොකුවට උවමනාව තිබුනට මිනිහ නිදාගෙන උන්න විදියට අපිට හිතුනෙ නෑ ඇහැරවල ආයෙම ඌට වද දෙන්න. අනික අතක් පයක් කැපිල කියල පේන්නෙත් නැති එකේ උදේටම අහල බලනව කියල හිතාගත්ත.

වෙනද වගේම ස්ටූල් එක මැද අලි පරිප්පු බේසම තියාගෙන වටේට වාඩිවෙලා අපි පාං කෑව.

සැරින් සැරේ ඇඳේ ඉන්න එකාගෙන් හීන් කෙඳිරියක් එනව.

පව් බං ! හැබෑටම මූට මොකද උනේ….?

අයියේ… අයියේ….

කවුද බං මේ වෙලාවෙ.

එකෙක් ගොහින් දොර ඇරිය.

නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් !

සම්පත් අයිය ඉන්නවද?

ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි.

නෑ නිකං ඇහුවෙ. මං යන්නං.

නිලූපා සම්පතුත් එක්ක කීප දවසක්ම කතා බහ කරනව අපි හැමෝම දැකල තිබුනත් ඒ ගෑණු ළමය ගැන පොඩි පොඩි කතා වගයක් බෝඩිමේ පැතිරිලා තිබුන නිසා කතා බහට යනවට  අපි  කැමැත්තක් පෙන්නුවෙ නෑ. සම්පතුත් වැඩිය ඒ ළමයව කෙයාර් නොකලෙ ඒ වෙනකොටත් ගමේ ගෑණුළමයෙක් උන්න නිසා.

පහුවෙනිද අපි නැගිටිනකොට මෙන්න අසනීප කාරය නැගිටල ලේස්තිවෙලත් ඉවරයි.

මචන්, දැන් උඹට කොහොමෙයි?

අවුලක් නෑ මචං. දැං හරි.

ඒක නෙමෙයි, අද උඹගෙ ඕෆ් එක නේද, මේ කොහේ යන්නද?

හ්ම්ම්…. ලොකු හුස්මක් අරන් මිනිහ ඇඳ උඩින් වාඩි උනා..

මචං, මම ආයෙම ගමේ යනව.

ගමේ යනව.. ඒ මොකෝ බං.

ඊයෙ රෑ පොඩි අවුලක් උනා මචං.උඹල නාන්න ගිය අතරෙ  නිලූපා කාමරේට ආව. …… ……..  ……..

මොකක් ! ඉතිං…..

****************************************

කවුරුවත් මාව ඇහුවොත් දන්නෙ නෑ කියාපන් මචං. ……. මම ගිහිල්ල ඒකිට කෝල් එකක් දෙන්නම්.

අපි සේරම කතා නැතුව කසාය බීපු ගොළුවො වගේ බලා ඉඳිද්දි සම්පත් ලොකු ට්‍රැවලින් බෑග් දෙක කරේ දෙපැත්තෙ එල්ලගෙන අපිට පි‍ටුපාල එකම එක පාරක් වත් ආපහු නොහැරීම ලා අඳුරෙ පාරෙ ලයිට් කණුවෙ එලියෙන් පේන වැලි පාර දිගේ බෝඩිං වත්තෙන් එලියට ඇවිදගෙන ගියා.

“ඉතිං යකෝ ඒක මහ බලු වැඩක්නෙ”

එහෙම කියල ඌට බනින්න හරි උපදෙසක් හරි දෙන්න අපි කිසිමකෙනෙක් ඉදිරිපත් උනේ නැත්තෙ ඇයි කියල තාමත් මට හිතාගන්න බෑ. සමහර විට සම්පත් “අපේ” කියල හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් නිලූපා ගැන මුලින්ම තිබුන අපැහැදීම වෙන්න ඇති. ඒත් එක්කම ඒක උන්ගෙ ප්‍රශ්ණයක්, අපි දෙන්න හදන විසඳුමෙන් ඇතිවෙන ප්‍රතිඵල විඳින්නෙ අපි නෙමෙයි කියන සිතුවිල්ලත් කොහේ හරි තියෙන්න ඇති කියල යාන්තමට හිතෙනව.

මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!!

කොහොම උනත් එදා ඉඳල අපි ඒ බෝඩිමෙන් අයින්වෙලා යනකන් නිලූපා අපේ මූණ බලල කතා නොකලත් අනිත් අයත් එක්ක කිසිම වෙනසක් නැතුව හිනාවෙලා උන්නා.

මම මුලින් කිව්ව වගේ ඒ අපි පිටින් දැකපු හිනාවක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඇතුලින් පිචිචී පිච්චි ලෝකෙට පේන්න හිනාවෙච්ච නිලූපාගෙ හිතේ හයිය සම්පත්ට නැතිවෙච්ච එක ගැනනම් කණගා‍ටුවකුත් අප්‍රසන්න කමකුත් මිශ්‍රවෙච්ච හැඟීමක් තවමත් මගේ හිතේ තියනව.

පින්තූරය ගත්තේ මෙන්න මෙතනින් http://193.105.21.101/image?id=7433&hsearch=bamboo+plant

Advertisements

38 Responses to අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

  1. සෝරෝ says:

    සමහර විට නිලූපාට ඔකට වඩා ප්‍රශ්න තියෙන්න ඇති.. අම්මා, තාත්තා, සහේදර සහේදරියෝ මෙයා යවන සල්ලි වලින් ජීවත් වෙනවා වෙන්න පුළුවන්.. ඒක නිසා එයාට සම්පත් ගැන හොයනවට වඩා තමන්ගේ පවුල ජීවත් කරවන්න ඕන කියන හේතුව මත නිලූපාගේ හිත දැඩි කරගන්නැති…

    කැමතියි

  2. පූසා says:

    හ්ම්ම්ම් ඔය වගේ කතා කොච්චරනම් අපේ රටේ වෙනවා ඇද්ද? මේ අද අයියා ලිව්වේ එක කතාවක්.. ඒත් කිසි කෙනෙක් නොදන්න කතා කීයක්නම් ඇද්ද?

    කැමතියි

  3. Ravi says:

    / මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!! /

    සහතිකම ඇත්ත කතාව නවම්…….ආයෙ ඒකෙ දෙකක් නෑ,

    එක සුළු නිමේශයක අහඹු සිද්ධියක් නිසා මුළු ජීවිතේම වෙනස් වෙන්ට පුළුවනි නොහිතු විදිහට.

    / නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් ! /

    / සම්පත් අයිය ඉන්නවද? /

    / ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි./

    / නෑ නිකං ඇහුවෙ. මං යන්නං./

    ඔතන නිලූපා මම යන්නම් කියල ගියානෙ……එහෙම නැතුව ” නෑ….මට සම්පත්ට කතා කරන්ටම ඕන” කියල එකහෙලාම කියා හිටල සම්පත් නැගිටල ඇවිත් ඒ ළමය එක්ක කතාකරානම් මොනව වෙන්ට නොතිබ්බද කියල හිතෙන්නෙ නැද්ද?…….

    ජීවිතේ හැටි එහෙම තමයි..නවම්………….ජීවිතේ අපූර්වත්වයත් ඒකම තමයි……එක මොහොතකින් සම්පූර්ණයෙන්ම වෙනත් මඟකට යොමු වීම……..

    ජීවිතේ අහුමුළු වල සැඟවුනුදේ අකුරු කරන්ට උඹට තියෙන්නෙ අපූර්ව හැකියාවක් නවම්…………

    කැමතියි

  4. වැඩියෙන්ම හිනාවෙන්නෙ හිත ඇතුලෙන් වැඩිපුර අඬන අය කියල කතාවක් තියෙනවනෙ

    කැමතියි

  5. ඕක තවත් එක කතාවක් නවම්… ඔය වගේ කතා ඕනි තරම් ඔය කලාපෙ විතරක් නෙමෙයි අපි උබල ජීවත් වෙන සමාජයෙත් තියෙනවා… නිලූපා ඔය වගේ දෙයකදි නිශ්ශබ්ද වෙලා හිටියේ අසරණ කම නිසා වෙන්න පුළුවන්… ඒත් ඔවලින්ම තැම්බිල තැම්බිලා දැන් උනුත් අපි හිතන තරම් මල් නෙමෙයි… ලේ පැල්ලම මොන වගේ ලේ පැල්ලමක්ද කව්ද දන්නෙ ?

    කැමතියි

  6. හැඟීම් පාලනය කරගන්නවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ… ඒකෙන් ​​ෆේල් වෙන අයට තියෙන එකම විසඳුම තමා මගඇරලා යන එක…

    කැමතියි

  7. අය්යො ඔව්වා ඔහොම තමා ගණන් ගන්න එපා 🙂
    සංකීර්ණ ජීවිත, මේ සල්ලි පස්සේ යන ලෝකේ ලේ මස් හැගීම් වලට තියෙන්නේ සතේකටත් අඩු වටිනාකමක් නවම්

    කැමතියි

  8. abeetha says:

    සම්පත්ට ඒ ලේ පැල්ලම් උඩින් ලොකු ගමනක් යන්න වෙන්නේ නෑ මචන්… දැන් සම්පත් ග්ත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා උඹලා දන්නවද? කෙදිනක හෝ පල දෙන දේවල් මේවා…… අසික්කිත වැඩ…

    කැමතියි

    • නවම් says:

      සම්පත්ගෙ කතාව මම තව ටිකකාලයක් ගිහිල්ල ලියනම්. එදාට කර්මය ගැන තියන විස්වාස බි‍ඳෙයි සමහර අයගෙ. සමහර අය කියයි සුදුසු කාලයේදී හැමදෙයක්ම සිද්ධවෙයි බලාගෙන ඉන්න කියලත්.

      ඒත් සිද්ධියක් විදියට විතරක්ම ගත්තොත් [සමාජීය වටිනාකම් අමතක කරලා] සාමාන්‍ය දෙයක්.

      කැමතියි

  9. Observer says:

    කියෝල ඉවර වෙනකොට ලොකු හුස්මක් පිට වුනා

    කැමතියි

  10. දුශ් says:

    ජීවිතේ හැටි තමා..
    මුල් කතා දෙක තුන ඒ කලේ කියෙව්වාට පස්සේ මේ පැත්තේ අවේ අද..

    කැමතියි

  11. අසනි says:

    ලෝකේ ගැන බය හිතුනා අයියේ..කාටවත් හිනාවක් දෙන්න බැයිනන්..අඩුම තරමේ කදුලක්,හීල්ලිමක් නොදි ඉන්න කාට කාටත් පුළුවන්නම්…

    කැමතියි

  12. blog gadol says:

    හ්ම්…සෑහෙන්න හිතන්න දෙයක් තියෙන කතාවක්.

    කැමතියි

  13. weniwel says:

    මොහොතක හැඟීම වලට වහල් උනාට.. ජීවිතයක් අසරණ කරල දමලා යන්න වටින්නෙ නැහැ..

    කැමතියි

  14. සමහරක් සිද්දීන් වල හරි වැරදි කියන්න හරිම අමාරුයි අපේ රටේ ඕක ඉතින් මහා ප්‍රශ්නයක් උනාට බොහොමයක් රටවල එහෙම නැහැනේ.. මේ පැත්ත ගැන මීට වඩා නිදහස් විදිහට හිතන්න ඕන කියලයි මං හිතන්නේ. මේ විකාර මත නිසා අන්තිමට දුක් විඳින්නේ ගැහැනුම තමයි..

    කැමතියි

  15. කතාවේ ලේ හේදුවේ ඇයි කියන එක නම් මට තේරුනේම නෑ. අන්තිම කමෙන්ට් එකත් කියවගෙන යනකොට තමයි පොඩ්ඩ පොඩ්ඩ වැටහුනේ.
    ර දෙන්නා අඹු සැමියෝ විදිහට හිටිය නිසාද අරම ලේ හෝදන්න උනේ ?

    කැමතියි

  16. ඔබගේ බ්ලොගයේ පෝස්ට් කලින් කියව ඇත්තෙමි…. නමුත් කමෙන්ට් නොකලෙමි…. ඉතා විශාල ජීවන අත්දැකීම් විද ඇත්තෙක් බව පෙනෙයි…..

    ජය..

    කැමතියි

  17. Luckey says:

    සිද්ධියේ නියම තත්වය ගැන වැටහීමක් නැතිව කාටවත් දොස් කියන්න නම් මම කැමති නැහැ..ඒත් මතු පිටින් පෙනෙන දේ අනුව කිව්වොත් අසරණ කෙල්ලෙක්ගෙ මෝඩ කමෙන් අයුතු ප්‍රයෝජන අරගන ඒ කෙල්ලගෙ අනාගතේ බලාපොරොත්තු නැති තත්වෙකට පත් කරපු **යෙක් කියලා විතරක් මම කියන්නම්. සමහර විට ඒ කෙල්ලට පෙරහැර ගියාට පස්සෙ මොලේ පෑදෙන්න ඇති…එහෙම නොවුන නම් අද ඒ කෙල්ල ඉන්නෙ මොන වගේ තැනකද කියලා හිතා ගන්න පුළුවන්.
    මමත් ඔය කාලේ (2003) අර යකඩ කුරුල්ලො නවත්තන තැන රස්සාව කලේ. අහන්න දකින්න ලැබුන දේවල් නම් බොහොමයි.

    @ මධුරංග
    ඈහ්..මේ අර ඊයෙ පෙරේදා ළමයි හම්බ වෙන එකේ අමාරුව ගැන පොස්ට් එකක් ලියපු එකා නේද ?

    කැමතියි

  18. හැමෝම හැඟීම් වලට යට වෙන තැනක් එනවා . රහත් වෙලා නැති අයට ඒකෙන් බේරෙන්න අමාරුයි ..

    ඇත්තට ඇයි ලේ හේදුවේ ? ඒක මට ප්‍රශ්නයක්

    කැමතියි

  19. Nisupa says:

    හ්ම්…..කෙල්ලෙක් විදිහට මට නිලූපා ගැන ගොඩක් දුක හිතුනා අයියේ. පව් අහිංසක කෙල්ල. අනික කටුනායක හිටිය නිසා එයා බැන්ද කාලෙක ඕක නැති වුනාම මහා ප්‍රශ්නයක් ඇති වෙයි එයාට…:(((

    කැමතියි

  20. ජීවිතේ වෙනස් වෙන්න යන්නේ එක නිමේශයයි. ඒ හැමදේම රඳා පවතින්නේ අපේ තීරණ මත.

    කොට ජීවිතේ

    කැමතියි

  21. මට මේ දවස්වල ටිකක් නිදහස අඩුයි. අහම්බෙන් වගේ ගිය බදාදා මම ගෙදර යන ගමන් මගේ බ්ලොග් එකේ ස්ටේටස් බැලුවාම නවම් මාවතෙන් සෑහෙනව ට්‍රැෆික් එකක් ඇවිත් තියනවා දැක්කා. ඒ ලින්ක් එක දිගේ ආවාම තමා මේ ලිපි හතර දැක්කෙ. ඉවර වෙනකම්ම ෆෝන් එකෙන්ම කියෙව්වා ඔක්කොම. ඒ උනාට අද තමා කමෙන්ට් කරන්නෙ ……..

    මම දකින විදියට නම් නිලූපා කියන්නෙ රියල් කෙල්ලෙක්, තමන්ට කොච්චර වටින දෙයක් නැති උනා උනත් ඒකි හොඳට හිතලා තීරණය කරලා තියනවා බලෙන් මේ වගේ එකෙක් එක්ක යනවට වඩා මේ විදිය හොඳයි කියල…….

    අනිත් එක සම්පත් කියන හාදය ජීවිතේ තියනකං හිතිං මැරි මරි උපදිනවා. බැඳලා නං, තමන්ගෙ වයිෆ් එක්ක ඉන්න වාරයක් පාසා අනිවා නිලූපව මතක් වෙනවාමයි ……….

    කැමතියි

  22. ගොඩක් අය ගොඩක් කතා කියල තියනව. ඒත් ඔය කියන බෝඩිං ජීවිතේම ගෙවපු එකෙක් විදියට මම දන්නව තමන් යාලුවෙන කොල්ලත් එක්ක එකට ජීවත් වෙන කෙල්ලො ඒ කොල්ලවම කසාද බැඳගන්න හිතන්නෙ නැති විත්තිය. හැබැයි කපටින්ට ‍රැවටිලා අනාගතේම අඳුරුකරගන්න කෙල්ලොත් නැතුවාම නෙමෙයි, හැබැයි ඒ කිසිම අවස්තාවක් කෙල්ලොත් එක්ක එකට කාමර අරං නවතින කොල්ලො නිසා නෙමෙයි, කලාප බෝඩිං තියන ගම්වල ඉන්න කොල්ලො නිසා.

    කැමතියි

  23. danusha says:

    iyo ban owa dan kale echchara hitanna dewal newei..ubala clombo neweida.mata age19i danata man kello dennek ekka idala tiyanawa oya wedihata..dan unwa hoyagannath nee ..unta ganak atteth nee..dan kale redda balanne moda yakku..ekata inna puluwan nam maraa ganne natiwa echcarai life eke expect karanna one

    කැමතියි

  24. පින්ග්කිරීම: කැඩුණු පු‍ටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: