නිලූපාගේ කන්‍යාභාවය සහ සම්පත්

මම ලියපු ලිපි වලම දිගුවක් විදියට දෙවෙනි ලිපියක් ලියවෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒ ලියවුණු කිහිපයෙනුත් පලමු ලිපිය යටින් වැ‍ටුනු කමෙන්ට්ස් නිසාම ලියවෙන ඒ වර්ගයේ පලවෙනි ලිපිය නිසා මේක විශේෂයි.

මේ ලිපියට ප්‍රස්තුභූත වෙන්නෙ මෙන්න මේ ලිපිය

අනේ අයියෙ කෝ එයා [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා].

සහ එයට ලැබුණු මේ කමෙන්ට් එක.

abeetha පවසන්නේ:
සැප්තැම්බර් 12, 2011 දින 2:22 ප.ව. ට (සංස්කරණය)

සම්පත්ට ඒ ලේ පැල්ලම් උඩින් ලොකු ගමනක් යන්න වෙන්නේ නෑ මචන්… දැන් සම්පත් ග්ත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා උඹලා දන්නවද? කෙදිනක හෝ පල දෙන දේවල් මේවා…… අසික්කිත වැඩ…

මීට අවුරුදු අටකට විතර කලින් උදේ පාන්දර පහට විතර අඳුරෙම නොපෙනීගියපු සම්පත් මට ආයෙම ඊට අවුරුදු දෙකකට පස්සෙ මුනගැහෙන්නෙ පුදුමාකාර කතාවකුත් එක්ක.

එදා ක‍ටුණායකින් ආපු සම්පත් නැවතුනේ ගාල්ලේ ප්‍රධාන පෙලේ මුද්‍රණායතනයක ද්විත්ව වර්ණ මුද්‍රණයන්ත්‍ර ක්‍රියාකරුවෙක් විදියට. සාමාන්‍යයෙන් Heidelberg SORMZ යන්ත්‍රයක ක්‍රියාකරුවෙක් වෙන්න කලින් අඩුම තරමින් අවුරුදු දෙකක් සහායකයෙක් විදියට රාජකාරි කරල තියෙන්න ඕන. ඒක ඒ තරම්ම සංකීර්ණ යන්ත්‍රයක්. සංකීර්ණත්වයටත් වඩා වර්ණ සංයෝජනය, වර්ණ සමබර කිරීම, මුද්‍රණ සමපාතනය, වතුර මට්ටම පාලනය, වතුරේ ආම්ලික භාෂ්මික භාවය, [paper resistratoin] සහ උසස්තත්වයේ මුද්‍රණයකට අවශ්‍ය සියළුම දැනුම ලබාගන්න ඕන.

ඒත් මොනයම් හේතුවකට හරි සම්පත්ට යන්ත්‍ර ක්‍රියාකරු විදියට එම ‍රැකියාව ලැබිල තිබුන.

ඒ අතර තුරේ ඔහු ගංජා සුරුට්‍ටු කිහිපයක් එක්ක ගාල්ලෙ ධර්මපාල උද්‍යානයේදි පොලීසියට අහුවෙනව. මේ වෙලාවෙ සම්පත්ට ඇප දෙන්න ඉදිරිපත් වෙන්නෙ මිනිහගෙ, ක‍ටුණායක යනකොටත් ඉඳපු ගමේ පෙම්වතිය අනුරාධා. කොහොම උනත් පොලීසිය ඇයට එහි තියන නීතිමය තත්වය බැරෑරුම් කම පහදල දුන්නට පස්සෙ ඇයගේ සහෝදරයෙක් තමා අන්තිමට සම්පත්ට ඇපදෙන්න ඉදිරිපත් වෙන්නෙ. ඒ එක කොන්දේසියක් උඩ.

සම්පත් සහ අනුරාධාගේ සම්භන්ධය නැවැත්වීම. ! සම්පත් මේකට කැමතිවෙනව.

නඩුවෙන් වැරදිකරු කියල පිළිඅරගෙන දඩ ගෙවල උසාවියෙන් එලියට අපු සම්පත් ඔහු එනකන් ගාල්ලෙ කො‍ටුවෙ උසාවියෙ මැයිමාර ගස්පේලිය යටට වෙලා අයියලත් එක්ක බලාගෙන ඉඳපු අනුරාධා එක්ක අන්තිම වචන කීපයත් කතාකරල පරණ කො‍ටුදොරකඩින් වැටිල තියන සමුද්‍ර මාවතේ ඉස්සරහටම ගියා.

ආයෙම සම්පත් ගැන හොයන්න හිතුනෙ අර උඩින් සඳහන් කරල තියන අභීතගෙ කමෙන්ට් එක නිසා.

ගාල්ලෙ යාළුවො කීපදෙනෙක්ට කතාකරල හොයාගනිපු සම්පත්ගෙ කතාවේ ඉතිරි කොටස……….

නඩුවෙන් පස්සෙ කාලයක් ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ රස්තියාදු ගහ ගහ ඉඳල කර කර ඉඳපු රස්සාවත් අතෑරල සම්පත් ආයෙම එනව කොළඹ. Brandix College of Clothing Technology ඒකෙ අවුරුදු දෙකක පාඨමාලාවක් හදාරන සම්පත් තවත් කාලයක් බ්‍රැන්ඩික්ස් ආයතනයට අනුබද්ධ ඇඟළුම් කම්හලක ‍රැකියා පුහුණුව ලබල ආයෙම එනව ක‍ටුණායක ප්‍රධානපෙලේ ඇඟළුම් කම්හලක උප නිශ්පාදන විධායක නිළධාරියෙක් විදියට.

පහුගිය කාලෙ සිදුවෙච්ච ලෝක ආර්ථික පසුබෑමත් එක්ක ‍රැකියා කප්පාදුවකට ලක්වෙන සම්පත් ඉන් ටික කාලෙකට පස්සෙ ආයෙම කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවකට යන්නෙ නියෝජ්‍ය නිශ්පාදන කළමණාකරු හැටියට. ටික කලකට පස්සෙ එම ආයතනයේ සේවය කල විදේශීය මෝස්තර නිර්මාණ ශිල්පිණිය සමඟ විවාහ වෙලා දැන් ඉන්නෙ නෙදර්ලන්තයෙ.

මේලිපියේ අරමුණ කර්මය බොරුවක්, එහෙමත් නැත්නම් කල කම් පලනොදේ, එහෙමත් නැත්නම්, ජීවිතේ සිද්ධීන් වලට ලැබෙන සමාජීය අර්ථකථනයන් තේරුමක් නැත කියල කෙස් පැලෙන තර්ක කරන්න නෙමෙයි. කැමති කනෙක්ට කැමති විදියකට තේරුම් ගන්න ඉතාම සංශිප්ත විස්තර සැපයීමක් විතරයි.

පින්තූරය ගත්තේ : http://www.redbubble.com

Advertisements

31 Responses to නිලූපාගේ කන්‍යාභාවය සහ සම්පත්

  1. කරපු වැරදි වලට දඬුවම් හම්බුවෙනවා කියන එක නම් මාත් විස්වාස කරනව. සමහරවිට පොරට නොදැනිම රිටන් එක හම්බුවෙලාද දන්නේ නෑ….

    කැමතියි

  2. අයියෝ මේ කර්මය කියන දේ ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් ඩ්හෙයක් නෙමේ. වැරැද්දක් කලානම් ඒකට දඩුවම නොවැරදීම කවදා හරි ලැබෙයි. හැබැයි ඉතින් ඒවා කැපිලා යන්නත් පුලුවන් කරන පින් වලට. සංසාරේ ගොඩාක් දිගයිලුනේ ඉතින් මේ අවුරුදු 3 4 ක් දිහා වෙන දේවල් බලලා තීරණ ගන්න ඕනේ නෑ නේ.

    කැමතියි

  3. වැරදි කරපු එවුන්ට ගැලවීමක් නෑ නවම් අයියා.
    කවදා හරි ඕවා පල දෙනවා. සහතිකයි !!!!

    කැමතියි

  4. නදී... says:

    “ඔන් ද ස්පොට් ” පල දෙන ඒවත් තියනව අය්ය.සමහර ඒවට කල් ගත වෙන්නත් පුලුවන් නේ.ඔය කියන්නෙ පෙර ආත්ම වල කරපුවට රිටර්න් එක මේ ආත්මේ හම්බ වෙනව කියල.

    කැමතියි

  5. නවම්,
    මම ටික කාලෙකින් අද ආවේ. මේ වගේ පෝස්ට් එකකට පලවෙනියට මගේ කමෙන්ට් එක අද දන්න ලැබීම සතුටක්.
    ඔබේ කථාව අනුව මට නම් පේන්නේ මේ පුද්ගලයාට තවම කල් තිබෙන බවයි. ඔබ දන්නවනේ මේ රූපවාහිණී චැනල්වල ලොතරයි අදිනවා. ඒ වෙලාවට අර පිංපොන් බෝල උඩ යන්නේ ඉන් නියම බෝලය උඩට එන්නේ අසම්භාවී විදියටනේ. මේ වගේ තමයි අපි කල කර්මය පල දීමත්. එක පිට පිට හොඳ දේ ගොඩක් විය හැකියි. ඒ වගේම එක පිට පිට නරක දේත් විය හැකියි. සමහර පව්කම් අහෝසි වීමටත් හැකියි. හැබැයි ඒ ඉතාම ටිකයි.. ඒ වගේ කර්මයක් තමයි අංගුලිමාල තෙරුන්ට පල දෙන්නේ. හැබැයි ඒ සඳහාත් බොහෝ පිංකල යුතුයි. කෙසේ හෝ මනු නීතිය යටටේ වරදට දඩුවම් ලැබෙන්නේ මෙලොවදීම. නමුත් ස්වභාවික නීතිය යටතේ පලදෙන්නේ එහෙම නෙමෙයි. ඒක තීරනය වෙන්නේ ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුවයි.

    කැමතියි

  6. Gimhani says:

    කෙනෙක්ව මතුපිටින් බලල එයාට දඩුවම් ලැබිලද නැද්ද කියල තේරුම් ගන්න අමාරුයි.. මොකද සමහර උදවියට තියෙන්නේ මානසික ප්‍රශ්න ඒවා අපිට පෙන්නේ නෑ. සමහරවිට දෑනටමත් දඩුවම් ලැබිලත් ඇති.

    කැමතියි

  7. කර්මය ගැන කතා කරනවා නං,

    1. දිට්ඨ ධම්මවේදනීය කර්ම = මෙලොවදීම පටිසන් දෙන කර්ම
    2. උපපජ්ජවේදනීය කර්ම = එන ආත්මයේදී පටිසන් දෙන කර්ම
    3. අපරාපරියවේදනීය කර්ම = කවදාම හෝ පටිසන් දෙන කර්ම
    4. අහෝසි කර්ම = අහෝසි වන කර්ම

    අනිවා සම්පත් කරපුදේ ඔය කර්ම හතරෙන් එකක් ඇතුලෙ තියනවාමයි. කරලා තියන පින් වැඩි නම් ඒක පල විපාක දෙන්නත් ටිකක් කල් ගත වෙනවා. අංගුලිමාල මහ රහතන් වහන්සේට උනා වගේ අහෝසි කර්මවලට වැටුනොත් ඉතිං ඒක සම්පත්ගෙ වාසනාව කියලා හිතන්න තමා වෙන්නෙ ……….

    කැමතියි

  8. මම කියන්න ඕනෙටික කලිං පෝස්ට් එකට කියල තියනව

    කැමතියි

  9. anushka says:

    සම්පත් බලු වැඩක් (මට අනුව ) කරලා නෙදර්ලන්තය වගේ රටක සැප විඳිනවා (අපි හිතන විදිහට ) . ඒක ගැන අපිට තියෙන්නෙ අර හොරකම් කර කර සැප විඳින මැති ඇමති සෙට් එක එක්ක තියෙන ඔරොප්පුවමයි. සම්පත් කියන්නෙ මම හිතන විදිහට කල දුටු කල වල ඉහ ගන්න එකෙක්. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකෙක්. එහෙම එවුන් මේ ලෝකෙ ලෞකික අතින් ඉක්මනට දියුණු වෙනවා. උන්ගෙ ඇතුලාන්තය ගැන මම කියන්න දන්නෙ නෑ. සම්පත් ල නිලූප ලා හැමදාම හිටියා. හෙටත් ඉඳී.

    කැමතියි

  10. මොනදෙයක් උනත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද.

    කැමතියි

  11. Observer says:

    මදෑ පැනගෙන ආව R+ රේටඩ් කතාවක් කියවන්න. මටත් වෙන වැඩ ශිෂ්…

    කැමතියි

  12. Luckey says:

    ආහ්…නෙදර්ලන්තෙනෙ,,,,කර්මෙට උනත් ටික දවසක් යනවා එහාට යන්න..වැඩිය ඕන නැහැ..මේ පොස්ට් එක කියෙව්වත් ඇති විඳවන්න….

    කැමතියි

  13. vajiradevi says:

    අනිවාර්යෙන් පල දෙනවා නවම් මේවා.. ඔය මනුස්සයට පරණ සිද්ධි අනිවාර්යෙන් මතක් වෙනවා ඇති. කළ පවු මතක් නොවෙනවා වෙන්න බෑ. ජීවිතේ කොයි ආකාරයෙන් සම්පත් විඳවනවද කියලා අපි දන්නේ නෑනේ.. අනේ අම්මපා.. මෙහෙමත් මිනිස්සු!

    කැමතියි

  14. ඩිලාන් says:

    මමත් විශ්වාස කරන දෙයක් ,,,කවුරුහරි වරදක් කලා නම් මැරෙන්න ඉස්සල්ලා විදවන එක,,,

    කැමතියි

  15. කවුද දන්නෙ දැනටමත් හිතින් විඳවනවද කියලා…පව් වැඩේ…කලින් ලිපියත් මම දාපුදවසෙම වගේ කියෙවුව..ඒත් ප්‍රතිචාරයක් දුන්නද කියල නම් මතක නෑ

    කැමතියි

  16. Y2K says:

    කරපු වෑඩේ නම් වැරදියි තමයි. ඒත් ක‍ටුනායක කලාපය අවට ඕවා සාමන්ය දේවල් අයියේ. අවංකව ආදරේ කරන ජොඩු ඉන්නේ ඉතාම සුලු ප්‍රතිශතයක්. විවාහ නොවී එකට ජීවත් වෙන අය ඕන තරම් ඉන්නවා. හුඟක් සම්බන්ධතා ඇතිවෙන්නේ එයාලගේ අවශ්යතා ඉ‍ටුකරගැනිමේ පරමාර්තයෙන්මයි. ඒක නොදැන නෙමෙයි ගැණු ලමයිනුත් සම්බන්දතා පටන් ගන්නේ. එයාලටත් හැඟිම් දැනීම් තියෙනවනේ.

    කැමතියි

  17. මිනිහට මැරෙන මොහොතේ ඔය සිද්ධිය මතක් උනොත් නම් ආයේ සුගතියක උපදින්න නම් හම්බවෙන්නේ නෑ

    කැමතියි

  18. Beetle says:

    කරලා තියෙන පව් සේරම පට් පට් ගාලා පලදෙන්නේ නැති එකමයි හොඳ… එහෙම වුණා නම් උඹට අද බ්ලොග් ලියන්න වෙන්නේත් නෑ… මට කියවන්න වෙන්නෙත් නෑ… 😛

    කැමතියි

  19. අපිට ඉතින් කියන්න බෑ නෙව සම්පත්ට කෙල වෙලා යන්න කියලා මොකද අපිත් කියලා නිදොස් මිනිස්සුද ? සම්පත් තරම්ම අසික්කිත වැඩ නොකලාට අපි හැමෝගෙම අතින් එක වරදකට වඩා නම් වෙලා ඇති දැනුවත්ව හෝ නොදැනුවත්ව .

    වරදක් කලොත් හොඳක් වෙනවා කියලා නම් මම කොහේදීවත් අහලා නෑ

    කැමතියි

  20. සෝරෝ says:

    කිසිම කෙනෙකුට තමන් කරපු වැරැද්දක් ලෝකයාට වසං කල පලියට ඔහුට / ඇයට තමන්ගේ තිතෙන් බේරෙන්න බෑ..

    කැමතියි

  21. මේ කතාවේ සියලු පැති නොදැක එක කෙනෙක් වරදකාරයා කරන්න අමාරුයි.. අපේ රටේ මුල් බැහැගත්ත ප්‍රයෝගික දේවල් ගැන නුගත්කම සහ අපේ මිනිස්සු වක්ලන්දගෙන යන දුර්මත යනාදී දහසක් දේ සමග කැටිකර මේ සිදුවීම් බලන්න ඕනා. ඉතින් මොනවා ලියන්නද ? මොන විජ්ජාවෙන් හරි කෙල්ලක් අසරණ වෙන එක විතරයි අන්තිමට සිද්ද වෙන්නේ.. මට මතක් වෙන්නේ බඹරු ඇවිත් චිත්‍රපටියේ විජය සරම ගසල දාල අනාගෙන ආපහු යන එක.. පිරිමියා එහෙම යයි” සියලු පාප කර්ම ගැහැණියට දරා ගන්න ඉඩ දීල” සමාජයත් විවරණ දෙයි එක පැත්තක අවාසියට..

    කැමතියි

  22. මමත් හිතන විදිහට අපි කරන පව් කොයි මොහොතේ හරි අපිටම කැපිලා එනවා. ඒක වෙලාව මේකයි කියලා කියන්න බැහැ. කොයි වෙලාවේ කොහොම ආවත් හර්ද සාක්ෂියෙන් නම් ඕවට ගැලවීමක් නැහැ.

    එයා කරන පව් පිං අනුව එයා යන ගමන යයි. අපි කරන පව් පිං අනුව අපි අපේ ගමන යනවා. එක අතකින් පිටින් ඉඳන් බලලා අපි කොහොමද එයාව විනිශ්චය කරන්නේ? එයාගේ දුක සතුට ගැන දන්නේ එයාගේ හිත විතරමනේ.

    කැමතියි

  23. කර්මය පලදෙන විදියේ අකාර්යක්ෂමතාවය ගැන සෑහීමකට පත් නොවෙන විශාල ජනගහනයෙන් එක්කෙනෙක් මම. කිසි කෙනෙකුට කරදරයක් නැතුව නිහඬව උදව්වක් පමනක් කරමින් ජීවත් වූ මගේ තාත්තා අවුරුද්ය් 65ක් පමණක් ජීවත් වෙලා අසනීප වලා දුක් විඳලා මිය යද්දී, කසිප්පු පෙරන, ඉඩම් කොල්ලකන, සියලුම දහබලුකන් කරන උන් දීර්ගායුශ විඳිමින් ජීවත් වීම මට අදහා ගන්න බෑ.

    කැමතියි

  24. නවම් says:

    ප්‍රතිචාර දැක්වූ සැමට ස්තූතියි. මේ දවස් වල නහය ගාවට වැඩ හිරවෙලා. තනි තනිව උත්තර බඳින්න තියා බ්ලොග් පි‍ටුවක් කියවාගන්නත් වෙලාවක් හොයාගෙන්නෙ බොහොම අමාරුවෙන්.

    කැමතියි

  25. ඔව්වා පල දෙනවා බන්…. ඔව්ව පල දෙනවා

    කැමතියි

  26. Ravi says:

    මේ හැමෝම මෙතන කතා කරන්නෙ සම්පත් වරදක් කලාය කියන පූර්ව නිගමනයෙ ඉඳන් වගෙයි පෙනෙන්නෙ……මට නම් තේරෙන්නෙ නෑ සම්පත් කරපු වරද මොකක්ද කියල……කෙල්ලෙකුයි කොල්ලෙකුයි ස්වාභාවික හැඟීම් උත්සන්න උන අවස්ථාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන්…….අනික සම්පත් නිලූපව බොරු පොරොන්දු දීල රවටපු බවක් කියවෙන්නෙත් නැහැනෙ……වැරැද්ද සම්පත්ගෙ පිට දාන එක අන්තිම අසාධාරණයි කියලයි මගේ අදහස…..

    කැමතියි

  27. වරදක් කලත් ඒක ඔන්ද ස්පොට් හම්බවෙන්නැනේ ඉන්ෂුවරන්ස් වගේ! ඒ හින්දා පොර වැරැද්දක් කලා නම් ඒක නියම වෙලාවට ලැබෙයි……..

    කැමතියි

  28. මෙම ලිපියට ලබාදී ඇති ප්‍රතිචාර කියවූ පසු මට සිතුනේ ඔබලා කෙනෙකු අතින් වරදක් සිදුවුව හොත් ඔහුට සමාවක් දීමට කිසිවිටකත් අකමැති බවයි. මෙය සරලවම මා දකින්නේ පුද්ගලික ඉර්ශ්‍යාවන් බවයි. මිනිසුන් වන අප අතින් වැරදි සිදුවිය හැක එය අප හැමට පොදු දර්මතාවයකි. එසේ වුවා කියා එය විදව විදව සිටීම මිනිසුන් වූ අපිට ඔබින නැත. සිදුවිය යුත්තේ අලු ගසා දමා නැගිටීමයි.

    මා කුඩා කතාවක් කියන්නම් ඔබ සැම දන්නවනෙ ස්ටීව් ජොබ්ස් ගැන (ඇපල් ෆොන් දැකලවත් නැති අය කියල මාව බයිට් කරන්න එපා, අපි දැන් මේ බාවිතාකරන අකුරු වල නිර්මාතෘ ඔහුයි ) ඔහුටත් ඔහුගේ විශ්වවිද්‍යාල අද්‍යාපන සමයේ සිදිවු පෙම් සම්බඳතාවයකින් පසු ඔහුට දාව දරු වෙකු බිහිවී ඇත. නමුත් ඔහු පසුව විවාහ වන්නේ ඇය සමගින් නොවේ. දැන් කෙනෙකු තර්ක කරාවි ඔහු කල වරදට දඩුවමක් ලෙස වයස අවුරුදු 56දී ඔහු මෙලොවින් සමුගත් බවයි. නමුත් අප අමතක නොකල යුත්තේ ඔහු තුලින් මෙලොවට දායාද වූ විශ්මකරම නිර්මාන නොවන්නට ඔබත් මාත් තවමත් බොහො තාක්ශනික අතින් පසු ගාමී වීමට ඉඩ තිබුනි. අප සැම අතින් වැරදි සිදුවිය හැක නමුත් වියයුත්තේ හැකි පමනින් ඒවා නිවැරදි කර ජීවිතයට මුහුන දීමයි. නැතිනම් මේ මිනිස් වර්ගයාගේ පැවැත්මට හැකියවක් නැත.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: