මේ… මාත් ලියන්නද බ්ලොග් ?


ඒයි මේ… චූටි මැණිකේ කණට කොඳුරයි

හ්ම්…

මොකද ඒයි…. නැගිටිනවකො…

නිදාගන්න දියං යෝදියෙ. මයෙ පණ ගිහිල්ල තියෙන්නෙ අද නං.

නිදාගන්න නං කවදා බැරිද. ඒක නෙමෙයි.. මාත් බ්ලොග් ලියන්න පටන්ගන්නද?

ඇග් ! මගේ නින්ද කොහෙන් ගියාද නැත. මම වහාම අවදිවී ඇඳ විට්ටමට හේත්තුවී හරි බරි ගැහී වාඩි උනෙමි.

බලෙන් කියවන්න දුන්නොත් මිසක් බ්ලොග් දිහා ඇහැක් ඇවල නොබලන ගෑණිට මේ මොකක් වෙලාද හැබෑටම…..

මොකද ඔයා පුදුමෙන් බලාගෙන ඉන්නෙ…… ?

නෑ නිකං… ඊයේ හවහා නාන කාමරේ ලිස්සා වැටී කැඩී ගිය දත් කොන පෙන්වා කට කොනින් සිනාසීමි.

විහිළුවට නෙමෙයි අනේ.. මං මේ කියන්නෙ හැබෑවටමයි.

හරි හරි. මයෙ මොකෝ. මං ටෙම්ප්ලේට් එකක් හදල දෙන්නම්කො. ඔයා ලියන්න.

ඔයා හදල දෙනවද… අනේ හරිම ෂෝක් සැමියෙක් !

හදල දෙන්න නම් බැරිය. ඔයාට ඕනෙ බ්ලොගර් එකක්ද එහෙමත් නැත්නම් වර්ඩ්ප්‍රෙස් එකක්ද?

අනේ මට ඕව තේරෙන්නෙ නෑ. වැඩිපුර කට්ටිය කියවන එකක් හදල දෙන්නකො. මම හරි වෙලාවට ඒක පවිචිචියට ගන්නම්කො.

ආයෙ හරි වෙලාවක් මොකටද? හෙට උදේට හදල දෙන්නම්. එතන ඉඳල ඔයාට ලියන්න ඇහැකි.

හා හා එහෙම කලබලයක් නෑ මට.

එහෙනං… ?

මං ඉන්නෙ ඔයා මැරුනට පස්සෙ ඔයාගෙ ෆලෝවර්ස්ල ටිකත් අල්ලගෙනම වැඩේ පටංගන්න.

ඈ… රෑ දෙගොඩ හරියෙ නැගිටපු හන්ද මට නිදිමත විකාරෙන් වැරදි දෙයක්වත් ඇහුනද?

මොකක් කිව්ව, මං මලාට පස්සෙ?

ඔව් අනේ. ඒ වෙනකොට ඔයා ජනප්‍රිය බ්ලොග් කරයෙක් වෙලා ඉන්නෙ නැතෑ. ඉතිං අපරාදෙ නෙව ඒ ජනප්‍රියකම අපතෙ අරින්නෙ. මං හිතාන ඉන්නෙ ඔයාගෙ වැඩේ දිගටම කරං යන්න. අසනිය කුසුමෙන් ඇවෝඩ් එකක් එහෙමත් මට ගන්න බැරි වෙන එකක් නෑ.

අනේ මෝඩි. එහෙම කොරන්න බෑ. අනික ඔහෙට හරි හමං විදියට බඩු තුංඩුවක්වත් ලියාගන්නවත් බැරුව කොහොමෙයි බ්ලොග් ලියන්නෙ?

අනේ මේ අර එහෙනං සුදර්ශනී, සෝනියා, ෆේරියල් එහම අපූරුවට බ්ලොග් ලියන්නෙ, ඒ මදිවට අර හිරුණිත් හෙට අනිද්ද අපූරුවට ලියයි.

ඔයාල ඔහොම්ම මයි, අපි අඩියක් හරි ඉස්සරහට තියනවට පොඩ්ඩක්වත් කැමතිනෑ.

මේ ගෑණිට පිස්සුද කොහෙද. මං ආයෙම වචනයක්වත් නොදොඩා රෙද්ද ඔළුවෙ ඉඳං පෙරවගත්ත.

උන්දැ නං එලිවෙන පාන්දර වෙනකං තනියම කියව කියව ඉන්නව යාන්තං හීනෙං වගේ ඇහුන.

හැබෑටම මේ ගෑණි මටත් කෙලවල බ්ලොග් එකක් ලියයිද ?

Advertisements

71 Responses to මේ… මාත් ලියන්නද බ්ලොග් ?

  1. අයියෙ දැන් බය වෙන්න ඕනෙ චූටි මැනිකෙ බ්ලොග් ලියයිද කියලා නෙමෙයි බොල. චූටි මැණිකෙ කියල තියෙන විදිහට ඔයාගෙ මරණෙන් පස්සෙනෙ ලියන්න පටන් ගන්නෙ. ඔන්නෙ ඒ මරණය වෙන විදිහ ගැන ඇලට් එකේ ඉන්න. මැරෙනවා නම් සති අන්තෙක මළගෙදර දාගන්ඩ ඈ.. අපිට බෑ නිවාඩු දාගෙන ඕවයෙ එන්ඩ.

    කැමතියි

  2. Sayuri says:

    කොච්චර දෙයක්ද අනුගාමිකයෙක් ඉන්න එක :ද

    කැමතියි

  3. යන විදියට නම් ලියයි වගේ…. හැබෑටම හිරුනිත් බොලොග් ලියන එකේ දැන් මොකෝ චූටි මැණිකෙට බැරි….හැබැයි මැරුණු ගමන් ලියන්න ගන්න ඕනි… නැත්තම් මාසයක් හමාරක් යද්දි එහෙම බොලොග් කරුවෙක් උන්නදත් අමතක වෙන්න බැරි නැති නිසා…

    කැමතියි

  4. ගහ කපා දැම්මායින් පසුව මුලෙන් මතුවෙන්නේ මුල් ගස නොව වෙනත් ගසකි…! දෙකටම ඇත්තේ එක මුල වුවත් එකට වඩා දෙක වෙනස්…! අනේ මන්දා… හිතාගෙන යනකොට ඒකත් මාරයි…

    නවම් සහෝ වලකජ්ජ ගහපු දවසක ඉතින් අපිත් ඒ ගමනම ගිහින් ඉඳීවි නොවැ. එතකොට බොලාගේ නවම් මාවතේ ඇවිදින්න මක්කටෙයි… චූටි මැණිකෙගෙ බ්ලොග් කෙරුවාව බලන්නේ මොකටැයි… අපිට දිව්‍ය ලෝකෙදී හම්බවෙලා එහේ තියෙන සර්වර් එකක් හොයාගෙන ජොයින්ට් බ්ලොග් එකක් හොස්ට් කරගන්න බැරුවැයි…!

    නවම් සහෝ… උඹ මලාට පස්සේ චූටි මැණිකෙට බ්ලොග් ලියන එක පවරනව නම් එදාට මේකේ නමවත් වෙනස් වෙන විදියට හදලා දීලා පලයන්… නවම් නැති නවම් මාවත පාළුයි බොලං…!

    මේක ඉතින් අර කොසොල් රජතුමාගේ හීන වගේ නොවැ නේ… නවම් සහෝ කියන්න ඕනේ එක කෙලින් නොකියා අර අහිංසක මායියව ගාව ගත්තා… හපොයි මේ වගේ මිනිහෙක් !!!

    කැමතියි

  5. ඒ කියන්නෙ දානෙයක් ලඟයි වගේ…

    ඇයි නවම් අයිය චන්ද්‍රිකාත් බ්ලොග් එකක් ලිව්ව… හිරූ නංගිට බ්ලොග් ලියන්න දෙන්නෙ නෑ කියන්නෙ ඒ කෙලීගෙ මවුතුමිය…

    කැමතියි

  6. amila says:

    maru chuti manike blog karayek wuna dawasata mama palweniyatama follow karanawa

    කැමතියි

  7. ටෙම්ප්ලේට් එකක් හදා ගන්නද දන්නැ අර පිහියක් අරං ඇවිල්ලා තියෙන්නෙ…… කෝකටත් පරිස්සමෙන්. බ්ලොග් කිව්වත් සමහරුන්ට අවුල යනවා.

    කාටද කියලනං අහන්ට එපා?

    කැමතියි

  8. Gimhani says:

    ඔන්න ඔහේ කියා දෙන්න අනේ …

    කැමතියි

  9. අයියෝ අයියේ මැරෙන්න ඕනේ නෑ.. අසයි නම් එකක් හද්හල දෙමු.. ටික කලක කරලා සමහර විට නවත්තල දාවි.. නැත්නම් එලටම කරගෙන යාවි… හික්

    ජය,,,

    කැමතියි

  10. Raj says:

    හැබැ පුතො දැං ඉතින් කනබොන එවයේ ඉඳන්ම චෙක් කොරාන්ට වෙයි…ඇයි බොලං උබව මරණ කොරමය…. මේකේ ලියලා නැ නොවැ..ඉක්මනටම…දිවිය ලොකේ යන්ට ඔන්නං …ඔය ටෙම්පලේට් එකක් හදලා දුන්නට කාරි නෑ ඔං

    කැමතියි

  11. Bindi says:

    මැරෙන්නම ඕන නැහැ චුටි මැණිකේ . ඔයත් පටන් ගන්න බ්ලොග් එකක් . අවුලක් වුනහම කියල දෙන්නවත් නවම් ඉන්න ඒක හොඳයිනේ .ඔය ඵලොවර්සලා ටික එහෙම්මම පස්සෙන් එයි . මොකද කව්ද අකමැති මුන්ද මේ ඔයා ගැන කියනවා වගේ ඔයාටත් මෙයා ගැන කියන්න තියෙන එව්වා ටික අහගන්න .

    කැමතියි

  12. එක අතකට බලද්දි එකපාරිංම මැරිල යන එකත් හොඳයි මචං. . . . උඹ කොහොමත් දැං අවුරුදු දෙකක විතර ඉඳල නොමැරී මැරෙනව නෙව . . (මමත් එහෙමයි . . . බුද්ධියගෙ කොමෙන්ට් එක බැලුවම ඌත් එහෙමමයි)

    කැමතියි

  13. Weni says:

    ඕන්න ඔහෙ ලියන්න දෙන්න නවම් ! හැබැයි අද හෙටම පටන් ගන්න කියන්න පටත් නවම් ගැන තව ඇහකින් කියවන්න පුළුවන්නෙ !

    කැමතියි

  14. praveena says:

    ඊරිසියාව නැතුව එකක් හදලා දෙන්ට අනේ….:D

    කැමතියි

  15. අනේ චූටි මැණිකේ අක්කා බ්ලොග් එකක් ලියනව නම් කොයි තරම් දෙයක්ද… නවම් ලොක්කගේ චූ කතා ටික ඔක්කොම අපිට දැනගන්න පුළුවන් එතකොට….

    කැමතියි

  16. kingkusa says:

    chooti manike blog patan gaththama marenne thami wenne Nawamta

    කැමතියි

  17. Buru says:

    නවම්වත් නාදුණන වෙඩිකාරයෙකුට අහුවෙන්න තියෙන ඉඩ වැඩියිද ඒ කියන්නේ? චූටි මැණිකේ බ්ලොග් නොලිව්ව්වට කමක් නෑ ඔන්න අපිට බෑ මල ගෙවල් ගානේ එන්න.

    කැමතියි

  18. ඇත්තටම උඹ නිකමට වගේ චූටි මැණිකෙට කියහංකෝ බ්ලොග් එකක් ලියන්න කියලා, වැරදිලාවත් ලියන්න ගත්තොත් කාටද,

    එතකොට “කොයි වෙලේ බැලුවත් කම්පියුටරේ“ කියන කච කචේ නම් අඩු වෙලා යයි මයෙ හිතේ ………..

    කැමතියි

  19. දුමී says:

    අපේ ගම හාමිනෙත් මට හිට්පු ගමන් තර්ජනය කරනවා එයා බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නවා, මට ළමයි ටික බලාගෙන ගෙදර දොරේ වැඩ ටික කරගෙන ඉන්නය කියලා…..!

    කැමතියි

  20. මාරයා... says:

    අමුතුවෙන් හදන්න ඔන් නැහැ අර වංගියක් කොලා වගේ හැක් කොරන්නයි කියහං…

    @දුමී…

    අනේ සාදු..හොඳ වැඩේ..හිටු අමුතුවෙන් හදන්න ඔන නැහැ මං මගේ බොලොග්ගේ අක්කණ්ඩිට දෙනවා එහෙම ලියන්න හිතං ඉන්නවනං..ඒ තරං වටින කියන වැඩක් ඒකනං… මට හරී ආසායි බොලාට රෙදි නැති වෙන්නම සබ්බුව හම්බ වෙන හැටි බලන්ට…

    කැමතියි

  21. චූටි මැණිකේ අක්කත් බ්ලොග් ලියන්න ආවම නවම් අයියා වසලා හමාර වෙයි. චූටි මැණිකේ අක්කා ගන ලියන එවුවා වගේ එයා නවම් අයියා ගනත් ලියාවී. කොහොමද එතකොට වැඩේ !!! 🙂

    පාස්වර්ඩ් එහෙම පරිස්සම් කරලා තියාගන්න එක නුවණට හුරුයි !!!!
    (මේ ඔවදන පැනඩෝල් වෙතින් )

    කැමතියි

  22. අසනි says:

    කාන්තා නියෝජනයට ජය වේවා…!!!! ඔයා සැලෙන් එපා අක්කන්ඩි..ලියන්න තියෙන්නේ රස වෑහෙන්න…

    නවම් අයියේ….පරිස්සමින්…තිත්තියා තමන්ගේ වාරේ ගන්න යන්නේ………හිකිස්..

    කැමතියි

  23. ඔන්න ඕක තමයි මම කසාද නොබැඳ ඉන්න තීරණයක් ගත්තේ ! බැරි වෙලාවත් මම වැරදීමකින් වගේ කසාදයක් බැන්ඳත් මගේ ගෑනු මනුස්සයාට නම් බ්ලොග් එක ගැන යන්තම්වත් වචනයක් කියන්නේ නෑ ..

    මම මේක බලලා එහෙම තීරණය කලා ..

    අර කීවත් වගේ උඹ මැරෙනකොට අපිත් මැරිලා ඉඳීවි බං ..අපිසෙට් එකම අපායේ ගිහින් බ්ලොග් ලියමු !

    කැමතියි

  24. malmi says:

    යකඩෝ බලකෝ ඒකෙත් පැහැදිලි ඉරිසියාව… අර උන්දෑ මෙයැයිට වඩා ජනප්පිරිය වෙයි කියලා තියෙන බයයයයය!

    කැමතියි

  25. ඇයි චන්ද්‍රිකා කියලා ගෑණු මනුස්සයෙක් එහෙම ස්වාමියා මැරුනට පස්සේ බ්ලොග් ලියලා ඔය ගන්න තියන ලොකුම සම්මානෙත් ගත්තේ.

    කැමතියි

  26. Beetle says:

    ඇත්තටම ලියයි නම් මරු… කතාබස් වලට ගෙනල්ලා උඹගේ රාජ්ය රහස් අදින්න තිබ්බා… 😀

    කැමතියි

  27. ඩිලාන් says:

    දැන් එක සැරයක් හැක් කොලා,,ඒ පාර මොකා වැහිලද මේ…ඔන්න උබලා අපිව ආයෙත් බය ගන්නනවා,,,අපිට බ්ලොග් බස් නැතුව ඉන්න බෑ දෙයියනේ

    කැමතියි

  28. හහ් හහ් හහ්….ඔක්කොම වැඩ කිඩ මාට්‍ටු වෙනවා..ලියන්න දෙන්න නං එපා…….

    කැමතියි

  29. හපොයි.. මොනවා ලියයිද දන්නේ නැහැ. තරහ වෙච්ච වෙලාවට අපේ හාමිනේ එහෙම ලිවුවොත් මන් කපෝති .. ඔය ලෙඩේ බෝවෙයිද ?

    කැමතියි

  30. මචෝ නවම් මේකද දැන් අලුත් ස්ටයිල් එක. පොලිටික්ස් වල තිබ්බ සීන් එක අපේ බ්ලොග් එකටත් එන්නද යන්නේ එල එල

    කැමතියි

  31. දුකා says:

    අනේ බන් මගේ හැඟීම නම් මේ ගැන ටිකක් වෙනස්.

    කවදාවත් “බ්ලොග්” නොලියපු කෙනෙක්ට වඩා ගෙදර උන් බ්ලොග් ලියන පරිසරයක ඉන්න අයට “බ්ලොග් උන” හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩී . . .

    අනික අම්මා තාත්තා බ්ලොග් ලිව්වත් සමහර විට අම්ම තාත්තගේ බ්ලොග් කෙරුවාවේ හරි වැරදි (කටින් නොකිව්වත්) දකින නිසා ඒ අයට වඩා සාර්ථකව මානව හිතවාදීව “බ්ලොග් ලියන්න” මට ඇහැක් කියලා දරුවෙක්ට හිතෙන්න පුලුවන් නේද?

    හිරුනිකා දුවත් නීතිය එහෙම ඉගෙන ගත්තු දරුවෙක් . .

    පබා වගේ පියරු බබෙක් නෙමෙයි කියලා තේරෙනවනේ කතා කරන විදිහෙන්ම . .

    බ්ලොග් ලියපු තාත්තලගේ අම්මලගේ ගොන් තකතීරු දරුවෝ බ්ලොග් ලියවිල්ලට එන්නේ නැතුව උගත් මානව හිතවාදී දරුවෝ එනවා නම් . . .

    ඒ අය නෙමෙයිද “බ්ලොග්” ලියන්න සුදුසුම අය . . .

    කැමතියි

  32. සෝරෝ says:

    මෙන්න මූ බය වෙලා….. 😀

    කැමතියි

  33. නවම් ඔයාට හොදටම ෂුවර්ද ඔයා හිනියක් නෙමේ දැක්කේ කියලා දවස තිස්සෙම බ්ලොග් ගැන හිතනවද මන්දා රැට හිනෙනුත් පෙන්න.

    කැමතියි

  34. මම නම් කරන්නෙ බ්ලොග් එකක් හදන්න උදවු වෙන එකයි. එතකොට තේරෙයිනෙ බ්ලොග් එකක් කොටන එකෙත් ර‍ඟේ.

    කැමතියි

  35. podi lamayah says:

    පිස්සුද යකෝ… උඹේ හත් දොහේ දානෙ වත් ඉවර වෙනකම් ලියන්න එපා කියහං. නැත්නං ඉතිං වස්තරයක් ඇඳ ගන ඒකටත් එනව බොරු…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: