ආටිචෝක්
නොවැම්බර් 14, 2011 ප්‍රතිචාර 48
හපෝ මේකගෙ ලඟින් එන ගස් ගඳ….. කොහේ රිංගනවද මංද දවස පුරාම. බැලුවොත් ඇත්නං ගේ හරියක නෑ නෙව.
ඕං අදත් ආච්චි පටන්ගත්ත අඬෝවැඩියාව….
අනේ ඉතිං ඔහේ කියන්නෙ මට ගෙයි ගෙම්බි වගේ ගෙටම වෙලා ඉන්නෙයි කියලැයි… ඒ අච්චියෙ?
මට මේකව ආං බාං කරන්න බෑ.. තාත්තණ්ඩියට විගහට ඇවිල්ල එක්කං යන්නෙයි කියනො..
ආච්චි හැමදාම වගේ ඇදල ගන්න ආයුදේ අදත් ගත්ත. හපෝ… මට බෑ තාත්තත් එක්ක අර කාන්තාරෙට යන්න. අනික ඒකෙ හොරුත් ඉන්නවලු.
මං හිමීට ආච්චි වාඩිවෙලා උන්නු දිග ඇඳි බංකුව අනිත් පැත්තෙ කෙළවරෙන් වාඩිවෙලා බිම උන්නු පූසිගෙ වලිගෙ පයිං පාගන්න හැදුව. එයැයි නිදාගෙන උන්නට වලිගෙ ඇහැරිලා…
ඔයි මොකෝ ඒපාර කරනෙ,
දොරකොඩ මහා රඹුටං ගහෙන් පෙරිල එන ඉර එලියෙ පැත්තට කරං කියවන බණ පොත උඩින් බලල මගෙන් ඇහැව්වා.
හපෝ එයැයිට හතරවටේටම ඇස්. පෙරේද කහල ගොඩට වැටිච්ච පොල් ගෙඩියක් අරන් යන නීයවත්තෙ ආච්චි දැකල ඒකත් තිලේඅම්මට කිව්වනෙ. කොහොම පේනවද මංද ඒ හැම දෙයක්ම. වෙලාවකට මට හිතෙන්නෙම එයැයිට දිවැස් තියනවැයි කියල.
මං ආයෙ හෙමීට නැගිටල ගියා තිලේඅම්ම මොකෝ කරන්නෙ කියල බලන්න. වෙලාවෙ හැටියට නං එයා පිළිකන්නෙ පඩියට වෙලා පොතක් හරි පත්තරයක් හරි බලනව වෙන්න ඕන.
කුස්සිය පැත්තෙන් හරිම හොඳ පුසුඹක් එනව.
ඒ ගමන තිලේඅම්ම හොයන එක පැත්තක තියල බෝතල් රාක්කෙ ගාවින් වමට හැරිල බිත්තිය අයිනෙ මිටි ගහල තියන වී ගෝණියකටත් පයිං ගහගෙන මං කුස්සියට ගියා.
කුස්සියෙ වම් පැත්තෙ මුල්ලට වෙන්න බැඳපු මැටි ලිප ලඟ ඇණතියාගෙන චූටිඅම්ම මක්කද තම්බනව…
චූටි අම්මේ මක්කයි ඔයි තම්බන්නේ..?
එයැයි කතාවක් නැතුවම හැන්ද මුට්ටියට දාලා සුදුපාට බෝලයක් මයෙ දිහාවට උඩින් වීසිකරා.
නරක වෙලාව ! ඒක මගෙ අතේ වැදිල රෝල් වෙලා ගියා දොර මුල්ලට..
මං රිංගල ගිහිං උණු උණුවේ දුං දාන බෝලෙ අරං බැලුව.
අම්මේ… ආටිචෝක් !
හුලං කීරිය ගාවට මං ආසම ආටිචෝක්.
ඒක තමයි එහෙනං චූටි අම්ම අද උදේ මටත් හොරා ජම්බු ගහ දිහාවට යනව දැක්කෙ. එයැයි හිතුවට මං ඒක නොදැක්කයි කියල මං දැක්ක. ඒත් වෙනද වගේ පස්සෙං දුවං නොගියෙ වඩනම්බි මාම කපල දුන්න කෝපි කෝටුව සුද්ද කර කර උන හන්ද. හෙට උදේට තැන්නෙ අයියත් එක්ක පෙර හැරක් යන්නනෙව හිතාන ඉන්නෙ. ඉතිං ඊට කලිං මේ කෝටුව සුද්ද කරල අර වෙලේ බණ්ඩා මාමගෙ දවුලෙ කඩිප්පුව වගේ රවුං කරගන එපැයි. නැත්තං සක්කරයටවත් ඇහැක මං චූටි අම්මගෙ වල්ගෙ වෙන එක නවත්තන්න.
ඒ චූටි අම්මෙ, ඔහේ ජම්බු ගහ පල්ලෙ තිබිච්ච ආටිචෝක් පඳුරු සේරොම ගැලෙව්වැයි ?
දුං දාන මුට්ටියට එබෙනගමං මං ඇහුවෙ ගලෝපු ඔක්කොම තැම්බුවද කියල සැකයක් ආපු නිසා. ඕසෙට හැදිල තිබිච්ච පඳුරු සේරෝම ගැලෙව්වනං එතන මුට්ටි දෙකක් විතර තම්බන්න තිබුන. ඒත් මෙතන තියෙන්නෙ එක මුට්ටියයි නෙවෙ.
ඕ… ආයෙ දෙතුන් පාර ගලවන්න යන්න බෑ ඔය කූඩැල්ලො විමානෙ, සේරොම ගැලෙව්ව.
එතකොට අනික්වට මොකෝ කොලේ? මෙතන ඩිංගිත්තයිනෙ තියෙන්නෙ.
මට දැං ලොකු ප්‍රස්නයක් !
ආං ඇඹුරුංගල ලඟ බිම ගෝණියෙං වහල.
සැකේට මං ඇරලත් බැලුව. මේං තියනව ලාවට මඩත් එක්ක සුදු පාට ආටිචෝක් අල.
එහෙනං කමක් නෑ. මං හිතුවෙ ඔහේ තැන්නෙ ගෙදරටත් දුන්නයි කියල. ඔන්න මක්ක දුන්නත් මේව දෙන්නෙ නෑ හොඳේ.
හා හා පෙරේත කම පැත්තක තියල මේං මේක කනවකො, චූටි අම්ම මගෙ බිම දාලම පතුරු ගියපු එනැමල් පිඟානට ආටිචෝක් පුරවල දුන්න.
පසු සටහන:
ආටිචෝක් අන්තිමට කෑවෙ මම හිතන්නෙ මීට අවුරුදු විස්සකට විතර උඩදි. පස්සෙන් පහු වල් ඌරො පෙරලල දාල ආටිචෝක් ගාලම විනාස වෙලා ගියා. ඇරත් හක්මනින් ගාල්ලට ආවයිං පස්සෙ ආටිචෝක් අමතක වෙලාම ගියා. නැත්න ඊට පස්සෙත් ඉඳල හිටල නිවාඩුවකට ගමේ ගිය වෙලාවක කාට හරි කිව්වනං පඳුරක් දෙකක් උගුල්ලල ගෙනැත් දෙයි. දැනට ආටිචෝක් වල තියන ලාවට මුල් කෑලි තියන විනිවිද පේන පොත්තයි ඒකෙ තියන කිරි රහයි විතරමයි මතක.
ලාවට තිබිච්ච ඒ මතකයෙන් ආසන්න කී වර්ඩ්ස් ඔක්කොම දාලත් ආටිචෝක් අලයක පින්තූරයක්නම් හොයාගන්න බැරි උනා. ඒත් මෙන්න මෙතන පොඩි සටහනක් නම් තියනව ඒ ගැන.
හුලං කීරිය ද මේ ආටිචෝක් කියන්නේ ? මට නිකම් “හොත්තිරිපුංචන්“ මතක් වුනා…. ආකිටෝච් ආකිටෝච් ආතිටෝච් ආතිටෝච්
කැමතියිකැමතියි
හුලංකීරියවලට නෙමෙයි ආටිචෝක් කියන්නෙ. ඒව හරියට කෙඳි තියන තැලිච්ච පිං පොං බෝල වගේ ජාතියක්. කිරිම කිරි රහයි. අනිත් අල වගේ පිටි ගතියක්ම නෙමෙයි තියෙන්නෙ. තැම්බුවම එන සුවඳත් හරිම අපූරුයි.
කැමතියිකැමතියි
මේ ඒක නෙමෙයි , ඔයැයි අර සුද්දි කතාව කියෝල තියේය, මේ දවස් වල සුද්දි කතාවේ දෙවෙනි කොටස ලංකාදීප පත්තරේ යනව. ඔයැයිට කියන්න නවම් , මයෙ හිතේ මේ ඔයැයි ලීව ආකිටෝච් කියද්දි මයෙ මතකෙට ආවෙම සුද්දි කතාව ඕං……මේ ඔයැයි ඒක කියෝනව නේ ….
කැමතියිකැමතියි
සුද්දී පලවෙනි කොටස නම් කියවල තියනව. ඒත් දෙවෙනි කොටස එච්චරම සාර්ථක නෑ කියලයි මට් නම් හිතෙන්නෙ. ඒකෙ මාතර, හක්මන නරවැල්පිට, කඹුරුපිටිය, දෙයියන්දර බාසාව පොඩ්ඩක් විතර වැඩිපුර පාවිච්චි කරල වගේ. පිට කෙනෙකුට නොදැනුනාට කාලයක් ඒ බාසාවත් එක්ක ජීවත් වෙච්චි හන්ද මටනම් වෙනසක් දැනෙනව.
කැමතියිකැමතියි
ඒ කතාව නම් ඇත්ත පොඩ්ඩක් විතර භාශාව ඔවර් ගියපු ගතියක් මටත් කතාව කියවද්දි දැනුනා.
කැමතියිකැමතියි
මොනෑයි මේ ආටිචෝක් ??? කිරිඅල, රාජල, හිඟුරල කාලා තිබ්බට මේ මක්කද කියලා අපි නම් දන්නෑ ඕං… මොක වුනත් රහ ඇති මයි හිතේ… නැහ්නං මේ උන්දෑ මෙච්චර කියවයියෑ ඔයි ගැන !!!
කැමතියිකැමතියි
උඩල කියන්නෙත් මේ මං කියන ආටිචෝක් වලටමද මංද.
කැමතියිකැමතියි
මම දන්නේ නැහැනේ මේ මොනවද කියලා… අපේ ගමේ මේව තිබිලා නැහැනේ… 😦
කැමතියිකැමතියි
කෝහේද කියමු බලන්න ඔය ගම ? 😀
කැමතියිකැමතියි
අඩේ . . . ඒ මොනවද බං ඒ ජාතිය . . . .
කැමතියිකැමතියි
නැහැමිං ළුණු ටිකක් දාල ගත්තම බයිට් එකටත් ගන්න ඇහැකි මයෙ හිතේ.
කැමතියිකැමතියි
ආටිචෝක් ? ඇහුවෙත් අදමයි…..! නවම් මෙච්චර කන්න පෙරේත මේ අල එහෙනම් සිරාවටම රස ඇති….!
මොන්වත් එක්කද මේ අල කන්නෙ ? ලුණු මිරිස් සහ පොල් ?
කැමතියිකැමතියි
වෙන අල ජාති වගේ ලුණු මිරිස් පොල් එක්ක මම නම් කාලම නෑ, මයේ පුංචිඅම්මල රොත්තත් එහෙම කාල නෑ. අනික ගහල, බතල කනව වගේ බඩ පිරෙන්න කන කෑමක් නෙවේ වගේ. මම නම් ආසම කලිසං සාක්කු දෙකේ පුරෝගෙන වත්ත වටේ ඇවිද ඇවිද කන්න තමයි. මොකද එක තැනක ඉඳං කන්න ගියොත් වරුවක්ම යනව පොත්ත අරින්න, ඒ පොත්තත් කොස් ඇටේ පොත්තට වඩා ඩිංගයි තුනී.
කැමතියිකැමතියි
අහලම නෑනේ බන් අයියේ…. ආටි චෝක්….
කැමතියිකැමතියි
ගාල්ල පැත්ත පළාතෙ තිබුනෙ නෑ බං මේව
කැමතියිකැමතියි
ආ මාත් කැමති අල ජාතියක් තමා, පොඩි කාලෙනම් ඔය වගේම පෙරේත කමකින් කෑවා මතකයි. දැන් නම් සෑහෙන කාලෙකින් දැක්කේ නෑ.
කැමතියිකැමතියි
ඔය ඉන්නෙ ආටිචෝක් කාපු එකෙක්
කැමතියිකැමතියි
කාල නෑනේ…….දැකලවත් නෑ.
කැමතියිකැමතියි
ඇහුවෙත් අදමයි
කැමතියිකැමතියි
අපේ ගෙවල් ළඟ සුපර් මාකට් එකේනම් මේ අල තියෙනවා. හවසට ගිහින් ෆොටෝ එකක් ගෙනත් දාන්නම්. අර්තාපල් අල කිලෝවක් ශත ගානක් වුනාට මේ අල නම් ඒ වගේ තිස් ගුණයක් විතර ගණන්.
කැමතියිකැමතියි
does any one know how to attach a picture here as a comment?
කැමතියිකැමතියි
මාර ටෝක් නේ මූ දෙන්නේ… අදමයි ඇහුවේ…!
කැමතියිකැමතියි
නවා,
“ආටිචෝක්” අහල තියෙනව. කාලනම් නෑ…
මට “පැණි වළලු ” මතක් වුනා… කෑම වගේම ලඩ්කාදීපෙ යන ධම්මික ගංගානාත් දිසානායක මහත්තයගෙ තීරු ලිපිය.
ඒතුමත් එයාගෙ පොඩිකාලෙ, ජීවිත අත්දැකීම් ගැන මැවිලා පේන විදියට ලියල තියෙනව.
නවම් ගෙ මේ ලිපියත් ඒකට සමානයි වගේ කියල හිතුනා..
කැමතියිකැමතියි
ඔව් ඔව් මම ඒ ස්ටයිල් එක ගන්න තමා පෝස්ට් එකේ මුල් හරියෙ පොඩ්ඩක් ලිව්වෙ. වැඩේ යාන්තමට හරි ගිහිල්ල එහෙනං.
කැමතියිකැමතියි
ආටි චෝක්ද කියල කියයි මුලතිව් පුදුමාතලන් පැත්තෙ එකෙක්ගෙන් ඇහුවනං!
ආටි කෙසේ වෙතත් උඹෙ කතාවනං චෝක් මලේ.
කැමතියිකැමතියි
ඒ පැත්තෙ උන්ගෙන් ඇහුවනං ආයෙ අම්බානකට කන්න තිබුන ගුටි.
කැමතියිකැමතියි
ඕකට කියන හරිම නම (සමාන පද ) ටිකක් කිවොත් නම් කට්ටියටම එක්ක හොයලා එවන්න තිබුනා අය්යේ… ඔන්න පලවෙනිම කමෙන්ට් එක මම හිතන්නේ
කැමතියිකැමතියි
පුදනකොටම කාපි යකා. මම හිතා උන්නෙ ආටිචෝක් කියන්නෙ හුලං කීරිය කියලා. දෙන් ඒකත් අප්ඩේට් කරන්න වෙනවා. හුලංකීරියත් අවුරුදු විස්සකින් වත් කෑවද කියලා මතකයක් නෑ. මොකද බං මේ උඹලා කෑම ගැන කිය කිය අපිව අවුස්සන්නෙ? අර පෙට්‍රල් ටැන්කියෙයි, බීච් වොලිබෝල් වලයි කේස් එක නේ?
මොකක්ද නවම් මේ “උපන්දින” කියලා ලින්ක් එකක් පෙන්නනවා මේ බ්ලොග් එකේ අප්ඩේට් එකේ. ඒක ක්ලික් කලාම error message එකක් එන්නෙ, එහෙම පිටුව්ක් නෑ කියලා. මගෙ Hey Dude එකට ගිහින් ලින්ක් එක ක්ලික් කරලා බලන්න.
henryblogwalker the Dude
කැමතියිකැමතියි
ඔව් ඔව් පොඩ්ඩක් අත ඉස්සර උනා මේ ලබන සතියෙ එන්න තිබිච්ච එකක් වැරදිලා පබ්ලිශ් උනා. මේවට සහ සුද්දෙන්ම අර පෙට්රෝල් ටැංකිය තමා වගකියන්න ඕනෙ. 😀
හුලංකීරිය අලේ පොඩි කෙඳි ගතියක් තියනවනෙ කනකොට, අනික ඒව කැරට් අලේ වගේ දිගයිනෙ. මේ ආටිචෝක් රවුම් පුංචි බිත්තර වගේ.
කැමතියිකැමතියි
ඔයැයි ට නම්. කෝ බොල අලුත් ලිපිය. මක්කැයි කරේ ඒකට… අපි බෙල්ල කඩාන ආවා ඒක බලන්න…
කැමතියිකැමතියි
ඔහේට කියන්න සොසී අර හෙන්රිය මේ පහුගිය දොහේ මග අසම්මජාති පින්තූර වගයක් එවල මයෙ වැඩ සේරම අවුල් කරල දැම්ම. ඒ විකාරෙං ඉන්නකොට ඩ්‍රාෆ්ට් එකේ තිබිච්ච බාග පෝස්ට් එකක් පබිලිස් උනා නෙව.
කැමතියිකැමතියි
ආටිචෝක් මරු නම අයියේ……….
කැමතියිකැමතියි
මමත් ඔය හැම අලයක්ම කාල තියෙනව. ඒත් මතකෙට එන්නෙ නෑ මොන වගෙ අලයක්ද කියල. හුලංකීරියත් කාල තියෙනව.
ඉස්සර අපි යන්නෙ දෙල් කඳ පොලට ඔය වගෙ ගමේ ගොඩේ කෑම හොයන්න. ලිපිය හොඳයි අල තම්බල පොලුත් එක්ක කෑව වගේ රසයක් දැනුන. ජය වේවා
කැමතියිකැමතියි
මමත් නම ඇහුවෙත් අදමයි
කැමතියිකැමතියි
අයියේ මේකට කියන වෙන නමක් කියහංකෝ බං… දැන් හොයාගන්න නැද්ද..????
කැමතියිකැමතියි
ඕස්ට්‍රේලියාවේ ගන්න තියෙනව ‘Artichok Hearts’ කියල ටින් කරපු කෑමක්. ඒක මට හිතුනෙ මලක මැද කොටස් ටින් කරල කියල. නවම් කියන්නෙ පොළව යට තියෙන අල වගේ ජාතියක්නෙ. නවම් දීල තියෙන ලින්ක් එකෙන් ගියාම ‘කුකුල් බුත්සරණ’ කියන නම දැක්ක. මේක කියවන සමහරු ඒ නමින් ඕක අඳුනනව ඇති.
තව Artichok කියල මලක් වගේ එකකුත් සුපර් මාකට් වල ෆෘට් & වෙජි සෙක්ෂන් එකේ තියෙනව. ඒක නං කාල නැහැ. ගූගල් එකේ තියෙනව ඒ මලේ පින්තුර.
කැමතියිකැමතියි
ඔව් ඔව් ඔය ගූගලය පෙන්නන්නෙ වෙන ජාතියක කොල පාට මලක් තමා. ඒව නෙමෙයි මේ. ඒව හරියට බුත්සරණ අලේ වගේ කියල මට කවුදෝ කිව්ව තමා, ඒත් මං බුත්සරණ අල දැකල නෑ නෙව. හැබැයි පහුගිය දොහක සන්නස්ගල උන්නැහේ හිච්චි එකා කාලෙ කන්න දෙයක් නැතුව බුත්සරණ අල තම්බල කෑව කියල නම් තිබුන පත්තරේකට.
කැමතියිකැමතියි
බුත්සරණ අල මද ආටිචෝක් කියන්න ? අර කැනාස් මල් ගහ වගේ තියෙන ගහ.. අල තැම්නුවහම ලාවට වගේ පැනි රසයි. පොල් එක්ක කන්න පුලුවන්.. අපෙ වතුවල තිබුනා ඒ කාලෙ.. මන් හිතන්නෙ ඒවා වෙන්න ඕනි..
කැමතියිකැමතියි
බුත්සරණ අල දැකල නැති හන්ද හරියටම කියන්න අමාරුයි. ඒත් හැමෝම වගේ කියල තියන්නෙ ඒව වගේ වෙන්න ඇති කියල තමයි.
කැමතියිකැමතියි
http://www.theediblegarden.com.au/arrowroot.html
කැමතියිකැමතියි
නැතෝ මේව නෙමෙයියෝ
කැමතියිකැමතියි
‘artichke’ මං දීල තියෙන ස්පෙලින් වැරදියි, මේ කොමෙන්ට් තියෙන විධිය හරි, අගටත් ‘e’ අකුරක් තියෙන්න ඕනෙ.
කැමතියිකැමතියි
ඇත්තටම ඒක නම් දන්නෙ නෑ නවම් අයියෙ. හොයාගෙන කන්න වටින කෑමක් වගේ. ආටිත් දන්නවා. චෝකුත් දන්නවා. ඒත් ආටි චෝක් දන්නෙ නෑනෙ බොලේ.
කැමතියිකැමතියි
මමත් කල තියෙනවා බොහොම පොඩි කාලේ. අපි ඒ කාලේ කිවුවේ වික්ටෝරියා අල කියල බවයි මතක.. ගහ ළඟ ඉඳල අඩියක් විතර ඈතට ගිය මුල් වල නේද අල හැදෙන්නේ ? ගලවපුවාම හරියට බල්බ් මිටියක් වගේ රවුම් අල එල්ලෙනවා හරිද ?හුලන් කීරිය වලට කිවුවේ ඈරුක්ක කියලයි.. එකෙන් හදපු පිටි වගයක් බෙහෙතටත් ගත්තා…
කැමතියිකැමතියි
හරියටම හරි ඔය කියන්නෙ ආටිචෝක් තමා
කැමතියිකැමතියි
පින්ග්කිරීම: පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි ! « නවම් මාවත
මම බොහොම අමාරුවෙන් රුවන්වැල්ලෙන් ගෙන්න ගෙන කුරුණෑගල මගේ ගෙදර වත්තේ බෝ කර ගත්ත. පින්තූර තියනවා මෙතන,http://echogardening.blogspot.com/2016/12/whats-plant.html මේ දවස්වල කුරුණෑගල අවොත් පැල කරන්න මොටෙය්යෙක් දෙන්නම්.
කැමතියිLiked by 1 person
බෙොහෝම ස්තූතියි
කැමතියිකැමතියි