එබුවෙ ගේ කතා – සෙන්ට් විජේසුන්දර

ඒලෙවල් කාලෙ අපි යාළුවො කට්ටිය පුරුදු වෙලා උන්න එක එකාගෙ ගෙවල්වල සතියකට පාරක් රෑට එකතුවෙලා පාඩම් කරන්න. ඇත්තම කියනව නම් අපි කොරාපු පාඩමක් නෑ [කොලා නං මෙහෙම වෙයි යැ..]. ඔහේ වල් පල් දොඩව දොඩව ඉඳල දෙන දෙයක් කාල බීල ගෙදර එන එක තමා වැඩිපුරම කලේ.

මේ කියන සතියෙ අපි සෙට් උනේ එබුවෙ ලැයි ගෙදර.

එබුවෙ කියන්නෙ අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ ජූල්ගස් හන්දිය මහා විද්‍යාලෙ අපිත් එක්ක එකටම වගේ ඉඳපු ඇබ්නෝමල් මයින්ඩ් එකක් තිබිච්ච කොලුගැටයෙක්. කලොත් කරන්නෙ මහ තක්කඩි වැඩක් කිව්වොත් අලුගුත්තේරු කතාවක්. උගෙ ඔය එබුවෙ කියන කාඩ් එකේ නිධාන කතාවත් මරු. පස්සෙ වෙලාවක ඒකත් ලියන්නම්.

ඌටම හරියන අම්මකුයි තාත්තෙකුයි අක්කෙකුයි තමා ඒ ගෙදර උන්නෙ. හතර දෙනාම තකට තක.

හැන්දැවෙ හයට විතර අපි යාළුවො හය හත් දෙනා උගෙ ගෙදරට සෙට් උනා. ඩිංග වෙලාවක් කතා කර කර ඉඳල උන්ගෙ අම්ම දීපු තේත් බීල පාඩං කරන්නයි ලේස්තිය.

එතකොටම මුගෙ අම්ම කියාපි “අනේ අපිත් ආසාවෙන් උන්නෙ අපේ පුතා පාඩම් කරනව බලන්න. එහෙනම් අපිටත් බලාගන්න එක්ක කටියම පාඩම් කරමු” කියල.

උගෙ අම්ම ඒක කිව්වෙ නෝන්ඩියට නොවුනත් ඒ කියාපු විදියට අපි සෙට් එකටම බකස් ගාල හිනා ගියා.

එබුවෙ විළිලැජාවෙන් රතු වෙලා.

යමල්ල බං කාමරේට, ආව මෙතන පාඩං කරනව බලන්න. එහෙම කියල ඌ අපි සේරෝම අර හුණ්ඩු කාමරේට දාගෙන දොරත් වහගත්ත.

කට්ටියම ඇඳ උඩයි බිමයි පැත්තක තිබිච්ච පු‍ටු දෙකකයි හරි බරි ගැහිල පටං ගත්තෙ නැතෑ.

අපි දෛශික වලින් පටන් අර හෙමීට ඇදගෙන යමු….

මචං මේ… මට පොඩි අවුලක් තියනව උඹල දන්නවනං කියහල්ලකො. එබුවෙට ප්‍රශ්ණයක්.

හරි අහපං බලන්න ?

අඩෝ මචං, සිද්ධාර්ථ කුමාරය අවුරුදු දාසයෙන් බැඳල විසිගානක් වෙනකං මොකද කලේ බං ළමයි හදන්නෙ නැතුව, මොකෝ අපිට වගේ ආර්ථික ප්‍රශ්ණ තිබ්බ එකක්යැ ?

පුතා …. ! මං කිව්ව නේද ඔය විකාර මේ ළමයි එක්ක කියවන්න එපා කියල.

හුටා ! උන්ගෙ අම්ම එහා පැත්තෙ බිත්තියට කණ තියාගෙනද කොහෙද ඉඳල තියෙන්නෙ.

අනේ අම්ම කෑ නොගහ ඉන්නකො…..

හා කියහල්ල බලන්න?

යකෝ කම්බයින් මැත්ස් කරන්න ඇවිල්ල මේ අහන දේවල්වලට කොහේ උත්තර දෙන්නද.

අපි දන්නෙ නෑ බං.

ඕකනෙ කියන්න උඹල කිසි විචාර බුද්ධියක් නැති උන් කියල, යකෝ ඒකට හේතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.

පුතා…. මං එක සැරයක් කිව්වා.. ! ආයෙ කියන්න තියන්න එපා. ඔය විකාර නැවැත්තුවෙ නැත්නම් මං මේ ළමයි රෑ කියල බලන්නෙ නෑ ගෙවල් වල යවනව. හොඳද?

අප්පට සිරි. මුගෙ අම්මට එකසීය ගානට මළ පැනල. අපි කට්ටිය බොහෝම අමාරුවෙන් එබුවෙව සයිලන්ස් මෝඩ් එකට දාගත්තෙ. නැත්නං උගෙ අම්ම අපිව එලෙව්වොත් මේ රෑ කොහේ කියල යන්නෙයි

තවත් පැයකට විතර පස්සෙ,

මේ මචං උඹලැයි ඉස්කෝලෙ නමට ඉස්සරහින් සෙන්ට් කෑල්ලක් තියෙන්නෙ මොකෝ කියල ගල් පල්ලි ඉස්කෝලෙ අනුෂ්කගෙන් මූ අහපි.

ඒ මචං ඉස්කෝලෙ පටන් ගනිපු පූජක වරයෙක්ගෙ නම නෙ.

ඉතිං එයා සෙන්ට් ද?

නෑ මචං. සෙන්ට් කියන්න ශාන්ත කියන එකනෙ. අර ශාන්ත නිකලස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඉංග්‍රීසියෙන් කියන්නෙ සෙන්ට් නිකලස්, සෙන්ට් බෙනෙඩික් කියලනෙ.

අප්පටසිරි, වාඩිවෙලා උන්න පු‍ටුවෙන් නැගිටපු එබුවෙ අප්පුඩියකුත් ගැහැව්ව.

මොකෝ මචං?

යකෝ එහම බලං ගියාම අපේ තාත්ත සෙන්ට් විජයසුන්දර නෙව !

උඹට පිස්සුද බං, එහෙම වෙන්නෙ කොහොමයි.

මොකෝ වෙන්න බැරි උන්දැගෙ සිංහල නම ශාන්ත විජයසුන්දර !

පුතා…. ! විකාර කියවන්නෙ නැතුව පාඩම් කරනව, බැරිනං නිදාගන්නව.

ඒ අර අල්ලපු කාමරේ මෙච්චර වෙලා ගොරෝ ගොරෝ නිදාගෙන උන්නු සෙන්ට් විජයසුන්දර.

Advertisements

27 Responses to එබුවෙ ගේ කතා – සෙන්ට් විජේසුන්දර

  1. malmi says:

    ඇයි හත්ඉලව්වේ මේක මෙතනින් නතරකොලේ. තව ජුංඩක්වත් ලියන්න එපැයිනේ. මාගලක් විතර කියවන්න බලන් මෙයැයිගේ බ්ලොගේට ආව මදැයි. හම්. නියමයි.

    කැමතියි

  2. කථාව මැක්සා.තවත් එබුවෙගෙම සීන් ටිකක් දාපන්කො..

    කැමතියි

  3. ඔය එබුවෙ කියන කතාවත් එක්ක දෙයක් මතක් උනා. ඒකාලේ ඉතින් අපි කෙල්ලෙක්ගෙන් ව්‍රොන්ග් නම්බරි කෝල් එකක් එනවා කියන වටිනා සිද්දියේ වටිනකම දන්නේ නෑ නේ.. ඔය කාලේ ආවා කෝල් එකක්… හිටියා අපේ කොල්ලෝ සෙට් එකක්.. “හෙලෝ මේ කොහෙන්ද කතා කරන්නේ..” අපි ” මේ එබුවෙන් නංගි කතා කරන්නේ” “කොහෙද .. එබුවේ…???” “ඔව් එබුවේ උඹේ **** ”
    මෝඩ කමට බෙහෙත් නෑ නේ. there is no patches for stupidity

    කැමතියි

  4. X-Porter says:

    ඉත්තිං අර සිද්ධාර්ථ කුමාරයාගෙ දෙතිස් මහා පුරුස ලක්සන වලින් එක මොකක්ද…?

    කැමතියි

  5. අර කියාපු පුරුස ලක්සනේ හොයාගත්තෙ නැතැයි තාම ???

    කැමතියි

  6. සුනිල් සෙන්ට්. සෙන්ට් මේ රෑ යාමේ දේ සුමුදු මලේ සිරියා…

    කැමතියි

  7. අසනි says:

    මෙයාලගේ යාලුවොත් මෙයාලා වගේමයි….පෝස්ටුවට දිගට තියෙන්නයි තිබුනේ…

    කැමතියි

  8. කවුරුත් කියනව වගේ අයියා දැන් කම්මැලිකමට ලියන්නේ….

    එබුවෙ කාඩ් එක වැදුන හැටි….????

    කැමතියි

  9. weniwel says:

    පටන් ගත්ත විදියට නම් එබුවෙ ගෙ කතා ලොට් එකක් තියෙන්න ඕනි වගේ.. කම්මැලි නැතුව ලියල දමන්න නවම්.. එළම ෆැමිලි එකක් තමයි එබුවෙ ගෙ ෆැමිලි එක !

    කැමතියි

  10. අනුෂ්ක says:

    මේ සෙන්ට් වූ රෑ කාලයේ
    පෙම් පානා හදේ හී ප්‍රීති වේ…

    සේන්ට් වේ ප්‍රේමේ
    ප්‍රේම ගං තීරේ

    කැමතියි

  11. Observer says:

    ‘එබුව’ වචනේ දැක්කම ඔබන කතාවක් මතක් වුනා. නොදන්න කාටහරි පොරෝජනයක් වෙයි කියල හිතුන හන්ද කොමෙන්ට් එකක් හැටියට දාන්නං.

    ඔබන හැටි අහපු ප්‍රශ්නයක් සහ පිළිතුරක්

    ප්‍රශ්නය
    මටත් ඔය “අතනින් – මෙතනින් ඔබන්න” කියල ලින්ක් දාන විදිය කියනවද?

    උත්තරේ
    ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි
    ඔය ලින්ක් එක කියන වචනය ” සලකුණුත් එක්කම ඉවත් කරලා එතනට දෙන්න ඕන ලින්ක් එක දාන්න. ඊ ළගට ලින්ක් එක දාන්න ඕන තැන උඩින් පේන්න ඒන වචනය හරි වචන කිහිපය හරි අනිත් තැනටත් දාන්න..ස්පේස් තියන්න එපා.

    කැමතියි

  12. Observer says:

    කොමෙන්ට් එක බාගෙට වැදිල තියෙන්නෙ, පස්සෙ වෙලාවක සම්පුර්ණ කරන්නං

    කැමතියි

  13. දුකා says:

    හෆොයි . . තෝ වගේම නැතෑ බොගේ යාලුවොත් . . හික්ස් . .

    ඌ සිරා ඩයල් එකක් බන් . . ආසයි ඌව අඳුර ගන්නත් . . .

    කැමතියි

  14. අඹයා says:

    හක හක හක අයියෝ හිනා කාලා මැරෙන සිද්දියක් නේ 😀
    “එබුවෙ කියන කාඩ් එකේ නිධාන කතාවත්” ලගදීම දාන්ඩ

    කැමතියි

  15. ඌ නම් එළ බුවෙක්… ඈ බන් ජූල් ගස් හන්දියේ මහ විද්‍යාලය… අනෙ අප්පේ….

    කැමතියි

  16. අපිත් ශාන්තව ඉන්නවනම් නමට මුලින් ST. කැල්ලක් දාගත්තා කියලා වරදක් නැතෝ…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: