එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා


මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම මහ රෑ කියල බලන්නෙ නැතුව අපි සේරෝම එලෝගන්නව.

දැං කතාව එතන ඉඳල….

ටොක් ටොක් ටොක්….

කවුරු හරි දොරට තට්‍ටුකරනව හීනෙං වගේ මට ඇහුන. ඇහැරිලා බැලින්නං වෙලාව එකොලහ හමාරයි. අනිත් එවුනුත් වැටිච්ච වැටිච්ච තැන්වල පොත් බදාගෙන කිරනව.

ඒයි නැගිටපල්ල බං, කවුද දොරට ගහනව ඇහෙන්නෙ නැද්ද. මං පයිං ඇනල එබුවෙ ඇහැරෙව්ව.

කවුද බං මේ මහ රෑ.. මළ කරදරේ…. කියාගෙන ඌ ගිහිල්ල දොර ඇරිය.

මොකද ඕයි ?

බාගෙට ඇරපු දොර පියනෙන් ඔළුව දාපු මිනිහ කාටද බනිනව.

එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.

ගන්නව මේක.

ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.

මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !

එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.

ගොයං කයියට ගියපු එවුන් වගේ අපි තේත් එහෙම බීල අහවර කරල ආයෙම පොතක් අතට ගත්ත ඊලඟ නිදිවඩිය එනකන්.

ගානක් දෙක් හදල, නොතේරෙන එවුන්ට තේරුනුත් කරල දීල තව පැයක් හමාරක් කරදරයක් නැතුව අපි උන්න.

මචං….

එබුවෙ මහ හයියෙන් කට ඇරිය.

මේ මචං, ඕනෙ මඟුලක් කියහං අම්මයි තාත්තයි ඇහැරවන්නෙ නැතුව. එහෙම උනොත් මේ මහ රෑ අපි කොහේ කියල යන්නෙයි. එබුවෙගෙ කටේ සද්දෙට බයවෙච්ච අනුෂ්කය කිව්ව.

බය වෙන්න එපා බං. දැං දොලහත් පහුවෙලා. ඒ දෙන්න නැගිටින්නෙ නෑ ආයෙ එලි වෙනකං.

යමංද කුරුම්බයක් බොන්න ?

අම්මප මේක හරක උනාට ඌටත් ඉඳල හිටල අපූරු දේවල් කල්පනාවට එන්නෙ. දොරකඩ කුන්දිරා ගස් දෙකේ වලු පිරිල තිබිච්ච හැටි අපි හවහ බලාගෙන උන්නෙ.

අඩේ නියම අයිඩියා එක. අර මිදුලෙ තියන කුන්දිරා නම් නියමෙට ඇති බං.

මොන කුන්දිරාද බං. ඕව කඩල තාත්තගෙන් හෙට උදේට ගුටි තමයි බොලාටයි මටයි.

එහෙනං කොහෙන්ද බං කුරුම්බා බොන්න යන්නෙ?

යමංකො කියන්න. අර උඩහ තියනව තව ගස් වගයක්.

අපි කට්ටියම හිමිහිට දොර ඇරගෙන මිදුලට බැස්ස. එබුවෙ කුස්සියෙන් මන්න පිහියත් අරං ආව.

හරි, දැං කට්ටියම මගේ පස්සෙන් සද්ද නොකර වරෙල්ල. කියල මිනිහ ඉස්සර උනා. අපි කට්ටියම දැං උගෙ පස්සෙන් ගෙයි කුස්සිය පැත්තෙ තියන සියඹලා ගහ ගාවින් තියන පස් කණ්ඩියත් නැඟල තනකොල බිස්සක් දිගේ ඇවිදං යනව.

ලාවට තියෙන හඳ එලියෙන් පේනව මහ විසාල පොල් වත්තක්.

මචං එබුවෙ, උඹලට පොල් වත්තක් තියනව කියල අපි දැනං උන්නෙ නෑ නෙ බං. උඹල හෙන සල්ලිකාරයො නේ.

කවුද කිව්වෙ මේක අපේ කියල. මේක අපේ නෙමෙයි බං අල්ලපු ගෙදර උන්ගෙ.

යකෝ… උඹ මාර බඩුවක්නෙ. ‍තෝ අපිව එක්කන් ආවෙ හොර කුරුම්බ කඩන්නද අච්චර හොඳ කුදිරා ගස් දෙක අතෑරල.

මං කිව්වනෙ බං බය වෙන්න දෙයක් නෑ කියල. අනික දොරකඩ ගහේ කුරුම්බ බිව්වනං තාත්තට අහුවෙනව බං.

මෙන්න මේ පිහිය අල්ලගනිං මං ගහට නඟින කං.

එහෙම කියල එබුවෙ සුරුස් ගාල නැග්ග. වලල්ලක්වත් නැතුව මිනිහ විනාඩියට කරටියෙ.

දග්…… දග්…. දග්… දග්…..

ඌ වගේ වගක් නැතුව කුරුම්බා කඩනව. අනුංගෙ නෙ. ඉතිං කොයින්ද අගයක්.

රෝල් වෙලා ගිහිල්ල අගල් වල වැටිල තිබිච්ච ගෙඩි ටික අහුලගෙන ගහක් මුලට වෙලා කපං බීල පලං ලොඳත් කෑව.

මංචං මේ කෝම්බ දාන්නෙ කොහාටෙයි?

ඔන්න ඔතන පොල් අගලට දාපං බං.

පිස්සුද බං, හෙට උදේට වත්ත අයිතිකාරයොන්ට අහු වෙයිනෙ.

අහුවෙන්න උන් මෙහේ ඉන්න එපැයි බං. උන් ඉන්නෙ මා ගාල්ලෙ. ආයෙම ඊලඟ පොල් මුරේට මිසක් ඊට මෙහා එන්නෙ නෑ. බය නැතුව ඔන ඔහේ දමල යමල්ල.

කුරුම්බා කෝම්බත් ගහ මුලම දාල ආපු අපි ආයෙම කාමරේට වෙලා සනීපෙට නිදාගත්ත.

හෙහ් හෙහ්… හොහ් හොහ් හා….

හිහ්…. හිහ්.. හී හී…..

මහා හිනා සැද්දෙකින් අපි කට්ටියම ඇහැරුනා. මේ එලිවෙන පාන්දර කවුද බොලේ මේ…

ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන්. අපි කට්ටියම විගහට ගියා බලන්න මෙච්චර හිනාවක් මොකද කියල.

අපි යනකොට එබුවෙගෙ තාත්තයි අක්කයි වත්ත උඩහට වෙලා හිනාවෙනව.

මොකෝ අංකල් මේ?

හා මේ ඇවිල්ල ඉන්නෙ කුරුම්බා හොරු. ඇයි මනුස්සයො මං කිව්වෙ ඕනෙ නං අර ඉස්සරහ කුන්දිරා පැලෙන් බොන්නෙයි කියල. මොන එහෙකටෙයි මේ නැඩ ගස් බඩගෑවෙ.

බඩු හරි. එබුවෙගෙ තාත්තට අතේ කෝට් ඊයෙ රෑ හොරකම. ඒත් ඉතිං මොකක්ද අර කුන්දිරා බොන්නෙයි කියාපු කතාව…..

අපි සේරම එබුවෙ දිහාට හැරුන.

හරි හරි මචං, උඹල අප්සැට් වෙන්න එපා. ඒ බීපුවත් අපේ තමා කියල.

මොකක්.. ?

එතකොට මොන උලව්වකටද බං අර නිදි කුම්බා ගාලෙ, අගල් වල වැටි වැටි මහ රෑ අපි එක්කගෙන ගියේ.

එතකොට එබුවෙ අහපි

හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?

Advertisements

54 Responses to එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා

  1. අපිත් පාඩං කරන කාලේ ඔහොම කුරුම්බා පාටියක් දාලා අතේ කෝට් උනා…

    කැමතියි

  2. අනුෂ්ක says:

    මූට “හොරකමේ අගය” කියල මාතෘකාවක් දුන්නොත් වචන 1000 ක රචනාවක් උනත් ලියයි.

    කැමතියි

  3. ravi says:

    අනික් දවසෙ ඕකා ඇත්තටම අනුන්ගෙ වත්තක්ය කිව්වත් උඹල විස්වාස කරන එකක් නෑ ….හෙහ්, හෙහ්,

    ” අනේ නිකං පලයං එබුවෙ යන්ට…. අනුන්ගෙ වතු….කෙහෙල්මල….මේකත් උඹලගෙම තමයි… ”

    කැමතියි

  4. හොර කුරුම්බ තරන් කොහෙද බං ගෙදර එව්ව රස.

    කැමතියි

  5. අවසානයේ එබුවේ විසින් අසන ලද ප්‍රශ්නය මා තදින් අනුමත කරමි. . . .ගෙදර කුරුම්බා, තැඹිලි මොනවා තිබ්බත් අල්ලපු වත්තට පැන හෙරෙං කුරුම්බා බීම තරං ආතල් එකක් ලොවෙත් නැතිය . . . .

    ප.ලි.
    නවමාද ඒබව හොඳහැටි දන්නාබවත් මම දන්නේය

    කැමතියි

  6. Rajith says:

    ඉන්දිකගේ කතාව එක්ක එකගයි.

    මමත් ඕලෙවල් කරපු කාලේ ගෙවල්වල මල්පැල එහෙමත් මාරු කරලා මාට්‍ටුවෙලා බැනුම් අහලත් තියෙනවා.අන්තිමට ඇන්ටිට දනගහලා වැදලා තමයි සමාව ගත්තේ……

    කැමතියි

  7. Rajith says:

    “හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?”

    එතකොට අපේ අයියලා කො‍ටු පනින එකේ අර්ථය ගත්තත් මේකම වෙන්න බැරිද?.හැමදාම කන ගෙදර කෑම වලට වඩා පිට ගෙදරකින් කන කෑම රහයි කියනවලුනේ 😀

    කැමතියි

  8. gayan says:

    අනේ ආතල් ගන්න ගිහින් සර්පයියෙක්වත් කැව නම්..පොල්වත්තෙ ඉදල..

    කැමතියි

  9. දුකා says:

    අඩේ එබුවෙ නම් පට්ට සිරා පොරක් වෙන්න ඕන . . . .

    යකෝ උඹලට බුදු ආතල්නේ ඌ දීලා තියෙන්නේ . .

    කැමතියි

  10. abeetha says:

    හිකිස්.. නොදකින් …. එබුවේ වගේම එකෙක් අපිටත් හිටියා…

    කැමතියි

  11. NmL says:

    නියමයි. මේක කියවද්දී ඉස්සර පාඩම් කරපු කලේ මතක් උනා. හොර කුරුම්ම්බා තරම් රස පානයක් ඉතින් …………තවත් නැහැ. 😀 😛

    කැමතියි

  12. රාජ් says:

    එබුව වගේ යාළුවො ලබන්න පිංකරන්න ඕන. තමංගෙම වත්තෙ කුරුම්බා වලින් හොර කුරුම්බා බීමේ ආතල්එක නියමයි.

    කැමතියි

  13. එසේ පාඩම් කළ දේවල් වල මහිමය දැන් නොපෙනේද

    කැමතියි

  14. Observer says:

    එතකොට ඒකයි මේ සමහරු ගෙදර කොයි තරං රස කෑම තිබ්බත් හොරා කන්නම ආසාව

    කැමතියි

  15. හොරෙන් කුරුම්බා නොබීම බැරිනම් නිදිකුම්බා වැනි “අනතුරු” වලින් බේරීමට මොනවා හරි පැලඳගෙන යන එක හොඳය…

    ඕනයගෙ කොමෙන්ටුවටත් නවමගෙ ප්‍රතිකොමෙන්ටුවටත් හෙනම ලැයික් ය

    කැමතියි

  16. weniwelWeni says:

    කිසිම තර්කයක් නෑ.. තමන්ගෙ වත්තෙ උනත් හොරෙන් කුරුම්බා කන බොන එක තරම් සැපක් ලොවෙත් නෑ..අපි ඉස්කෝලෙ හවුස් මීට් කාලෙ රෑ හවුස් හදන කොට කුරුම්බා බීවෙ පොලිසියෙ වත්තෙන් හොරෙන්.. හොඳ වෙලාවට ඒ පැත්ත මුරට දමලා හිටියෙ අපිව හොඳටම අඳුරන අයියා කෙනෙක්.. පොලීසියෙ ඕ.අයි.සී. මහත්තයා අන්තිම දවසෙ තෑගි දෙන්න ඇවිත් කතාවෙදි කිව්ව “පොලීසියෙ වත්තෙන් කුරුම්බා හොරෙන් බාන්න තරම් හොඳ දක්ශතාවයන් පෙන්නුම් කරන ක්‍රීඩකයොත් මේකෙ ඉන්නව ” කියලා අපි ඉන්න දිහාවෙ බැලුවෙ කින්ඩියට වගේ !

    කැමතියි

  17. gold fish says:

    ඇත්තනේ අයියේ… බුවාගේ කතාව හරි… නැත්තං අපිත් සල්ලි දීලා තැඹිලි බොන්න පුළුවන් කම තියෙද්දී අනුන්ගේ තැඹිලි ගස් දිගේ බඩගාවියැ….

    කැමතියි

  18. අඹයා says:

    ක්රුම්බයෙයි හොර කුරුම්බයෙයි වෙනස……

    කැමතියි

  19. අසංක says:

    අපේ එකේකුත් හිටියා එබුවා කියලා මිනිහනම් හිටියේ උනවටුනේ,අපේ එකාටනම් ගස් නගින්න අමාරුයි මාස 5ක විතර බන්ඩියක් තියන්වා….ඒලෙවල් කාලේ තරම් සුන්දරකාලයක් තව කොහෙද අප්පා…..

    කැමතියි

  20. පීනස තියන නිසා කුරුම්බා බොන එක මම දවාලකවත් කරන්නේ නෑ අප්පා ඒ වුණත් ඉතින් ඔය වගෙ හොර ගේම් වලට නම් සෙට් වෙලා තියනවා මයෙ රැවුලේ බූල් ගානටම !

    අපි ඉතින් පාඩම් කරන්න කවදාකවත් සෙට් වුණේ නැති නිසා පිරිතකට කිරි දානෙකට , මල ගෙදරකට සෙට් වෙලා නයිටක් අදිනකොට තමයි ඉතින් ඔය වගේ චෞර සිතිවිල්ලකට ඉඩ දුන්නේ ..

    කැමතියි

  21. හොර කුරුම්බා බොන එක ආතල් තමයි. අහු උනොත් විටමිනුත් ලැබෙනවා නේ.
    අඩේ අපේ වත්තේ පොල් ගහෙන් කුරුම්බයක් බා ගන්න හිතුනා මේක කියෙව්වම. 🙂

    කැමතියි

  22. චතූ says:

    කුරුම්බා ආතල් නම් අපිටත් ඇත. ඒ දිනවල මට පැවරුනේ ඔත්තු බැලීමය. අයිතිකාරයන් ආවොත් මුලින්ම නෝට් ඔත්තු බැලූ එකා නිසා වැඩිම රිස්කි ජොබ ඒකය.

    මහ රෑ කුරැම්බා කියලා කලටි පොල් කඩලා වතුර බොන්න බැරුව දස වද විඳපු සීන් හිටන් තියේ… ඒවා නම් එමටයි නවම්… අතීතය මතක් කලාට බොට පිං !ආයේ කොහොද ඒ කාලේ !!!

    කැමතියි

  23. දුමී says:

    මේ මේ නවම් මලේ…! මට කිව්වැහැකි ගොනා හැරෙන්නෙ මොන පැත්තටද කියලා ඕං…!

    අහුවෙයල්ලකෝ අල්ලපු වතුවලට පැනලා හොරෙන් කන්න ගිහින් කොඳු කඩාගෙන….!

    කැමතියි

  24. අර කිව්වත් වගේ මූ මේ කුරුම්බ වලින් පටන්ගෙන මොකාටද මන්ද එන්න හදන්නෙ හික් හික්

    කැමතියි

  25. Beetle says:

    මොනා උනත් ඌ හොඳ එකා ගහට නැග්ගනේ… අපෙ නසරාණියො නං වෙන එකෙකුට නගින්න කියන්නේ…

    කැමතියි

  26. මේ එබුවෙ නම් කියලා වැඩක් නැ අප්පා…මාරයි..

    කැමතියි

  27. malmi says:

    ඔය හිටි ගමන් සමහර පිරිමත් කියන්නේ ගෙදර බත් හැමදාම කන්න ඇහැක. ඉදහිටලා හෝටලේකිනුත් කන්න එපැයි කියලා. හොදා හොදා ……හොර කුරුම්බා …. හෙහ් හෙහ්

    කැමතියි

  28. සමනල සංධ්වනිය says:

    //
    එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.
    ගන්නව මේක.
    ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.
    මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !
    එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.
    //

    තොපි ටික ඒ අක්කට මුකුත් නොකරපු එකම මදෑ

    කැමතියි

  29. සුනිල් සෙට්ටි says:

    // එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්. //

    අඩේ මං මේකෙ “දොර” දැක්කෙ නෑ නෙව..

    මං හිතුවෙ අක්කගෙ රෙද්ද අස්සෙන් දුන්න කියල… හැක් හැක්..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: