එබුවෙ ගේ කතා – ගඳ හො‍ටු 18 +

මගෙ මතකෙ හැටියට එබුවෙ මේ කතාව අපිට කිව්වෙ ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙත් වෙන කිසිම එකෙක්ට කියන්න එපා කියල දහ අතේ වන්දෝගෙන. මොකද ඒ කාලෙ අපි රහස් සංවිධානයක් හදාගෙන හිටිය “සීක්‍රට් බර්ඩ්ස්” කියල. ඒ නමේ නිර්මාතෘත් එබුවෙම තමා. ඒ සංවිධානෙ එක නීතියක් තමා සතියකට එක ගානෙ තමන්ට වෙච්ච අලකලංචි, විශේෂයෙන්ම වෙන අයට කියන්න බැරි දේවල් කියන එක.

ඒ කියන කථාවෙ රසවත් ගතියෙ තරමට “සීක්‍රට් බර්ඩ්ස්” මෙම්බර්ෂිප් කාඩ් එකේ පිටිපසෙ ලකුණු දානව. මාසෙ අන්තිමට වැඩිපුරම ලකුණු ගන්න එකා තමයි ඊලඟ මාසෙ කන්ඩායමේ නායකය වෙන්නෙ. කණ්ඩායම් නායකය වීම ඒකාලෙ හැටියට බොහොම වාසි දායක තනතුරක්. වරප්‍රසාද හැටියට කණ්ඩායම් නායකයට ඉන්ටර්වල් එකේදි අනිත් සාමාජිකයන්ගෙ කෑම පෙට්ටි වලි කැමතිම එකත් එක්ක තමන්ගෙ එක මාරු කරගන්න පුළුවන් [මේ ප්‍රිවිලේජ් එක නම් වැඩි කාලයක් තිබුනෙ නෑ]. තව අනිත් සාමාජිකයන් එකතුකරපු එඩ්නා චොක්ලට් වලටද කොහෙද දීපු ක්‍රිකටර්ස්ලගෙ ස්ටිකර් ටික සතියකට තියාගන්න පුළුවන්.

ඒ කාලෙ හැටියට මේ නායකත්ව වරප්‍රසාද ඉහටත් උඩින්. ඒක හන්ද හැමෝම වගේ බොහොම උනන්දුවෙන් කිසිම විළිලැජ්ජාවක් නැතුව රෙද්දක් ඇඳං වෙන වෙලාවක කියන්න බැරි තමන්ට වෙච්ච කතා කියනව. සමහර වෙලාවට ටොම් පචත් ඇදල අරිනව. ඒත් වැරදිලාවත් කියාපු කතාව බොරුවක් කියල අහු උනොත් දැඩි දඬුවම්. ඒ කියන්න මාස දෙකක් යනකන් නායකයත්වයට තරඟ කරන්න බෑ. ඒ වගේම තමන් ගේන කෑම් එක විතරමයි කන්නත් පුළුවන්. ඉතිං ඒක බොහොම දැඬි දඬුවමක් වෙච්ච හන්ද කියන කතා වලට අහුනොවෙන්න පොඩ්ඩක් විතර අතින් වැඩිපුර දැම්ම ඇරෙන්න කිසිම කෙනෙක් පට්ටම පල් බොරු කිව්වෙ නෑ.

එදා එබුවෙ කියාපු ඌට සිද්ද වෙච්ච විළි ලැජ්ජා හිතෙන කතාව උගෙ වචන වලින්ම ….

උඹලට කියන්න එදා අපේ පල්ලෙහා කෑල්ලෙ දළු කඩන්න සෝමා ඒකිගෙ දූත් එක්කනෙ ආවෙ අපේ අහ.

අම්මට සිරි ඉතිං [ඒ ඉතිං අපි]

ඒකි පාරෙයි බං [ඒත් ඉතිං අපි තමා]

හිටහල්ලකො කියනකං.. බොලා පනිනවනෙ..

හරි හරි උඹ කියාපන්කො.

ඒකිත් ඉස්සෙල්ලම සෝමත් එක්ක තේ කෑල්ලට වෙලා තමයි හිටියෙ. හීන් පොදක් ආව හන්ද ඒකි ආව පඩි නැඟල අපේ ඉස්තෝප්පුවට.

නෑ… ඉතිං ? [ඒ කවුද කියල දැං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ]

ඒකි හරිම හැඩයි බං. ගවුං කොටේ ගහල පඩිය උඩ කකුල් දෙකත් නවාගෙන වාඩිවෙලා ඉන්නව දැං මට සාලෙ දොර අස්සෙන් පේනව.

මට ඉවසගෙන ඉන්නම බැරි උනා….

ඈ.. ‍තෝ මොකෝ කොලේ ??? [ඒ අපිට ඉවසගන්නම බැරුව]

මං තව විනාඩි පහක් විතර බලාගෙන ඉඳල සීන් එක රෙකෝඩ් කරගෙන ටක් ගාල ගියා කාමරේට.

කාමරේට ගියේ මොකෝ බං කෙල්ල තාම එලියෙ පඩිය උඩ නේද [ඒත් අපි]

යකෝ කාමරෙට ගියේ &^!*?;%)(#%*)@ න්න…..

හෙහ් හෙහ් හොක්කියෝ හූ…. [නරි]

තොපි එක්න බෑ මේක කියන්න.. හිනා වෙනවනං නිකා හි‍ටු !

අනේ නෑ නෑ කියහං බං.. අපි දැං බාගෙට ලකුණු දාගෙන එන්නෙ, එහෙම කියල මෙම්බර්ෂිප් කාඩ් උස්සල පෙන්නුව.

එහෙනං කෑ නොගහ අහපල්ල හරිය…

ඔන්න මචං මට &^!*?;%) කොටම කවුද කාමරේට පැත්තට එනව වගේ ඇහුන. මං ටක්ගාල පු‍ටු ඇන්ද උඩ දාල තිබිච්ච ලේන්සුවක් අරන් &^!*?;%) පිහිදාල #$&^!*?;%) ඇතුලට දාගත්ත විතරයී කාමරේට ආපි.

කඩුද බං ආවෙ කෙල්ලද ? [අපි තමා ඒ පාරත්]

තාත්ත බං !

හුටා.. ඉතිං ?

ආපු ගමං “මං මේ ගෙයි පුරාම හොයනව මෙහෙට දෙනව මගෙ ලේන්සුව” කියල මගේ අතේ තිබිච්ච ^$*(@!>$ පිහිදාපු ලේන්සුව උදුරගත්ත

නෑ….. ඊටපස්සෙ ?

මං ටක් ගාල කිව්ව “තාත්ත මං ඕකෙං හො‍ටු පිහිදැම්ම” කියල

ඉතිං ?

උඹෙ හො‍ටු මට ගානක් නෑ කියල දෙකට නවල සාක්කුවෙ දාගෙන උන්දැ ගියා.

අඩේ පට්ට සීන් එකනෙ. මේකට උඹට ෆුල් ලකුණු දෙන්න ඕනෙ !

පොඩ්ඩක් හිටපල්ල, හොඳම හරිය ඉවර නෑ බං.

යකෝ තවත් තියනවද… ?

නැතුව නැතුව. ඔන්න හැන්දෑවෙ තාත්ත ගෙදර ඇවිල්ල මට කතා කලා..

පුතා….. පුතා…

ඇයි තාත්තෙ…

මෙහෙ එනව….

ඇයි තාත්තෙ.. තමුසෙ මේ ලේන්සුවෙන් පිහිදැම්මෙ මොනවද?

හො‍ටු තාත්තෙ ඇයි ?

තමුසෙගෙ හො‍ටු හරි ගඳයි නෙ.. මීට පස්සෙ එහෙම හො‍ටු හූරන්න ඕනෙ උනොත් ලැට් එකෙට යනව හරිය…… ආයෙ මගෙ ලේන්සුවලින් පිහිදාල අහුවෙන්නෙ නෑ.

පින්තූරෙ ගත්තෙ : http://celluloidlover.tumblr.com/30day

Advertisements

66 Responses to එබුවෙ ගේ කතා – ගඳ හො‍ටු 18 +

  1. හප්පේ තාත්තට තේරිලා නැතෙයි මොන හො‍ටුය කියලා….

    කැමතියි

  2. අනුෂ්ක says:

    නොදකින් නොදෝමකින්……මුන් වගේ එවුන්….

    කැමතියි

  3. අසංක says:

    අරු නම් පට්ට ඩයල් එකක් මචන්…….ඔකා ගෑන පොතක් ලියන්න සීන් තියන්වා වගේ

    කැමතියි

  4. Beetle says:

    මාරයාගෙද කොහෙද පෝස්ට් එකක කමෙන්ට් එකක් තිබුණා, තාත්තා කෙනෙක් දොර ගාව ඉදන් සීන් එක කරන හැටි බලන් ඉඳලා බැරිම තැන කෑගැහුවලු “යකෝ තෝ මැරෙයි…” කියලා 😀 😀

    කැමතියි

  5. abeetha says:

    මේවා නොවුනු උන් ඉන්නවද? කදුලු පැන්න බොල හිනා වෙලා….

    කැමතියි

  6. රුචා says:

    පට්ට සීන් එක.
    උබල මූට ලකුණු දුන්නද ඉතින්.
    ලකුණු නොදී ඉන්න තිබුනෙ මූට, මේවගේ දෙයක්වත් අහු වෙන්නෙ නැතුව කරන්න දන්නෙ නැද්ද

    කැමතියි

  7. Alchemiya says:

    හයියෝ… තාත්තට ඔය වගේ දේකට සාටර් වෙනව කියන්නෙ ඉතිං වහ කෑව වගේ තමයි….

    කැමතියි

  8. ඈ බං උඹ එබුවෙගෙ පිට දාලා මේ ලියන්නෙ උඹට වෙච්ච දේවල්ද මන්දා ……..
    කොහොම උනත් පට්ට සීන් එක ………

    ඔය උඩ තියන ෆොටෝ එක කොහෙන්ද බං හොයා ගත්තෙ ……..

    කැමතියි

  9. බලහංකො ඉතින් ඔය රහස් ආරක්ෂා කරන හැටිද. මහ ලොකු සීක්‍රට් බර්ඩ්ස්..

    කැමතියි

  10. ravi says:

    අම්මප නවම් ඇත්තම කියහං…උඹ මෙව්ව හදල කියන කතා එහෙම නෙවෙයි නේද?

    උඹල කීයෙන්ද ලකුණු දුන්නෙ?….කීය උනත් මගෙන් උපරිම ලකුණු දාගනිං….හෙහ්, හෙහ්,

    / උඹෙ හො‍ටු මට ගානක් නෑ කියල දෙකට නවල සාක්කුවෙ දාගෙන උන්දැ ගියා./

    / අඩේ පට්ට සීන් එකනෙ. මේකට උඹට ෆුල් ලකුණු දෙන්න ඕනෙ !/

    / පොඩ්ඩක් හිටපල්ල, හොඳම හරිය ඉවර නෑ බං./

    / යකෝ තවත් තියනවද… ? /

    අම්මයි තාත්තයි ඔරොප්පුවෙන් ඉන්නෙ කියල පහුවදා මට තේරුණා…..

    ” මොකෝ තාත්තෙ…… අම්ම එක්කල වලියක් වත් ගියාද? ”

    ” මොන වලිද බං?….මටත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ මොකටද මා එක්ක ඔරොප්පු වෙලා ඉන්නෙ කියල….ඊයෙ මම ඔෆිස් ඇඳපු කලිසම හවස ඉල්ල ගත්ත හෝදන්ඩෙයි කියල….ඒ වෙලාවෙ ඉඳල මගෙ මූණ බලන්නෙ වත් නෑ…..ඇහුවට කියන්නෙත් නෑ….රවාගෙන ඉන්නව විතරයි…..කලිසමේ සාක්කුවක මට මතක විදිහට ලේන්සුවක් තිබුන එච්චරයි…”

    ” දෙයියෝ සාක්කි…තාත්තෙ ඊයෙ අර මා ළඟ තිබිල තාත්ත අරගෙන ගිය ලේන්සුවද?…”

    ” ම්ම්..ඔව් ඔව්….ඒක තමයි…ඇයි එහෙම ඇහුවෙ?”

    ” නෑ…නෑ…මේ…මේ…මේ…..නිකමට,….”

    කැමතියි

  11. රාජ් says:

    ලකුණු 100% යි. එබුවෙට නෙවේ උඹට. සීක්‍රට් හෙලිකලාට.

    කැමතියි

  12. අඩෝ . . . උඹ රහස් සංවිධානෙ පාවාදුන්න නේද එහෙනං. . . . . .

    ප.ලි.
    උඹට කියන්න මචෝ මම O/L කරන කාලෙ රෑ පාඩං කරද්දි ඕං ඔයිං වැඩක් කොලා . . . ටිකකිං තාත්ත ඇවිත් කියං ගියේ ඔය බිම ජරාකරනව හෙම නෙමෙයි කියල

    කැමතියි

  13. අඩේ මූ නම් සිරාම බුවෙක් වගේ… දන්න එකෙක්ද බන්.. දැක්කොත් මීටර් වෙයි.

    ඒත් මොන හේතුවකටද මන්ද බන් නවම් අයියෙ මට හිතෙන්නෙම මේක උබට උනා කියලනේ… සික්..

    කැමතියි

  14. uwiniran says:

    ටක් ගාලා… ඔලුවෙ ගා ගන්න තිබ්බෙ, හෙයා ජෙල් ටිකක් කියලා ශේප් වෙන්න තිබ්බ.
    මටත් හිතුනෙ උඹට තමයි මේක වෙලා තියෙන්නෙ කියලා….

    කැමතියි

  15. ඉඳලා වැඩක් නැති වැඩක් වෙලා තියන්නේ. හෙක්…. හෙක්….

    කැමතියි

  16. ඒ තාත්තාගේ පුතා ගේ හොටු නොවේ, මුණුබුරා ගේ හොටුය!

    කැමතියි

  17. malmi says:

    මේක ඔයාටම නේද උනේ හැබෑවටම…..!!!!!

    කැමතියි

  18. අප්පොච්චියේ…. ඌට මුළු ලකුණුම දෙන්න ඕනනේ. මටත් ප්‍රශ්නේ ඔය කියන කෙනාටමද ඕක වුනේ කියලා.:P අර රවී අයිය කියපු දේ වෙන්නත් ගොඩක් ඉඩ තියනවා.:D

    කැමතියි

  19. ඩිලාන් says:

    හික්ස් මේක නම් නවමට වෙච්ච එකක්මයි,,,

    කැමතියි

  20. Weni says:

    හෆ්ෆා..මටත් අර There is something about Mary කියන ෆිල්ම් එක මතක් වුනා..

    කැමතියි

  21. Rajith says:

    ඇඩෙනවා!
    මටත් මගේ සුන්දර මතක කිහිපයක් අලුත් උනා 😀

    කැමතියි

  22. මගේ හිතවත් සහොදරයෙක්ටත් ඔහොම වැඩක් වෙලා තිබුනා.. මිනිහට ලැජ්ජ බයක් කියලා නාමයක් නෑ කටට අපු දේ කියන ජතියේ එකෙක් ඉතුන් මුගෙ සීන් එක අපිත් එක්ක කිව්වා.. මූ කවුරුත් ගෙදර නැතිවෙලේ සාලෙ ඉඩන් වැඩේ කරල… අන්තිමට ඇදන හිටපු බැනියමෙන්ම පිහදාල… ගෙදර අය ඇවිල්ලා දොරට තට්ටු කරද්දි තමයි බැනිය්ම සාලෙ පුටු සෙටිය යට කියලා මතක් වෙලා තියෙන්නෙ මූ ඉතින් කලබලේට කුශන් එක යට හංගලා.. මූට ඒක එහෙන්ම අමතක වෙලා. සති දෙක තුනකින් අම්ම මූට කියලා ඔයාගෙ ගදම ගද හොටු ලේන්සුවක් මම පුටුසෙට් එකේ තිබුනා කියලා…. අපි හැමෝම එකයි බන්න්න්……….

    කැමතියි

  23. Observer says:

    ඇත්තටම ඉතින් ‘එබුවෙ’ කාමරේට ගිහිං මොකද්ද කරල තියෙන්නෙ? එතකොට ලේන්සුවෙන් පිහ දැම්මෙ හොටු නෙමේද?

    කැමතියි

  24. අඹයා says:

    බැරිද දන්නේ නෑ අර කියාපු කෙල්ලව අපිටත් පොඩ්ඩක් බලාගන්න 😉

    කැමතියි

  25. ඒ මෙව්ව ඇත්තටම වුනාද බොලව්..නැත්තන් උඹ අපෙන් ලකුනු දාගන්න බොරු ඇද බානවද..සිරාවටම කියපන්කො නවම් අයියේ,,,

    කැමතියි

  26. ගඳ හොටු ලේන්සුවෙන් පිහලා. හික්ස් 🙂

    කැමතියි

  27. හපොයි දෙය්යනේ මෙහෙමත් කතා අහන්න සිද්ද වුනා නේ!!!!!!!!!!!!!

    කැමතියි

  28. නවම් අයියේ, මේක උනේ ඔය එබුවා ටමද….
    වහ කන්න හිතෙන්න ඇති,, තාත්තා ට වැඩේ මීටර් වෙන්න ඇති,,,
    ජය..

    කැමතියි

  29. අද උඹ වැඩට නොගිය එකත් මට දැන් සැකයි.

    කැමතියි

  30. හයියූ සේදී……… මේකනම් සිලා නවම් අයියට වුන සිද්දිය සුවල්ම තමා හික් හික් 😉 ෆට්ටයි ඇහ් 😀 අර අතරින් පතර දාලා තියෙන කැලි ටිකෙන් තමා විසිල් බල්ටි එක්කම කතාව නැගලා ගියේ මටනම් 😀 ජයවේවාzzzzzz

    කැමතියි

  31. යුගා says:

    කෝ කස්ටිය votes දාලා
    නවමි අයියටත් අර වරප්‍රසාද ටික ගන්න හෙල්ප් කරන්න

    කැමතියි

  32. buddhi says:

    හික්…. අනාතයි.

    මේක කියවද්දි මට මතක්උනේ ෂැවොලියව. ඌත් කතාකරන්නෙ ඔය විදිහට තමා. ඒකී පට්ට කෑල්ලලෙයි මචං කියලා

    කැමතියි

  33. amilaart says:

    යකෝ මුන් මරන්න එල්ලන්න එපැයි, අහුවෙනවත් කියල ඔහොමත් අහුවෙනවයැ.

    මට් නම් අල්ලලාම ගියේ උඹලගේ රහස සංවිදානේ, මරු නීති ටික,
    තව ඕකේ එලි කරපු රහස් කත එමට නැතෑ අපිට රහ විදින්න.

    කැමතියි

  34. ratak vatina eka says:

    ebuwa mama hondata danna kenek.. eth me kathava ebuwata vechcha deyak kiyala mata tikak vithara sakai.. ikiriyage kathave nam inne ebuwama thama.. eth meke inne umbada???

    කැමතියි

  35. පින්ග්කිරීම: සිතියම් සරමා… « ගෝල්ඩ් fish ගේ blog ටැංකිය

  36. Ieam Noon says:

    බඩ පැලෙන්න හිනා මචං… සිරා වැඩේ…. 😀 😀 😀

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: