ඔබ සැමගේ අවධානය පිණිසයි !

මේ දිනවල ශාන්තා මායාදුන්නේ ඇස්ට්‍රා දමා නොයෙක් කෑම ජාති සාදන්නේය. ඒවා ජාතික රූපවාහිණියේ පෙන්වන්නේ ය. ඒ ජාතික රූපවාහිණියම ළදරු පෝෂණය ගැන නුගසෙවනේද මුරගාන්නේ ය. ඒ මදිවාට කලකට පෙර සූරියප්පෙරුම මුත්තා ලොඹු කටින් මැල්ලුම් මුට්ටිය කවා හදනා අඩි හයේ යෝධයා ගැනද නන්දෙඩවූවේය. පෝසන මළුද දේ.

උන් හෙළුවෙන් ය. ඉඳින් අපිද රෙදි ගලවා දමමු. එවිට කිසිවෙකුටත් අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දිගු කර වෙහෙස විය යුතු නැත.

සෑම කෙනෙකුටම නියමිත මිලක් ඇතිබව නැවත නැවතත් ඇස් පනාපිටම ඔප්පුවෙමින් පවතී !!

සැ.යු : උක්ත රූ සටහන ඊ මේලයකින් උපුටා ගන්නා ලද්දකි.

Advertisements

37 Responses to ඔබ සැමගේ අවධානය පිණිසයි !

  1. පෝස්ට් එකනම් සිරා මචන්. තෑන්ක්ස් දැනුවත් කරාට..

    කැමතියි

  2. Bunny says:

    අනේ අපේ අම්මත් මට පොඩි කාලේ ඇට්ටා දුන්නද දන්නැ.. මේ මොලේ අවුල ඒක නම් මම් ඕකුන් කනවා!!

    කැමතියි

  3. පූසා says:

    බොහොම ස්තූතියි දැනුවත් කළාට!

    කැමතියි

  4. රාජ් says:

    නියම පෝස්ටුව. ගව පට්ටි වලට එකතුකරන්න සුදුසු එවුන් තමයි කෑම ගැන අපිට පාඩම් කියලදෙන්නෙ. ඕව කන්නෙ නැති අපට නං ප්‍රශ්නයක් නෑ. ඒත් පව් කන එවුන්ට. අනිත් කාරණාව අධ්‍යක්ෂ තුමාගෙ නියෝගයට අනුව නං ඇඩ් එකක් දානකොට “අවුරුදු 3ට අඩු ලමුන්ට නුසුදුසුයි” කියල දාන්නත් ඕන. දැනට එහෙම තියනවද කියලනං මතකයක් නැ. ගොවියන්ට-වෙලෙන්දන්ට කූඩ අනිවාර්ය කරන එවුන් මේවට අන්ධයෝ ගොළුවො.

    කැමතියි

  5. උඹ පොඩිකාලෙ ඇස්ට්‍රා කෑව නේද ???? ඇත්ත කියපං

    කැමතියි

  6. නවම් ඔබ කියනා කතාවට බාගෙට එකඟ වෙනවා.. නමුත් ඇස්ට්‍රා කුඩා ලමුන්ට නුසුදුඩු බව නිර්දේශ කළේ පිළිකා කාරක ඇති නිසා නොවේ. දරුවන්ගේ වැඩීම බාල කරන නිසා උසාඣ්වි නියෝගයක් පැනවූවා වැඩෙන වයසේ, එනම් අවුරුදු 3 ට අඩු ඇස්ට්‍රා නුසුදුසු බව ඇසුරුමේ දක්වන්න.. මේ මෑතකත් ඇස්ට්‍රා ගෙනාව වෙලාවේ මම බැලුවා ඇසුරුමේ කොහේවත් චූටියට කියවගන්න බැරි ගානටවත් එහෙම එකක් ගහලා තිබුනේ නෑ…

    මෙව්ව ඉතින් දෙයියොම බලාගෙන ඉන්න ඕන. කොහොම උනත් ඔය සාන්තා ඇන්ටි හදන කෑමට ඇස්ට්‍රා නැතුව ඇන්කර් හරි හයිලන්ඩ් හරි වෙන මොකක් හරි බටර් ජාතියක් දැම්මනම් ඇස්ට්‍රා දැම්මට වඩා රහයි..

    කැමතියි

  7. Observer says:

    යන්තන් වයස අවුරුදු තුනක් වෙච්ච මගෙ මුනුපුරු පටියත් මේ දවස් වල ලංකාවෙ, උංගේ අම්මත් ඌට ඇස්ට්‍රා කවනවද දන්නෙ නෑ

    කැමතියි

  8. abeetha says:

    මගේ එකාට මම ටොපියක් වත් දෙන්නේ නෑ.. ස්වාභාවික කෑම විතරයි….

    කැමතියි

  9. මං මේක දැක්කේ නෑ…

    නැත්තං හිතයි දැකලා කියන්න ඕනෙ එව්වා නොකියා හිටියා කියාලා…

    කැමතියි

  10. එතකොට කේක් එහෙමත් ලමයින්ට දෙන්න වෙන්නෙ නැහැනෙ ………
    අනේ කාලේ වනේ වාසේ ……….
    ලංකාවට යන කල ………

    කැමතියි

  11. දුමී says:

    බොලං නවම් මලයෝ…. ඔය ලොකු ලොක්කන්ගේ ළමයින්ට ඇස්ට්‍රා දෙන්නෙ නෑ බං… අපිට ඉස්සර අපේ අම්මලා ඇස්ට්‍රාවත් දුන්නෙත් හරිම අමාරුවෙන්…. එක පාරක් හැන්දට ගත්ත බටර් ටික පාන් පෙති හත අටක උලනවා.

    ලොකු ලොක්කො කන්නෙ ඇන්කර් බටර් වලටත් වඩා ගණන් වැඩි මෙඩෝ ලී, සන්ෆ්ලවර් ඔයිල් වලින් හදන පොෂ් බටර් වර්ගය….!

    අපේ පොඩි එවුන්ට කැන්සර් හැදුනොත් ඔය ලොකු ලොක්කන්ගේ ප්‍රයිවට් හොස්පිටල් වලට ගිහිල්ලා ජනතාවගේ සල්ලි වලින් දොස්තරලා වෙච්ච එවුන්ට ලක්ෂ ගණන් දොළ පිදේනි දීලා අන්තිමට මැරිලා යන්න පුළුවන්නේ….!

    කැමතියි

  12. දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි

    කැමතියි

  13. ශානka says:

    හොඳ පොස්ටුවක් මචන් ස්තුතියි දැනුවත් කීරීමට,
    මේක ලින්ක් එක අපේ ගෙදර උන්දැට යවන්න ඕනේ (හෝම් මිනිස්ට්‍රි එකට)
    මගේ පැටවූ දෙන්නට මොනවා කවනවද දන්නේ නැහැනේ බන්…

    කැමතියි

  14. malmi says:

    මේක නම් හරිම වටිනවා. ඔයාට ගොඩාක් පිං දැනුවත් කලාට. මමත් මායාදුන්නේ හදන ඔය අල ගෙඩි හද හදා කෙල්ලටයි කොල්ලටයි කැව්වා. නැවතත් ඔයාට ගොඩාක් පිං

    කැමතියි

  15. අන්තිමට නඩු දාලා කෙලවන්නේ ඕක විකුනන ගමේ කඩේ මුදලාලිට මිසක් ආයතනයට නෙවෙයි..ඔවා තමයි ලංකාවේ නීතියේ හිඩැස්

    කැමතියි

  16. සෝරෝ says:

    ඕව පොෂ් කෑම බං.. ලොකු ලොකු තැං වල තුංවේලටම තියෙන්නේ ඕවා…. 😀

    කැමතියි

  17. එළ එළ, ඔන්න මමත් මේක reshare කරනවා…

    කැමතියි

  18. ඔය පරීක්ෂාව කරලා තියෙන්නෙ ඇස්ට්‍රා වලට විතරද නැතිනම් තියෙන සියලුම මාගරීන් වර්ග වලටද?

    කැමතියි

  19. Weni says:

    රස ගුණ නොමරා උයන මහා ප්‍රචාරයක් නොලබන අපේ සාම්ප්‍රදායිකව ආච්චි අම්මලා උයපු ක්‍රම සහ විධි යල් පැන්නයි කියලා.. තුහ්ක් කියලා විසි කරලා..වෙන්ඩ පොශ් කට්ටියට උයන්න උගන්වන ක්‍රම වලින් වෙන හානිය එලිය එන්නෙ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි ! ඒ එනකොටත් කවුද ඔව්වයෙ හරිම හේතු හොයලා බලලා තේරුම් ගන්නෙ ? බලන්න අද තරුණ අයටත් තියෙන හෘදයාබාධ තත්වය ! ඒ අයගේ ළමා කාලෙ ගිල්ලවපු ඒවායෙ ප්‍රථිපල නෙවෙයිද ?

    කැමතියි

  20. Beetle says:

    උඹටත් චූටි මැණිකේටත් ලීනූටත් වාසනාවන්ත 2012 ක් වේවා….

    කැමතියි

  21. අසනි says:

    සුභ නව වසරක් වේවායි පතනවා…අයියණ්ඩිට…!

    කැමතියි

  22. malmi says:

    2012 ලැබූ නව වසර සුභම සුභ එකක් වන්නැයි පතනවා ඔබටත් මැණිකෙටත් පුංචි පැටියාටත්!!

    කැමතියි

  23. සුභ නව වසරක් නවම්, සියලු කටයුතු සාර්ථක වේවා, මුලු පවුලටම සුභ අනාගතයක්

    කැමතියි

  24. නවම් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, සියලු බලාපොරොත්තු ඉටු වන වසරක් වේවා!

    කැමතියි

  25. දුකා says:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිව්වලු නවම් මලේ . . .

    කැමතියි

  26. නවම් චුටිමැනිකේ සහ චුට්ටන් නවම්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පටන් ගන්නම්..
    සීතාම්බර පට ඇඳන් ඉන්නා අපේ ජාතියට “රජ්ජුරුවෝ හෙලුවැල්ලෙන්” කියල කෑගහන්න කවුරුත් නැහැනේ ඉස්සර කාලේ වගේ.. ඔක්කොම මහාචාරියවරු හෙලුව වනනවා..

    කැමතියි

  27. ඇස්ට්‍රා විතරක් නෙමේ අපේ රටේ ගොඩක් කැම ඇගට අහිතක්කරයි. තුන්වෙලාටම බත් ගිලින එක ඇගට හොදයි කියලා හිතන අපේ අයට බොරු කියලා රවට්ටවන්න ලේසියි.කෙනෙකුට සමබර පෝෂණ ආහර වෙලක් ගන්න සැගෙන්න ගේමක් දෙන්න වෙනවා.

    කොලම් රටේ ගෙන්දගම් පොලවේ රස්සාව කරන නවම් දන්නවා ඇති , හොද කැම වේලක් කන්න පුලුවන් අමාරුව.

    කැමතියි

  28. සුබ අලුත් අවුරුද්දක් නවම් ඔබටත් නෝන හාමිනේටත් පවුලේ සැමටත්

    කැමතියි

  29. ratak vatina eka says:

    මම විභාගෙ ෆේල් උනෙ ඈයි කියලා දෑන්නෙ තේරෙන්නෙ

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: