මෙහෙම ලිව්වම කුණුහරුප උනත් අවුලක් නෑ නේ ?

රත් පියුමක් ය පෙති විදහා පිපුණු සැණින්
විල් තලයක් ය සා පවසට පිහිට වෙමින්
ලිය ගොමුවක් ය සරතැස සනහනා නොමින්
රොන් කෙමියක් ය බඹරුන් කැඳවනා සොඳින්

එක දින පායලා ආ වැනි දෙපෝ ස‍ඳෙන්
පුන් කුඹු නැඟි ගගනත ලා බැළුම් ලමින්
රතදර පිපී කැළුම් ගිණියම් වූ සුසුමෙන්
නෙත් අලලවයි අහකට ගනු නොහැකි ලෙසින්

මී මල් රෑන සේමා ලෙළදෙන නෙරියෙන්
රන් දළ වණින් බැබලෙන ඉඟ තීරෙන්
තාලෙට අඩියෙ නැළවෙන පුන් පිරි වටොරින්
නොනැ‍ඟෙන කෙසරු කිම මෙ දියත පලවීමන්

කෝමල රඹ කඳන් දුහුලෙන් මෑත් කලෙන්
කරළියෙ පෙ‍රැළි කරවන මුදු අවුල් හැරෙන්
සළෙළුන් අවදි කල ගිජි‍ඳෙකු අකුණු සැරෙන්
හුයකින් තබනු හැකිවෙද බැඳ තබා තදින්

පලි : මේවත් කුණුහරුපද නේ.. හික් !

පින්තූරෙ ගත්තේ : ගත්තුතැන කොපි කරන්න කලින් ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් උනා

Advertisements

75 Responses to මෙහෙම ලිව්වම කුණුහරුප උනත් අවුලක් නෑ නේ ?

  1. අපොයි නැහැ.. හුදී ජනතාවට තේරෙන්නේ නැති හින්දා.. නවම් ශ්රුන්ගාරාත්මක කවි ලියන්නේ මොකද චුටි මැණිකේ ගමේ ගිහින්ද ? යට ලීයෙන් නාරිලතා මල් පීදෙනවාද ?

    කැමතියි

  2. නවම් අයියෙ උඹ අදහන්න වටින පොරක්නෙ…

    කැමතියි

  3. වසන් කර තියෙන නුඹගේ පලිඟු වනේ
    ටිකක් ගා ගන්න දෙනවද තෝරපනේ?

    කැමතියි

  4. පූසා says:

    මොකක් ගැනද බං අයියේ මේ ලියලා තියෙන්නේ? 😀

    කැමතියි

  5. ravi says:

    පුනු නිතඹ දඟ යුගල සැළෙනා,
    රත ලවන යුග රුහිරු පිරෙනා,
    ලමැඳ තුඟු වී තොලග රැඳෙනා,
    කරළියයි මේ මලවි රඟනා,

    ඒ බාං, නවං මලේ….අම්මප ඇත්ත…. බොලා නම් අදහන්ට වටිනව නෙව…..එල ද බ්‍රා……….හෙහ්, හෙහ්,…අර සුරුංගාරෙ කියන එක බේරෙනව දෙකංසෙං…..හැබෑටම මොකද බොල මේ වගෙ අසමජ්ජාති කම්පනාවල් පහළ වෙන්ට හේතුව?……….

    කැමතියි

  6. abeetha says:

    ගජමන් නෝනගෙයි අන්දරේගෙයි කවි වලට පස්සේ මේ වගේ කවි පෙලක් දැක්කමයි.. ගජමන් නෝනගේ එකක් නම් කසූත් දාලා තියෙන්නේ…. ඒකෙ කවි දෙබස මෙහෙමයි…

    ඇලපාත :
    පාලා සරඹ ජයකොඩි බඳිති හැම දිනේ
    සීලාචාර යේ කම් පාත අව ගුණේ
    බාලා අඟනුන්ගේ තව් කපන තොරපනේ
    ගාලා කොතැන මුවහත් කරමිද නෝනේ

    ගජමන් :
    සන් ණැන ගුණැති මිතු සඳුනි සසොබනේ
    පසන් පිරිමින් ගෙ ඔද බිඳින ජලබනේ
    වසන් කැර තිබෙන මගෙ පලිඟු ගල්වනේ
    නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ

    කැමතියි

  7. Observer says:

    මේකෙත් නෑ එක කුණුහරප වචනයක් වත්
    [ ඒත් සුදුසු නෑ කියල හිතෙනව නං ඩිලීට් කොලාට කිසිම අමනාපයක් නැත]

    ඇගෙ සුදු සුමුදු කලවා
    දැක මගේ වකුටු පිලවා
    තොප්පියද ගලවා
    මයිල් අස්සෙන් එබී බැලුවා

    කැමතියි

  8. කුණුහරුප වලට වඩා මේවා අහද්දී මාර හැඟීමක් එනවා.. ලස්සන කවි ටික… ඔය වගේම අනුරතිය කියල නූතන කවිපෙළක් තියෙනවා.. ඒකත් ලස්සනයි..

    කැමතියි

  9. Anonymous says:

    මේක ලිව්වෙ කවුද කාටවත් මතකද?

    ඉරා දමන ලද රන් තිසර පටද ඇතුළුව ඇගේ ඇඟැලුම් කාමරය පුරා විසිර තිබුණේය. ඔහුගේ කළු ටී-ෂර්ටයද, ඩෙනිමද පිළිවෙළකට නවා තබා තිබුණේ මිටි කනප්පුව අසළය. දිගම්බරවය, පෙම් කුරුල්ලන් සුව පහසු ද්විත්ව සයනය මත වැතිර සිටියේ. යාන්තම් මිනිත්තු කිහිපයකට කලියෙන් චක්ගුඩු පිනූ පුංචි දඟකාරයා විඩාපත්ව, අලසව, සියඹලා කරලක් සේ වකුටු වී නිදා සිටියේය.

    මොහොතකට පෙර, ස්වර්ණ හංස ගිරි ශිඛර දෙකකට මැදිකොට තෙරපන ලද මහ තල් කඳෙකින්, සුරා’සුරයන් එක්ව මන්දාර පර්වතය මන්ථ දණ්ඩ සේ ගෙන ක්ෂිර සාගරය කැළැඹීමේදී අමාව නිකුත් වූවාසේම උද්භේද වූ, උල්පතෙක ක්ෂීරය ඇගේ ළැම තැන්න මත පතිතව කුටියේ වීදුරුව පළා ආ හිරු කිරණ වැද තන අග පිණි සේ දිදුලේය. ඉන් ඕ සිහිලක් සේම, වචනයට නැඟිය නොහැකි නිරාමිස වින්දනයක්ද ලැබුවාය.

    ඕ පා නියපොත්තෙහි සිට හිස් මුදුන දක්වා පැතිර ගිය මහා සැහැල්ලුවකින් ප්‍රබෝධමත් වූවා, සැණෙක දිවි සැඟව ගොස් චාතුර්මහාරාජිකයෙහි පුනරුප්පත්තිය ලැබුවාද සංශයෙන්, මේ වසන්ත නිශා ස්වප්නයෙකැයි මෝදු වූ සිතිවිල්ල නිෂේධ කරනු වස් දබරැඟිල්ලෙන් හා මහපටැඟිල්ලෙන් කලව කොනිත්තා ගත්තීය. වළාකුළු අතර පාවී යන තරමට තම ශරීරය නොබර වූවාක් සේ ඇයට හැඟුණේය. ඕ තමා අසළින් ඇදීයන වළාකුළු ස්පර්ශ කරන්ට, දකිමින් සිටි සිහිනය බිඳේදෝයි බියෙන් නෙත් විවර නොකැරම, අත දිගු කළාය. ඔහු ඇය ඇඟිලි තම දිගු ඇඟිලි අතර රුවා ගත්තේ, ඇය හා අඤ්ජලී බන්ධන ගත වූයේය.

    ඇයට නිදන්ට ඕනෑ විය. එහෙත් ප්‍රේම කුමාරයා තමන්ට දැන්ම ඉසඹුවක් ලබා දෙන්ට සූදානම් නැති බැව් ඇය නොදැන සිටියා නොවේ. ඔහු උර මඬල දළ රෝම තම පිට ගැටෙද්දී බඹරා යළි රොන් උරන්ට ආසන්න බැව් ඕ තේරුම් ගත්තාය.

    “හ්ම්ම්ම්…ඔය මොකද කරන්නෙ?…ඔතැන නෙවෙයි…” ඇය කීවේ සෙමෙනි.

    “මං දන්නව…”

    “දඟයා…”

    අනුරාගික සිනාවක් පා ඇය ඔහුට ඉඩ දුන්නාය. ඇය නැවත නැවත මුසපත් කළේ ඔහුගේ මේ දඟකාර නිර්මාණශීලීත්වයම නොවේද?

    ඔහු ඇය මුදාහළේ තවත් පැයෙකට පමණ පසුවයි. කාමසූත්‍රය ලියූ වාත්ස්‍යායනයන්ගේ උවදෙස වූයේ මෙවුන්දමින් පසුව යුවළක තනි තනිව සිරුරු දොවා ගත යුතු බවයි. ඔහු මේ සහස්වස් දෙකක් වයසැති, යල් පැන ගිය උවදෙස් පිළිගන්ට තරම් මෝඩයකු නොවීය. නාන කාමරයේ දිග දිය ඔරුවද අත් ෂවරයද, සබන් පෙණද, ගැන වාත්ස්‍යායනයන් නොදැන සිටියාට සැක නැත.

    කැමතියි

  10. ශානka says:

    පට්ටය කියන්නේ ආයේ මහා අසමජ්ජාති විදිහට පට්ටය ….

    කැමතියි

  11. අසංක says:

    කෑතයි ආ…කස්ටියට හරියට තේරෙන් නෑති නිසා අව්ලක් නෑ.

    කැමතියි

  12. weniwelWeni says:

    වාරණය කරන ලද ශෘංගාරාත්මක දෑ කුමටද ? මෙයින් මැවෙන චිත්ත රූපය… ගත සිත පුබුදුවාලයි !

    කැමතියි

  13. මොකද මේ කිචි කැවිල!

    එළ කවි ටික කොල්ලො.

    කැමතියි

  14. දුකා says:

    අඩේ මැක්සා මචන් . . . පට්ටම පට්ට . .

    කැමතියි

  15. Lahiru says:

    දැන් ඉතින් කොහොමද කුණුහරුප තහනම් කරන්නේ….මේ නිර්මාණාත්මක කුණුහරුප නොවැ!

    කැමතියි

  16. සෘහාර (හරිද දන්නැ වචනය ) සාහිත්‍ය . මේ වගේ කවිවලට කියන්නේ ඔය වගේ නමක්

    කැමතියි

  17. මාස කීපයක් සිංහල සාහිත්‍ය කරපු පවට මට මේ ටික තේරුනේ නෑ…

    අපේ ගෙදර අය බයින්නෙත් රනිදුගේ අවලම් සිංදු අහද්දි විතරයි… අමරදේව, අමරසිරි පීරිස් කුනුහබ්බ කියද්දී මීක් නෑ…. ෂා හොඳ පුතා කියලා ඔලුවත් අතගාලා යන්නේ…

    කැමතියි

  18. සෝයි කවි ටික නවම් . බහුතර වදන් මොලේට දැනුනේ නම් නෑ .ජොලිම තමා ..

    කැමතියි

  19. මරු කවි ටික. මෙහෙම කිව්වම කුණුහරුප උනත් සම්භාව්‍ය සාහිත්‍ය ගණයට වැටෙනවා.
    හා නැද්ද මං අහන්නේ ? 🙂

    පින‍්තූරේ ගත්තට පස්සෙද ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් උනේ ? හික්ස් 🙂

    කැමතියි

  20. ඇත්තටම අර මුහුදු මංකොල්ලකාරයා කිව්වා වගෙ මටත් හොයා ගන්න බැරිවුනා කුණුහරපෙ.

    කැමතියි

  21. Alchemiya says:

    මරණ තුනක් ඇති මිනිසාගෙ සින්දුවයි
    ඩබ්ලිව් ප්‍රෙමරත්නගෙ අමකර කුරවිසරින් සින්දුවයි දෙකම මතක් වුනා….
    මෙලෝ මිනිහෙකුට තේරෙන්නෙ නැති වුනාම කුණුහරුපත් සම්භාව්‍යයි නේ….
    අගේ ඇති කවි පෙළ…
    සම්මානයක් දෙන්න වටිනවා

    කැමතියි

  22. Buddhika Kurera says:

    එල 🙂
    ඔන්න නවමෝ මං මූනූ පොතේත් ශෙයා කලා කොපි රයිට් දාලා, එල එල

    කැමතියි

  23. calhara says:

    අඩේ මෙන්න මූ කුණු හම්බ කවි ලියනවා දැන් ……….
    කොහොම උනත් කවි ටික නං එල ………
    චූටි මැණිකේ ගෙදර නැතුව ඇති නේ ……..

    කැමතියි

  24. uwiniran says:

    කුනුහරුප වලට මානුෂීය මුහුනුවරක් දීලා තියෙනව නියමෙට,

    ඕවා කවිද බං.
    බලපංකො අර කමෙන්ට් කරල තියෙන ‘වකුටු පිලවගෙ’ කවිය

    කැමතියි

  25. malmi says:

    හොද වෙලාවට මම උපුල් සර්ගේ සිංහල පංති ගියේ

    කැමතියි

  26. praveena says:

    මොනවද අනේ මේ ලියා තියෙන්නේ??? 😀

    කැමතියි

  27. කාන්තා ශරීරය ඉස් මුදුනේ සිට විලුඹ දක්වා එකම කලාගාරයක්. ගැහැණු රුව වර්ණනා කෙරෙන රචනා තොටගමුවේ රාහුල හිමි පවා කර තිබෙනවා. හිතන්න බලන්න පිරිමියෙක් ෆ්‍රීවේ එකේ හෙලුවෙන් දුවනවා. එම අශෝබන දසුන දකින දහ පහලොස් දෙනෙක්වත් පොලිසිය කෝල් කරාවි. තරුණ කෙල්ලක් හෙලුවෙන් දුවනවා දැක්කොත් කී දෙනෙක් පොලිසියට කෝල් කරයි කියා නවම් හිතනවාද ? එක් කෙනෙක් වත් නෑ. ඒ වෙනුවට තිහ හතළිහක්වත් කාර් එකට හප්පා ගනු ඇත. ඔබ චූටි මැණිකේට මීට වඩා සලකන්න ඕන.

    කැමතියි

  28. දැං මේකෙ කොතනද කුනුහරුප කෑලි තියෙන්නෙ ????

    කැමතියි

  29. අලුත් අවුරුද්දේ හා හා පුරා කියාලා මේකට මන් දාපු කමෙන්ට් එකට මක් උනාදෝ ?
    මෙන්නෝ නවම් කුණුහබ්බ රවුම්කරලා ලියනෝ !!

    කැමතියි

  30. සෑහෙන ගේමක් දුන්නත් ඔලුවට ගියෙ නෑනේ

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: