පාළු වංගුව

ඈ තම සියුම් කියුඹුවැල් ලා රත් පැහැති දබ‍රැඟිල්ලෙන් වම් කණ පි‍ටුපස රඳවමින් මඳ ඉසිඹුවක් ලද මුවින් හුස්මක් ගන්නට මුහුණ ඉහලට හැරවූවාය. දහදිය මල්වලට ඇළුණු කෙහෙ රොදක් ඈගේ නළළ මත්තේ විය. ටයිල් පොළොව මත වූ කොස්සෙන් කට්ටි පැන්න වලි කැට කිහිපයක් ඇගේ දනිස් සිදුරු කර ඇත.

ඔහු තවමත් අයාගත් මුවින් සිවිළිම දෙස බලාගත්වන් මය.

ඇතිද?

නොමනාපය මුසු පුදුමය කැටිවූ බැල්මක් පමණක් හෙළූ ඔහු සිය සුරතෙන් නැවතහ් ඈ හිස තම යටිකය වෙත තදකලේ ය.

අප්‍රසන්න ක්‍රියාවක් අපහසුවකින් තොරව නිරතවීමට නම් තම සිත දුර ඈතක පා කර යැවිය යුතු බව ඈ පසුගිය වසර කිහිපයෙහි මනා ලෙස උගත්තාය.

ඒ දෙදහස් හය වසරය. ඈ පරිගණක පන්තිය අහවර වී මඟට පිළිපන්නා විතරය.

කුමුදු…. අර… අන්න අරය අද මෙතනටම ඇවිල්ල ඉන්නව අනේ……

කෝ…..

අර ඉන්නෙ අනේ බෝ ගහ ලඟ. එහෙනං අපි ගියා..

අනේ ඉඳපං බං…..

උඹට විකාරද ? තනියෙන් කතාකරන්න බය එකා දෙන්නෙක් ඉන්න තැනක කතා කරයිද.. මං යනව උඹ කතාකරපං, නැත්නං අදත් බලං ඉඳල යන්න යයි.

කුමුදු ලොත‍රැයි කූඩු අතරින් තම දෑස් යැව්වාය.

සුදෝ සුදු ලිනන් කමීසයකින් හා තද නිල් පැහැති ඩෙනිම් කලිසමකින්ද ඊටම කැපෙන අළු-කොළ පැහැති ඩෙසර්ට් බූට්ස් යුවලනින්ද සැරසුණු දේවින්ද පාරේ යන කෙළි රොත්ත අතරින් තම තියුණු දෑස් යවමින් සිටියේය.

ෂ් ෂ්… මේ.. ඔය ළමය කාවද මේ හොයන්නෙ.

හ්ම්ම්.. අද මාව හම්බුවෙන්න කෙනෙක් එනව කිව්ව ඒකයි මේ බැලුවෙ….

ආ…… එහෙමද.. එහෙනං ඔයා ඉඳල එයාව මුණගැහිලම එන්නකො. අපි යන්නම් පරක්කුත් වෙලා තියෙන්නෙ.

එහෙම කියාපු කුමුදු අඩි දෙක තුනක් ඉස්සරහට ගිහිල්ල නැවතුනා.

මොකද නැවතුනේ….. ?

නෑ අනේ ඉස්සරහ වංගුව ගාව පාළුයි. එතන පහුවෙනකන් වත් යන්න කෙනෙක් එනවද කියල බැළුවෙ.

කෝ කවුරුවත් නෑනෙ පේන්න ඔයයි මමයි ඇරෙන්න.

ඒක තමයි.

අකමැත්තක් නැත්නං මම එන්නද වංගුව පහුවෙනකල් ඔයා එක්ක ?

එතකොට අර ඔයා හම්බුවෙන්න ආපු කෙනා… එයා පව් නෙ..

එයා පව් හන්ද තමයි එන්න අහන්නෙ…

ඒ කියන්නෙ ඔයා මුණගැහෙන්න ආවෙ මාවද?

හ්ම්..

එහෙනං එන්න.

යමු..

ඇයි ඔයා එකම පන්තියෙ ඉඳලත් මාත් එක්ක මෙච්චර කල් කතා නොකලෙ ?

මං බයයි ගෑණු ළමයින්ට.

ඇයි ඒ…. ?

බෑ කියයි කියල….

මොනාටද ?

යාළුවෙන්න…

ඉතිං කතාකරන හැම ගෑණු ළමයක් එක්කම යාළුවෙන්න ඕනෙද?

ඔව්…. එහෙම නැත්නං මොකටද ගෑණු ළමයි එක්ක කතාකරන්නෙ ?

හ්ම්…. මංද….

පාළු වංගුව නං දැන් පහු උනා..

ඒක තමයි…. දැං ඔයා මෙතන ඉඳං තනියම යනවද ?

හ්ම්ම්.. ඔව්. එතකොට ඔයා …. ?

මාත් ඔය පැත්තට තමයි යන්නෙ, හැබැයි එපා කිව්වොත් ඔයාට පහුවෙලා එන්නම්.

මං එපා කියන්නෙ නෑ.

කඨෝර රසැති උණුසුමක් මුව පුරා පැතිරී යත්ම ඇ ඉවතට තල්ලුවී ඇඳ මතට වැ‍ටුනා ය.

අප්‍රසන්න ක්‍රියාවකත් ප්‍රසන්න මතකයක අතීතාවර්ජනයකත් අවසන එකම මොහොත සිදුවීමෙන් සිතට ගෙන ආ හැඟීම ඇයට කිසිසේත්ම ගලපාගත නොහැක්කක් විය.

බෙඩ් සයිඩ් කබඩ් එක මත වූ ටිෂූ රෝලෙන් කොටසක් කඩා මුව පිසදැමූ ඈ දෑත් මෙට්ටයට ඔබා පසුපසට තල්ලුවී ගොස් බිත්තියට හේත්තු වූ වී සුසුමක් හෙලා ඉදිරියෙන් පෙනනා කණ්නාඩියට සිනා සුනාය.

ඈගේ සිනහව සුන්දර නැත.. එය වේදනා බර අප්‍රසන්න පෙනුමක්ගෙන ඇත.

නැවතත් දිගු සුසුමක් හෙලූ ඈ තෙත් නෙත්වලින් තම පිළිබිඹුව බොඳකරමින් කල්පනා කලාය… ඒ අන් කිසිවක් නොව විවාහයට පෙර දේවින්ද හා ගතකල අතිශය සුන්දර කාලයේ දී ඔහුව නොදක්කේ කෙසේද යන්නය.

වැඩි වෙලාවක් ඈට ඒ ගැන කල්පනා කරන්න ඉඩ නොතබාම නැවත වරක් රළු ග්‍රහණයකින් ඈගේ සිතිවිළි දැහැන බිඳී බිඳී ගියේ නැහැය දෙපසින් සීතලක් පහලට ගලා යද්දීය.

ඉඳින් මේ කුමුදු වෙනුවෙන් ඔබට සිතන්නට අවස්ථාවයි, ඔබ තුල සිටිනා, කිසිවෙකු නොදැකි දේවින්ද ඔබේ කුමුදුට පෙන්වීමට මෙය සුදුසුම කාලයයි. අත්පත් කරගැනීමකට වඩා සහයෝගී ජීවතයක් වඩා අගනේය යන්න සිතට ඒත්තුගැන්වීමට සුදුසුම කාලයයි. එසේම හදවතින් පමණක්ම දේවින්දව දැකීම නවතා බුද්ධියටද ඇරයුම් කිරීමට කාලයයි.

ප:ලි : අන්න තවත් අපූරු නොදන්න මඟුලක් ලියල තියනව. කන්ස්පිරසි ගැන උනන්දු ඇත්තො ගිහිං බැළුවනං…

පින්තූරය ගත්තේ : http://events.nationalgeographic.com/events

Advertisements

62 Responses to පාළු වංගුව

  1. abeetha says:

    මචන් අන්තිම කොටස කතාවේ කෑල්ලක්ද? උඹේ ඔවදනක්ද?

    ගෑණියෙක් තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න අයට දෙපාරක් සිතීම සඳහා හොඳ ලිපියක්….

    කැමතියි

  2. අනේ මන්ද නවම් අයියා, නෝටි ඇමරිකා වල නම් කඨොර ග්‍රහණය පතා ගෙන යන්නෙ එයාලමයි.. 🙂 සමහරවිට අපිට පේන චලන රූප යටින් ඇත්තෙ මේ සිද්ධියම වෙන්න ඇති නේද

    අපි ඉතින් තවම ඔව්වා හැබැවට දන්නෙ නැතුවා..අපි දන්නෙ තාම මුල කැල්ල ප්‍රේමය කියන අවධිය නෙ..හැබැයි එකෙදිත් අභීත අයිය කියපු එක සහතික ඇත්ත.. “ගෑණියෙක් තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න අයට දෙපාරක් සිතීම සඳහා හොඳ ලිපියක්….”

    කැමතියි

    • නවම් says:

      නෝටි ඇමරිකා වල තියෙන්නෙ බං අපි බලාපොරොතුවෙන දේ මිසක් හැබෑව නෙමෙයිනෙ. දැන්ම ඔය අදහස වෙනං කරගං. නැත්නං බොට හනිමූනෙන් පස්සෙ යන්න වෙන්නෙ හෙදර නෙමෙයි බං උසාවි,

      ප.ලි : හැබෑට එහෙම උනොත් ඒක හරි අපූරු නඩුවක් වෙයි නෙව බොල….. බලහංකො මැවෙන චිත්තරූප ඩිංගම මදෑ… හෙහ් හෙහ්….. 😀

      කැමතියි

  3. “අත්පත් කරගැනීමකට වඩා සහයෝගී ජීවතයක් වඩා අගනේය”. මේ කතාවට නම් සීයට දෙසීයක් එකඟයි. ඇත්තටම ඇයි බඳින්න කලිනුයි බැන්දට පස්සෙයි පිරිමි දෙවිදිහක් වෙන්නෙ.

    කැමතියි

    • නවම් says:

      අනිත් කොමෙන්ට්ස් වලට කලිං මේකට උත්තරයක් දෙන්නකො.

      බඳින්න කලිං ඉන්න ගෑණියි මිනිහයි තමයි බැන්දට පස්සෙත් ඉන්නෙ. ආයෙ බැන්ද කියල කවුරුවත් වෙනස් වෙන්නෙ නෑ. එකම වෙනස වෙන්නෙ එකිනෙකා දිහා බලන විදිය වෙනස් වීම විතරයි. බැන්දට පස්සෙ ස්වභාවය හංගන්න උත්සාහ දරන්නෙ නෑ. අනිකගෙන් හැංගෙන්න උත්සාහ දරන්නෙ නෑ. එතකොට විවාහයට කලින් නොදකපු ඒ කාලෙත් ඒ පුද්ගලය තුල තිබිච්ච ගතිගුණ, හැසිරීම් පැහැදිලිවම දකිනව. හැබැයි විවෘත මනසකින් නොබැළුවොත් හිතෙන්නෙ අනෙකා වෙනස් උනේ විවාහයෙන් පස්සෙ තමයි කියල.

      පිණිබිඳු මෙතනදි ප්‍රශ්ණ කරන්නෙ ” ඇයි පිරිමි වෙනස් වෙන්නෙ ?” කියල, එතනදි පිණි ඉන්නෙ ගැහැණිය වෙනස් වෙලා නැහැ, පිරිමියාම විතරයි වෙනස් වෙලා ඉන්නෙ කියන පදනමේ නම් මට කියන්න තියෙන්නෙ ඔයා ඔයාව දැකල නෑ කියල. ඒක ස්වාභාවිකයි, මොකද ඇස්වලින් පේන්නෙ තමා ඉදිරියෙ තියන දේ මිසක් ඇස් දෙකට පිටිපස්සෙන් තියන තමා නෙමෙයි. ඒක නිසා ජීවිතේ දිහා / අනිකා දිහා ඇස්වලින්ම පමණක් නොබලා ඇස් දෙකෙන් නොදකින ඒත් හිත දකින දේ ගැන ගැඹුරෙන් හිතන්න වෙනව. එතක්කොට තේරෙයි ඔය “දැන් අනිකා වෙනස්” කියන සාම්ප්‍රදායක කියනමනේ ගතයුත්තක් නෑ කියල.

      කැමතියි

    • ravi says:

      @ පිණිබිඳු,

      පිරිමි ගැහැණුය කියා වෙනසක්,
      නැතේ පිණිබිඳු අසන් මෙපවත්,

      මිනිස් සිත මෙ ලොවේ ඇති,
      මහ පුදුමයයි දැන ගනු නඟේ,

      සියළු සංස්කාර ධර්මයෝ වෙනස් වීමම ස්වභාවය කොට ඇත්තාහ.

      කැමතියි

  4. “නැවතත් දිගු සුසුමක් හෙලූ ඈ තෙත් නෙත්වලින් තම පිළිබිඹුව බොඳකරමින් කල්පනා කලාය… ඒ අන් කිසිවක් නොව විවාහයට පෙර දේවින්ද හා ගතකල අතිශය සුන්දර කාලයේ දී ඔහුව නොදක්කේ කෙසේද යන්නය.”
    ඔන්න ප්‍රශ්නය.. අපි දකින්නේ ඒ ඒ වෙලාවට අපි දකින්න කැමති දේ මිස සත්‍යය නෙවෙයි ඔය කාලේදී..

    කැමතියි

  5. Ruka says:

    නියම කතාවක් නවම්.ඊටත් වඩා ඒක ලියල තියන විදිහත් මරු..

    කැමතියි

  6. praveena says:

    අනේ මන්දා. පිරිමි නම් වෙනස් වෙන විදියක් තමා මටත් පේන්නේ…බලන විදිය නෙමේ. පේන විදිය…. 😦

    කැමතියි

  7. නවම් says:

    අම්මප මේ ගෑණු …. බලං ගියාම සේරම එකයි නෙව හෙහ් හෙහ්…… දැං එතකොට පිරිමි විතරයි වෙනස් වෙන්නෙ. ගෑණු එහම නෑ… ?
    ඕව මේ එහෙම ආවට ගියාට තේරුං කොරන්න ඇහැක් කාරණා නෙමෙයි. 😀

    කැමතියි

  8. ravi says:

    සදෙව්ලෝ සැප පතා සපැමිණි,
    අපායක ගිනි අතර සිරවිණි,
    අනන්ත වු දුක් ගැහැට විඳිනා,
    සහසකුත් එක් දයාබර වූ,
    නැඟනිවරුනට සෙනෙහසින්….

    සෙනෙහසේ සුවපහස අත් විඳීමට, ලැබීමට හේතු වාසනා වේවා!!!

    කැමතියි

  9. ravi says:

    @ නවම්,

    පොඩි ගැටළුවක් ආවා මලේ…..හෙහ්, හෙහ්,

    / ටයිල් පොළොව මත වූ කොස්සෙන් කට්ටි පැන්න වලි කැට කිහිපයක් ඇගේ දනිස් සිදුරු කර ඇත./

    / කඨෝර රසැති උණුසුමක් මුව පුරා පැතිරී යත්ම ඇ ඉවතට තල්ලුවී ඇඳ මතට වැ‍ටුනා ය./

    දැන් මේ කොයි වෙලාවෙද මලේ බිම ඉඳල ඇඳට ගියේ?……

    කැමතියි

  10. ශානka says:

    හොඳ ආදර්ශයක් …. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ….. බැන්දට පස්සේ දෙපාර්ශ්වයම පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනස් වෙනවා ගොඩක් දුරට ඒත් ඒ වෙනස්වීම හොඳ පැත්තට නොවුනොත් ඉතින් විනාසයි එතකොට තමා ඔයවගේ කුමුදු දේවින්ද ශෝකාන්ත ඇති වෙන්නේ.
    අද සමාජයට ගොඩක් හොඳ ආදර්ශයක් නවම්.

    කැමතියි

  11. X-Porter says:

    පෙම් ලොව දී දු‍ටු ඔහුමදමේ…..
    ඔහුටද මා…. අන්ඳ උනේ…….
    යොව්වනයේ දු‍ටු ඔහුමද මේ…..
    ඔහුටද මා අන්ඳ උනේ……..

    මිදියුශ යැයි ‍රැවටී හලාහල විශ්බිව්වේ ඇයිමා……
    ……………………………………………………….
    ………………………………………………………….

    කැමතියි

  12. Observer says:

    X-Porter දාල තියෙන වීඩියෝ ක්ලිප් එක පෝස්ට් එකට හොඳට ගැලපෙනව කියල හිතුන.

    කැමතියි

  13. සොසි says:

    හ්ම්… ආදරය කරන කාලේ ,එකිනෙකා එකිනෙකා මතුපිටට පෙන්වන්නේ මවා පෑම. මොකද හදිසියේ වත් සැබෑ ස්වරූපය හෝ නොමනා දෙයක් මතු උනොත් ඇය/ඔහු තමාව හැරයයි කියලා සිතන නිසා. අනිත් කෙනාගේ ඇති තමා අකැමැති දේවල් උනත් දරාන ඉන්නවා ඒ කාලෙදි.
    නමුත් කසාඳ බැන්දට පස්සෙ, හැර යන්න නම් ඉතින් අපේ වගේ රටක ලේසි නැති බව දන්න නිසා. මනුස්සයා තුල මෙතෙක් සඟවා ගෙන සිටි සැබෑ චරිතය එළියට එනවා.
    නමුත් යෝජිත විවාහ වලදි මෙය මදක් වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. මොකද යෝජිත විවාහයකදි එකිනෙකා හදුනා ගැනීම විවාහයට පසුව බොහොම සීරුවට වෙන දෙයක් (අනේ මන්දා නවම්. මේ මට හිතෙන හැටි..)

    කැමතියි

  14. පූසා says:

    ඕකට තියෙන සරලම උදාහරණේ තමයි කෙල්ලට කියනවා “මම බොන්නේ නෑ” කියලා. හැබැයි කට්ටියත් එක්ක හොඳට බොනවා. මගේම යාළුවෝ ඉන්නවා ඒ වගේ.
    ගෑණු පිරිමි වෙනසක් නෑ. කවුරුත් බඳින්න කලින් තම තමන්ගේ නරක පුරුදු තියෙනවා නම් අනිත් කෙනාට හංගනවා. ඒත් මොකටද එහෙම බොරු කරන්නේ?

    කැමතියි

  15. නියම කතාවක් නවම් . කියවලා ඉවර වෙලා මමත් මොහොතක් හිතමින් උන්නා ..

    කැමතියි

  16. Alchemiya says:

    ආ…. මේ ලාම්පුවක් කන කතාවක් නේ….
    මම මේ බැලුවා මොකද්ද මේ හරුපෙ කියලා….

    මම නං බැන්දට පස්සෙ හොඳ වුනා… ඒ නිසා ඉතිං ප්‍රශ්න නෑ….

    කැමතියි

  17. මටත් ආපු ප්‍රශ්නෙ බිම ඉඳන් ඇඳට ගියෙ කොහොමද කියල. අම්මප අපිටත් එන ප්‍රස්න!

    කැමතියි

  18. Weni says:

    අද දැක්කා හෙට බැන්දා සීන් ලංකාවෙ නැති නිසා… ආශ්‍රය කරන කාලේ අන්ධ වෙලා ඉන්නෙ නැතුව ගොනා හැරෙන්නෙ පොල් පැලේටද කියලා තේරුම් ගන්න තරම් අවදිමත් භාවයක් නැති කෙල්ලොන්ට මෙහෙම තමයි වෙන්නෙ ! වැරැද්ද කොල්ලගෙ තමයි මෙහෙම සීන් වලදි, ඒත් ඇයි දුර දිග නොදැක්කෙ ඒ කාලෙ ?

    කැමතියි

  19. මහ බර කතාවක් ගිහිල්ලනේ මේ පැත්තෙ…….

    මුහුදු,

    ඒක වෙලා තියෙන්නෙ එයා හිතන කෑලි පෙන්නන කොට වෙන්ඩැ…….

    කැමතියි

  20. Mr.Sithi says:

    ම්ම්ම්ම්… කෙල්ලෝ කියන්නේ 1ක්.. කරන්නේ තව 1ක්…

    කැමතියි

  21. අහන්න ගිය එක රවි කියන ගොයිය අහලනෙ..

    මේක කියවන්න ගත්තත් හරි නවම් අයිය ලියන්නෙම හරබර සබ්ජෙක්ට්නෙ… 😉

    කැමතියි

  22. අනේ මංදා මොනවා උනත් අන්තිමට ගෑණු අපිම තමයි වැරදි….

    නවම්ට පවුලේ හැමෝටමයි මගෙනුයි පාසල්ගෙනුයි අලුත් අවුරුද්දට සුභ පැතුම්. සුභ පතන්න නම් ටිකක් පරක්කු උනා. 😦

    කැමතියි

  23. Beetle says:

    මේ වගේ පොඩි සීන් නම් වෝම් අප් රවුන්ඩ් වලම ටෙස්ට් කරන්න ඕනේ කියලයි මම හිතන්නේ… ඒ බැරිනම් අඩුමගානේ කතාකරලා හරි තියෙන්න ඕනේ… ආදරේ කරද්දී කරන මවාපෑම් බැන්දට පස්සේ හේදිලා යනබව වටහා නොගැනීම තමයි මීටත් වැඩිය බයානක…

    මරු පෝස්ට් එක නවම්…

    කැමතියි

  24. අදයි මේ පැත්තේ ආවෙ.. ෆට්ට කතාව. ඔන්න මමත් ෆලෝ පාරකුත් දැම්මා. ආයෙත් එන්නම්කෝ. ජය වේවා!!!

    කැමතියි

  25. බොහොම බර පොස්ට් එකක්…..හිතන්න යමක් ඉතිරි කරලා තියනවා වගේ… ගෑණු පිරිමි භේදයකියන් තොරව…මේකත් මේ ලඟින් යන එකක් නිසා බෙදාගන්න හිතුවා…

    http://jbasnayaka.blogspot.com/2012/01/blog-post_11.html

    කැමතියි

  26. malmi says:

    ඇදේ හිටියද බිම හිටියද කියන එක වැදගත් නෑ. කියලා තියෙන්නේ ඇත්ත. ඒත් දැන් පරක්කුයි. මේවා කියන්න තිබුනේ කලින්නේ. දැන් ඉතිං හම් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    කැමතියි

  27. කසාද ජීවිතේ කටුක යථාර්තයක් කෙටියෙන් ලියලා තියනවා, ඕක වෙනස් කරගන්න ඉතිං දෙන්නම කැප වෙන්න ඕන ………..

    “කඨෝර රසැති උණුසුමක් මුව පුරා පැතිරී යත්ම ඇ ඉවතට තල්ලුවී ඇඳ මතට වැ‍ටුනා ය” මේ කසාද බැන්දට පස්සෙනෙ ………….. එතකොට ඊට කලින් පැණි රස වෙන්න ඇති නේ ……….

    අනිත් එක ඕක සීයට අනූනවයකට ගැලපුනාට සීයට එකක් විතර තියනවා ලව් කරපු කාලේ වගේම මැරෙනකං ඒ විදියටම එකටම යන ජීවිතත් ……..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: