ලබ්බට තියපු අත

හැන්දෑ වෙලා ආවයි මං ගේ පැලට
රන්දා උදළු කෙටියත් වී බිස්ස යට
තුන්පත් රටා වී ගල්ලැහැ පන් පැදුර
පිණි දිය බබා තාමත් ඇත මිදුල උඩ

බැළුවයි ඔළුව ඔබලා මං ගේ ඇතුල
අඳුරුයි පාන දැල්වූවත් එන එළිය
කිරිදරු හඬක් ඇහුනේ නැති කිසි දිනෙක
පාළුයි ගෙපැල වෙනදාටත් වැඩිය අද

මන්දා මේ වලි කුකුලා බිස්ස උඩ
නැද්දෑ වත්ද වැහුවේ උගෙ කූඩු දොර
ඉලපොත අහු උනේ නැතුවද අද අතට
මෙච්චර හැඩිවෙලා මොකදැයි එළිපත්ත

නිතරම අඬ දබර වෙන අපෙ මායියා
ඉඳ හිට ගම ගියත් පාළුව නෑයියා
බත සරිකරන්නට ඉන්නා සෝයියා
නෑනාවත් නැද්ද අද කෝ පේන්නා

කණිනා ගල්බෝර ක‍ටුවෙන් ඇනි ලෙසට
බොරළු ගසා තල් අත්තක් සද්ද කොට
පිත්තල පඩික්කං සෙම්බුද එකතුකොට
ගෙයි ඇතුලෙන් හඬ ආවයි මේ ලෙසට

සාරෙට සුබාවට අලවැල් බැහැ ගත්තු
නා නා දිගින් එනවලු ඒ දැක සත්තූ
නෑඹුල් කොටහ ‍රැකගන්නට නම් සිත්තූ
වෙනවා කරන්නට ගිණි කඳයා පත්තු

අහවල් කාරියක් දැයි හඬ මේ හැටි සද්ද
බෙරිහන් දෙන්න කිමදැයි මං කල රෙද්ද
ගිණි බිඳ සත්තු පලවන්නට පව් නැද්ද
හොයි හොයි ගෑවාම ඇයි උන් යන් නැද්ද

කෝමල රතට පීදෙන රතුවන් ජම්බූ
පූදින කාලෙ එනවලු තඩි දඬු ලේනූ
දාගෙන ටකේ ගැහුවත් බොල්හඬ දේලූ
බාගෙට දුවල උන් ආයෙත් පැමිනේලූ

අණ්ඩර දෙමළ මේ කියවන්නේ ඇයිද
තේරෙන හිංගලෙන් කිව්වොත් කට කයිද
ප්‍රස්තා පිරුළු ගැට පද ඇයි බස නැද්ද
සුදු නෑනා කොයි අද ගෙයි නැතුවත් ද

දෙගොඩහ ඇහැ ඇරී මං තනි ඇඳ මත්තේ
ජරබර හඬ ඇසේ මට පිළිකණු පැත්තේ
මැණිකා නැතිය දැං අහලක මේ පැත්තේ
ඈ ගම ගියා එන්නේ නැත මින් මත්තේ

ජර බර හඬ දෙන්නෙ අල හාරන ඌරන්ය
ඇඳපිට මං නැත්තෙ උන් එලවන්නට ගොස් ය
කැති පොලු හරඹ ගුටි කෙළි මැද තනි මං ය
උඹහැට විකාරය ඔය වයසට හැටිය

අනෙ මගෙ කටය හැටි මම දන්නේ නැතිද
කරඹ කැලේ දී කල විණ අමතකද
වඳුරන් හැට උනත් කවදා බිම යත් ද
ලබ්බට තැබූ අත පුහුලට නොතියත් ද

හුටස් !

පින්තූරෙ ගත්තේ : http://www.flickr.com/photos/sarun/3921641757/

 

Advertisements

134 Responses to ලබ්බට තියපු අත

  1. ලස්සනයි. අර්ථ පූර්ණයි. හැබැයි පරිස්සමින්, යුතු අයුතුකම් කියා දෙයකුත් ඇත. ඒ නිසා කල්පනාවෙන් කළයුත්තකි. දීග කෑමත් එක විදිහක අතුරේ යාමක්. ඒ නිසා හැමදේම කල්පනාවෙන් කළ යුතුයි. කන්නට සරි කිරීම වගේම වෙනත් අවශ්‍යතාද නිසියාකාරීව සැපිරිය යුතුයි. ගෑනු එන්නෙ කන්න බලාගෙනම නෙමේනෙ. හෙක්… හෙක්… හොද සංකල්පනාවක්.

    කැමතියි

  2. ravi says:

    නවමෝ කවිය නම් අන්තිමටම එලය,
    දාපං පහක් නෑ දහයක් ඒ මදිය,
    දවලුත් හාරන්නෙ තෙල වැඩි ඌරාය,
    ලබ්බ සහ පුහුල දෙකමත් වැඩි නැතිය.

    නවම් මලේ මාරයි බොල…..මේක නම් අති විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි….උඹ නම් කියල වැඩක් නෑ…..මාර දක්ෂයෙක්….හෙහ්, හෙහ්,

    කැමතියි

  3. Sammani says:

    කවියට අරුත් පදවැල් ගුණ නිමක් නැත
    ගැබුරට අරුත් බලනාවිට කැතක් ඇත
    වයසට ගියත් මෙහෙමයිදෝ පිරිමි හිත
    ලබ්බට නැතත් පුහුලට නම් තියයි අත ….

    කැමතියි

  4. තේරුනේ නෑ අප්ප… ගෙදර ගිහින් නිවිසැනසිල්ලෙ කියවල බලන්න වෙනව කීදෙනෙක්ද කියල.. නෑනයි, නෝනයි, මැණිකයි *&$**$ ගෙදර ගිහින්ම බලනව..

    කැමතියි

  5. Observer says:

    ‘දාගෙන ටකේ ගැහුවත් බොල්හඬ දේලූ’

    ටකේ ගැන කියන කොට, පරණ අහල තියෙන කවියක් නම් මතක් වුනා, මෙතන දාන එක හරිද මන්ද?

    කැමතියි

  6. Shani says:

    තේරුම හිතට ගනිමින් විනාඩි කීපයක්ම රස වින්දා.. ලස්සන කවි පෙළක්.. ජය වේවා සහෝ!!!

    කැමතියි

  7. praveena says:

    //අණ්ඩර දෙමළ මේ කියවන්නේ ඇයිද
    තේරෙන හිංගලෙන් කිව්වොත් කට කයිද//

    මටත් කියන්ට තියෙන්නේ මෙච්චරම තමා. නෝනා නැතිවෙලාවේ නෑනා දිහාට ඇහැ ගහන්ට ගියාද? අනේ මෙහෙමත් පිරිමි!!! 🙂

    කැමතියි

  8. උන්නා බලාගෙන මේකා කල හරිය
    පහුගිය දොහේ ලිව්වෙ මූ මේව්වමය
    ලබ්බෙන් ගත්ත වැඩ තොට දැන් අමතකද
    මොනවද නවමො මේ කියනා කුණුහබ්බ?

    කැමතියි

  9. දුකා says:

    ලබ්බයි පුහුලුයි එකවර කන්න ගිහින්
    නවමා කනව ටික දොහොකින් හොඳම එකෙන් . .
    ගහගෙන xxකේ පොල් මුඩ්ඩක් අර නරිය ලෙසින්
    ලබු කිරිබත් කෑ නවමා ඇත දත් ටික බඩ යවන් . . . !

    කැමතියි

  10. Nelum says:

    කැත වැඩක් උනත්, නියමෙටම ලියලා තියෙනවා! හෙහෙ නියමයි!

    කැමතියි

  11. sinlix says:

    නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

    කැමතියි

  12. කයිය පද බැඳගෙන,
    කයි පද කරට අරගෙන
    සරම කැහැපොට ගහගෙන
    ගේම හොඳ නැත නවමා සෙට්වෙන

    ඔන්න මගෙ කුළුඳුල් කවිය.

    henryblogwalker the Dude

    කැමතියි

  13. එල කයියක් නවම් අයියා . හැබැයි කුජීතයි !!

    තව තව ලියවේවා මෙහෙම කවි !!

    කැමතියි

  14. uwiniran says:

    එල කවි සෙට් එක නවම්…… ජය වේවා….

    කැමතියි

  15. මේ තාලෙට මතක් වෙන්නෙම නරක කවි…..බිග් මැච් කාලෙට කියන ඒවා…

    කැමතියි

  16. Alchemiya says:

    ලබ්බට තැබූ අත පුහුලට තැබිය හැක
    කලාව දතහොත් එය රස බැලිය හැක
    වෙන්කර තබා ගත් විට ලබු-පුහුල් දෙක
    දේකේම රස කැමති විටක ලැබිය හැක

    අත් දුටුවයි සත්තයි… හරි ගියාම ගාස්තුව ගෙවන්න…

    කැමතියි

  17. නවම්… ඔබේ නිර්මාණය ඉතා ඉහළයි.

    කැමතියි

  18. නව ආරකට ලියා ඇත කවි ගොන්න
    අදහස යටින් ඇත බැහැ එය පවසන්න
    සඟවා කීම මෙහෙමට යයි දැන ගන්න
    නව කවි රසට දෙමි මගේ මල් මිට මෙන්න

    කැමතියි

  19. malmi says:

    ලබ්බ ලග නැති නිසා
    බැහැ ඉවසන්න මෙලෙසා
    ඇතිය හොද හැටි ආසා
    පුහුල කැරකෙයි නැතිව වීසා

    ලබ්බේ අළු නැතිය පුහුලේ අළු ඇතිය
    ලබ්බට අත තැබූ මුත් පුහුලත් නරක නැත
    එනමුත් නවමො නූලෙන් ගැස්සුනොත් තැත
    එල්ලී තියෙන නුඹෙ ……….. කෑලි නැත

    කැමතියි

    • නවම් says:

      ලබ්බ වගේ නොව පුහුලේ කට්ට මුදුයි
      නැට්ට කඩා හුඟ දවසක් තබනු බොරුයි
      පහු පහු වී වැඩ කොහු කරගත නොයුතුයි
      කරන දෙයක් විගහට හිතලා බලනුයි

      ලබු සහ පුහුල් එක හේනේ වැවෙන කොට
      අහවල් දෙයක් දැයි වෙනසක් කරනු මම
      ලබ්බෙන් කිරිබත් ද පුහුලෙන් දෝසි කැට
      තනලා ගන්නමයි නලියන්නේම හිත

      කැමතියි

  20. malmi says:

    ලබු සහ පුහුල් එක හේනේ වැවේදෝ
    ලබ්බෙන් නැති රසක් පුහුලෙන් ලැබේදෝ
    දෝසියි කිරිබතුයි දිව රස ගෙනදේදෝ
    අල බැහැලාම වැල විගහට මියයාදෝ

    කැමතියි

  21. නවම් says:

    @ රවී ජනවාරි 13, 2012 දින 2:29 ප.ව. ට.

    දැං බඩු හරිය මහ කවියා ආවාය
    ඕනෑ ජගතක්ට දැං මං බය නෑය
    සේනා බැඳං දැං මෙතනට ආවාට
    දෙන්නම් හැදෙන්නට හ‍ඳෙහී ආවාට

    [අර කෙමෙන්ට් වැලේ මට්ටම් දහයම අහවර උනා නෙ]

    කැමතියි

  22. පට්ට කවි වැල! කමෙන්ට් කවිත් මාරයි. ජය වේවා.

    කැමතියි

  23. malmi says:

    කයි පද කරට අරගෙන පෙන්නා හොද මූණූ
    පොඩි කරලන්න හදනව දැන් සුදු ළූණු
    ලබ්බට තියපු අත පුහුලට ලංකර බලනූ
    එහෙනම් බය වේවි අපි හොද සිංහල ගෑණු

    කැමතියි

  24. සූඌඌඌඌඌඌ…. මට කියන්න දෙයක් නැත….

    කැමතියි

  25. Alchemiya says:

    ලබුත් ඇත මෙහේ පුහුළුත් සුදු පාට
    ගැලවූ විටදි පොතු ඒ හැම නෙක පාට
    ලබු හා පුහුල් එක විට අත ගෑ දාට
    පෙනේ වෙනස් නැතිබව හඳ ඇති රෑට

    සමහර ලබු හොඳයි ලබු කිරිබත් කන්න
    පුහුල් හොඳයි දෝසි හදාගෙන කන්න
    තට්ටුව දමන විට පුහුලක් ලඟට ගෙන
    ලබ්බේ සද්දෙ වගෙමයි සත්තයි ඔන්න

    සමහරු ලබු තබාගෙන පුහුලක් සොයතී
    පුහුල් හොයා ගොස් අමාරුවෙත් වැටෙතී
    තම සතු ලබ්බ සරසා නිසි ලෙස රුවැතී
    ගත්තොත් පුහුල් වාගෙයි වෙනසක් නොවෙතී

    කැමතියි

  26. කවි ටික නං මරුය ………
    කමෙන්ට් වල කවි ටික ඊටත් වඩා මරුය ………

    කැමතියි

  27. Chinthana says:

    මම නම් ලොකු ඒවා කියන් නෑ. එළ

    කැමතියි

  28. Beetle says:

    නල්ල මලේ එක්‍පරිමන්ට් එකක්නේ බන් උබ කරන්නේ… 🙂 සිරාවටම එල ඈ…

    කැමතියි

  29. නවම් says:

    හෙහ් හෙහ්….. ඉඳල හිටල මෙහෙම එකක්වත් කරන්න එපැයි, නැත්නම් බ්ලොග් එක බෝරිං වෙලා යනවනෙ 😀

    කැමතියි

  30. අන්තීමට නේ කතාව තේරුනේ. ලබ්බට තියපු එකම පුහුලටත් තියමු.
    ලබ්බ මොකෝ පුහුල මොකෝ. එකම කුලයේ නේ. හික්ස් 🙂

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: