ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !!

මචං.. අද පට්ට දවස නේ?

ඒ මොකෝ අද පට්ට ?

ඇයි ගොනෝ අපේ සෞඛ්‍ය මිස් අද අපිට අර පාඩම කරන දවස නෙ.

අප්පටසිරි හැබැමයි.. බලහංකො මට අමතකම වෙලා ගියානෙ.

මටත් එහෙමයි බං.. අද බඩේ අමාරුවෙයි කියල ගෙදර නවතින්න හැදුවෙ. තාත්තගෙ කටේ බලේටමයි ආවෙ.

මේ මචං.. සිරාවටම අපිට අර ඒ ලෙවල් අයියලට පෙන්නනව වගේ පින්තූරත් පෙන්නයිද බං..

අනේ මංද බං.. එහෙමනං සිරාවට තියෙයි නේ… ?

ටාං ටාං ටාං…..

යමං බං පන්තියට අන්න බෙල් එක ගැහුව.

යමල්ල යමල්ල.. උදේ පාන්දරම අද ගණං.

වෙනදට සුරුස් ගාල යන උදේ පීරියඩ් හතර එවර උනේ කල්පයක් විතර ගිහිං. ඒ මදිවට උගන්නපු මෙලෝ මළදානයක් මතක නෑ. කොටින්ම ගානක් වැරදිච්ච වෙලාවෙ සර්ගෙන් වදින පොල් ටොකුවලට වෙනද නං හුජ්ජ පනින්න ආවට අද නං ගානක්වත් නෑ. අම්මප මේ ලිංගෙටකරන්න ඇහැක් වැඩ !

දඩාං…… !

බුදු අම්මෝ….!

මොකාද යකෝ…..

මං මං බං.. මොකෝ මේ කල්පනාව.. යන්නෙ නැතෙයි කැන්ටිම පැත්තෙ.. ?

අමතක උනා බං…. යමං යමං…

අඩෝ මේ… අද බොලා එකෙක්වත් ජයවීර මිස් දැක්කද…. ?

ම්හ්…… නෑ නෙ බං.. මොකෝ ?

මොකෝ කියන්නෙ, අද අර පාඩම නෙ බං.

අප්පටසිරි, මිස් අද නිවාඩුද දන්නෙ නෑ…

නෑ නෑ බං.. මං අද දැක්කෙ උඩ පිටනිය පැත්තෙන් සර් එක්කම එක්කම එනව.

හා.. එහෙමද.. එහෙනං කමක් නෑ. මං මේ බයේ උන්නෙ අද නේවිද කියල බං.

හෙහ්… හෙහ්.. වෙනදට නං බයේ ඉන්නෙ එයි කියල නේ.. උඹල තමයි දවසකටවත් බඩු…. හෙහ් හෙහ්.

අනේ පල නරියො යන්න. අපිට බලන්න බැරිය උඹත් කට ඇරං බලං ඉන්නව අද….

ඒයි කාල බීල ඉවර නං විගහට යමල්ල බං.. ඉන්ටවල් එක ඉවර වෙන්නත් කිට්‍ටුයි.

යමල්ල යමල්ල.

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක සෞඛ්‍ය !!

කොල්ලො ටික සේරම වාඩිවෙලා ඉස්සරහ දොර දිහා ඇස් පිය නොගහ බලං ඉන්නව මිස් එනකං. බෙල් එක ගහල විනාඩි පහක් විතර වෙන්න ආව. ඒත් මිස් නෑ.

මචං.. හරේ …… මිස් එනෝ…..! බැල්කනියෙන් එබිල පහල බලාගෙන උන්න එකෙක් බෙරිහන් දුන්න.

තවත් විනාඩි දෙකකට විතර පස්සෙ ලැසි ගමනින් මිස් එනව. අපිට තියන හදිස්සියෙන් සීයෙන් එකක්වත් නැතිගානට.

ආයුබෝවන් !

ආයූබෝඕවාආන්න්න්න්….

ගුරු පු‍ටුවෙ වාඩිවෙච්ච මිස් ගත්ත රෙකෝඩ් බුක් එක. පෙරළුව පලවෙනි පි‍ටුව.. තව ඩිංගක් ඉඳල දෙවෙනි පි‍ටුවත් පෙරළුව.. ඊලඟට තුන.. හතර.. පහ…..

පොතේ පි‍ටු සීයක් විතර තියනව. විනාඩියට එක ගානෙ පෙරළුවත් විනාඩි හතලිස් පහේ පීරියඩ් එකෙන් ඉතුරුවෙච්ච පැය බාගෙට පෙල්ලන්න පුළුවන් පි‍ටු තිහයි… මේ මොන විනසයක්ද වෙන්න යන්නෙ….

ළමයි.. ඔහොම පොඩ්ඩක් ඉන්න. මේ රෙකෝඩ් බුක් එකේ පොඩි වැ‍රැද්දක් තියනව. මම ස්ටාෆ් රූම් එකට ගිහිල්ල එනකං කෑ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ හොඳද ?

හුටා ! මේ මොන ගිණිගෙඩියක්ද පාත්වෙන්න යන්නෙ… කලිං පීරියඩ් හතරෙම සර්ල අගේට ලිව්ව පොතේ මේ අහවල් වැ‍රැද්දක්ද එක පාරටම…

එතකොට මිස් අපේ පාඩම….? ඉවසාගෙන ඉන්න බැරිවෙච්ච එකෙක් පේලියෙ කෙළවරේම ඉඳල අහපි !

ඌ දිහා අමුතු හිනාවකුත් එක්ක බැල්මක් දාපු මිස්.. “කලබල වෙන්න ඒපා. මං ඉක්මනට එනව” කියල පොත් මිටියයි හෑන්ඩ් බෑග් එකයි අරං ආව වගේ දහගුණයක් වේගෙන් ගියා….

අඩෝ…. මොකෝ මචං සීන් එක.. අද පාඩම කරන්නෙ නෑ වගේනෙ මිස්….

ඒකනෙ බං. හෙන අපරාදෙනෙ. මං උණත් තියාගෙන බං ආවෙ.

අනේ ඒකනෙ බං. ඉන්ටර්වල් එකට හරියකට කාගන්නවත් බැරි උණා මට.

උඹල මේ රෙද්දක් කතාකරනව, මං ටොයිලට් එක ගාව කොල්ලො පිරිල උන්න නිසා ඉන්ටර්වල් එකේදි චූ කරන්නෙත් නැතුව බං ආවෙ පාඩමට පරක්කුවෙයි කියල, දැං බිළිං ගෙඩිය වගේ …. ඉන්න බෑ……

ෂ්… ෂ්… මචං ජයවීර සර් එනව. දොරගාවට වෙලා හිටිය මොනිටර් පන්තිය සයිලන්ස් කලා.

ආයුබෝවන් ළමයි !

ආයුබෝවන් සර් !

මොකද මේ සද්දෙ කට්ටියගෙ.. හ්ම්.. පොතක් පතක් බලාගන්න බැරිද ගුරුවරයෙක් පන්තියෙ නැති වෙලාවෙ ආ… ?

මීක් සද්දයක් නෑ පන්තියෙන්ම.

හ්ම්.. කමක් නෑ.. මොකක්ද මේ පීරියඩ් එක….

සෞඛ්‍ය සර්…. !

ඉස්සරහම පේලියෙ උන්න එකෙක් කිව්ව.

හ්ම්… ඒක මගේ විෂය නෙමෙයිනෙ. අපි සෞඛ්‍ය මිස් ආයෙන එනකං දැනට විද්‍යාව පාඩමක් කරමු. කෝ ගන්න බලන්න මේ දවස් වල උගන්නන්නෙ කොයි හරියද කියල බලන්න….

පසු සටහන : අපේ විද්‍යා ගුරු ජයවීරයන්ගේ ප්‍රිය ඇඹේණිය වූ ද, අපගේ සෞඛ්‍ය ගුරුවරිය වූද ජයවීර මැතිණිය එදින කාලපරිඡේදය අවසන් වනතුරු අප දෑසට නොගැ‍ටුණු බවද. පසුව වැඩිහිටි සිසුන්ගෙන් දැනගත් පරිදි ඔවුන්ටද මෙම පාඩම යෙදී තිබූ දිනයෙහිද අවාසනාවන්ත ලෙස පන්ති වාර්ථා පොතෙහි යම් කිසි අඩුලුහුඬු කමක් දැක ජයවීර මැතිණිය අතුරුදගන් වී ඇති අතර ජයවීරයානෝ එම හිඩැස බීකරයක් හා පිපෙට්‍ටුවක් ආධාරයෙන් වසා ඇති බවද සංවේගයෙන් පවසා සිටිමි.

ඉඳින් ලත් තැනම ලොප් වූ අපගේ ලිංගික දැනුමට මල් වඩම් අනවශ්‍ය ය !!

පින්තූරෙ ගත්තේ : http://www.divinesecretsofadomesticdiva.com

Advertisements

90 Responses to ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !!

  1. Indranama says:

    හික් හික් හී….
    අපරාදෙ නිවුටා ගෙන් අහන්න තිබ්බෙ “සර් ප්‍රජනනය ගැන කියලා දෙන්න බැයිද?“ කියල 😀
    අපිටත් 9 වසරෙදි ඔහොම උනා රෝහණ මහත්තයාගෙන් (දන්නවනේ රෝහණ?). බුවා විදුලි වේගයෙන් අදාල පාඩම මගඇරියා 😀 😀

    කැමතියි

  2. uwiniran says:

    අපේ [ලිංගික] අධ්‍යාපනයට කෙලවන්න ඒ කාලේ ඉඳලම තියල තියෙනවා මාර විජාතික බලවේග,
    ඒ විජාතික බලවේගවල බලල් අතක් තමයි ජයවීර සෑර්.
    කුමන්ත්‍රනය එලියට ආවෙ බීකරයක් සහ පිපෙට්ටුවක් ආධාරයෙන්.
    මේවා අපිට හොඳ පාඩම්[මම කියන්නෙ ඉගෙනගන්න කොල්ලන්ට].
    හැබැයි දැන් නම් ඔව්ව හරි යන්නෙ නැහැ.
    දැන් ඕවට ආවොත්……

    “අපේ ලිංගික අධ්‍යාපනයට අත නොතබව්…….”

    කැමතියි

  3. ශානka says:

    එකට අපේ ටීචර් පාඩම කළා නිකන් මොකක්ද වගේ.
    පස්සේ කියනවා තේරුනේ නැතිනම් ප්‍රශ්න අහන්නලු.
    කාල වරෙන්කො.
    පාඩම අහගෙන හිටියෙත් ලැජ්ජාවේ ඇඹරීගෙන මොකද එහා පැත්තේ කෙල්ලෝ ගොඩක් අපි ඉතින් ලජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ.D.D.D
    කතාව නම් මල් හතයි හරිය.

    කැමතියි

  4. අපිට බයෝ වල ක්‍රියාකාරී සත්වයා පාඩමේ ඕක තිබ්බනෙ. ඒ කාලෙ බයෝ සර් කියන්නෙ බයෝ කියන්නෙ වාහනයක් නම් ක්‍රියාකාරී සත්වයා පාඩමේදි මම වාහනේ බ්‍රේක් ගලවනවා කියලා. හයියෝ කුණු හරුප ලෝකයයි. ඒ උනාට ඒ ක්‍රමය සාර්ථකයි මතක හිටිනවා. කොල්ලො සූ ගාලා පන්තියෙ ඔය පාඩම කරනකොට. ඇයි මැත්ස් එවුන් බලන් ඉන්නෙ බයෝ ක්ලාස් එක ඉවර වෙනකල් පොත ඉල්ලගෙන බලන්න. කොහොමද ළමයින්ගෙ උනන්දුව.

    කැමතියි

  5. ravi says:

    අපිට ප්‍රජනනය ගැන ඉගෙන ගන්න තිබ්බෙ හතේ පංතියෙ සෞඛ්‍යය පාඩමට….අවුරුද්දෙ මුල ඉඳල ඔය පාඩම පෙරලල කටපාඩං කරල තුන්වෙනි වාරෙ වගෙ වෙනකොට ඒ පිටු ගන්ඩ දෙයක් නැතුව තිබ්බෙ….

    අපෙ සෞඛ්‍යය සර් ගෙ නම ජයසිංහ. ජයසිංහ සර් කලෙත් හෙමීට ලිස්සල යන එක පාඩමෙං…හෙහ්, හෙහ්, කට ඇරගෙන බලං හිටියට අන්තිමට මේං මෙච්චරයි ප්‍රජනනය…මිනිස් වර්ගයාගේ මූලික අවශ්‍යතාවයක් වගේම වර්ගයා නොනැසී පවත්වාගැනීමට මූලිකම අව්ශ්‍යතාවයක් වන ප්‍රජනනය අපිට මුලින්ම කියල දුන්නෙ මෙන්න මෙහෙමයි.

    ” ළමයි, මිනිසාගේ ප්‍රජනනය සිද්ද වෙන්නෙ පුරුෂ සහ ස්ත්‍රී සෛල දෙකක් එකතුවී කලලයක් ඇතිවී ඒ කලලය වර්ධනය වීමෙන් ” ඕං ඔච්චරයි….කාල වරෙල්ලකො,

    අපිට තිබුනු පුරස්නෙ ඕක නෙවෙයිනෙ….ඒ කතාව හරි ඇති….ඒත් ඒක වෙන කෙරේමෙ නෙව වැදගත්….ඒත් ඊට පස්සෙ සර් නෙවෙයි ඒ ගැන කටක් හෙල්ලුවෙ…

    සර් පීරියඩ් එක ඉවර වෙල පොත් ටිකක් අරගෙන යන්ට නැගිට්ට. මමයි මා ලඟ හිටිය මගෙ ඒ කාලෙ හොඳම ගජය හසිතයි …

    අපි දෙන්න කටුකුටු ගගා හිටියෙ ” ඒ බාං ඔච්චරද ප්‍රජනනය පාඩම? ”

    මම හිමීට ඌට කිව්ව ” උඹ නැගිලට අහපං ”

    ඌ හොඳ එකා බෙල්ල ගියත් කඳ පයිට් මොඩල් එකේ බඩුවක්. ඌ නැඟිට්ට සිංහය වගේ.

    ” සර් දැං අර සෛලද මොනවද එකතු වෙන්නෙ කොහොමද? ”

    සර් එහෙමම පොත් ටික ආපහු මේසෙ උඩ තියල කණ්ණාඩිය උඩිං බැලුව හසිතය දිහා

    ” හහ්..සෛල එකතුවෙන විදිහ නේද? ඇත්තටම හසිතටත් තියෙන ප්‍රශ්න…”

    එහෙම කියල පොත් ටිකත් අරගෙන ගියා පංතියෙං.

    ප.ලි.

    අඩේ නවම් ඔන්න බලාපං දැන් නෙව මතක් උනේ අපෙ ලොක්කි උගන්නන්නෙත් ඉස්කෝලෙ සෞඛ්‍යය නෙව…අද අහන්න ඕන කොහොමද ඕක උගන්නන්නෙ කියල….. කණ පුරවල අහගන්ට වෙයිද මංද හෙහ්, හෙහ්,

    ප.ප.ලි.

    ඊට අවුරුදු දෙහෙකට විතර පස්සෙ ඔය ගැන මම සවිස්තරාත්මකව ඉගෙන ගත්තෙ ” නිරුවත් වානරයා ” පොතෙන්….අම්මප ඒකෙ තිබ්බ නිකම් පණ පිහිටුවල…හෙහ්, හෙහ්, ඩෙස්මන්ඩ් මොරිස් කර්තෘ…පරිවර්තනය එස්. එම්. බන්දුසීල

    ඔබ දෙපල දෙව්මිනිස් සැප කෙලවර ලොව්තුරා බුදුන් දැක නිවන් දකීවා…..මා දයාබර මොරිස් සහ බන්දුසීල මහතුනි!!!

    කැමතියි

  6. අපිට කරේ බණ්ඩාරිගොඩ සර්…මෙලෝ රහක් නෑ….මොකක් හරි බොරු බයිලයක් කියල යනව….පව් ඉතිං අසරණ කොල්ලො ටික….

    කැමතියි

  7. අසංක says:

    මේ සමාජයට හරි ආකාරයෙන් ලබා දියයුතුම පාඩමක් මේ විදියට මග අරිනවා කියන්නේ වෑරදි වෑඩක්,එයාට එක කරන්න බෑරි නම් කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඕන,

    කැමතියි

    • නවම් says:

      මං හිතන්නෙ නෑ ඒ කාලෙ කොරන්න ඇහැක් එකෙක්වත් උන්න කියල, අනික කටක් ඇරල කියන්නෙ කොහොමයි “අනේ මට ප්‍රජනනය කරන්න බෑ, ඔයා මගේ එකත් එක්ක කරනවද” කියල . හික් !

      කැමතියි

      • නියම කතාව.. මේ වගේම සීන් එකක් අපේ කොල්ලෙක්ට උනා.. පොර කලේ බයෝ.. ක්‍රියාකාරී සත්වයා කොටසේ තියනවාලු ප්‍රජනනය කියල ප්‍රධාන කොටසක්.. (මම මැත්ස් හොඳේ කලේ). ඉතින් මගේ යාලුවයි තව බයෝ කරන කෙල්ලෙකුයි අතර දෙබස තමා මේ..

        කොල්ලා : හලෝ *** පාඩම් කරනවද?
        කෙල්ල : ඔව් අනේ.. ක්‍රියාකාරි සත්වයා නම් හරි අමාරුයි.. 😦
        කොල්ලා: ඔව් මටත් ප්‍රජනනය අමාරුයි.. අපේ පැත්තේ සර් කෙනෙක් ඉන්නවා.. මම මිනිහට කියල නියමෙට කරගත්තා..
        කෙල්ල; හානේ ඇත්තද .. මටත් කරගන්න ඕන… සර්ගේ නම්බර් එක තියෙද….

        පස්සේ කාලෙක මේ දෙන්නා එකතුවෙලා ප්‍රජනනය කරා.. දැන් කොලු පැංචෙක් ඉන්නවා 🙂

        කැමතියි

  8. එකත් එකටම මේක අපිට ජෝක් එකක් වගේ දැනුනට ඔය පාඩම කියලා නොදුන්නම, ඔය දැනුම ගන්න යන්නේ සමහරු අත්හදා බලලා, ඕක තමයි අවුල. ඒක ලංකාවේ සංස්කෘතියත් එක්ක යන අවුලක් මට දැනෙන විදියට! ඒ වුනාට අපිට ඔය පාඩම කලෙත් නෑ…

    කැමතියි

  9. සෝරෝ says:

    හික් හික් හික්….. අපරාදේ සුපියල් පහ කේවා… 😀

    ඔය පාඩම අපිටත් කලේ නැද්ද කොහේද…

    කැමතියි

  10. සගිස්කෘතිය සදාචාරේ රැකගන්න ජයවීර මැතිණිය මුල් වුන එක හොඳා.ඒ කාලෙ කියලා නොදී මෙහෙමනම් යකෝ කියල දුන්නනම් එහෙම ලංකාවෙ වසලා හමාරයි.

    කැමතියි

  11. මට නම් ඔය පාඩම කලේ පන්තියේ කොල්ලෙක්,,,,කොච්චර උනන්දු වුනාද කිව්වොත් ඌ කුප්පිය දාන්න හොස්ටල් එකෙ 9 වසර අයිය්ය කෙනෙක් ගෙ සෞඛ්‍යය පොත ගෙනහල 7 වසරෙදි පොතේ කියන ටිකට අමතර කරුණුත් සමඟ පණ පිහටලා විස්තර කලා..තාම මතකයි..

    කැමතියි

  12. අපිට ඔය පාඩම කලේ… ජයවීර මිස් තමා. නැද්ද… අඩේ කවුද බන් අපිට ඕක කලේ ? මිස්ලගෙ නම් මතක නෑ බන් අයියෙ දැන්.. ඊ ම් කේ එකේ තිබ්බෙ ක්ලාස් එක.. ජයවීර මිස් තමා.. අනේ මන්ද කවුරු උනත් ඒ පාඩම දවසින් ඉවරයි. ඒක එක්ස්ප්‍රස්. ඒ බන් බණ්ඩත් කරාද ඔය විශය ? උන්දැද මන්දා

    කැමතියි

  13. රාජ් says:

    කතාවට හිනායනව උනාට මේක ශෝකාන්තයක්. ලිංගිකත්වය ගැන කතාකරනව කියන්නෙ ගෑණියෙක්ව දූෂණය කරනව වගේ කියල හිතන එවුන් ඉන්න සමාජයක්ාන මේක.

    කැමතියි

  14. දුමී says:

    හයියෝ අපරාදේ බිලිං ගෙඩි ටික…

    කැමතියි

  15. හික් හික්. දැන් උබල මොකවත් ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැතුව ඇතී

    කැමතියි

  16. Observer says:

    ඉතින් උඹ කොහොමද දරුවෙක් හදා ගන්න හැටි ඉගෙන ගත්තෙ? පව් අප්ප, සෑහෙන්න මහන්සි වෙන්නැති ඒ හරිය ඉගෙන ගන්න.

    කැමතියි

  17. සංජීව says:

    මචන් බලාගෙන ගිහාම ඔය සිද්දිය හැමෝටම පොදුයි නෙ. අපිටත් උනේ ඕකම තමයි. සෞඛ්‍ය උගන්වන මැඩම් ප්‍රජනනය පාඩම මග ඇර ඇර හිටියා.. ඉවසන්න බැරිම තැන අපේ පන්තියෙ එකක් මැඩම් ගෙන් ඇහුවා ” මැඩම් අපි ප්‍රජනනය කරමුද කියල’ කොල්ලො සේරම හිනා වෙන්න පටන් ගත්තා. හුටා තමයි.. මැඩම් අඬාගෙන ගිහින් යකා මාමට කිව්ව.. අපි හිතුව යකා මාම ගෙන් අම්බානක් කන්න වෙයි කියලා.. අපරාදෙ කියන්න බැහැ සර් සයන්ස් පාඩම වෙලාවෙ අපිට ඕක කියල දුන්න පට්ට….

    මේක උනේ මරියකඩේ සෙන්ට්‍රල් එකේ… හරිය… ………

    කැමතියි

  18. හෙන ගහන අපරාදයක්නෙ වෙලා තියෙන්නෙ… අපේ සර් නම් කිව්වෙ උඹලට ඔය පා‍ඩමේ කියල දෙන්න දෙයක් ඉතුරුවෙලා නෑනෙ කියල… අපිටත් ඕක කලේ නෑ…

    බලහන් නවම් අයියෙ සර් එහෙම කිව්වට අපේ ලිංගික දැනුමට වෙලා තියෙන දේ…

    කැමතියි

  19. මලසේක. කොටියම කාපිය ජයවීර ජෝඩුව. මොන තරම් අපරාධයක්ද? අපිත් ඔයිට දෙවනි නැහැ. ඒ කාලේ අපිට ඉගැන්නුවේ “මං පීරිස්” සර්. දවසක කියන්නම්කො එතුමාගේ වැඩ සහ කිඩ.

    කැමතියි

  20. පූසා says:

    ඉතිං හිතහල්ලකෝ කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලේ ඔහොමනම් කෙල්ලොත් ඉන්න ඉස්කෝලවල හිටි අපිට ටීචර්ලා කොහොම උගන්නන්න ඇද්ද කියලා ඔය පාඩම 😀
    අපි සෞඛ්‍ය ඉහලින්ම සමත් උනේ නොදන්න දේවල් දන්න උන්ගෙන් අහගෙන සහ නොදන්න උන්ට දන්න දේවල් කියලා දීලා 😀

    කැමතියි

  21. ඒ අතිං අපේ ගුරුවරු. මෙන්න! පොතේ බාසාවෙන් තෙරෙන්නැති කොට තොප්පිය කියලාම ඉගැන්නුවා.

    කැමතියි

  22. සියලුම අදහස් දැක්වීම් වලින් පිළිබිඹු වෙන්නේ ලිංගික අධ්‍යාපනය සහ දේශීය සංස්කෘතිය අතර ඇති ගැටුමයි. මතකද මඩොල් දූව චිත්‍රපටිය. එහි එක තැනක පන්සිල් පද දරුවන්ට කියා දෙනවා ජෝ අබේවික්‍රම තම නිවසේදී (ඒ කතාවේ ඉස්කෝලේ මහත්තය) එක ළමයෙක් අහනවා කාමේ සු මිච්ඡාචාරා ගැන. එතකොට ගුරුතුමා වටපිට බලනවිට දකිනවා එතුමාගේ නෝනා පොල් ගානවා කෑම උයන්න ඉස්කෝලේ මහත්තයා කියනවා ‘ඒක මේ . . . . ඒක මේ . . . . ඒක මේ . . . . ඒක ලොකු වැරැද්දක්’ කියලා නෝනා ගස්සාගෙන යන්න යනවා. ලිංගික අධ්‍යාපනය කියන්නේ සාම්ප්‍රදායික ගුරු භූමිකාවේ සිට බලන ගුරුවරුන් භීතියට පත් කරන, මහා කුනුහරපයකි. සමහර ගුරුවරුන්ට පන්තියේදී තමන්ගේම දරුවාට පවා මෙය කියාදීමට සිදුවීමෙන් කලකිරීමට හා ලජ්ජාවට පත්ව හඬා වැළපුණු ගුරුවරුන් ගැන මම දන්නවා. ඒ ඒක පැත්තක්. එක්තරා විද්වත් කණ්ඩායමක් විසින් විශ්ව විද්‍යාල සිසු නියැදියක් ඔස්සේ ටික කලකට ඉහතදී කල පර්යේෂණයක් මගින් අනාවරණය වූයේ, එම සිසුන් අතර පවා සෑහෙන ප්‍රතිශතයක්, ලිංගික කරුණු ගැන අමූලික අසත්‍ය කරුණු, නිවැරදි කරුණු ලෙස විශ්වාස කරන බවයි . උදාහරණයක් වශයෙන් ‘මුඛ ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය’ යනුවෙන් විශ්වාස කල අයවලුන්ද එම සිසු නියැදිය තුල සිටි බව අදාළ වාර්තාවේ සඳහන් වෙනවා. ඔබ බොහෝ දෙනෙක් මෙහි දක්වා ඇති අදහස් බොහොමයක් සරල සහ හුදු විනෝදය තකා කල ඒවා බවයි පෙනෙන්නේ. ඔබේ දරුවා අසන ලිංගික කරුණු සබැඳි පැනයකදී ඔබ ගන්නා පියවර කුමක්ද? ලිංගික අධ්‍යාපනය යන මාතෘකාව ඔස්සේ අවංක හා විවෘත සංවාදයක යෙදීම වඩාත් සුදුසු බවයි මගේ හැගීම.

    කැමතියි

    • නවම් says:

      ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. ඔබ පවසන කරුණු ගැන කිසිම විවාදයක් නැහැ. ඒත් මගේ පරමාර්ථය උනේ සිද්ධියක් ගැන සරළ විනෝදාත්මක සටහනක් තැබීම පමණයි. හැබැයි ඒකෙන් කිසිම වෙලාවක අදහස් වෙන්නෙ නැහැ යමෙකුට සරළ විනෝදය ඉක්මවා බුද්ධිමය සංවාදයකට යන්න දොර‍ටු අහුරල කියල. මොකද ඕනෑම ක්‍රියාවක් පුද්ගලානුබද්ධව කැමති අයුරකින් අර්ථ දක්වාගන්න කිසිම බාධාවක් නෑ වගේම මොනම ක්‍රමයකටවත් සීමා පනවන්නත් බෑ.

      කැමතියි

  23. Weni says:

    අපේ පංතිවල හිටිය …ෆේල් වෙච්ච අයියලා.. ඒ කාලෙ ඉස්කෝල වල ෆේල් කරලා ඒ පන්තියෙම තියා ගන්න සීන් එකක් තිබ්බනෙ.. අපිට ඔව්ව කියලා දුන්න..යස රඟට !!!

    කැමතියි

  24. අපිට නම් ඉස්කොලෙටම සෞඛ්‍ය කරන්න හිටියේ එක සර් කෙනෙයි. කෙල්ලොත් නෑ නැති නිසා සර් පාඩම නම් කළා සුපිරියටම. සියලුම රූප සටහන් එක්කම.:පී වැඩේ කියන්නේ ඒ වෙලාවට එහා පන්තියට සිංහල කරන්නේ අපේ පන්තිභාර ටීච. උන් කියනවා ඒ වෙලාවට මිස්ගේ මූණ රතු වෙලා දෙක වෙනවලු.:ඩී

    කැමතියි

  25. අපරාදේ කියන්න බෑ අපට ඔය පාඩම කියලා දෙන්න උන්නේ තරුණ ලස්සන මිස්කෙනෙක්.. තනිකරම කොකාකෝලා බොතලයක්.. ඒත් කොල්ලෙක් වගේ.. අපි මිස්ව බයිට් කොරන්න හිටියට උනේ මිස් අපෙන් දෙනෝදහක් මැද්දේ ප්‍රශ්ණ අහලා බයිට් කරපු එක.. විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.. සමහර වෙලාවට උත්තර දෙන්න මතක නැති උනාම අහන්නේ එහෙම අවයවයක් නැද්ද කියලයි.. කාලා වරෙන්කෝ.. අනේ මේ කාලේ වගේ ඇහුවනම් කියාදෙන්න තිබුනා ලෙසටම.. කොහොම හරි ඔය පාඩම උගන්නලා මාස දෙකකින් වගේ මිස් බැන්දා.. හේතුව දන්නේ නෑ.. සමහරවිට පාඩමෙන් ආපු මෝටිවේශන් එක වෙන්න ඇති.

    කැමතියි

  26. ඔය පාඩම අයියලට නොකරපු එකමයි හොඳ… නැත්තං තාමත් එන්ජෝයි කරනවා….

    කැමතියි

  27. විචිකිච්චාව නැති කරන්න ඕන උදවියම මෙහෙම හැසිරෙනවා නම් ඉතින් පාත්‍ර වර්ගයා ගැන කවර කතාද?

    කැමතියි

  28. ලිංගික අධ්‍යාපනය ලබා නොදීමෙන් වෙන හානිය කාටවත් නොපෙනෙන්නෙ ඇයි?

    henryblogwalker the Dude

    කැමතියි

  29. Ruka says:

    මෝරපු බිලින් පටස් ගාලා පර වෙන්න ඇති

    කැමතියි

  30. Sihina says:

    මම හිටිය නමි ඔය ටිචර්ට එලියට යන්න නොදි විස්තරේ අහගන්නවා. හොදම වැඩෙි කියන්නේ අපේ පංතියේ එවුන් ඔය පාඩම තියෙන සෞඛ්‍ය පොත අපිට ඉහල පංතියේ ඉන්න අයියා කෙනෙක් ගෙන් ඉල්ලං ආවා… හැබැයි නිකං නෙමෙයි රු 50 කුයි.. තව එඩිනා චොකලටි වල ඒ දවස්වල ආපු ක්‍රිකටර්ලගේ ස්ටිකර් 5 කුත් දිලයි ගත්තේ…. ඔන්න අපේ එවුන්ගේ වැඩ….!!!

    කැමතියි

  31. මෙතන වරද ගුරුන් ගේ ම පමණක් නොවේ!

    අදාල ගුරු පුහුණුව දී නැත. විෂයය නිර්දේශයේ සහ පාසල් පොතේ පාඩම දැම්මාට උගන්වන විදිය කියලා දෙන්න ඕනෑ නේද?

    කැමතියි

  32. praveena says:

    මම බැලුවේ ගෑනු ළමයි කීදෙනෙක් මේකට කමෙන්ට් කරලා තියනවද කියලා…:D

    ඔය පන්තියේ ගෑනු ලමයිනුත් හිටියද?

    කැමතියි

  33. sAm sRi says:

    අපේ එවුන් අග ඉදන් මුලට කියවපු එකම පොත තමා “සෞඛ්‍යය”

    සිරා බං මම හැමදාම එනවා !

    කැමතියි

  34. අපටත් ඔය සෙතේම තමා උනේ.
    ඕක වෙයි කියලා දන්න නිසාම පත්තර කියවලා පාඩමට ඕන කරන දේවල් ලැහැස්ති කරන් හිටියේ.
    ටීචර්ට පාඩමක් උගන්වන්න කියලා දෙයක් ඉතුරු කරලා තිබ්බේ නෑ. 🙂

    කැමතියි

  35. අපට නම් ඔවුවා ඉගැන්නුවේ සෑර් කෙනෙක් අපේ පාසල කලවං පාසලක් ඉතින් අපේ පුංචි ගුරුතුමා අතින් පයින් එහෙමත් කෑලි අලුතෙන් දමමින් අපිට ඔය පාඩම ඉගැනූව හැටි නම් මට තාම මතකයි ..

    දැං නවම් අයියා ඒ පාඩමට ඉගන ගත්තේ කොහෙන්ද ? ගෲප් ක්ලාස් එකකටවත් ජොයින් වෙලා ඒ පාඩමේ තිබූ දැනුම ලබා ගත්තාද ?

    කැමතියි

  36. හික් හික්.. අපිට නම් අපේ විද්‍යා මිස් ඕක වැදගත් විදියට ඉගැන්නුවා… මම අහපු මෝඩ ප්‍රශ්නයක් තාමත් මතකයි.. කොල්ලො විතරක් නිසා අවුලක් නෑ.. ස්ත්‍රී එකේ තියෙන නල මාර්ග දෙක එකතු වෙන්නේ කොහෙදි ද කියල… සික්… මටත් හිතා ගන්න බෑ එහෙම මෝඩ ප්‍රස්නයක් මොකට ඇහුව ද කියල… හීන් හූවක් පස්සේ බයිට් වීමක්.. කිංඩි හිනාවක් ඇර ඉතින් වෙන උත්තරයක් ලැබුණ ද කියල මතකයක් නෑ දැන්නම්..

    කැමතියි

  37. ratak vatina eka says:

    අඩො මෙක් තව සීන් එකක් තියෙනව නෙඩ? 8 වසරෙදි මිස් පඩමෙ පටුන කියඩ්ඩි… අනිතිම පාඩම ප්‍රජනනය.. ඉතින් කොල්ලො හිකි හිකි ගාල හින වෙනවලු.. ඉතින් මිස්ස් පස්ස හෑරිල ඈහුවලු ලමායී… මොකඩ්ඩ ප්‍රජනනය කියන්නෙ කියල… කොල්ලෙක් නගිටල කිව්වලු මිස්… තම වර්ගයා බො කිරීම කියල.. ඒ එක්කම තව ලමයෙක් නගිටල අහුවලු.. “මිස් ඒක කරන්නෙ කොහොමඩ කියල”

    කැමතියි

  38. අපිට උගන්නපු මිස්නම් පාඩම ඉගැන්නුවා කිසි අවුලක් නැතුව
    ඒ කාලේ පාඩම ඉගෙන ගත්තේ නැති උනාට ඒ ලෙවල් කරන කාලේ වගේ වෙද්දී කට්ටියටම වගේ නිසි දැනුමක් සමාජයෙන්ම මිතුරන් හෝ තරමක් වැඩිහිටි උදවිය හරහා ලැබෙනවා කියල මට හිතෙනවා

    ලිංගික අධ්‍යාපනයක්‌ තියා කිසිම අධ්‍යාපනයක් නැති වනචාරි මිනිස්සු පවා ඔය දේ කොරගන්නෙ කිසි කරදරයක් නැතුව
    අර ඔබා මාම ඇහුවත් වගේ ඒ කිසිම දැනුමක් නැතිවත් දරුවෙක් මල්ලෙක් හදා ගන්න බැරිවෙලා නැහැනේ කාටවත්
    එතකොට අඩුවක් වගේ දැනෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ මගේ හිතටනම් එනවා

    කැමතියි

  39. මගෙ ටියුශන් ටීච පංතියෙදි මගෙං ඇහුව “ඉස්කෝලෙදි ප්‍රජනනය කලාද?” කියල . . . .

    මම දුන්න උත්තරේ උඹම හිතාගනිං

    කැමතියි

  40. හොඳ වැඩේ උඹලට.. ගෑනියෙක්ගෙන්ම ඕක අහගන්න බලන් හිටියා හරියට දන්නේ නැති උන් වගේ..

    කැමතියි

  41. calhara says:

    මිස් බය උනාද දන්නෑ මේ පාඩම ඉගැන්නුවට පස්සෙ මේ අලුගුත්තේරුවො ටික ෆෝම් වෙලා මිස්ට කරදයක් කරයි කියලා ………

    කැමතියි

  42. අපිටනම් සෞඛ්‍යය කලේ සර් කෙනෙක්…
    ඒ පාඩම තියෙන දවසට කලින් දවසෙ ඉඳලම කොල්ලෝ ටික සර්ට මතක් කර කර හිටියේ.
    ඒදා සර් ඇවිල්ලා දැන් උඹලට තියෙන ප්‍රශ්න අහපල්ලා කියලා හොඳටම පාඩම කියල දීල ගියේ… අවසානට ගැනත් සෑහෙන විස්තරයක් දුන්නා..

    කැමතියි

  43. Nawam mama kiyawapu lassanama kathawa mata hina giya kandulu enakam mamath kaleA/L welata Bio. ekedith oyawage padam gedaradi balaganna kiyanawa class gihin ahuwath chit eka yawala , eth uththara naha.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: