බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

Advertisements

82 Responses to බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….

  1. දුමී says:

    සද්ද විද්ද පළඟ පතිරලාගේ නවම් මාවත ඉලක්කෙටම විදලා…..!

    කැමතියි

  2. calhara says:

    අපේ යුතුකම් හරියට වෙනවා නං, අපිට ලැබෙන්න ඕන තැන බලෙන් ගන්න දෙයක් නැහැ, ඒකත් ඉබේම ලැබෙනවා …………

    දැන් බලපං උඹවම උදාහරණෙකට ගත්තොත්, එදා කන පැලෙන්න බීලා ගෙදර ගිය වෙලාවේ චූටි මැණිකෙ වචනයක්වත් කතා නොකර ඔලුවෙයි යටි පතුලෙයි දෙහි ටික අතුල්ලපු හැටි, උඹ හරියට චූටි මැණිකෙට සලකලා තිබුනෙ නැත්තං බඩුම තමා උඹට එලියෙ හුඩ් එක යට තමා එදා රෑ ඉන්න වෙන්නෙ …………

    ඒ වගේම තමා නීති වලින් නං කිසිම දෙයක් ලබා ගන්නවා කියන්නෙ මහා බොරුවක්, එහෙම ලැබුනත් ඒවා තාවකාලිකයි ………

    කැමතියි

  3. බානුක says:

    පට්ටම ඇත්ත නවම් අය්යෙ…..

    කැමතියි

  4. අපි නම් දන්නෙ ‍නෑ ඕව… තාම තනිකඩ… මේ කතාවෙ දුලිප් කිව්වෙ අපේ ඕනෙ අයිය එහෙම නෙමෙයිනෙ ?…

    උදේ ඉඳන් මේකෙ පරණ පෝස්ට් කියවන එක කරන්නෙ… තියෙන ටික කියවල ඉවර කරනකං හිටිංකො අලුත් ඒව දා‍න්නෙ…

    කැමතියි

  5. මාරයා... says:

    අපි ඉතිං ඔව්වා දන්නේ නැහැ මචං..ඒත් මාත් හිතන්නේ පවුලට තැන දීලා ඔන්න ඔහේ පාඩුවේ හිටියම කාටත් හොදයි..ලොකෙට පේන්න ‍පවුල් කන්න ගිහින් ලොකු පොර වගේ දගලලා පවුල අවුල් කරගන්නවට වඩා හොදයි ෂේප් න්‍යායෙන් වැඩ ටික කෙරෙන්න අරින එක… දැන් අර කවුරුත් අහනවා වගේ මේකේ චරිත දෙකෙන් උඹ කෝකද..?

    කැමතියි

  6. abeetha says:

    සම්පූර්ණ ඇත්ත කතාව…

    දැන් මේක පෙන්නලා තව අවුරුද්දකට බොන්න වීසා ගනින්…. 😀 😀 😀

    කැමතියි

  7. උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

    හරියට හරි මල්ලි! ඕක තමයි මගෙත් තියරිය.

    කැමතියි

  8. අපි මේ නොවෙම්බර් හමු වුනාම මේ ගැන වැඩි විස්තර කතා කරමු මලයා, දැනට මේක කොහොමද?

    If you are wrong and she is right, APOLOGIZE.
    If she is wrong and you are right, KEEP YOUR MOUTH SHUT.

    වචනයක් අඩු වෙලා ආයෙ දැම්මා. උඩ එක ඩිලීට් කරපං මලයා. යකෝ උඩ කොමෙන්ට් එක. උඹේ මොකුත් නෙවෙයි.

    කැමතියි

  9. Ravi says:

    මට උඹ ගැන බයත් හිතෙනව නවම් මල්ලියේ…හෙහ්, හෙහ්,

    උඹේ වයසට නෙවෙයි උඹ හිතන මතන හැටි….

    අපෙ ලොක්කිත් බැඳපු අලුත හිතාගෙන හිටියෙ අරක්කු ටිකක් බොනව කියන එක මහාම පවක්….බුදු හාමුදුරුවන්ට වැරදිලා පංචානන්තර්ය පාප කර්ම වලට දාන්න ඕන එකක් ….එ කිව්වෙ මව් මැරීම පියා මැරීම ළඟට එන්න ඕන එකක්….පස් පව් වලට දාලය කියල….

    දන්නවනෙ …මයෙ හැටි….හෙහ්, හෙහ්, මම දුන්න කෙලින්ම උඹේ තියරි එකෙන්ම…… ” මා භාවිතා කලේ ද නවම් සංකල්පයයි ” හෙහ්, හෙහ්,

    ” මොකද අනේ හුඟ දවසකින් බිව්වෙ නැත්තෙ?….ඔයාට අසනීපයක් වත්ද?…එහෙම නැත්නම් මා එක්ක අමනාපයක් වත්ද? ” ……….ඔන්න දැන් උන්දැ අහන්නෙ එහෙමයි….හෙහ්, හෙහ්,

    කැමතියි

    • නවම් says:

      හෙහ් හෙහ් රවී අයිය මගෙ වයස දැං කීයෙයි කියලය හිතාගෙන ඉන්නෙ ?. රැවුල් ගස් දෙක තුනකුත් ඉදිල කොණ්ඩගස් තුනහතරකුත් එක්කම 😀 [මට පීනස නෙව ;)]

      //” මොකද අනේ හුඟ දවසකින් බිව්වෙ නැත්තෙ?….ඔයාට අසනීපයක් වත්ද?…එහෙම නැත්නම් මා එක්ක අමනාපයක් වත්ද? ” //

      ඔන්න තියරියේ ප්‍රථිඵල ඇස්පනාපිටම

      කැමතියි

  10. මට තව අවුරුදු 10කින් විතර මේක ප්‍රයෝජනවත් වෙයි 😉

    කැමතියි

  11. Mr.Sithi says:

    මටත් හිතෙන්නේ ඒක තමයි පවුල් කනවා කියන්නේ…

    කැමතියි

  12. Observer says:

    අද නං කොලුවට බය වෙන්න දෙයක් නෑ…..ෆුල් ශේප්

    කැමතියි

  13. X-Porter says:

    පොරොසන්නය සිරා පොරක්… පොර කෙල්ල කනපිංදං ගානවට කැමතිත් නෑ….ඊටපස්සෙ..මෙහෙමත් කියනව “ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට” ඒකියන්නෙ කනපිංදං ගාන්නත් ඕනෙ……. විඩක් කැමතියි.. විඩක් අකැමතියි…ඉතිං කොහොමද බලහංකො මූ එක්ක කෙල්ලෙක් වසන්නෙ……

    කැමතියි

  14. සාගර says:

    තියරිය අත්දුටුවයි. ප්‍රත්‍යක්‍ෂයි. යකෝ මගේ ප්‍රතිපත්තිය කියල හිතන් හිටියට මුන් ඔක්කොම ඒක කරනවානෙ. මේක වයිෆ් ට නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් වැඩේ දෙල්.

    කැමතියි

  15. අයියගෙ මේ ලිපියනම් ඉතාම වටිනවා… (අනිත් ඒවත් වටිනවා. ) යතාර්ථය කතාකරල තියෙන්නෙ.. මේක ඵලවෙන්න ඔනේ සති අන්ත ඉරිද පත්තරේක… මේ ලිපියෙන් ගන්න තියෙන දේවල් අවශ්‍ය අයට දැනෙන්නෙ එතකොට මොකද අපේ තාත්තලා බ්ලොග් කියවන් නෑනේ…. හික්ස්…

    කැමතියි

  16. Ruka says:

    අම්මෝ…..අද නම් අඩියක් ගහල ගෙදර යන්න ක්‍රමයක් හොයාගත්තා..

    කැමතියි

  17. චම්ලි says:

    නියමයි නියමයි, ලගදි එල්ලෙන්න ඉන්න අපිට මේවා වටිනවා.. 😀

    කැමතියි

  18. සිරාවටම මචෝ මගෙ හාමිනෙත් හිතාන හිටියෙ අරක්කු ටිකක් බොනව කියන්නෙ මේ ලෝකෙ කරන්න පුලුවං ලොකුම වැ‍රැද්ද ගානට. අන්තිමට කොහොම හරි ගොඩ දාගත්ත සතියකට සැරයක් “ඔයා ලඟදි බිවුවෙත් නෑ නේද ?” කියල අහන ගානටම.

    කොච්චර බීල, මොන ද ජරාව කාල ගියත් කමක් නෑ . . . ගෑනි මහන්සි වෙලා හදල තියන රෑ කෑම එක කන්න ඕනෙ අනිවර්යයෙංම. . . නැත්තං පවු සහ මල කරදරේ

    ප.ලි.
    ඈ වාහෙ . . . තොට වෙන නමක් තිබ්බෙම නැද්ද ????

    කැමතියි

  19. අහවල් එකකට බියර් බොනවද මන්දා…

    කැමතියි

  20. මමත් නවම් තියරිය අනුගමනය කරන්න ඕනි… මටත් බීමට කරු කුරු වැටීගෙන එන්නෙ දැන් තියාම…

    කැමතියි

  21. malmi says:

    මේ කතාව සහතිකම ඇත්ත නවම්, මගේ මහත්තයා නිතර බොන කෙනෙක් නෙමෙයි. ඒත් යාළුවෝ එක්ක බොන්න යනකොට මට කියනවා. ඒත් කීය උනත් ගෙදර එනකන් මම නොකා බලන් ඉන්නවා. ඒක මගේ අම්මා, (මගේ තාත්තා නම් ජීවිතේට බොන්නේ නෑ) අත්තම්මාගෙන් මට ලැබුනු දායාදයක් විදියටයි මම සලකන්නේ. අනික තමයි ගෙදරින් එදාට කන්න බැරිනම් මහත්තයා කෝල් කරලා වේලාසනින් කියනවා. ඇත්තමයි නැත්නම් මටත් මල තමයි.

    අනිත් කාරණාව මාව එක්කගෙන යනවානම් එයා මාව ලග තියාගෙන බොන්න පුරුදු වෙලා තියෙනවා. (හැබැයි එක යාළුවෝ කොටසක් එක්ක විතරයි). මම එයාට නීති දාන්නේ නැහැ. මමත් විශ්වාස කරනවා තමන්ගේ ලිමිට් එක තමන් දැනගත යුතුමයි කියලා. එහෙම නොවුනොත් පවුලේ ප්‍රශ්ණ ඇතිවෙන එක වලකන්න අමාරුයි.

    ගෑනු කෙනෙක්ට සැකයක් ඇතිවෙන්නේ තමන් බොරු කරන බව දැනුනොත්. අර කියපු විදියට හොරෙන් බිවුවත් ඒකේ කිසි ගතියක් නැතිව යනවා සැකයක් තියේනම් එහෙම නේද? විශ්වාසය හා අවබෝධය ගොඩාක් වටිනවා.

    කැමතියි

  22. Alchemiya says:

    මට නං ඔය ප්‍රශ්න නෑ…. ගෙදරම තියාගෙන බොනවනේ…. ඉරිදා හවස හීනියට රම් පොඩ්ඩක් තොල ගාගෙන සිංදුවක් අහගෙන ඉන්න එක තරම් කිසි ජොලියක් නෑ…. හදිසියේ ලංකාවෙ කට්ටිය එක්ක සෙට් වුනාම පොඩ්ඩක් බොනවා…අපි බොන්නෙ ජීවත් වෙන්න නෙවෙයි නේ… ඒ නිසා ප්‍රශ්නයක් නෑ…..

    ඉස්සර නං සමහර වෙලාවට ඔක්කොම කට්ටිය එළියට ගියාම නං අපි නං බොන්නෙ නෑ “කොල්ලො එක්ක”… බීලා ගෙදර එන්නෙත් නෑ…… බීපු තැනකම රැය පහන් කරලා එනවා….. (කැමති විදියට තේරුම් ගන්න)

    කැමතියි

  23. බියර් විතරයි බොන්නේ කියලා යාලු වෙලා හිටපු කාලේ කියලා දැං ගෙදර ගෙනැල්ලා බොනකොට අහනවා ඒ දවස්වල බියර් මාර ගඳයි නේද කියලා…..හික් හික් හික් …

    කැමතියි

  24. ශානka says:

    සහතික ඇත්ත කතාව නවම් මොකද ලංකාවේ ඉන්නකම් මමත් ඔය තියරි එකෙන්ම තමා ජාම බේරාගත්තේ.
    දැන් ඉතින් කවුරු මොනවා කියන්නද ????

    කැමතියි

  25. ඩිලාන් says:

    නවම් අයියලගෙන් මේවගේ බ්ලොග් පෝස්ට් හරි වටිනවා,,අපේ අනාගතේට ගොඩක් ප්‍රයෝජනයි,,

    කැමතියි

  26. මේ පෝස්ට් එක ප්‍රින් අවුට් එකක් අරන් තියාගෙන අපේ එක්කෙනාට බඳින්නට පෙර කට පාඩම් කරවීම යෙහෙකය. මේවා ප්‍රජා සේවා නවම් අයියෙ. තැන්කූ තැන්කූ..

    කැමතියි

  27. මේක දැකපු මගේ කෙල්ල කියපි… හරිම වැරදියි තනියම කාල යන එක… බත් එකක් වයිෆ් ට ගෙනියන්න තිබ්බ ලු…

    ඇඩෙනව බන් මට

    කැමතියි

  28. මගේ ප්‍රියාවිය බ්ලොග් නොබලන නිසාම හොඳයි . නැත්තං ඉතින් මම දැන් බොහෝම දුක් මහන්සියෙන් හම්බ කරගෙන හසට ගෙදර ඇවිදිල්ලා තනියම බොන බීර ටින් එකටත් විදිනවා .

    හප්පා මටත් මේ කාන්තාවන්ගේ නීති තමා අල්ලන්නැත්තේ නීති දාලා නිකං ඉඳහං ඒත් නෑ ඒක අහුවෙන හැම කෙනා එක්කමත් කියනවා ..

    “අම්මා ඔන්න මම එයාට කියලා කියලා බීම නම් නතර කරගත්තා ”

    එතකොට අම්මා පුතාගෙන් ඇවිදින් අහපි “උඹට මම කියන දේ තමා කරන්න බැරි වුණේ ඔය කෙල්ල කියාපු ගමන් සුටුස් ගාලා පිලිගත්තේ”

    කැමතියි

  29. අපේ අලුතින් පවුල් වෙන අයට හොඳ පාඩමක් නවම්ගෙන්..

    කැමතියි

  30. කථාව ඇත්ත නවම් සහෝ… මමත් පවුල් කන්නේ ඔය තියරියෙන්ම තමා… පවුලකට පිරිමියෙක් ගෙන් කෙරෙන්නේ ආරක්ෂාවත්, ආර්ථික සුරක්ෂිතතාවයත් විතරයි… පවුල බැඳලා තියාගන්නෙ ගෑනි. ඔය ටික අමාරුවේන හරි තේරුම් ගන්න එක පිරිමි අපේ ඇඟට ගුණයි…

    චූටි මැණිකේ එහෙම මේක බලන්නැතුව ඇති මගේ හිතේ…:P 😛 😛

    කැමතියි

  31. වේගවත් අත්පොලසන් නාදයක් !!!!
    මරු පවුල් කෑමක් !!!

    කැමතියි

  32. නවම් , පවුල් කන හැටි කියල තියෙන විදියනම් අපුරුයි. හැබැයි ඉතින් අපේ රටේ සමහර අම්මන්ඩිලත් එක්කනම් ඔය සෙල්ලම් කරන්න අමාරුයි.

    කැමතියි

  33. wooooow hariyata hari okathamai math kiyanne. harima nihathamani. nambu denna ona nambu ganna. e wagethamai gedara gaanita hondin salakuwama e gaani deviyanta wage salakanawa.

    කැමතියි

  34. පින්ග්කිරීම: ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ? | නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: