තදියම

බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං….
කෙල්ලො පේලියම එකහඬින්
දාඩියපොල්ල දෙකංසෙන් විතරක් නම් මදෑ දෙපරන්දෙත්
ඔය මදෑ කෙල්ලේ නවත්තපං
සපත්තුවට කැපිච්ච කකුලත් ඇදුං කනව තැම්බිලාම.
ඒ උලව් අස්සෙ ෆ්ලෑෂ් ඇස් උගුල්ලන්න හදනව
ඇති යකුනේ ඔය කියෙව්වා
උදේ පහට නැගිට්ටෙ මහන්සියි, නිදිමරන්නත් තියනව.
තං තේජසා බවතු මේ ජය මංගලානී…
ආ …. එහෙනං කමක් නෑ.

Advertisements

59 Responses to තදියම

  1. ඇත්ත කතාව ඒ මේ ඔක්කොම කරන්නේ තියෙන ආසාවටනේ නවමෝ 🙂

    කැමතියි

  2. සෝරෝ says:

    //උදේ පහට නැගිට්ටෙ මහන්සියි, නිදිමරන්නත් තියනව.\\

    හොහ් හොහ් හොහ්… 😀

    කැමතියි

  3. දුකා says:

    ඇයි අර 8 කියලා දාලා තියෙන්නේ . . 8 වෙනි විවාහ සංවත්සරේද?
    කීය හරි කමක් නෑ . . .

    කැමතියි

  4. calhara says:

    හැමෝම නලුවෙක් නොවුනත් ජීවිතේ එක පාරක් හරි රඟපාන දවස තමා ඕක ……….
    කොහොමද චූන් එක කැමරාමන් කියන කොට,
    චුට්ටක් හිනා වෙන්න ……
    දැන් ඉඹින්න ……..
    කරේ අත දාගන්න ………
    යන්තං හේත්තු වෙලා ඉන්න ………
    කේක් එක කපන්න එපා කපන්න වගේ ඉන්න ………

    කැමතියි

  5. එක දවසක් ඉවසපන්කො….. සින්නක්කර ලියපු එකේ

    කැමතියි

  6. අඹයා says:

    “නිදිමරන්නත් තියනව” හේ හේ හේ හේ හේ හේ හේ 😀

    කැමතියි

  7. අම්මප නවම් අයියෙ මේක බැලුවම තමයි ඔය ටික කම්පනාවට ආවෙ…:D

    කැමතියි

  8. දුමී says:

    ඔව් බං….! දැන් මතක් වෙනකොටත් ඇඬෙනවා. ඔය කිව්වා වගේ වෙඩිම දවසේ අම්බානෙකට රඟපාලා, නටලා, ස්වෝස්ත්‍ර අහලා, ෆොටෝ වලට ඉඳල කකුල් කඩෙත්තුව හැදිලා මගුල් දවසේ රෑ බුෆේ එකට වග කියලා එළි වෙනකං දෙන්නත් එක්ක ගොරෝ ගොරෝ බුදිය ගත්තා…..!

    කැමතියි

  9. Observer says:

    //උදේ පහට නැගිට්ටෙ මහන්සියි, නිදිමරන්නත් තියනව//

    නිදි මරන්නෙ අහවල් එකටද? චූ කොරල ගිහින් නිදා ගත්ත නං ඉවරනෙ.

    කැමතියි

  10. හරියට කලින් මොකුත් නොකළ උන් වගේ.. නිකම් මුකුත් අහන්නේ නැතුව ඔය ඔබා කියන්න වගේ හිටිං මලයා..

    කැමතියි

  11. uwiniran says:

    කවදා හරි දවසක ඔව්වා එඩිට් වෙයි…….

    කැමතියි

  12. N.S.A. Niriella says:

    මාර දුක හිතෙන සීන් කෝන් එකක්….

    //තං තේජසා බවතු මේ ජය මංගලානී…//

    ඒ හින්ද මිසක්……

    කැමතියි

  13. දැන් නං හෙනම ප්‍රබුද්ධයි!
    henryblogwalker the Dude

    කැමතියි

  14. බඳින දවසේ වෙච්චි එව්වා වෙන්න ඇති…

    කැමතියි

  15. සහතික ඇත්ත..මමත් හිට්ය නෙ එක දවසක් දෙවනි එකාට රජ ඇදුම් ඇඳගෙන..ඒ ඔක්කොම කරලත් අන්තිමට ඒ මගුලත් කැඩුන නෙ…

    කැමතියි

  16. සිරාවට බං . . . හෝල් එකේ දවසම තෙපරබාල . . . නුවරටම යනකං ඉවසන්නත් උනානෙ

    කැමතියි

  17. පූසා says:

    අප්පේ බෑ බෑ බඳින්න බෑ පන්නං ආවනම් හරි! 😀

    කැමතියි

  18. අපිටත් දවසක මේ ටික ගායනා කරන්න වේවි නේද ?

    කැමතියි

  19. උදේ 5 ට… මම හිතුවා ඊට කලින් නැගිටින්න වෙයි කියල… අනේ නයිට් මෙයා එකක් බන් ඕක මට නම්… මතක් වෙද්දි ඇග කීරි ගැහෙනවා.. මාස කීයක වියදමද… අයියෝ…

    කැමතියි

  20. Ravi says:

    නවං ගොයියො…..ඒ බාං මොකෝ අර නිදි මරන කතාවක් කිව්වෙ…..

    උඹ මඟුල් දා රෑත් යනවයි මල ගේකවත් පාළු කපන්න……..ශෙහ් අන්තිම කැත වැඩේ බං මෙහෙම දවසක වත් ගෙදර ඉඳහංකො…..චූටි මැණිකෙ උනත් ඉතිං මොන තරං බලාපොරොත්තු කන්දරාවක් පොදි බැඳගෙනද උඹ එක්ක එන්න ඇත්තෙ…අම්මප බොරුද මම කියන්නෙ…….හා, කියාපං….

    කැමතියි

  21. පුදුම දුකක් විඳින්න තියෙන්නේ. හික්ස් 🙂
    පැනලා ගියා නම් අහවරයි නේ.

    කැමතියි

  22. මමත් පණ බයේ බං හිටියේ. පාන්දර දෙකේ ඉඳන් නැගිටලා. කන්නත් බෑ. රෙඩ්බුල් එකක් ගහල හිටියේ. බය වුනේ කලන්තයක් වත් දායි ද කියල. අම්මල අප්පල මොනා හිතයිද?

    කැමතියි

  23. math poruwa uda hitiye ambari amberi mokada adi usa dagena. kawethnaha sariyata hade nathiwei kiyala yantham ape naana genath dunnu beema veeduruwa beewa. hondawelawata kalanthe damme naha nathinam eya hithai yako matath horen meki kohe gihinda kiya ,apo ayenam magul onenaha kiyala hithuna.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: