මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද ? හෙහ් හෙහ්..

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය..

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද ?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

අඩෝ දිලිප්… මොනාද යකෝ ඔය අනුරාධයත් එක්ක කොරන්නෙ ඈ … උඹට නිශා එක්කං එන්න බැරිවෙච්ච එකේ පාඩුව උගෙන් පිරිමහනනවද … ? පිටිපස්සෙ සීට් එකේ ඉන්න දමයන්ත කෑගහනව.

ඒකත් බැරි නෑ බං.. ඒත් මූ ඇඹරෙනවනෙ හෙට අනිද්ද බඳින්නයි ඉන්නෙ කියල හෙහ් හෙහ්………

හෙහ්.. එහෙමයි කියල උඹ පස්සගහයි.. අපි නොදන්නවැයි උඹෙ වැඩ.. ඉඳා මෙන්න මේක කාපන්… සෑන්ඩ්විච් පාං මල්ලක් ඔළුවට උඩින් අල්ලපු අමිල කිව්ව.

ඉතිං මල්ලි කියාපංකො මොකද කීයල ඔ‍ෆිස් එකේ අවුල ? මල්ලෙන් ගත්තු සීනිසම්බල් පාං පෙත්තක් අනුරාධට දික් කරන ගමන් දිලිප් ආයෙම කතාව පටන්ගත්ත.

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද ?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ.

පින්තූරය ගත්තේ : huckguyett.com

Advertisements

59 Responses to මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

  1. Horrible Bosses ෆිල්ම් එක බලලා තියෙද. අන්න ඒක බලලා බොසාට ගේමක් දුන්න නම් හරි.

    කැමතියි

  2. පුහ්…උඹ ඔහොම කීවට අපි එපායැ වැඩකරන්න…

    කැමතියි

  3. ඇත්ත කතාව අයියෙ.. අපි කරන වැඩේ බොක්කෙන්ම කරන්න ඔනෙ නැත්තම් අපිටමයි කෙල වෙන්නෙ.. පැය 9යෙ ජොබ් එකක් කරල ඉන්න ඔනෙ නම් රජයෙ රැකියාවකට යන්න ඔනෙ.. හැබැයි ඉතින් මුලු ජීවිත කාලෙම එක තැන.. ප්‍රයිවට් සෙක්ටර් එකට ගියාම ඔක වෙනස් කොච්චරද මහන්සි වෙන්නෙ එ ප්‍රමානෙට අපි සාර්ථක් වෙනවා..

    කැමතියි

  4. නියම ලිපියක් නවම් අයිය… අනුරාධ මොඩල් ගොන් යක්කු තමයි වැඩි හරියක් ඉන්නෙ… උන් හිතන් ඉන්නෙ උන් අයින් වුනොත් වැඩ කරන්න වෙන උන් නෑ කියල….

    කැමතියි

    • නවම් says:

      කියන්න ලැජ්ජ නෑ මීට අවුරුදු හතර පහකට කලින් මමත් එහෙමයි හිතාගෙන හිටියෙ. හික් ! මං පොර න්‍යායෙන් ගොඩක් දුර දුවන්න බෑ . ඒවගේම සිස්ටම් එකට ත්‍රෙට් එකක් නම් නිවැරදි මැනේජ්මන්ට් එකක් තියන තැනක ඒ වගේ කෙනෙක් අයින් කරන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.

      කැමතියි

  5. රස්සාවල් කරන තරුණ අයට කියවන්න අපුරු ලිපියක් නවම්.. ඉහල පහළේ දෙපැත්තම ඔය යථාර්තය තේරුම් අරන් වැඩ කරනවානම් බොහොමයක් අමාරු තැන්වලදී දෙපැත්තම බේරගන්න පුළුවන්.. හැබැයි මේ යථාර්තය ආණ්ඩුවේ සමහර ආයතන වලට වලංගු නැහැ..

    කැමතියි

  6. රාජ් says:

    මං හිතුවෙ කැපිලි තියෙන්නෙ රාජ්‍ය අංසෙ කියලනේ. දැං බැලුවම හැමතැනම එකයි.

    කැමතියි

  7. dishan83 says:

    හොද ලිපියක් අපි හිතන විදිය වෙනස් වන්න ඔනෙ.

    කැමතියි

  8. udaraya says:

    කියන්න නම් ලේසි ය. නිදා සිටින බොසා ලා අවදි කිරීම කළ නොහැක.

    කැමතියි

  9. පූසා says:

    මට මෙව්වා කවදා හරි දවසක වැදගත්වෙයි. මතකේ තියාගන්න ඕනේ! 🙂

    කැමතියි

  10. Mr.Sithi says:

    මටත් 2ක් නෙමෙයි බං හතරක් පහක් අනින්න හිතිලා තියෙන්නේ…

    කැමතියි

  11. සෝරෝ says:

    මමත් අහලා තියෙනවා ගොඩ දෙනෙක් තමන්ගේ බොසාලා එක්ක ඇරගන්නමයි යන්නේ.. හැබැයි අනිත් පැත්තෙන් හිතලා බලන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ කියලා.. අපි දෙයක් තීරණය කරද්දී දෙපැත්තෙන්ම හිතලා බලන්නෝන මේ වගේ..

    නියමයි…. එල කිරි ලිපියක්…

    කැමතියි

  12. නවම් says:

    උඹට මේක හරියන්නෙ නෑ බං, උඹ නං උඹේ බොසා එක්ක ඇරගන්නම ඕනෙ. ඇහැක්නං ඌට දෙක තුනක් අනින්නත් ඕනෙ. 😀

    කැමතියි

  13. abeetha says:

    “ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.”

    මේ කථාව සුපිරි මචන්, මේ කතාව ඉස්සෙල්ලාම මම කියෙව්වේ “පයට පෑගෙන දූවිලි” කියන පොතෙන්.. එද ඉඳන් මම ඔය කථාව එලෙසින්ම අනුගමනය කරනවා… ප්‍රායෝගික කාරණා නිසා සමහර තැන් වලදි අමාරු උනත් ඉවස්සෙම අතින් ඉදිරියෙන්ම ඉන්න හැකියාවනම් ඔතනින් ලැබෙනවා…. 🙂

    කැමතියි

  14. දුමී says:

    නවම්, දැන් කියපන් උඹේ යටතේ ඉන්න කාටද උඹ ගේම දෙන්න බලං ඉන්නෙ කියලා. පවු යකෝ, තැලෙන යකඩ උඩ පැන පැන තලන්න එපා…!

    කැමතියි

  15. weniwel says:

    හිතන්න යමක් තියෙන කතාවක් නවම්..ස්තූතියි බෙදා හදා ගත්තට

    කැමතියි

  16. නවම්ගෙ කතාව කියවලා මට මතක් වුනා මේ කතාව.

    එක පොරක් ඉන්නවලු ඔය චරිතෙ වගෙ. පොරට එච්චර ගට නැතුවට මූ කීප වතාවක්ම ඉන්ක්‍රිමට් එකක් ඉල්ලලා තියෙනවා බොසාගෙන්. බොසා බෑ කියලා. පස්සෙ මූ මූඩ් ගහලා ඉන්නවා දැකලා යාලුවො මූව චාජ් කරලා. “අඩෝ උඹ ඔය බොසාට තදින් කතාකරපං වැඩේ කරගන්න ඕනෙ නම්.. ඕකා ඔහොම හිටියට බයයි. ”

    ඔන මූත් ගියාලු බොස් ගාවට.

    “යෙස්?”
    “බොස් මම ආවෙ මේක හොඳින් හරි නරකින් හරි බේරා ගන්න.”
    බොසා හරි බරි ගැහිලා ඉඳගත්තලු.
    “මොකක්ද?
    “මට රුපියල් දෙදාහක ඉන්ක්‍රිමන්ට් එකක් ඕනෙ නැත්නං…”
    කියලා මූ ශර්ට් අත් දෙකත් උඩට ඇද්දලු.
    “නැත්නං? ඇයි නැත්නං තමුසෙ මොනවා කරන්නද කියලා බොසාත් නැගිට්ටලු.
    ” නැන්… නැන්… නෑ සර් නැත්ත. මං මේ පඩියට දිගටම වැඩ කරනවා..අවුලක් නෑ.” කියලා පොර පල්ලං බැස්සලු.

    henryblogwalker the Dude

    කැමතියි

  17. රජයේ වගේ නෙමේ, පුද්ගලික අංශයේ රැකියාවල පඩියට තමන් කරන වැඩ වලට අමතරව බැණුම් කැපිලි කෙටිලි වල වටිනාකමත් එකතු වෙලා එන්නෙ.
    මගේ ඉස්සර ලොක්කෙක් මට දීපු අවවාදයක්.

    කැමතියි

  18. එක දිගට තැනක ඉන්න බැරි, ප්‍රෙෂර් එක දරන්න බැරි උන්ට පැවැත්මක් නෑ. රස්සාවෙදි වගේම පුද්ගලික ජීවිතයෙදිත්.

    කැමතියි

  19. Observer says:

    මට පේන විධියට නවම ලඟදි ප්‍රොමෝෂන් එකක් ගහල…හෙහ්…හෙහ්..

    කැමතියි

  20. malmi says:

    ඔයා මේ ලිපිය දැම්මේ ගොඩක් පරක්කු වෙලානේ. මමත් බොසාට ගේමක් දෙන්න හිතාගෙන අයින් වුන කෙනෙක් තමයි. ඒ මීට අවුරුදු කිහිපයකට කලින්. හැබැයි දැන් හිතට මාර නිදහසක් දැනෙනවා. ගෙදරින් හෙලවෙන්න හිතෙන්නෙ නැහැ. ඇත්තමයි.

    කැමතියි

  21. ලකී says:

    ඇත්ත……මමත් දැකලා තියනවා සමහරු හිතාගන ඉන්නවා අපි හින්ද තමයි කම්පැනිය දුවන්නෙ..අපි අයින් වුනොත් කම්පැනිය කඩා වැටෙනවා කියලා….පිස්සු තමයි..උන් අයින් වුනාම කම්පැනිය උන්ටත් වැඩිය හොඳ එකෙක් හොයාගනියි.අයින් වුන එකා තමයි පාඩමක් ඉගෙන ගන්නෙ..

    කැමතියි

  22. Beetle says:

    මේ වෙනකොට වැඩිම කාලයක් මගේ බොසා වෙලා හිටිය බුවා ගැන මේ… ඌ ඉස්සෙල්ලාම අපේ ආයතනෙට ඇවිල්ලා ඌත් එක්ක මගේ පළවෙනි මීටිම වුණා… තියෙන ගැටලු ගැන හෙන ලොකු ප්‍රශ්ණ පත්තරයක් ම හදාගෙන මම පොරව මීට් වෙන්න ගියේ පැය ගානක් මීටිම ඇදෙයි කියන බලාපොරොත්තුවෙන්… විනාඩි දෙක තුනක්වත් තිබුණ්නැති මුළු මීටිම පුරාවටම ගියේ මේ වගේ දෙබසක්…

    “සර් අද මම ආවේ අපිට තියෙන ප්‍රශ්ණ සේරම ගැන කතා කරන්න.. අපි එහෙනම් පෝස්ටල් ප්‍රොජෙක්ට් එකෙන් පටන් ගමුද..?”

    “ප්‍රශ්ණ ගැන කතාකරලා තේරුමක් නෑනේ බීට්ල්… හෙට ඔයා ඒවට උත්තර අරන් එන්න… අපි ඒවා ගැන කතා කරමු…”

    “හා හොඳයි…”

    “යනකොට දොර වහගෙන යන්න ප්ලීස්…”

    කැමතියි

  23. අවුරුදු හතරක් බොසා යටතේ වැඩ කරලා මටත් පොරව තිත්ත වුණා . ඉතින් මේ පෝස්ට් එක මටම කියලා ලියාපු එකක් වගේ .

    මේකේ තියන සමහර වචන ජීවිතේට අහලා නැතුවට ඇතුලේ තිබුනු කතාව නම් බොක්කට වැදුනා . බලාගෙන යද්දී මමත් හැසිරිලා තියෙන්නේ අනුරාධ වගේමයිනේ

    කැමතියි

  24. මටත් අල්ලපු සීට් එකේ ඉන්න එකාට හොම්බට දෙකක් අනින්න හිතයි පොඩ්ඩක් හිතලා බලන්න ඔනේ ආයෙත්

    කැමතියි

  25. ka2e says:

    අයියෝ අලුත් එකට ගිහිං දෙවෙනි දවසේ තමයි ගේම දෙන්නේ

    කැමතියි

  26. කියවගෙන යද්දි නවම්ටත් දෙකක් අනින්න හිතුනා මේකේ දිගට 🙂
    මොනා උනත් ඇත්ත කතාව එල එල

    කැමතියි

  27. උඩින්ම දාලා තියෙන ෆොටෝ එකත් මරු 🙂

    කැමතියි

  28. මම මේ රස්සාවෙ හිටපු අවුරුදු 7ටම කිසිම බොසෙක් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගෙන නෑ . . එකම එකවතාවකදි මම ප්‍රශ්නයක් ඇදගන්න ඔන්න මෙන්න කියල කියෙද්දි මම ගිහිං මුනගැහුන මගේ මේ රස්සාවෙ පලවෙනි බොස් වෙච්චි දැනට ඇමරිකන් වෝටර් ආයතනයෙ QAM අරුන අයියව. එදා අරුන අයිය දුන්නෙත් මේ උපදෙස් ටිකම තමයි. ඒ උපදෙස් වලට අනුව වෙනස්වෙච්චි QA executive කෙනෙක් විදියට රස්සාව කරපු මම අද දවසෙ QA manager කෙනෙක්.
    මැද කලමනාකරන තනතුරකට ආවම තමා තේරුනේ කලිං ප්‍රශ්න ආව වෙලාවල මම ඒව විසඳගන්න හදපු විදිය මොන තරං නං වැරදිද කියල. අද දවස වෙද්දි කර්මාන්ත ශාලාවක් සියලුම මෙහෙයුම් කටයුතුත් එක්ක පාලනය කිරීමේ හැකියාව සහ ඉවසීම මට ලැබුනෙ අරුන අයිය මට දුන්න . . මේ පෝස්ට් එකේම තියන උපදෙස් ටිකෙන්.

    මොනව උනත් අපිට 100%ක ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙන්නෙ නෑ . . ඒත් ප්‍රශ්න වලදි කලහකාරී වෙන්න හොඳනෑ. මම කලිං වැඩකරපු සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක ප්‍රසාද් ගුනතිලක මහතා (අපිට වඩාත් හුරු විදියට ප්‍රසාද් අයිය) මට වතාවක් ගොඩක් වටින දෙයක් කිවුව. ඒ එයාලට “කාවහරි එලියට දාන්න ඕනෙනං ඒකට උවමනා උනොත් අවුරුදු දෙක තුනක් හරි එයා පස්සෙ පන්නනව . . එකපාර එලියට දාන්නෙ නෑ” කියන එක. ඒ කතාවෙ තේරුං ගොඩක් තියනව.

    තවත් වතාවක මම යාලුවෙක් නිසා ප්‍රශනයක් ඇතිකරගත්ත වෙලාවක ඒ දවස්වල මීගමුවෙ J.P.Fresh Products ආයතනයෙ මෙහෙයුම් කලමනාකරු වන ප්‍රසන්න අයිය බීමකට සෙට් වෙලා මට කියපු දෙයක් තමයි “මල්ලි, හොඳට මතක තියාගනිං උඹල, අපි, මේ හැමෝම පැය අටේ යාලුවො. අද ඒ යාලුවෙක් වෙනුවෙං පෙනී ඉන්න ගිහිල්ල උඹේ ජොබ් එක නැතිඋනොත් . . ඒ යාලුව උපරිම මාස දෙක තුනක් උඹට කෝල් කරල සැප සනීප අහයි, එච්චරයි. ඒ නිසා පැය අටේ යාලුකං වෙනුවෙං රස්සාව බිල්ලට තියන්න එපා” කියන එක.

    ඔය පාඩං ටික මම ජීවිතේ ඉගෙනගත්ත හොඳම පාඩං ටිකක්

    කැමතියි

  29. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    මම මෙතනට ඇවිත් තියෙන්නේ පරක්කු වෙලානේ. කමක් නෑ, මේ වටින ලිපියේ කියලා තියෙන කාරණා වලට අදාළව මම අහලා තියෙන කියමනක් මෙතනදී ඔයාලත් එක්ක බෙදාගන්න මගේ පමාව බාධාවක් වෙන්නෙ නෑනේ, නේද නවම් අයියේ. මෙන්න මේකයි ඒ කියමන.

    “If you work for a man, in heaven’s name work for him. If he pays you wages which supply you bread and butter, work for him; speak well of him; stand by him, and stand by the institution he represents. If put to a pinch, an ounce of loyalty is worth a pound of cleverness. If you must vilify, condemn, and eternally disparage, resign your position, and when you are outside, damn to your heart’s content, but as long as you are part of the institution do not condemn it. If you do that, you are loosening the tendrils that are holding you to the institution, and at the first high wind that comes along, you will be uprooted and blown away, and will probably never know the reason why.”

    ~ Elbert Hubbard

    කැමතියි

  30. බියර් බෝතලේ දේශනාව වගේම තමා.. එල නවම් අයියේ

    කැමතියි

  31. gataluwak diha balana hati,ewata dunnu visadum hari apuruwata kiyala thiyenawa. harima wadagath . thanks Nawam.

    කැමතියි

  32. නිර්නාමික says:

    lokkoth dawasaka poddange sapaththu walata bahala balanna one nikamata hari

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: