මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක්

“මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !”

මෙහි නිදුක යනු කුමක්ද ?

“නිදුක” යනු “අලප්ඩියුසි” වැනි හුදු වචනයකි.  “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “අලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “අලප්ඩියුසි” යනු මෙය යැයි කිසියම්ම දෙයකය ඈඳා නොමැති නිසාය. අවැසි නම් පාං පිටි බෝලයකට කැරට් අලයක් ඔබා පුච්චා ඒ නම තැබිය හැක. එතැන් පටන් ඔබ “අලප්ඩියුසි” හඳුනයි.

එසේ යමෙකට ඈඳා “නිදුක” යනු මෙය යැයි අපි උගෙන ඇත්තෙමු. ශබ්ධාර්ථයෙන් ගත්කල එහි සරළ අර්ථය “දුකෙන් ඈත්වීම හෝ දුක නැතිකිරීම” ට ආසන්න එකක් විය හැක.

“බල්ලාගෙන් ප්‍රවේසම් වනු”, “දුම්රියෙන් ප්‍රවේසම් වෙනු” යනුවෙන් දැන්වීමක් දු‍ටුකල අපි ප්‍රවේසම් විය යුත්තේ “බල්ලාගෙන්ය”, “දුම්රියෙන්” ය යනුවෙන් අවබෝධයක් ලැබේ. එහි ගැටළුවක් නැත. අප බල්ලා හා දුම්රිය යන ඇඟවුම් පදවලින් අදහස් කරන්නෙ මේවාය යන්න දැන සිටිමු.

එසේම දුකෙන් මිදීමට නම් අප “දුක” යනු කුමක්දැයි අවබෝධයකින් යුක්ත විය යුතුය. මිදෙන්නේ කෙසේදැයි අදහසකින් සිටිය යුතුය.

අතපයක වේදනාව, හිසේ ඇම්ම, පපුවේ කැක්කුම, ආදී රෝග පීඩාවක් දුක විය හැක, එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතිය ගේ වෙන්වීයාම දුකකි, දරුවන් වෙන්වීයාම දුකකි, ලබැඳියන් මියයෑම දුකකි, බලාපොරොත්තුවූ වැ‍ටුප් වර්ධක නොලැබීයාම දුකකි, බඩුමිල වැඩිවීම දුකකි, ඉන්ධන මිල වැඩි වීම දුකකි…….. මෙවන් දුක් තව අටෝරාසියකි.

ඕන ඔට්‍ටුවක්, ඔබයි මමයි දන්නේ මෙවන් සිල්ලර දුක් පමණි.

සිල්ලර දුක් ?

ඔව්, මෙය සිල්ලර දුකක් යැයි ගැ‍ඟෙන්නේ සමස්ථ ජීවිතයම දුකක්යැයි අප උගෙන ඇති හෙයිනි. කට පාඩම් කල ගිරවුන් මෙන් “ජීවිතය දුකයි” යනුවෙන් මහ ලොකුවට කීවාට එය එසේමදැයි අප කිසිවෙක් [කිසිවෙක් = මෙය ලියන මම සහ කියවන ඔබ] සොයා නැත. එනමුත් “ජීවිතය දුකක් – එය අප දන්නවා” යැයි අප සිතට ඇඟවීමක් ලබා දී ඇත්තෙමු. එපමණකින්ම සැනසී අප ජීවත්වෙමු.

එතනින් එහාට ගිය “දුකක්” පිළිබඳව වැරදී හෝ අවබෝධයක් ඇති අයෙක් වෙතොත් ඔහු හෝ ඇය මේ බ්ලොග් සටහන කියවන්නේ නැත. එය වගකීමෙන් කිවහැක.

නැවතත් අප “නිදුක් වෙත්වා” වෙත යමු.

එහිදී ඔබ “මා නිදුක් වෙත්වා” යන්නෙන් ප්‍රාර්ථනා කරනුයේ ආසන්නතම දුකෙන් මිදීම විය හැකිය. එහෙමත් නැත්නම් මා කලක් කලාමෙන් මෙලෝ දෙයක් නොසිතා ඔහේ කියන්නං වාලේ හිස් සිතින් “මම නිදුක්වෙත්වා” යැයි කියනවා විය හැක. යම් දුකකින් අත්මිදීම අරභයා එසේ පතන්නේ නම්, එය ඉහත විස්තර කල දුක් ගොන්නෙන් එකක් ව්ය හැක. හුදු ප්‍රාර්ථනවකින්ම පමණක් ඔබට සහ මට සුළු හෝ එවන් දුකකින් මිදිය නොහැක. එම දුකෙන් මිදීමට ක්‍රමයක් සොයාගත යුතුය.

උදාහරණයක් ලෙස ඔබගේ වත්මන් දුක අසනීපයක් නම් ඔබ බෙහෙතක් ගතයුතුය. වෛදවරයෙක් හමුවට යායුතුය. එසේ නොමැතිව බද්ධපර්යංකයෙන් සිට “නිදුක් වේවා – නිදුක් වේවා” යැයි සිතීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්වීමකට ඉඩක් නොමැත. මෙහිදී “සාර්ථක” යනුවෙන් විශේෂණ පදයක් එක් කලේ මිමිනීමකින් එම මොහොතේ අවධානය රෝගයෙන් ඈත්වී මඳ අස්වැසිල්ලක් ලැබීමට ඉඩක් ඇතිවිය හැකි නිසාවෙනි.

එහෙමත් නැත්නම් ඔබේ දුක දරුවාට සුදුසු පාසැලක් සොයාගැනීමට නොහැකිවීම විය හැක. එවිටද ඔබ මුමුණ මුමුණා සිට පලක් නැත. පාසැලක් සොයා ගත යුතුය. එහි ක්‍රමය පිළිබඳ ඔබට ගැටළුවක් නැත. ඔබට අවැසි වී ඇත්තේ දුකින් මිදීමය.

ඔබ සිතැඟි පරිදි යම් යම් දේවල් ඒ ආකාරයෙන් සිදුනොවීමද දුකකි. අශාවන් ඉ‍ටුනොවීමද දුකකි, බලාපොරොත්තු කඩවීමද දුකකි.

එම සිතැඟී, ආශාවන්, බලාපොරොත්තු සැම විටම “හොඳ” යැයි සමාජ සම්මත දෑම වීමේ නියමයක් නැත. සමාජ විරෝධී ආශාවන් හා බලාපොරොත්තුද යමෙකුට තිබිය හැකිය. එවන් දෑ ඉ‍ටුවී දුක නැතිවීමක්ද බලාපොරොත්තුව ?

“මම නිදුක්වෙම්වා” යෙන් නොනැවතී “සියළු සත්වයෝ නිදුක් වේවා” යැයිද පතමු.

සියළු සත්වයෝ දුකින් තොරවෙත්වා යන්න එහි සරළ අර්ථය විය යුතුය. මේ සියළු සත්වයෝ යනු අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, බිරිඳ, සැමියා, ළමුන්, බල්ලන්, පූසන්, හරකුන්, ඌරන්, කුකුලන්, මීයන්, මාළුන් මැස්සන් ඇතුළු මුළුමහත් සත්ව ලෝකයමය. එසේ නොමැතිව “සියළු මිනිස් සත්වයෝ නිදුක්වේවා” යැයි කිසිවෙකු පවසනවා මා අසා නැත.

හුදු මන්ත්‍රයක් ජපකිරීමකින් එහා ගිය සියළු සත්වයන්ගේ නිදුකට හේතුවන කිසියම්ම ක්‍රියාවක් කිරීමට ඔබ පෙළඹේද ?

නිවැසියන්ගේ දුක නැතිකිරීමට ඔබ කුමක්නම් කරයිද? හරකාගේ, බල්ලාගේ හූනාගේ, කුකුලාගේ මරණ දුක නැතිකිරීමට ඔබ කුමක් කරයිද ? මදුරුවාගේ කුසගිණි දුක නැතිකිරීමට ඔබ මතුරනා “සියළුසත්වයෝ නිදුක්වෙත්වා” යන්නෙන් උපකාරයක් කරනවාද ? වරදක් කර හිරේ විලංගුවේ වැටී සිටිනා හිරකරුවාගේ “සිරවී සිටීමේ දුකට” ඔබ කුමක් කරයිද ? හොරකමක් කිරීමට නොහැකිව ළතැවෙන හොරාගේ දුකට ඔබට යමක් කල හැකිද ? සිංහයාගේ කුසගින්නෙන් පසුපස එළවාගෙන යන මුවාගේ මරණ බිය නම් “දුක” සමණය වීමට නම් අභය ලැබිය යුතුය. එවිට සිංහයාගේ කුසගින්න නම් “දුක” ට කුමන ප්‍රතිකර්මයක්ද ?

ඕං මං අද මෛත්‍රී කලා යැයි සිතා පැත්තකටවී එරමිණියාගොතාගෙන ඔබ ඔබ විසින්ම රවටාගැනීමකට ලක්කරමින් අනුන්වද රවටමින් සිටිනවාද ?

Advertisements

36 Responses to මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක්

  1. Sammani says:

    හිහි “අලප්ඩියුසි” ?

    //ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි //

    ඒක මිසක් …

    කැමතියි

  2. Observer says:

    මූට නං බඩු බනිස් වගේ…පව් අගේට හිටි එකා…තනිකර වැරැද්ද ‘නිදහස් සිතුවිලි ‘ [රවිගෙ]

    කැමතියි

  3. පූසා says:

    සහතික ඇත්ත නවම් අයියේ…… බොහෝ අය(මමත් ඇතුළුව) අකුරු කීපයක් එකතු කරපු වචන දොඩවනවා මිසක් ඒවායේ තේරුම් හොයන්න උත්සාහ කරන්නේ නෑ. වැඩි දෙයක් ඕනේ නෑ හිතන්න සාමාන්‍යයෙන් කෙනෙක්ට ගා‍ථා කොච්චරනම් කට පාඩන්ද කියලා. ඒත් ඒ ඔහේ කියවන දේවල තේරුම මොකක්ද කියලා දන්නේ කීයෙන් කී දෙනාද?

    කැමතියි

  4. Ravi says:

    එම්බා නවමය, තොප නොදැනුවත්වම හෝ කර ඇත්තේ බලවත් වූ වරදෙකි. අලප්ඩියුසිය යනු වර්තමානයෙහි භාවිතා නොවන ත්‍රෝජන බසෙහි ස්ත්‍රී පුරුෂ ලිංගික කර්තව්‍යය හැඳින්විමෙහි ලා යෙදුනු වදනයි. 🙂 🙂

    තොපගේ වියුණුව ගැන පවසන්නේනම් මෙලොව අප විඳිනා සහසකුත් එකක් දුක් වේදනාවන්ට එකතු වූ නවතම සාතිශය වූ දුක නම් මේ මෑතක සිට තොප රචනා කරනා වියුණු කියැවීමයි. 🙂 🙂 ඊට අමතර ඒ දුක ශත සහස් වරකින් වර්ධනය වනුයේ එසේ වීමට සපුරාම වගකිවයුත්තේ මා බව පවසමින් නීරීක්ෂක නමින් පෙනී සිටිනා තෙල පුඟුලා නඟන දෝෂාරෝපනයයි 😦 😦

    කැමතියි

  5. මම හිතන්නෙ නිදුක් වෙම්මා කියන්නෙ දුක් නැත්තෙක් වෙම්මා වගේ දෙයක් වෙන්න ඕනි…ඒ කියන්නෙ අර කියපු සිල්ලර දුක් ඔක්කොම ඇස් දෙක අරින කොට විසඳෙන්න කියනව නෙවෙ…ඒව එහෙම්ම තියෙනව..නමුත් ඒව ඇති කරන දුකෙන් නොසැලී ඉන්න ලැබෙන කියන චේතනාව…මොකො දුක කියන පොදු සීන් එක වටහාගෙන ඒකෙන් පසුනොතැවී ඉන්න සිත හදාගන්න වගේ වෙන්නත් පුලුවන්….

    අනේ මන්ද මම භාවනා කරන කෙනෙක් වත් මේව පරතරෙට දන්න කෙනෙක් වත් නෙවෙ…පොස්ට් එක දැක්කම ඕක ගැන මගෙ ඔලුවට ආපු එක කමෙන්ට් කලා…

    කැමතියි

  6. සීරියස් සීන් එකක් වගේ….ඉස්සර හිටි එකාට මොකද උනේ…..

    කැමතියි

  7. udaraya says:

    වරදක් කර හිරේ විලංගුවේ වැටී සිටිනා හිරකරුවාගේ “සිරවී සිටීමේ දුකට” ඔබ කුමක් කරයිද ? හොරකමක් කිරීමට නොහැකිව ළතැවෙන හොරාගේ දුකට ඔබට යමක් කල හැකිද ? සිංහයාගේ කුසගින්නෙන් පසුපස එළවාගෙන යන මුවාගේ මරණ බිය නම් “දුක” සමණය වීමට නම් අභය ලැබිය යුතුය. එවිට සිංහයාගේ කුසගින්න නම් “දුක” ට කුමන ප්‍රතිකර්මයක්ද ?

    ඕං මං අද මෛත්‍රී කලා යැයි සිතා පැත්තකටවී එරමිණියාගොතාගෙන ඔබ ඔබ විසින්ම රවටාගැනීමකට ලක්කරමින් අනුන්වද රවටමින් සිටිනවාද ?
    මේ කියමන මෝඩ ප්‍රකාශයකි.

    කැමතියි

    • නවම් says:

      “මෝඩ ප්‍රකාශයක් ” ?. ප්‍රකාශනයක “මෝඩ” බව හෝ “නුවණක්කාර” බව තීරණය වන්නේ කුමන පදනමක් මත ද? ග්‍රාහකයාගේ බහුශ්‍රැත භාවය මතද ? සමාජ සම්මතය ඉක්මවා යෑම හෝ නොයෑම මතද ?

      මෙම සටහනේ “මෝඩ ප්‍රකාශයකට” ඇත්තේ එපමණද ? එසේ නැත්නම් මෙය ඇතුළු ඉතිරි සියල්ලමත් “මෝඩ ප්‍රකාශ ද? ”

      එසේනම් මෙහි නුවනක්කර ප්‍රකාශය කුමක්ද ?

      කැමතියි

  8. Gold fish says:

    අපි ජීව්ත් වෙන සමාජයේ ​මෛත්‍රි කරන ඇයෝ ඉන්නවනම් ඒ බොහොම ටිකයි. සමහරු අනිත් අයව අන්දනවා ලස්සනට… අන්ධ භක්තියෙන් පුදාගෙන ඉන්න ඒ මිනිස්සුත් අඳිනවා ඊට වැඩිය ලස්සනට.

    කැමතියි

  9. ඩිලාන් says:

    සික් යස අගේට තිබුනු බ්ලොග් එකක් දැන් කියවන්නත් හිතෙන්නේ නෑ… මෙලෝ මගුලක් මට නම් තේරෙන්නේ නෑ,,පෝස්ට් කීයක් මෙහෙම උනාද

    කැමතියි

  10. මම නිදුක් වෙම්මා, නීරෝගි, වෙම්වා සුවපත් වෙම්වා, නිවම් ලබම්වා.

    මාගේ…..

    සියලු සත්වයෝ, (එහා ගෙදර කසිප්පු මුදලාලියා හැර) නිදුක්වෙත්වා..නීරෝගි වෙත්වා…

    කැමතියි

  11. Sudath says:

    මම නිදුක් වෙම්මා, නීරෝගි, වෙම්වා සුවපත් වෙම්වා, නිවම් ලබම්වා කියන එකත් තවත් ප්‍රාර්ථනාවක් විතරයි.

    ප්‍රාර්ථනා වලින් විතරක් කිසිවක් ලබා ගන්න බැහැ.
    කැමති නම් ප්‍රාර්ථනා නොකර ඉන්න කැමතිනම් කරන්න

    කැමතියි

  12. සාදු!. සාදු!!.. සාදු!!! දැන් නම් පසක් වේගෙන වේගෙන යන අයුරක් දැනේ. මගේ ශරීරය සැහැල්ලු වෙන බවක් දැනේ. මගේ හිස වටා ආලෝක වලල්ලක් විහිදේ.

    කැමතියි

  13. හික් මරු බන්.. උඹටත් මට වගේම පිස්සු.. මම මේක දැක්කේ මම මගේ බ්ලොග් එකේ මෙන්න මේක(http://biththiya.blogspot.com/2012/03/accept-way-of-others.html) ලියල මගේ බ්ලොග් රෝල බලනකොට.. එක වල්ලේ පොල් ද මන් ද..?

    කැමතියි

  14. පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි කියවල ටිකක් වෙලා කල්පනා කලා . . . .

    හරි . . .

    මට තේරුනා . . .

    මට පිස්සු ඕයි . . . !!!

    කැමතියි

  15. අන්තිම ප්‍රශ්නෙට මගෙ මෙහෙම එක්කුත් ඇඩ් කොරන්න තිබ්බා..

    ඔන්න දෙන්නෙක් ඉන්නවා.දෙන්නම බුදු හාමුදුරුවෝ ඉස්සරහට යනවා.බුදු හාමුදුරුවෝ කියනවා එක්කෙනෙකුට ඔයාට නිවන් දකින්න පුලුවන්.හැබැයි ඕනිනම් නිවන් දකින එක මේ අනිත් කෙනාට දෙන්නත් පුලුවන්.හැබැයි එහෙම කලොත් කවදාවත්ම ආයේ නිවන් දකින්න වෙන්නේ නෑ කියලා.ඒ මිනිහා මොකක් කරයිද?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: