ගැහැණු මනුස්සයා

ප්‍රතිනිෂ්පාදනයේදී පිරිමියාගේ කාර්ය කොටස බින්දුවක් තරම්. මේ හීනමාන මානසිකය ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කරල තිබෙනව. පිරිමියා ගැහැණියගේ ත‍ටු කපන්න පටන්ගත්ත. සෑම ආකාරයකින්ම ඇයව සුළු කොට තකන්න, ඇයව හෙලා දකින්න පටන්ගත්ත. [ගැහැණු මනුස්සයා පි:09]

ඔබ දරුවන් දහ දෙනෙකුගේ අම්මා වෙනවා කියල ප්‍රාර්ථනා කරනව. අවසාන වශයෙන් ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ එකොලොස්වෙනි දරුවා උනාදෙන්, ඔබේ සැමියාට මවක් වෙන්න සමත් උනේ නැතිනම් ඔබ සාර්ථක බිරිඳක් වෙන්නෙ නැහැ. මේක හරිම අමුතුයි එහෙත් එහි අතිවිශාල මනෝවිද්‍යාත්මක විදර්ශනාවක් තිබෙනව. මොකද සෑම පිරිමියෙක්ම තම බිරිඳ තුල සිය මව සොයනබවත්, සෑම ගැහැණියක්ම පිරිමියා තුල තම පියා සොයන බවත් මනෝ විද්‍යාව තුලින් කරුණු අනාවරනය කරගෙන තියනව [ගැහැණු මනුස්සයා පි:11]

අද ලෝකයේ ක්‍රියත්මක වෙමින් තිබෙන කාන්තා විමුක්ති ව්‍යාපාර පිරිමියා විසින් නිර්මාණය කල ප්‍රපංචයන්. පුරුෂ නිර්මාණ ප්‍රපංචයන්. ලොව පුරාම සිටින ගැහැණුන්ට ස්වාධීන වීම අවශ්‍යබවට ගැහැණුන් පොළඹවාගැනීමට පිරිමියා උත්සාහ කරනව. පිරිමියා සහ ගැහැණිය අතර සමනාත්මතාවයක් තිබිය යුතුයි කියල පලමුවෙන්ම කතාකරන්න පටන් ගත්තෙ පිරිමියෙක් මිස ගැහැණියෙක් නෙමෙයි. අතීතයේදි ගැහැණිය පිරිසිඳු ජීවියෙක්, දේවදූතිකාවක් යැයි සිතන්න ඔවුන් පොලඹවාගත්තා. පිරිමියා අපිරිසිඳුයි, කොල්ලො කොල්ලොමයි නමුත් ගැහැණු ? පුරුෂයා ඇයව දේවත්වයේ තබා ඔසවනවා; ඒ ඔහු ඇයව පාලනයට යොදන විජ්ජාවක්. ගැහැණිය ඉහල ස්ථානයක සිටීමෙන් හිතන්න ගත්තා තමන් දේවත්වයේ කියල. ඇයට බැහැ මිනිස්සු කරන දේ කරන්න. මොකද එය ඇගේ මමත්වයට එරෙහිව යන නිසා. ඇය තමයි මව, ඇය තමයි දේවත්වය. ඇයට පුරුෂයාට වඩා දේව ගුණයන් තියනව. පිරිමියා කැතයි, අසංවරයි, පිරිමියාට සමාව දියයුතු වෙනව [ගැහැණු මනුස්සයා පි:32]

ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. එය එයින් දුක් වින්දා. ඒවා දරාගත්තා. ඈ එයට එකඟ වෙන්නේ එය ඇගේ වගකීමක් වුණ නිසා; ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා. ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ ? එහි ඉතාම අභ්‍යන්තර හේතුව, ඔවුන්ගේ බඹසර කමයි පූජනීයත්වය සනාත කරන දෙය. ඇගේ සැමියාට ඒ ආකාරයට ගරු කරන්න ඇයට බැහැ. [ගැහැණු මනුස්සයා පි:50]

මිනිහා විසින් සොයා ගනිපු ඉතාම අප්‍රසන්න ආයතනය තමයි විවාහය. ඒක ස්වාභාවික නැහැ. ඒක සොයාගන්නේ එහිදී ඔබය ගැහැණිය යටත්කරගන්න පුළුවන් නිසා. ඔබ ගැහැණියට සලකමින් සිටියේ ඉඩම් කබැල්ලක් නැත්නම් මුදල් නෝට්‍ටු ටිකකට වගේ. ඔබ ගහැණිය භාණ්ඩයක තත්වයට ඇද දැම්මා. මතක තබාගන්න ඔබ ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් භාණ්ඩයක තත්වයට ලඝු කලහොත් ඔබවත් ඒ තත්වයටම ලඝු කරනව. ඔබට පු‍ටුවකට කතාකරන්න හැකිනම් ඔබත් පු‍ටුවක් [ගැහැණු මනුස්සයා පි:55]

ලෝකයේ සියළුම ආගම් උපත් පලන ක්‍රම වලට විරුද්ධයි. ඔවුන් පෙත්තට විරුද්ධයි, ගබ්සාවට විරුද්ධයි. එහි අර්ථය වෙන්නෙ ගැහණිය දියටම ජීව විද්‍යාත්මකව වහල් භාවයේ සිටිය යුතුයි යන්නයි. ඇගේ ශක්තිය දිගටම වැය වෙන්නෙ අනුකාරක ජනයා බිහිකරන්නයි. [ගැහැණු මනුස්සයා පි:148]

ඔබ මලක් දෙස බලනවානම් “කොයිතරම් සුන්දරද” කියල කියාවි. ඔබ මිනිහෙක්ගෙ, ගැහැණියකගෙ ලස්සන මුහුණ දිහා බැලුවොත් මිනිස්සු කියාවි “ඒකනම් කෑදරකම” කියල. ඔබ ගසක් ගාවට ගිහින් එතන සිටගෙන මලක් දේසට පුදුමයට පත්වී බලා සිටියහොත් මිනිස්සු හිතාවි ඔබ කවියෙක් නැත්නම් සිතුවම් අඳින්නෙක් කියල. එහෙම නැත්නම් යෝගියෙක් කියල. ඔබ පිරිමියෙක් නැතිනම් ගැහැණියෙක් වෙත ගිහිල්ල දැඩි ගෞරාවයකින්, පූජනීයත්වයක් දක්වමින් එම ගැහැණිය වෙත යොමාගත් ඇස් හොඳින් විවර කරලා ඇයගේ මුහුණේ ලස්සන උරාගනිමින් පසුවුනොත් පොලීසියෙන් ඔබව අල්ලාගෙන යන්න ඉඩ තියනව. එවිට කවුරුත් කියන එකක් නෑ ඔබ කවියෙක්, යෝගියෙක් කියලා [ගැහැණු මනුස්සයා පි: 154]

මම හිතන්නෙ නැහැ එකම මිනිහෙක්වත් ගැබ්ගන්න කැමති වෙයි කියල. කිසිම සැකයක් නැතිව ඔහු සියදිවි නසාගනීවි. ඔහු තට්‍ටු පනහක් උස ගොඩනෙගිල්ලක් උඩ ඉඳල බිමට පනීවි. – ගර්භණීද ? නිකං හිතන්න ඔබේ බඩේ දරුවෙක් ඉන්නවා කියල. ඔබට පිස්සු හැදේවි. එහෙත් දැන් කොහොමද එය පලවාහරින්නෙ. මවක් කොතරම් විශාල දුක් වේදනා තුලින්ද මේ දැවැන්ත පරිත්‍යාගය කරන්නෙ. [ගැහැණු මනුස්සයා පි:184]

පොත : ඕෂෝ සංවාද – ජීවිතයට ඉඩදෙන්න 02 – ගැහැණු මනුස්සයා
පරිවර්තක: ජෝ සෙනවිරත්න
ප්‍රකාශනය : සරසවි
මිල : රු 290.00

Advertisements

37 Responses to ගැහැණු මනුස්සයා

  1. එකඟ විය හැකි නොවිය හැකි දෙකම තියෙනවා. ඒකනෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
    දැන් ඔය අනිත් එකා ඉස්මතුවෙන්නෙ කවදද නවම්?
    henryblogwalker the Dude

    කැමතියි

  2. “ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. එය එයින් දුක් වින්දා. ඒවා දරාගත්තා. ඈ එයට එකඟ වෙන්නේ එය ඇගේ වගකීමක් වුණ නිසා; ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා. ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ ? එහි ඉතාම අභ්‍යන්තර හේතුව, ඔවුන්ගේ බඹසර කමයි පූජනීයත්වය සනාත කරන දෙය. ඇගේ සැමියාට ඒ ආකාරයට ගරු කරන්න ඇයට බැහැ. [ගැහැණු මනුස්සයා පි:50]”

    මේක සත්‍යය නෙවෙයි කියල අපි ඔක්කොම දන්නවනේ !

    කැමතියි

  3. අනේ බුදු නවම් අයියෙ මම මේ කතා කරන්නෙ අර ඉස්සර හිටපු එකාට බුදු නවම් අයියෙ වරෙන්කො ඇවිත් පරණ විදිහට පෝස්ට් ලියපන්කො. මගෙ ඔලුව කුරුවල් වෙනව බං මේ සම්භාව්‍ය එව්වා කියවලා.

    කැමතියි

  4. maathalan says:

    ඕශෝ දර්ශනයෙත් ගත යුතු දේ වගේම ඉවත දැමිය යුතු දෑත් බොහෝයි…

    කැමතියි

  5. Anonymous says:

    අප කරන ලොකුම වරද තමයි ගැහැණිය හා පිරිමියා සම කර සැලැකීම. ගැහැණිය හා පිරිමියා ශීරීරිකව සමාන නැහැ වගේම ඔවුන් මානසිකවත් සමාන නැහැ. ඔවුන් විඳින නොවිඳින දේවල් සමාන නැහැ. ලොකු බඩක් මාස ගාණක් උස්සගෙන යන්න කිසිම පිරිමියෙක් කැමැති නැහැ. නමුත් ගැහැණිය පරිනාමය වී තිබෙන්නේ එය කරදරයක් නොව වින්දනයක් සේ හැඟෙන පරිදි එනිසා පිරිමියාට වගේ ගැහැණියට ඒකෙ අමාරුවක් නැහැ. ආගමික තහංචි ගත්තත් ඒවාට වැඩියෙන්ම කැමැති ඒ ඒ සමාජ වල ගැහැණු මිස පිරිමි නෙවෙයි.

    කැමතියි

  6. රාජ් says:

    පොත ගැනනං කියන්න තියෙන්නෙ බොරු වලින් පිරි පල් හෑල්ලක් කියලයි. බොරු වලින් පිරිච්ච මේවගේ පොත් මම නං කියවන්නෙවත් නෑ.

    කැමතියි

  7. Gold fish says:

    පොත කියවන්න නම් අදහසක් නෑ… ඒත් මේ ලියලා තියෙන ටිකනම් මරු…

    කැමතියි

  8. දුකා says:

    අඩේ මේ පොත ගන්න ඕන . . ඕෂෝ ගැන අහලා තිබ්බට කවදාවත් මම කියෝලා තිබ්බේ නෑ . . .

    කැමතියි

  9. Mr.Sithi says:

    අනේ මටනං මේලෝ මල දානයක් තේරෙන් නෑ බං…

    කැමතියි

  10. මට හොඳටම හති දැන් මග ඇරිච්ච පෝස්ට් ටික කියවලා. ඒවා කියවලා ඉවර වෙලා මේක කියෙව්වහම නිකන් කවුරු හරි ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනා.

    මොනව වුනත් පොත අරන් පොඩ්ඩක් කියවල බලන්න ඕනා.

    මේ… අවුරුදු උත්සවයට එනවදෝ…. ගිය පාර වගේ 11.30 යනවදෝ… අපිව දැන්ම දැනුවත් කරන්න. 🙂

    කැමතියි

  11. praveena says:

    අපරාදේ කියන්ට බෑ හොඳ පොතක්. :D:D:D

    //ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. //
    //ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා.//

    මේවාට නම් එකඟ වෙන්ට බෑ.

    //මම හිතන්නෙ නැහැ එකම මිනිහෙක්වත් ගැබ්ගන්න කැමති වෙයි කියල. කිසිම සැකයක් නැතිව ඔහු සියදිවි නසාගනීවි. ඔහු තට්‍ටු පනහක් උස ගොඩනෙගිල්ලක් උඩ ඉඳල බිමට පනීවි.// :D:D:D

    කැමතියි

  12. abeetha says:

    ගොඩාක් දේවල් වලට එකඟ වෙන්න බෑ නවම් මේකේ… පොත කියවපු ගමන් පොතේ මානසිකත්වයෙන් නොබලා පස්සේ මැදහත් සිතින් බලහන්කො… එතකොට එකඟ වෙන්න අමාරු තැන් තියෙනවා….

    කැමතියි

  13. හ්ම්ම්.ඒකත් ලෝකෙ දිහා බලන්න පුළුවන් වෙනස් ක්‍රමයක්.ඒත් ඔය මොන විදියට බැලුවත් ඇත්ත පේන්නෙ නැති එක තමයි වැඩේ.

    කැමතියි

  14. Weniwel says:

    තත්පරෙන් තත්පරේ එළඹ සිටි සිහියෙන් ජීවත් වෙලා අත්දකින දේ තුලින් ගොඩනැගෙන පුද්ගලාබද්ධ දර්ශණය තමයි පුද්ගලිකව මම නම් අදහන්නෙ..මේ කියවීම් තුලිනුත් ගත යුතු ස්වල්පය උනත් ගන්නවා..සියල්ලම ගෙඩි පිටින් ආනයනය කරලා ඒවට යට උනොත්..

    කැමතියි

  15. නවම් says:

    කිසිම දෙයක් පිළිබඳව ප්‍රතක්ෂ අවබෝධයක් නැති මට ඕෂෝ කියන්නෙ කෞර්, ක්‍රිශ්ණමූර්ති, අධිකාරම් වගේ සාමාන්‍ය කියවීම් වලින් වෙනස් තවත් කියවීමක්. කිසිම අන්තයකට නොයා මැදහත් විදියට කරන කියවීමෙන් තමන්තුල මෙච්චර කල් ගොඩනැගිච්ච හරපද්ධතිය ප්‍රශ්ණ කිරීමට ලක්කරන්න පුළුවන්. එතනදි ඇතිවන හැම ගැ‍ටුමකටම මම කැමතියි. මොක්ද එතනදි සිද්දවෙන්නෙ දේශනාවක් අවසානයේ “එහෙයි” කියල නිහඬව හිඳීමක් නොවෙන නිසා. තමන් ඇතුලෙ ඇතිවන සෑම ප්‍රශ්ණකිරීමකින්ම ඇතිවන උණුහුම බොහොම අපූරුයි. ඕෂෝ කියන්නෙ මගේ මතයට අනුව 100% නිවැරදි පුද්ගලයෙක් නෙමෙයි. ඒත් එතනදි නොහිතන ප්‍රශ්ණයක් පැනනඟිනව “මගේ මතය” ඇති උනේ කොහොමද කියල. මම කැමතියි ඒ ප්‍රශ්ණෙට. සමහරවෙලාවට ඒ ප්‍රශ්ණෙට කැමති තවත් අය ඉන්න පුළුවන්.

    කැමතියි

  16. arunishapiro says:

    නවම් මල්ලි, මේ කාලේ ගැහැණුන්ට පිරිමි වෙන්නත් පිරිමින්ට ගැහැණු වෙන්නත් හැකියාව තිබෙද්දී ඔය අදහස් ආයේ වෙනත් විදියකින් අහන්නත් වෙයි !!!

    Miss Universe Organization එකේ ප්‍රධානියා ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන ඊ ළඟ පැජන්ට් එකේ දී පිරිමියෙක් වෙලා ඉපදිලා කාන්තාවක් බවට හැරුණු Jenna Talackova ට අවසර දුන්නා ය කියන්නෙ තරඟයට ඉදිරිපත් වෙන්නට.

    රූප සුන්දරී තරඟ වලට පිරිමි ගෑණු වෙලා ආවම …. යකඩයා තරඟ වලට ගෑණු පිරිමි වෙලා ගියාම … ඉස්සරහ දවසක දී පිරිමි ද ගැහැණු ද යන්නට ඇති සැලකිල්ල නැතිවෙලා යාවි ද?

    කැමතියි

  17. sAm sRi says:

    මෙතන කියවෙන //ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ// කතාව ගැන ම‍ේ මෙහෙම අදහසක් තියෙනවා.

    මේ කියන ලිංගිකත්වය ඇයව තලා පෙලා දමන එකක් වෙන්න ඇති. නැතිව ගැහැනිය – පිරිමියා ආදරයෙන් ලබන එකක් නෙවේ. අතීතයේ වෙන්න ඇති ද‍හ දොලොස් දෙනෙක් එක්ක ඉන්න එක. ඒක ගැන තමා රචකයා කියනව ඇත්තේ. එහෙමත් නැත්තං අතීත භාරතයේ තිබ්බ කේස් වෙන්ට ඇති. ඒකයි කාන්තාව අකැමැති වෙන්න ඇත්තේ.

    කැමතියි

  18. මහ දවාලේ, ගිණී රස්නේ මේක කියවලා මට නිකං පිස්සු වගේ… !!!

    හැබැයි නවම්ගේ අදහසට මමත් එකඟයි. තමන්ගේ සිතුවිලි එක්ක එකඟ නොවෙන අදහසක් එක්ක අභ්‍යන්තර ගැටුමක් හදාගත්තම තමන්ගේ දර්ශණය පොඩ්ඩක් වෙනස් පැත්තකට යන්න පුළුවන්. ඒ වගේ හිත දෙපැත්තට බෙදිලා කරන තර්කයකදී ගොඩක් වෙලාවට වෙන්නේ අන්තවාදීව බලපු දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන එක !!!

    කැමතියි

  19. Ruka says:

    මාත් ආසයි නවම් පරන ලියන විදිහට.ඒත් මෙකෙත් පොඩි ගතියක් තියනවා.
    මටත් සමහර ඒවා ගැන එකග වෙන්න බැහැ..

    කැමතියි

  20. ඊළඟ පොස්ට් එක සිංහලෙන් දාන්ට නවම් 😀 😀

    කැමතියි

  21. අනේ බුදු පුතේ මොනවද මේ උඹ ලියන්නෙ ?????

    කැමතියි

  22. නවම් says:

    ඔෂෝගෙ මතය නවම්ගේ මතයම නොවෙන නිසා ඔහු කියාපු දේවල් නිවැරදියි කියල තර්කනයෙන් සාධනය කරන්න යන්නෙ නෑ. ඒක නිසාම කමෙන්ට්ස් වලට තනි තනි පිළිතුරු දෙන එකත් සාර්ථක දෙයක් නෙමෙයි.

    මම මෙතන ඕෂෝ කියාපු කරුණු කිහිපයක් ගැනම සටහන් කරල තියනව. ඒත් ගොඩක් දෙනා “සුදු කොළයක්” මැද ඇඳපු “කළු පාට තිත” දැක්ක මිසක් සුදු කොලය දැක්ක බවක් පේන්නෙ නෑ. කොහෙ දකින්නද, අපිට පේන්නෙ අපි දකින්න කැමති දේවල් විතරයි නෙ. 😀

    කැමතියි

  23. Ravi says:

    මම උඹේ මේ අනෙකාට කැමතියි නවම් 🙂 තව ටික දවසක් ඌට ඉඩ දෙමු….මොකෝ කියන්නෙ?

    ඕෂෝගෙ පොත් ඔක්කොම වගෙ මම කියවල තියනව. බහුතරයක් ඒ අදහස් වලට එකඟ වෙන්න නම් බැහැ. ඒත් මානසික ව්‍යායාමයක් හැටියට ඒ ගැන දුරට කල්පනා කරන එකේ නම් වරදක් නැහැ 😉

    කැමතියි

  24. podi lamayah says:

    “ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ ?”

    කොහෙද බන් නවමෝ මෙහෙම ගෑනු ඉන්නෙ?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: