හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!!

මොන කරදරයක්ද ගෑණියෙ මේ…. අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ හරිය.. අයෙ නොකිව්වයි කියන්න එපා. නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි කක්ක රෙදි හෝදන්නයි. වලං හෝදන්නයි ….

අම්මප වන්දියක් අරං අයින් වෙන්න ඇහැක්නං මං මෙලහකටත් ගිහිල්ල මේ කොම්පැණියෙන්..

හික්….. !!

හික් ? තව එනවද මට කොචෝක් කරන්නත් ඈ. මං හොඳ වැඩියි. හික්…. !! දෙන්න හිතෙනව හැටක් මූණට

ඔයාටමන ඒකෙත් පාඩුව..

මට ?

ඇයි අනේ මූණ නාළු වෙච්ච ගෑණියෙක් එක්ක ඔයාට පුළුවන්ද පාරක බැහැල යන්න.. හිහ් හිහ්……

ඕන වෙලාවක සිරික්කිය දැම්මම හරියයි. අම්මප මටනං බෑ ඕයි මේ වැඩේ කරන්න. මට මීට වඩා නිදහසක් ඕනෙ.

ඔයාට විකාර අනේ. මොකෝ නිදහසක් නැත්තෙ. දැං ඉතිං යුද්දෙත් නෑ නෙ.

අම්මප මට තමුසෙත් එක්ක එන කෙන්තියක් ….

හිහ් හිහ් හී… දැං ඉතිං ඔයාට මොකද කෙරෙන්න ඕනෙ කියන්නකො…

මට නිදහස් වෙන්න ඕනෙ. මං යනෝ නිදහස හොයාගෙන. හොයාගෙන මිසක් ආයෙ මේ ගෙදරට මං නෙමෙයි අඩියක් තියන්නෙ.

අනේ මට බෑ තනියම පොඩි එකත් එක්ක මේ ගෙදර ඉන්න. මාව අම්මලයි ගෙදර ඇරලවල ඕනෙ තැනක ගිහිං එන්න.

මෙච්චර කල් උන්න එකේ එදා දවසත් අමාරුවෙන් ඉවසගෙන ඉඳල පහුවෙනිද උදේම ගෙදර උන්දැයි ළමයි අපේ අම්මලයි ගෙදරට පටෝල මං ගියා නිදහස හොයාගෙන.

අර කොහෙද යන්නෙ ?

නිදහස හොයාගෙන යනවයි කියන්නෙ අම්මෙ…..

තාම හෙනහුරා.. ඇවිද්දෝනව.. ඕව වලක්කන බෑ දුවේ.

නැන්දම්මයි ලේළියි දොරකඩ ඉඳං කතාවෙනව මට යාන්තමට වගේ ඇහිල නෑහිලා ගියා.

***************************************************************

පාරට බැහැල අදට තුන්දොහයි. මුල් දවසෙනං මතකයි නුගේගොඩ. මහරගම, කොට්ටාව, හෝමගම ගොඩගම එහෙම පහුකරගෙන එනව.. ඒත් පස්සෙං පහු නිච්චි නැතුව ගියා කොහේ කොහේද කියල.

හතරවෙනි දොහේ මං නැවතුනේ කොහේ හරි පාළු බස් හෝල්ට් එකක. හැන්දැ වරුවටම එකම බස් එකක්වත් ගියේ නෑ මතක හැටියට. හද්ද පාළු පළාතක්ද කොහෙද, හොරි හැදිච්ච බල්ලෙක් විතරයි ඒ පාරෙ යනව දැක්කෙත්.

මට හරිම නිදහසක් දැනුන ඒ වෙලාවෙ. ඒත් එක්කම බඩගින්නකුත් ආව නොසෑහෙන්න. අතේ ඉතිරිවෙලා තිබුනෙ රුපියල් දෙකයි. ඒකෙන් අහවල් දෙයක් කන්නද. හෙට උදේම මොනව හරි කන්න හොයාගන්නව කියල හිතාගෙන බස් හෝල්ට් එකේ කොට තාප්පෙට පිටදීල ඇස් පියාගත්ත.

දරුවා….

බොහොම ගැඹුරු කටහඬක්…

ක.. කවුද ??

දරුවා, කලබල නොවන්න. මම තමයි තොප මෙතුවක් කල් සෙවූ නිදහස.

ඇති යාන්තං. කොහෙද මෙච්චර කල් උන්නෙ ඔහේ ?

එක තැනක කියල නෑ. මං ඔය කොයි තැනත් ඉන්නව. ඒත් පේන්නෙ එහෙමත් කෙනෙකුට තමයි.

ඇයි ඔහේ ඇඳං ඉන්නෙ සීතාම්බරපටේ ද?

කවට බස් දොඩන්න එපා දරුව.

එහෙමයි. ඉතිං කෝ ඔහේ.. මොකෝ මට නොපෙනෙන්නෙ ?

එහෙම එකපාරටම පෙන්නන්න බෑ. තමුං මාව දකින්න සුදුසුද කියල තීරණය කරන්න ප්‍රශ්ණ තුනක් අහන්න තියනව.

හා.. අහනවකො බලන්න එහෙනං

හොඳයි. සාවධානව අහගන්න පලවෙනි එක.

තමුං මෙච්චර කල් කරගෙන ආව බඩරස්සාව අතාරින්න කැමතියිද ?

ඒ අහවල් දෙයකටද මං රස්සාව අතාරින්නෙ?

හ්ම්…. මං මෙහෙම අහන්නංකො. ඔහේ සතියට කීදොහක් රස්සාවට යන්න ඕනද

හයයි ඇයි ?

ඔහේට ඒ හැමදාම යන්න හිතෙනවද?

නොහිතෙන දවසුත් තියනව.

එතකොට නොයා ඉන්නවද ?

පිස්සුද, එතකොට නෝ පේ නෙ.

ඒ කියන්නෙ ඔහේ අකමැති උනත් යන්න වෙනව. ඊලඟට ඔහේ සතියකට කීදවසක් ලොක්කගෙන් බැණුම් අහනවද ?

ඉඳල හිටල ඉතිං බැනුමක් අහනව.

ඒ මොකෝ ?

රාජකාරි වැ‍රැද්දුවම තමයි ඉතිං.

ඒ කියන්නෙ ඔහේට ඕන ඕන දේවල් එතන කරන්න බැ ?

මුන්නැගේට පයිත්තියංද, අනුංගෙ කොම්පැණියක මට ඕන එන දේවල් කරන්න්න ඇහැක.

හා ඒ කියන්නෙ ඔහේ රස්සාව කරන තැන ඔහෙට රිස්සක් කරන්න බෑ. ඒ කියන්නෙ ඔහේගෙ කැමැත්තටම නෙමෙයි හැම දෙයක්ම. මං හරිය ?

හරි නෙවෙන්නං.

ඒ කියන්නෙ ඔහේගෙ රස්සාවෙ ඔහේට කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. ඉතිං නිදහස ඕන නං ඔය රස්සාව අතාරින්න වෙනව.

මුන්නැගේ මේ මඟුලක් කතාකරනව. මං මේ ටික දොහෙත් ඇනුවල් දාල ඉන්නෙ. රසාවට නොගිහිල්ල කොහොමෙයි, මාස පඩි කාරය වෙච්චි මං කන්නෙ බොන්නෙ කොහොමෙයි. ඒක හරියනෙන්නෙ නෑ.. වෙන විදියක් බලමු.

හ්ම්ම්.. හෙනං දෙවනි ප්‍රශ්ණෙ අහල බලමු.

ඔහේ කැමතිය ගෑණියි ළමයි අතාරින්න ?

මං මොටෝ උං අතාරින්නෙ ?

මං මෙහෙම අහන්නකො ඒකත්.

තමුන් සතියකට කී දොහක් රෑ දෙගොඩහරියෙ ගෙදර යනවද ?

සතියට කී සැරයක්…? විකාරද, ඕනෙ නං මාසෙකට සැරයක් විතර රෑවෙනව.

ඒ මොකෝ හැමදාම රෑවෙලා යන්නෙ නැත්තෙ?

එහෙම ඇහැක මනුස්සයො පවුල් කන්න. කොච්චරනං වැඩ තියනවයි ගෙදර. අනික ළමයෙකුත් ඉන්න එකේ ඌ බලං ඉන්නවන් නෙව මං ගෙදර එනකං. එහෙම එකේ රෑවෙලා යන්නෙ කොහොමෙයි. ඊටත් රෑ වෙලා ගියාම පහුවදා උදේට නැගිටගන්නත් අමාරුවෙනව. ඊට පස්සෙ ඉතිං පහුවදාම මූසලයි.

හෙහ් හෙහ්… ඔය කියවෙන්නෙ….

මක්කයි ?

ඔහේ ගෙදර යන්නෙ කැමත්තෙන්ම නෙවෙයි. යන්න ඕන නිසා. ඔහෙල ඒකට කියන්නෙ යුතුකමෙයි කියල නෙ.

හැබෑටම අයිසෙ මං කැමැත්තෙන් නෙමෙයිද ගෙදර යන්නෙ? මට ඒක මේ අහනකන් කල්පනාවට ආවෙ නෑ නෙව.

යමක් කරන්න ඕනෙයි කියල කිව්වම එතන තියෙන්නෙ බලකිරිල්ල නෙව. කාලාන්තරයක් තිස්සෙ කරගෙන කරගෙන යද්දි තමන්ටම අමතක වෙනව මේ දේ කරන්නෙ කැමැත්තෙන්මද කියල. ඊට පස්සෙ ඉතිං හිතන්නෙ නෑ. ඔහේ කරගෙන යනව. හරියට දවල් දවසෙ තණකොල කාල හැන්දෑවට මඩුවට තනියම යන හරකා වගේ.

විකාරද ? මං කරන්නෙ කැමැත්තෙන්.

හා මං මෙහෙම අහන්නංකො. ඔහේ කැමතිය ළමයට බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ පෝලිමේ ඉන්න ?

හපෝ මතක් කරන්න එපා. කෑස් බෑස් ගාන පොඩි උන් අස්සෙ ඉන්න ගියාම එපා වෙනව.

ඔහේ කැමතිය හාමිනේ ඇඳුං ‍තෝරනකං කඩවල් වල ගෑණු ඇඳුං රාක්ක අස්සෙ රස්තියාදු වෙන්න?

මතක් කරන්න එපා…..

ඔහේ කැමතිය පොලේ ගිහිල්ල තුංමුණින් දාඩිය දාගෙන බඩු මලු උස්සං එන්න ?

නොකර කොහොමෙයි ?

ඔය……. ! කරන්න ඕන නිසා කරන දේවල් අනන්තයි නේද ? ඉතිං කොහෙද නිදහසක් ?

වලාමේ… ! ඔහෙටනං නුහුගුණේ හොඳටෝම. නිදහස ඕනෙයි කියල මං ගෑණියි ළමයයි කොහේ අතාරින්නෙයි. උන්ට මං නැතුව මොන සරණක්ද, අනික නාකි උනාම තට්ට තනියම ඉන්න.. අපෙ අප්පෝ මටනං බෑ.

ඇයි මනුස්සයො, රස්සාව අතනෑරියත් මං උන්නෙ පවුලයි ළමයිනං සු‍ටුස්ගාල අතාරින්න කැමතිවෙයිය කියල, මීට හතර දොහකට කලිං උන්ව දාල ආව හැටියට.

ඒ ඉතිං ඉඳල හිටල වෙන ඇබැද්දි.. සීරියස් ගන්න නාකයි ඒව.

අනේ උන්නැහේ අපි වෙන අතක් බලමු ඔහේව බලන්න ක්‍රමයක් ඇතිද කියල, මං කියන්නෙ මේ එක එක ඒව අතනෑර ?

මේ.. මගෙන් මුකුත් අහගන්න ලෑස්තිවෙන්න එපා මෙතන. උඩ දාගෙන ආව හැටියටනං මං උන්නෙ සේරම අතාරින්න ඇහැක් වෙයිය කියල. චික් අම්මප හද්ද පාඩුයි මෙච්චර වෙලා කතා කරපු වචන ටිකටත්. කොයි එකත් ඔහොම්මයි. මහ ලොකුවට කට නං තියනව ඔක්කොම අතෑරල නිදහස හොයාගෙන යන්න ඕනෙයි. මේ කොරන දේවල් කිසිම දෙයක ප්‍රතිඵලයක් නැතෙයි කියල. කට විතරයි. තුහ්.. !

මම අද කිව්ව කියල හිතාගන්නව, නිදහස්වෙනව කියන්නෙ මහ බරපතල දෙයක්. තමුන් තමුන්ටම වගකියන්න සූදානම් නැත්නං ඒ ගැන නොහොත ඉන්නව හොඳයි තමන්ගෙ වටේ පිටේ ඉන්න මිනුස්සුන්ටත් පිස්සු නොහදා.

පින්තූරය ගත්තේ : leadershipfreak.wordpress.com

Advertisements

57 Responses to හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!!

  1. praveena says:

    හී හී…අනේ ඒ වගේ නිදහසක් මටත් එපා…
    මම එක හෙම නෙමේ නේද? 🙂

    කැමතියි

  2. Ravi says:

    හෙහ්, හෙහ්, බම්බු නිදහස….මොන කෙහෙල්මලක්ද බං ඔය නිදහස කියන්නෙ….කුරුල්ලෙක් වගෙ නිදහසේ ගී ගයන්න….වලාකුලක් වගෙ හිතුනු හිතුනු වෙලාවට පාවෙලා යන්න….සුළං පොදක් වගෙ සැහැල්ලුවෙන් එහෙ මෙහෙ සැරි සරන්න……මොන විකාරද?….ඔව්ව හොඳයි ඉඳ හිට පොඩි චේන්ජ් එකකට…බැඳීම්, යුතුකම් සහ වගකීම් …..ජීවිතේට අත්‍යාවශ්‍ය දේවල් බොල…එව්ව තමයි ජීවිතේ කියන්නෙ 🙂

    එහ්….මටත් ඔය නිදහස සොයා යාම ගැන ලියන්න බොහොමයක් දේවල් තියනව…හෙහ්, හෙහ්, වැඩේ නවමො, ලියන්ට වෙලාවක් නෑනෙ අර උඹ කිව්වැහෙ ගෙදර ගිය ගමං අරකයි මේකයි රටේ නැති එව්ව. ඒ මොකවත් නැත්තං ඔන්න මොකක් හරි එදා වෙච්චි දෙයක් ගැන හෑල්ලක් පටං ගන්නව…හෙහ්, හෙහ්,

    කැමතියි

  3. ඕකනෙ අපි නිදහස ඉල්ලන්නෙ නැත්තෙ! ඔය ගැන කලින්ම හිතලා තියෙන්නෙ! හැබැයි මේ අම්මයි දුවයි හෙන අන්ඩස්ටෑන්ඩිං වගෙ කතා බහෙන් පේන්නෙ.

    කැමතියි

  4. හෙහ් හේ… මරු … ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ 100%ක් නිදහස හොයන්න ගියහම නේද?…

    කැමතියි

  5. රහස says:

    සරුංගලයකුත් මෙහෙම කීවලු…..

    නූලේන් ගැටගැහිලා , තව කෙනෙක් අතේ ඉදන් අහසේ පාවෙද්දී ,මට හිතුනෙම නූල කඩාගෙන ඈතටම යන්න .නිදහසේ ……පාවෙලා…ඒත් නූලෙන් මිදිලා ඔහේ අහසේ පාවෙද්දි , මට හිතුනෙම ආයෙත් ඒ නුල අයිති කෙනාව සොයාන යන්න….

    ගැහැණු කොහොම වුනත් , පිරිමින්ට ඇහැක තනියම ඉන්න….. ( හි හි හි ……….. පිරිමි පවු අප්පා )

    කැමතියි

  6. රහස says:

    ආහ් අමතක වුනා…. මෙහෙව් සරුංගලයක් එක්ක ජීවිතේම ගෙවන්න ආපු “ චුටී මැණිකෙට “ මගේ ආචාරය.

    කැමතියි

  7. abeetha says:

    “අනික ළමයෙකුත් ඉන්න එකේ ඌ බලං ඉන්නවන් නෙව මං ගෙදර එනකං. ”

    මෙතන වැරදියි ටිකක්.. ලමයට කලින් ගෑණි අපි එනකන් බලං හිටියා බන්…

    කැමතියි

  8. රහස නෙමෙයි මම සොඳුරු සිත ලෙස විය යුතුය. සමාවෙන්න.

    කැමතියි

  9. Gold fish says:

    මදෑ නිදහස හොයන්න ගිහිං කන පිරෙන්න අහගත්තු එව්වා… දැං ඉතිං ආයෙත් යනවද නිදහස හොයාගෙන….

    කැමතියි

  10. හුරේ, කලින් පාර අර මහප්‍රාණ පොස්ට් එක දැක්කම මම බැලුව මක්කවත් වෙලාද කියල!!

    කැමතියි

  11. Weniwel says:

    හොඳ වැඩේ දෙපා මුලම තියෙන නිදහසට පයින් ගහලා…. රෝන්දෙ යනවට නිදහස හොයා ගෙන !!!

    කැමතියි

  12. arunishapiro says:

    කලක් ගිහින් ආයේ අමතක වුනාම ආයෙත් ඔහොම යන්න මතක තියාගන්න ම ඕනා.

    කැමතියි

  13. malmi says:

    වෙලාවකට මටත් ඔහොම හිතෙනවා. ඒත් තනියම ඉදලා බලන්න ඕන ඒකේ රස…..එතකොට හිතෙනවා අර සොසි කියපු කතාව සම්පුර්ණ ඇත්ත කියලා.

    කැමතියි

  14. තමාගේ නිදහස අනෙකාගේ නහය අසලින් සීමාවේ කිව්වලුනේ… නිදහසේ ඉන්න නම් යුරෝපා හරි ටයිටන් හරි පාළු ග්‍රහලෝකයකටවත් ගොඩ බහින්න වෙනවා බං !!!

    අර මුල ටික නම්, සමහර විට මටත් එසේමය !!!විශේෂයෙන් වැඩ අධිකම මාසේ අන්තිම කාලෙට !!!

    නවම්, උඹ හොඳ සිහියෙන්ද කියලා සැකයි බං ! මේ ටිකේම අන්දොස් පෝස්ට් නේ !!!

    කැමතියි

  15. sAm sRi says:

    නිදහස පතා වැඩට නොගොස් ගෙදර හිටියම වැඩ ගොන්නයි..

    අපේ එකෙක් ඉස්සර වැඩට එන්න කම්මැලි කමට නිවාඩු දානවා. පෙර බැදලා. ගෙදර හිටියම වැඩ වැඩී කියලා කෝච්චියේ දුර ටිකට් එකක් අරන් නිදාගෙන අයෙ අනිත් පැත්තට ගෙදර යනවලු.. :))

    කැමතියි

  16. එතකොට මේ සමහරු හිරේ විලංගුවේ වැටෙන්න දගලන්නේ අහවල් එකකටද????
    අනික , බදාගෙන බුදියන ඇඳ බෙදාගෙන බුදියන්න ගන්න පළවෙනි දවසෙ ඉදලම නිදහස 50%කින් අඩුවෙනවළු කියලා මම අහලා තියෙනවා.. ඇත්තද කියන එක තමා පුරශ්නේ… 🙂

    කැමතියි

    • නවම් says:

      //අහවල් එකකටද ??? // උඹ බබා මුකුත් නොදන්න. හෙහ් හෙහ්….

      බැඳීම් වැඩිවෙන්න වැඩි වෙන්න තියන නිදහස අඩුවෙනව තමා. ඒකට කසාද බඳින්නම ඕනෙ නෑ බං. බයිසිකලයක් ගත්තත්, ෆෝන් එකක් ගත්තත්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තත් ඔය මොන අටමඟල ගත්තත් වෙන්නෙ ටික ටික හිරවෙන එක තමා.

      කැමතියි

  17. Mr.Sithi says:

    අනේ ඔහොම නිදහසක් නම් ම‍ටත් එපා.. ඔක්කොටම වඩා බලන්න ඕන නිදහස දෙන්න ආපු මෑන් නිදහස් ද කියලා..

    කැමතියි

    • නවම් says:

      නිදහස දෙන්න කිසිම කෙනෙක් ආවෙ නෑ. නිදහස හොයාගෙන ගියපු එක විතරයි කලේ. ඒත් සූදානම් නැති නිසා දකින්න බැරිඋනා. 🙂

      //අනේ ඔහොම නිදහසක් නම් ම‍ටත් එපා//

      ඇත්ත, කොයිකවුරුත් නිදහසට හැබෑ නිදහසට බයයි. තමන්ට වගකියන්න බයයි. හැම තිස්සෙම අනුන් මත යැපෙන්නයි අපි කැමති. අපි හිතනව ඒක නිදහස් කියල, ඒත් ඇත්තටම බැලුවොත් අපි තව තවත් හිරවෙලා. මට හිතෙන විදියට හැමෝම නිදහස ගැන කතා කලාට ඒකට බයයි.

      Freedom & Liverty කියන්නෙ එකක් නෙමෙයි.

      //Freedom is a state of mind that is not in conflict or contradiction, a mind that has integrity. Liberty describes a social system in which free men and women live and cooperate with one another.//

      මට හිතෙන විදියට ගොඩක් දෙනා නිදහස කියල හිතාගෙන ඉන්නෙ libarty කියල.

      කැමතියි

  18. ඩිලාන් says:

    සික් මේකා ආයේ පටන් ගත්තා තනිකඩ කොල්ලන්ව බය ගන්නවන්න

    කැමතියි

  19. නවම් says:

    හෙහ් හෙහ්.. අනේ නෑ.. බොලා බැඳපියව්. බැඳල එහෙම්මම ඉඳිව් නිදහස ගැන වචනයක්වත් නොදොඩා [මටත් මේ වැරදිලා හිතුනෙ ;)]

    කැමතියි

  20. ඔය ඔක්කොම කරන ගමන් නිදහසේ ඉන්නත් පුලුවන් බං… මම එකක් ලියල දාන්නම්.. පොඩ්ඩක් හිටිංකො නිදහස් වෙලාවක් හම්බෙනකං

    කැමතියි

  21. හප්පා… මටනම් බැහැ පාසල්ව දාලා නිදහස හොයාගෙන යන්න… මේ ඉන්න විදිහ හොඳා…

    කැමතියි

  22. දුකා says:

    ඉල්ලුවාට දෙන්නෙත් නැති
    දුන්නාම ගන්නෙත් නැති
    ඕන කමකුත් ඇති
    ඕන කමකුත් නැති . .
    නිදහස . . .. .

    කැමතියි

  23. අපි නම් නිදහස් චූටි අහිංසක කොල්ලො…..

    කැමතියි

  24. මම නම් වහල් සේවයට කැමතියි නිදහසට වඩා. බොරු කියන්නේ මොකටද..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: