සමාජවාදී වාමාංශික දාඩිය ගඳ නෑ පුසුඹයි ඕයි

චික් විතරක්…

ඇයි මොකෝ බං ?

හප්පෝ බං බලහංකො මූගෙ හඩු ගඳ….

එහෙම කියන්න එපා බං, ඔය එන්නෙ දුප්පත් මිනිහගෙ ජීවන සුවඳ

ආච්චිගෙ රෙද්ද.. ඇයි ඕකුන්ට හැන්දෑවට පොල් මුඩ්ඩයි සබං කෑල්ලයි අතට අහුවෙනෙ නැද්ද අතුල්ලක නා ගන්න ?

උඹ නං කියයි, උන්ට ජීවත්වෙන්න කරන්න තියන අරගලයත් එක්ක බැලුවම, නාන එක බොහොම අවශේෂ කාරණාවක් මචං.

අනේ පලයං බං යන්න. උඹෙ වාමාංශික තර්ක හැම රෙද්දටම ඔබන්න හදන්න එපා. එහෙනං හේනෙ කුඹුරෙ නැහිච්ච උඹලයි තාත්තගෙයි අපේ තාත්තයි ඇඳුං වලින් උදේ පාන්දර සැවැන්දරා පුසුඹ ආවෙ කොහොමෙයි ?

ඒ මචං ඉස්සර මිනිස්සු හම්බ කලාට තම තමන්ගෙ වැඩ කටයුතු කරගන්න පොඩි හරි වෙලාවක් තිබුන. දැං එහෙමද, උදේ ඉඳං නැහෙනව මිනිස්සු.

මගෙං මුකුත් අහගන්න එපා උඹ. මුන්ට රස්සාව අහවර වෙලා බෝතලේට සෙට් වෙන්න වෙලාව තියනව, ඒත් නාන්න වෙලාවක් නෑ.. කාලකණ්නි කම මිසක් වෙන මොකක්ද.

වැඩකරන ජනතාවට කාලකණ්නිය කියල කියන්න එපා බං. උන්ට අධ්‍යාපනයක් නෑ, විකුනන්න දෙයක් නෑ. ඉතිං උන් විකුනන්නෙ උන්ගෙ දාඩිය.. දාඩිය කොහොමත් ගඳයි බං.

හොඳට බලහං මුගෙ ශර්ට් එකේ කිහිල්ල දිහා, බලපං කී දොහක දාඩිය තට්‍ටු වේලිච්ච පාරවල් තියනවද කියල. උඹ දැනුත් කියනවද අද වැඩ කරද්දි දාපු දාඩිය කියල ?

ඔව් මිනිහො, ඔය ඒ මනුස්සය දවස් ගානක් වැඩකරද්දි දාපු දාඩිය තමයි…

උඹල මහ පුදුම සත්තුජාතියක් බං. ඇස් පනාපිට පේන්න තියන ඇත්ත පිළිගන්න බැරි තරං බොලා අන්ධයි.

අපිව අන්ධ කෙරෙව්වෙ උඹලගෙ පන්තියෙ එවුන් තමයි මචං.

මගේ පන්තිය.. මොකක්ද ඒ.. කියහං බලන්න.

ධනපති පන්තිය යකෝ…. !

බූරු කතා කියන්න එපා බං. බොලයි තාත්තයි අපේ තාත්තයි අයියයි මල්ලියි.. ‍තෝයි මායි ගියේ එකම ඉස්කෝලෙට.. ඒත් තොට එක විභාගයක් පාස් කරගන්න බැරි උනා.

ඉතිං ?

ඉතිං උඹ ඔය කියන නිර්ධන පන්තියෙ නැවතුනේ ආසාවටද එහෙමත් නැත්නං එක විභාගයක්වත් පාස් වෙන්න බැරිවෙච්ච හන්ද ද?

පලයං මිනිහො යන්න…

හිටපං මං කියල ඉවර නෑ, උඹට මතකද මං කැම්පස් තේරිච්ච දවසෙ එච්චර කාලයක් ගෙදරට වහං කරන් තිබිච්ච මලිතිගෙයි මගෙයි සම්භන්දෙ අපේ තාත්ත්තට කියල මට ගුටි ඇන්නුව.

ඔව්..ඉතිං.. උඹ හිතුවද අඩු කුලේ එකියක් අපේ පරම්පරාවට එකතු වෙනවට ලොකුතාත්ත මනාප වෙයි කියල. ‍තෝ විභාග පාස් උනා නෙමෙයි මහ රජ්ජුරුවො උනත් පරම්පරාව නහන්න දෙන්න බෑ.

ආ.. එහෙනං මට මේකට උත්තර දීපං… එදා උඹට මලිතිගෙ තාත්ත පෙරහැරේ නටනකොට දාපු දාඩිය පුසුඹ හැහුවෙ නැද්ද?

පලයං යන්න ප්‍රතිගාමියා !!

Advertisements

21 Responses to සමාජවාදී වාමාංශික දාඩිය ගඳ නෑ පුසුඹයි ඕයි

  1. දුමී says:

    ගණන් ගන්න එපා මල්ලි, වම් අත තියෙන්නෙ පුක අතුල්ලන්න…!

    කැමතියි

  2. පසන් says:

    වමේ මිනිස්සුද ගැන ද ප්‍රතිගාමීන් ගැනද මන්දා.. කොහොමත් වැඩියෙන් කියවන්නෙ තමන්ට ඒ දේ කරන්න බැරි අයලුනේ…

    කැමතියි

  3. පූසා says:

    මුකුත් කියන්න විදිහක් නෑ අයියණ්ඩි මං තාම මේ විශය ගැන හදාරනවා.

    කැමතියි

  4. Weniwel says:

    පරිස්සමින් ඔන්න ඔතන උත්තර නැතිව ගියහම උඹට ගහයි අතින් පයින් උතුර දකුන හොයා ගන්න බැරි වෙන්න… !!!

    කැමතියි

  5. රාජ් says:

    ඇඩෙනව තනි ඇහැට. මේවගේ කතාවල් අනන්තවත් අහන්න ලැබුන එක්තරා කාලෙක.

    කැමතියි

  6. sAm sRi says:

    නියමයි.. මාතෘකාවම වදිනවා සැරට..

    ජය ශ්‍රී කිව්වා අයියන්ඩි !

    කැමතියි

  7. එක්කෝ මට ඕවා තේරෙන්නේ නෑ.නැත්නම් තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ.ඒ මම ජීවිතේ හොයන්නේ ඔය කියපු තැන් වල නොවෙන නිසා.ඔයාට ජය..!

    කැමතියි

  8. Gold fish says:

    පළවෙනිදා පෙලපාලි ගිහිං වගේ…

    කැමතියි

  9. ඔන්න ඕවා අල්ලල දාලා අදවත් නාගනිං නවම්! ඔය නොනාම ඉඳලා ඔලුව කරුකුට්ටං වුනාම පේන මනෝ විකාර. වැඩි හිටියෙක් කියන එක අහලා නාලා බලපං!
    මොනවද බැලුවෙ? ඩීත් නෑ පීත් නෑ තිතුත් නෑ ෆුල් සිරා.

    කැමතියි

  10. හිතන්න දෙයක් තියෙනවා.

    ජයෙන් ජය!!

    කැමතියි

  11. පිස්සුද එවුව ගඳ කොහෙද ? ඉස්සර කාලේ ඉතින් පෙළපාලියක් ගිහින් ඇවිත් හවසට මිදුලේ තණ නිල්ල දිහා බලන් විස්කි එකක් තොලගානකොට XYZXXX. සහෝදරයට ගඳ අමතකයි.. දැන් ඉන්න අයටත් ඉතින් පාර්ලිමේන්තුවේ ත්‍රී කෝර්ස් මීල් එක දාගෙන ඩියුටි ෆ්‍රී වාහනේ ඒ සී දාගෙන යනකොට දාඩිය ගඳ නැහැනේ..

    කැමතියි

  12. මට බෑ මේකට කමෙන්ට් කරන්ඩ…. මං යනව යන්ඩ

    කැමතියි

  13. Sumith Niriella says:

    ලංකාවෙ නිර්ධන පංතික සංස්කෘතියක් නෑ. ධනපති පංතික සංස්කෘතියකුත් නෑ. ඉතින් වාමාංශිකයින්ට මුල් අද්දවාගන්න සුදුසු බිමක් නෙවෙයි ලංකාව කියන්නෙ….ඔය වාමාංශික දේශපාලනය කරන අය එහෙම කරන්නෙ සමාජවාදය උදෙසා නෙවෙයි ඔවුන්ගේම ස්වයං වින්දනය උදෙසායි.

    කැමතියි

  14. Alchemiya says:

    බම්බුව… !
    සමාජවාදී වාමාංශිකයො දාඩිද දානවද ඕයි ?
    උන් යන්නෙ පෙජරෝ වල… පාවිච්චි කරන්නෙ ඇපල් අයි ෆෝන්…
    මෙයා විකාර කතා කරනවා…
    ඔය තියන්නෙ නිර්ධන පංතියෙ කම්කරුවෙක් ගැන… දැන් එහෙම එවුන් නෑ…
    රට ස්වයංපෝෂිතයි… අවම ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 යි.. ඒ කියන්නේ රුපියල් ලක්‍ෂ හතරයි…
    දැන්වත් ඔය ඉන්න රාජ්‍ය විරෝධී හීනෙන් අවදි වෙලා ආශ්චර්යයේ සිරි නරඹනවා….
    විකාර නැතුව…

    කැමතියි

  15. X-Porter says:

    සමාජවාදය කියන්නෙ නාන්නෙ නැතුව ‍රැවුල් කපන්නැතුව හිල්වෙච්ච බාටා කබල් දාගෙන ඉන්න එකට නෙමෙයි… එහෙම කරනවනං ඒක කම්කරුපන්තිය ‍රැවැට්ටීමක්. සමාජවාදය කියන්නෙ කම්කරු පීඩිත ජනතාවට අහිමිකරපු මානව ජයග්‍රහන සියලුම දෙනාටම ලබාගැනීමේ අයිතිය හා හැකියාව ඇති කිරීමයි….. මේ කතාවට අනුකූලව කියනවනං…. කම්කරුවො…. ඇපල් ෆෝන් , ලැප්ටොප් පාවිච්චිකරන්න ඔනෙ… හොඳ ඇන්දුම් අඳින්න ඔනෙ..ඩෙනිම් ගහල ඩෙක් ෂූස් දාල සඟක් දාල කිටමරල බහින්න ඕනෙ…. …ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ….. කාරෙකේ වැඩට යන්න ඔනෙ….. හවසට හයිෆයි සවුන්ඩ් සෙටප් එකක් දාගෙන සින්දු අහන්න ඔනෙ නාටියක් චිත්ත්‍රපටියක් බලන්න ඔනෙ…. ලමයි එක්ක ට්‍රිප් එකක් ගිහින් නැත්තං චේන්ජ් එකට හොඳ හොටෙල් එකකින් කන්න ඔනෙ..තාක්ශනය දියුනු කරේ මිනිසාට නිදහස කාල වේලාව ඇතිකරගන්න මිසක් සූරා කෑම තියුනු කරන්න නෙමෙයි..ඒ නිසා…කම්කරුවත් ඉගෙන ගන්න ඕනෙ…. උසස් කලාව රස විඳින්න ඔනෙ….. සමාජ වාදෙකියන්නෙ…. මිනිසා ලබාගත්ත ජයග්‍රහන හැම දෙනාටම තමන්ට අව්ශ්්‍ය ආකාරයෙන් බුක්තිවිඳීමට හැකියාව ඇතිකිරීමයි……ඒහෙම නැතුව ආන්ඩුවෙන් දෙන සලාකෙ ලබාගන්න පෝලිම් වල ලගින….. සියලු සුඛ විහරන ධනපති පන්න්තියේ දේවල් කියලා ඒඑව විනාස කරන සමාජ ආන්ඩුවෙන් සියලුම කන බොන අඳින කතාකරන නරඹන රස විඳින දේවල් තීරනය කරන සමාජයක් නෙමෙයි… ඒව සුලුඅනේශ්වර නිලධාරීවාදී ෆැසිසිට් සමාජ. ඒව තමයි රුසියාවෙ චීනෙ තිබ්බෙ (ඒවා සමාජ වාද නෙමෙයි ස්ටැලින් වාදය සහ සුලු ධනේශ්වර මාවෝ වාදය). මිනිස්සුන්ට ඇතිවෙලා එපාවෙලා තිබ්බෙ. මේ ක්‍රමයන් නියම සමාජ වාද්යේ මාර්ගයෙන් මිනිස්සුන්න්ව පිට පන්නනව.. කකුල් වලට විලංගු දානව….මිනිසුන්ව මුලාකරල…. සමාජ වාද්ය තිත්ත කරනව…. ඇත්තටම මේව දීර්ඝ කාලීනව සේවයකරන්නෙ… ධනේශ්වර ක්‍රමයට..උන්ට ඒවෙනුවෙන්, මිනිසුන් ඇන්දවීමවෙනුවෙන් ගෙවීම් ලැබෙනව…..මිනිස්සුන්ව රවටල උන් සුර සැප විඳිනව……..

    කැමතියි

  16. Ravi says:

    අඩෝව්, සුළු ධනේශ්වර ප්‍රතිගාමියා,බූර්ෂුවා හොරිකඩයා,උඹ හිතාගෙන ඉන්නෙ හෙණ කූල්ටූර් පොරක්ය කියල නේද?….නිර්ධන පංතිකයන්ගෙ දාඩිය ගඳ නෑ බොල..එව්වයෙන් එන්නෙ සැබෑ ජීවන සුවඳ….දැනගං අන්න ඒක….ඉඳපං බලාගෙන තව වැඩිකල් යන්නෙ නෑ, නිර්ධන පංතිකයින්ගෙ විප්ලවයට…එදාට උඹල වගෙ රදළ අරටු එල්ලන්ට නවම් මාවත දෙපැත්තෙ ලයිට් කණු ඕන තරම් තියනව..අන්න ඒක දැනගනිං……

    ***************************************

    හරි, රෙද්ද කරට අරගෙන කෑගැහැව්ව කෑල්ල ඉවරයි…හෙහ්, හෙහ්,

    උඹට කියන්ට මලේ, ඔය දාඩිය ගඳ තියනව නේද?…මටත් ඉහිලුං දෙන්නෙ නෑ…හෙහ්, හෙහ්,කාලයක් මම සතියට තුං දවසක් නුවර ඉඳල උදේ කෝච්චියෙ වැඩට ගියා නෙව කොළඹ….පොල්ගහවෙලිං පස්සෙ ආයෙ නෑ පොල් පැටෙව්වට හපං…..හිට ගත්තු තැන එහෙම්මම තමයි. ඒ ඔක්කොමත් හරි, සමහර එවුං ඉන්නව..පිරිමි ගෑණු කියල නෑ බේදයක්…දාඩිය ගඳ කියන්නෙ ආයෙ මට මතක් වෙන්නෙම ඉස්කෝලෙ ලැබ් එකේ තියන අර සැර ගඳ,…….අනික හවස නම් කමක් නෑ කියමු. මේ උදේ පාන්දර, උදේ පාංදර හීතලේ නාංට නං බෑය කියමු….. ඇඟ ටිකක් හෝදගෙන වර…ඒත් නෑ. ඒ උඩට තව පර්ෆියුම් එකකුත් කෙලල ඇරියම ආයෙ නෑ බඩ දඟලනව..අනෙ අම්මප. 🙂 🙂

    තව සීන් එකක් තියේ ඔය සම්බන්දව….හෙහ්, හෙහ්, ඉස්කෝලෙ යන කාලෙ ටියුෂන් ක්ලාස් එකේ හිටිය අගේ ඇති කෙල්ලක්….ලස්සනත් එහෙමයි, ගතිගුනත් එහෙමයි, හරිම නිවිච්ච කෙල්ල…පොඩි මෙව්ව එකකුත් වැඩකලා. ඒත් ඔය දාඩිය කේස් එක නිසා ඒ වැඩේ අතඇරිල ගියා. හෙහ්, හෙහ්, ඔය වගෙ දෙයක් කටක් ඇරල කියන්ට පුළුවන?….

    කැමතියි

  17. sahan says:

    සමාජවාදය ගැන හරියට දන්නේ නැතිව කතා කරන බුරුවෙක්.. නවම්.. ඉගෙන ගනින් හරියට…

    කැමතියි

  18. මොකද සද්දේ වහලා ? වැඩ වැඩිද ?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: