වයි දිස් කරදර කරදර මට වැඩි වී

බොහොම කාලෙකට පස්සෙ ඕං ආයෙම බැස්ස වෙලට හැබැයි ඒ ට්‍රැක්ටර් වලින් හාපු කුඹුරු නගුලෙන් හානකොට දැනෙන්නෙවත් නැතිවග නොදැන නෙමෙයි. ඒත් ඉතිං මක්කටෙයි නඟුල් දණ්ඩයි පෝරු ලෑල්ලයි වේ බඩ වෙන්න අරින්නෙ. හෙහ් හෙහ්… [දැං ඉතිං කාටද නඟුල් තියෙන්නෙ කාටද ට්‍රැක්ටර් තියෙන්නෙ කියල මගෙන් අහන්න එපා හරිය]

පහු ගිය ටික දොහේ පොඩි පොඩි ඇබැද්දි මහ ගොඩක් අස්සෙ බොහොම අමාරුවෙන් තමයි ඉහ ගහගෙන උන්නෙ. බොරු කියන්නෙ මක්කටෙයි ආයිබෝං ඉඳල හිටල වී බොන්න එන මැස්සෙක් දෙන්නක් එලවන්න මිසක් ආයෙ අම්මෙ මුත්තෙ කිව්වත් වෙල දිහා හක්කලං කොරන්න ඇඟ පතට වාරුවක් තිබුනෙම නෑ. ඒ විතරක් නං මදෑ කිසිම පිරියක්වත් නැතිවෙච්චි කොට !

මෙව්ව ඉතිං කියන්නත් මක්කද වගේ. ඒත් ඉතිං ඔහේල අපි දන්න අඳුරන එවුන් වෙච්චිකොට වහංගු කොරං ඉන්නෙ කෝමෙයි. එක එකාගෙ කනිං කොනිං ආරංචි වෙනවට වැඩිය නරකෙයි මං ම කියලදාන එක. ඊටත් ඕව කටිං කට යනකොට අර කපුටො හත්දෙනෙක් වමනෙ කොරාපු ගමයට වෙච්චිදේටත් එහා ගිය කතාවක් හැදෙන්නත් බැරිනෑ නොවැ. එහෙමට පුතයො තමයි මේ යායෙ ඉන්නෙ. මොකෝ මං අමුතුවෙන් කියන්න ඕනෙය ඒකෙ රඟ. හෙහ් හෙහ්…

කියනව කියල හිතාගත්තෙට ආයෙ මට හිතාගන්න බෑ මක්කා කියනවඩ මක්කා නොකියනවද කියල. ඒත් ඔන්න ඔහේ හො‍ඳෙයි කියල හිතන ඒව දෙකක් තුනක් කියල දාන්නං.

ඉස් ඉස්සෙල්ලම කියල උනේ අයිබෝං ගෙවල් පාරෙ ඉඳල මහපාරට බක්කිය දානකොටම කොහේද මංද ඉඳල ආපු තදියං කාරයෙක් මාවත් පෙරලාගෙන ගියපු එක තමයි. ඒකෙන් වං අතේ ඇටේ තැලිල දෙදොහක් විතර අත බෙල්ලෙ එල්ලං උන්න. කන්න ගියාම නං හිතෙනව දෙයියනේ හොඳවෙලාවට මයෙ දකුණු අතට මක්කාවත් නොවුනෙ කියල. ඒත් අහව වැඩේ කොරල අහවර උනාම තමයි ඒකෙ ර‍ඟේ තේරෙන්නෙ. කොහොමිං කොහොම හරි ඒ දස වද විඳගෙන දෙතුං දොහක් ගියයි කියමුකො. ඊට පස්සෙ වෙච්චි ඇබැද්දියෙ නෙව ඇබැද්දිය.

ගෙදර උන්දැ ලෙඩ ඇඳට වැටිච්චි !! අ‍ඳොමැයි හිතාගන්න ඇහැකි නෙව මගෙ සෝචනීය තත්තෙ. අම්මප ඒ සතිය තමයි සතිය. මහ ගෙදරට දක්කනව ආයෙම අපේ ගෙදර එනව. හිච්චි එකා එහෙං බෑඟිරි දෙනව මහගෙ ගෙ කිරි ඉල්ලල, උන්දැට කෙලින් කටිං ඉන්න පණ නෑ. හපෝ ! බැරිම තැන අප්පොච්චි ඇවිල්ල අපි තුන්දෙනාම කුදලගෙන ගියා එහේ. ඕං එතකොටයි ඩිංගිත්තක් හරි හුස්මක් කටක් ගත්තෙ. ඒ කොරලත් ඉතිං නිවනක් නෑ. මහගෙව අරං එක එක පරීක්සොන වලට දුවනව ඉවරයක් නෑ. ඒ උලව් අස්සෙ දෙවනියට ගියපු දොස්තර කියාපි ඉස්සෙල්ල උන්දැ දීල තියන බෙහෙත්වලින්ය මේ අසනීපෙ මෙච්චර ඔඩුදුවල තියෙන්නෙ කියල. කාල වරෙන්කො !! හොඳම වැඩේය කියන්නෙ පලවෙනි වංගියෙ බෙහෙත් වඩිය දුන්නෙ මහගෙලැයි ඉස්පිරිතාලෙ ඉන්න ලොකුම මහත්තයෙක් වෙච්චි එක නෙව. මට අනේ අනිච්චේ කියල හිතුන ආයිබෝං.

හාමිනේ යාංතං පණගහල එනකොට ඔන්න හිච්ච් එකාට අසනීප වෙච්චි ! ඒක කොච්චරවත් අම්ම ගාවට දුවන එකමනෙ වැඩේ. අම්ම ලෙඩවෙලාය කිව්වට ඌට තේරෙන එකක් යැ. කිරිබොන්නමයි දුවන්නෙ. එතනිං උස්සං යනකොට බෑඟිරිදීල අඬන්නෙ. අම්මගෙ අසනීපෙමයි කියල දොස්තර කිව්වෙ. ඒත් දෙයියංගෙ පිහිටෙන් බෙහෙත් වඩි දෙකක් බොනකොට හිච්චි එකානං සනීප උනා. ඒත් පරිස්සං කරගන්නෙයි කිව්ව එලියට පහලියට එක්ක නොයා.

ඔයිං මෙයිං මහගෙයි පැටියයි සනීප උනයි කියමුකො. ඊලඟට අපලෙ ආවෙ මයෙ කරත්තෙට නෙව. මං දන්නෙ නැතුව දොහක් ඒක නවත්තල තියෙන්නෙ ගංසබාවෙන් හාරල බාගෙට වහපු වලක් උඩ නෙව. උං යස අගේට තාර එහෙම දාල තියෙන්නෙ වල ගොඩකොරාපු පස් නොතලා. අනේ මං පැය දෙක තුනකට පස්සෙ යනකොට යස අගේට එක රෝදයක් ගිලාබැහැල වල ඇතුලට. බෝං ලීය ඇදවෙලා, තව තව තැලුං හීරුං ගොඩයි. ඕං ඉතිං ඒක විංකල්බාස්ට බාරදීල දෙදොහක් විතර බස් එකෙන් තමයි කඩපිලට එහම ගියේ.

ඊටත් පස්සෙ මේ ගිය හෙනහුරාද තාඩිංගෙන් මායි පොඩි එකයි නෑ. ඇල්ලුව නෙව පඩිපෙලකින් පල්ලෙහට මහ විසාල අඩව්වක් !!. මහ වැස්සෙ මගහෙත් ගෙදර නැති අල්ලපනල්ලෙ පොඩි එකාවත් වඩාගෙන අනිත් අතෙන් තඩි කුඩයකුත් ඉහලගෙන බැස්ස ගෙදර එලියෙන් තියන පඩිපෙල. හරියටම බාගයක් දුර බහිනව විතරයි මතක. ඊලඟ තප්පරේ මායි පොඩි එකයි පඩිපෙල පල්ලෙ දබොහ් ගාල පතබෑවුනා. දෙයියංගෙ පිහිටයි පොඩි එකාට හීරුං තුවාලයක්වත් නෑ. ඌ මගෙ ඇඟ උඩ. වැටෙනකොට මං ඌව අත් දෙකන්ම බදාගන්න ඇති මයෙ හිතේ. ඒත් මට…. !!

වං අතේ වැලමිටි ඇටේ ලඟ අඟල් දෙකක් විතර පැලිල. ඉන ලඟත් තව අඟලක විතර පැල්මක්. වං ඇළපතේ මහා විසාල තැලුං පාරක්. බුදුඅම්මෝ ! මට කලන්තෙ.

පහල ගෙදර අක්ක විජගට පොඩි එකාව අතට ගත්තෙ. මං ආයෙම උඩ තට්‍ටුවට බඩගාල ඇහැක් විදියට අත පය වෙලාගෙන කරත්තෙන්ම ගියා හාමිනේලැයි ඉස්පිරිතාලෙට. ඔහෙලට කියන්න මං ගියා විතරයි දඩිබිඩි ගාල දොස්තර මහත්තෙක් ඇවිල්ල හය හත්පොලක්ම මැහුව. ඇස් රේ පොටෝ එහමත් ගත්ත. තව බොන්නෙයි කියල හතිකුඩු දියකොරාපු වීදුරුවකුත් දුන්න. ඒකනං ඉතිං අර මහන වෙලාවෙ මං කලන්තෙ දාපු හන්ද වෙන්ඩැ.

දැං නං ඉතිං ඇවිදගන්න, වැඩක් පලක් කරකියාගන්න එහෙම ඇහැකි. ඒක හංද ඕං අද රස්සාවටත් ආව. ඒත් තාම නිදාගන්න ඇහැක්කෙ දකුණු ඇලේට විතරයි. වං පැත්තෙ මහපුව කපනකං ඒපැත්තට බර දෙන්න එපැයි කියලනෙ කිව්වෙ.

ප.ලි : මේ අසනීප කාරය මෝල්ටඩ් මිල්ක්, දොඩං වලට එහෙම මනාපයි ඕං. මක්කාවත් නැත්නං මාරමයි‍ටුත් අගුණයක් නැතිවෙයි මගෙ හිතේ.

ප.ප.ලි: මේක කෙ‍ටුවෙ තනි අතෙන්. ඒක හන්ද රහ කොර කොර ලියන්න නං බැරි උනා.

Advertisements

31 Responses to වයි දිස් කරදර කරදර මට වැඩි වී

  1. රන්දිල් says:

    හා මෙන්න ලබා දුන්නා. කියවලා ආයේ ලබා දෙඤ්ඤංකෝ. 😀 😀 😀

    කැමතියි

  2. ravi says:

    දෙයියෝම බුදුවන්ට මයෙ මලේ බොට වෙලා තියන නස්පැත්තියක්. අනෙ අම්මප මයෙ හඳුංපොත කීගාගෙන අඬාවැටිච්චි….:( 😦

    කරදරෙයි කියන එව්ව එහෙම තමයි බොලල්ලා..එනකොට එක පිට එක…එක පිට එක….මා වවුලො රෑ පානෙ දොරකොඩ අඹ ගහේ කා කොට ගන්නකොට මුදුං වහලට එකක් පස්සෙ එකක් අඹ ගැට වැටෙන්නැහෙ ඕං….

    හරි ඔන්න එහෙනං මලේ…සියළු දෙවිදේවතාවුන්ගෙ පිහිටයි, රතනත්තරේ ආරස්සාවයි, රෝග, දෝස ඔක්කොම දුරීබූත වෙලා ජීවිතේට ආයෙම සැනසිල්ලක්ම ලැබේවා !!! අද්දුටුවයි, සත්තයි, කැපයි….

    කැමතියි

  3. අපොයි.. .සද්ද බද්ද නැති කොට මන් ඇවිත් පරණ පොස්ටුවෙත් සටහනක් දැම්ම. කරදර එනකොට එන්නේ පෝලිමේ කියල කියනවනේ.. ඉක්මන් සුවය පතනවා මලේ.. කොහොම උනත් ඔයත් මන් වාගේ හදිසි කාරයෙක් වෙන්න ඇති.. මටත් ඔයවගේ ඇබැද්දි වෙන්නේ මගේ හදිසිය හින්දා කියලයි අපේ හාමිනේ කියන්නේ.
    අර ඉස්සෙල්ල පොස්ටුව ගැන තරහ ගිහින් රතු මල්ලිලා තඩි බෑවේ නෑ නේද ?

    කැමතියි

  4. kumaraya says:

    මහ ම අපල කාලයක් නෙව බොලං තිබිල තියෙන්නෙ …
    හපෝයි….ඔයින් බේරුණා මදැයි ….

    කැමතියි

  5. හපෝ වෙලා තියෙන නස්පැත්ති ගොඩ, නරකද කොලුවෝ කේන්දරේ එහෙම ටිකක් බලා ගත්තොත් ! ඉක්මනටම සනීප වෙන්න කියලා බූඩි විෂ් කරනවා ඔන්න.
    පලි: තනි අතින් ලිව්වට රහ හොදයි 🙂

    කැමතියි

  6. පසන් says:

    වර්ඩ් ප්‍රෙස් වලට කමෙන්ට් කරන්න ආසම නෑ.. මට කම්මැලි නම ගම ටයිප් කර කර ඉන්න..

    මොනවා උනත් කරදර එද්දි ඔක්කොම එන්නෙ එකපාර කියලා මාත් මේ දවස් වල අත්විදිනවා.. ඒ නිසා මුකුත් නොකියා බෑනේ..
    ටිකක් ඉවසලා හිටපං.. හැමදේම හොදින් විසදෙයි…

    ජය වේවා කිව්වා ඇ…..

    කැමතියි

  7. malmi says:

    අපේ අප්පෝ…..මට නම් දුක වාවන්නේ නැතුවා!!!!!! වම් ඇටේ නේද තැලුනයි කීවේ. අපරාදේ ඇටේ.

    කැමතියි

  8. අම්මෝ කරදර ‍ගොඩකටම මුහුණ දීලා නේද? කොහොම වුණත් දැන් ආයෙමත් වැඩ කියන්නෙ ඒවයින් ගොඩ ඇවිත්නෙ… මෙවන් ඇබැද්දි ආයෙමත් සිදු නොවේවා…. නීරෝගී සුව ලැබේවා…

    කැමතියි

  9. පැතුම් හේරත් says:

    සැපත් ඔය වගේම පෝලිමේ එයි.. එතකං අල්ලං ඉන්නයි තියෙන්නෙ.. සුදුකොඩි ගොක්කොල නෙක්ටෝ බෝතල් එහෙම හීනෙන් පෙන්නෙ නෑ නේ තාම.. එහෙනම් බය වෙන්න දෙයක් නෑ… ඉක්මන් සුවය ලැබේවා මචං

    කැමතියි

  10. ගරහ චාරෙ බලාගත්තොත් නරකද ආයිබෝං….!!

    කැමතියි

  11. arunishapiro says:

    සිරස්තලේ නියමයි!!!

    ඉක්මණින් කරදර කරදර නැත්තටම නැතිවේවා!!!

    කැමතියි

  12. මේ ලියල තියෙන්නේ හොඳට රහ කරලා.

    දැන් ඉතිං හැම ප්‍රශ්නයක්ම ඉවරයි නේ.

    කැමතියි

  13. අප්පච්චියේ නවම්ට වෙලා තියෙන සංගෙදිය…. දෙයියන්ගෙ පිහිටෙන් අතක් පයක් නොකැඩි බේරුණා මදැයි… තුණුරුවන්ගෙ ආරස්සාවයි… පරිස්සමට හිටහං….

    කැමතියි

  14. අනේ බං, බුදු නවමෝ !!! උඹටත් වෙච්චි හරියක්… කොහොමින් හරි කමක් නෑ, හිච්චි එකාව පරිස්සම් කරගත්තු එක මදෑ… උඹල නම් දැන් නාකි වෙච්චි ! අර කිරි සප්පයා තව ජීවත් වෙන්න එපෑ…

    ඕං කාලයකට උඩදි අපේ පන්සල් හංදියේ කල්හාර ගොයියටත් ඔයි ආකාරයේ ඇබැද්දි ගොඩක් වෙලා තිබුණා… උඹැහෙගේ සංගෙඩිය ඊටත් එහා නොවැ… කොහොමින් හරි තනි අතකින් වුනත් මේ වචන ටික කොටාලා දාපු එක වටිනවා…

    කරදර නම් එන්නේ එකපිට තමා බොල ! බයවෙන්න එපා බොගේ අපලේ ඉවරවෙන්නැති… ඉස්සරහට සුභ වේවි… ! ඉක්මන් සුව නවමෝ !!! ආය අත් දෙකෙන්ම කොටන්න ලැබේවා…!

    කැමතියි

  15. sAm sRi says:

    කියනකල් දන්නෙ නැහැ නොවැ මෙච්චර දෙයක් වෙලා කියලා.. මදැයි ඔයින් ගියා..

    පරිස්සමෙන් හිටු අයියා.. නිරෝගි සුව..

    කැමතියි

  16. Weni says:

    හෆ්ෆා වෙලා තියෙන ඇබැද්දි ගොඩ.. ඉක්මනට සනීප වෙන්න..

    කැමතියි

  17. Alchemiya says:

    ඉක්මනින් සනීප වේවා….
    වැඩිය පේන්නෙ නැතිකොට මම බැලුවා මක්කැයි වෙලා තියෙන්නෙ කියලා…
    අපටත් ඉතිං ඉහටත් උඩිං වැඩනෙ… අනුං ගැන කොහෙ හොයලා බලන්නද ?

    කැමතියි

  18. රාජ් says:

    චැහ්! වස වැරැද්දනේ වෙලා තියෙන්නෙ. උඹට ටිකක් තුවාල උනත් කමක් නෑ. පොඩිඑකා බේරුනානේ. නපුරු කාලෙට ඕව වෙනව. පරිස්සමින් ඉ‍ඳහං.
    -රාජ්

    කැමතියි

  19. Gold fish says:

    දැන් කවද්ද අපි නවම් අයියව බලන්න යන්නේ..?

    තනි අතින් කොටද්දි ගමේ භාෂාව නිකංම මතුවෙනවා නේද… ඉක්මනට තුන් දෙනාම සනීප වෙන්න…!

    කැමතියි

  20. kathandarakaraya says:

    නෝනා ලෙඩ වුණු වෙලේ එයාට වුනේ එයාටම හෙදකම කරගන්නද නැත්තං බබාලගේ තාත්තා උදව් පදව් කළාද?

    කැමතියි

  21. සෝරෝ says:

    අයියෝ උඹට හොඳ වුනා ද… සික්…… 😀

    කැමතියි

  22. පොච්චීයේ.. අයියෙ…. උමට වෙලා තියෙන ඇබැද්දි ටික හැබෑට??
    වැස්ස වෙලාවට ඔය එලියෙ තියෙන පඩිපෙල් අනං මනං බහින්ඩ එපා…. ඇරත් පොඩි එකාව වඩාගෙන….
    ඔහොම අඩවුවක් ඇල්ලුව අපේ මාමගෙ භාරියාතොමෝ නැන්දම්මත් එක පාරක්…
    උන්දැ අර ටෙරාසෝ පොලවෙ තිබුණු දියසෙවෙල් උඩ ලිස්සුව…. නංගිවත් වඩාන…
    දෙන්න පුදුම බේරිල්ලක් බේරුණේ!!
    පරිස්සමෙන් හිටපං අයියෙ…
    (රහසිං)
    එක්කෙනෙක් ආං උඹව හොයනව…. උඹ මොකද්ද උණු හිලක් උගේ හිතට දැම්මය… ඒක හන්ද කතාව දිග්ගැස්සිලා ආරලු බූරලු වැඩි වුණාය කිය කියා……..දෙමුද උන්දැට ගේමක්??
    ඉක්මනට සනීප වෙලා වරෙං හොඳේ??

    කැමතියි

  23. නන්නාඳුනන අමුත්තා says:

    ම්… ම්… ඔහොම තමා බං ජීවිතේ හැටි. . . . අනික උඹ වගේ තුනී එකෙක් ඔය පොඩි එකාව වඩාගෙන වැස්ස වෙලාවෙ මොන ඉලව්වකට එලියට යනවද මන්දා. . .? හොඳ වෙලාවට උඹව දෙකට කැඩුනේ නැත්තේ….. එනිවේ, ඉක්මනට රිකවරිවෙයන් මගේ අම්මා….. ජයවේවා ….! ! !

    කැමතියි

  24. mekuwi says:

    නවම් ට දෙන දෙය්යෝ ටොකු ඇන ඇනම දීල වගේ.. පොඩි එකාට අව්ලක් නැත්තන් එච්චරය්..ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා..

    කැමතියි

  25. උඹලට මෙච්චර දේවල් වුන බව දන්නෙ නෑනෙ බං. මං හිතුවෙ පඩිපෙලෙන් වැ‍ටුන විතරයි කියලා. මට කරපු ආගන්තුක සත්කාර වලට පිං. දැන්වත් කරදර වලින් තොර කාලයක් පතනවා.

    henryblogwalker the Dude

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: