කැඩුණු පු‍ටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස

මේ දවස්වල මෙලෝ සංසාරයක් ලියන්න හිතෙන්නෙ නෑ. හිතෙන ඒවත් මෙලෝ රහක් නැති ජුජුබ්ස් ටොපික්ස්. බාගදා ඒව ලියල ගුටි කන්නත් බැරිනැති හන්ද එහෙන් මෙහෙන් මතක තියන ෂෝට් ඊට්ස් වගේ ඒව දෙක තුනක් ලියනව.

මේ කියන කතා ටික සිද්ධ උනේ කාලෙකට කලින් ක‍ටුනායක ඉන්න කාලෙ. මතකයිනෙ මම එහේ වෙච්ච කතා තුන හතරක් ලිව්ව. කියවල නැත්නං මෙන්න ඒව.

1. ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

2. .ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

3. ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

4.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස

5. අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

 

හරි දැං මෙන්න අලුත් කතා ටික,

ඔය අන්තිම සිද්ධියට පස්සෙ අපිට ඒ ගැණු බෝඩිමේ ඉන්න එක එපාවෙලා ගිහිල්ල නැවතුනේ සීදූවෙ මිෂන් හවුස් රෝඩ් එකේ නීතා අක්කලයි ගෙදර කාමරේක. නීත අක්කයි කිව්වට අපි අඳුරන්නෙ එයාගෙ හබිය ඇන්ටන් අයියව. ඒත් ඉතිං ගෘහමූලිකයගෙ නමින් නෙව ලංකාවෙ ගෙවල් අඳුන්වන්නෙ. ඉතිං ඒක හන්ද ඇන්ටන් අයියගෙ ගෙදරට ඒ ගමේ කට්ටිය කිව්වෙ නීතලයි ගෙදර කියල. ආයෙ අපිට ඇහැක ඕක වෙනස් කරන්න.

 නීතා අක්කා අපිට දෙන්න හැදුවෙ ගෙයි ඉස්සරහම කාමරේ. ඒකට දොරවල් දෙකක් තිබුන. එකක් එලියෙන් ඇතුලට එන දොර. අනික ඒ කාමරෙන් ගෙදර සාලෙට ඇරෙන දොර. මගෙ අනිත් සගය වෙච්ච නාලක නං බොහොම කැමති උනා ඒ කාමරේට. ඒත් මං ටිකක් පස්සගැහුව වැඩේට. මොකද කලින් බෝඩිමත් එපා උනේ ගෑණු හුටපටයක් නිසානෙ. අනික නීතා අක්ක ඇහැට කනට පේන ගෑණි වෙච්චි ! මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලේද දන්නෙ නෑ නෙ.

අපි ඉස්සරහ කාමරේ ගන්න ටිකක් අදිමදි කරනව වගේ දැනිච්ච හන්ද ඇන්ටන් අයිය අපිට ගෙයි පැත්තෙන් ඇතුල් වෙන්න තියන කාමරේ පෙන්නන්න එක්ක ගියා. ඒක නම් වරදක් නැති පාට නිසා ඇඩ්වාන්ස් එහෙම දීල ඇවිල්ල දවස් දෙකකට පස්සෙ ගෑණුබෝඩිමේ ඉඳල ත්‍රීවීලර් එකක බඩු ටිකත් පටවගෙන නාලකයි මමයි නීතා අක්කලයි ගෙදර පදිංචියට ආව.

හා දැං කට්ටිය දත කට මැදං ඇති මෙතන අපි දෙන්නගෙන් එකෙක් නීත අක්කත් එක්ක මොකක් හරි හුටපටයක් ඇතිකරගන්න ඇතිය කියල නේ. බොරු කියන්නෙ මොකටෙයි මාත් හිතං හිටියෙ මං නැතත් නාලකය පටලැවිල්ලක් හදාගනීවිය කියල. මොකෝ මං ඒ වෙනකොට එස්.පී.බී.ආර් වෙලා හිටියට නාලක අස්සය මැරිච්ච කව්බෝයි වගේ හිටියෙ. [මගෙ හැම එකක්ම ඉතිං එස්.පී.බී.ආර්. එල් තමා හික් ! ]

 ඒත් එදා රෑ සිද්ධ වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්.

වෙනදා වගේම හැන්දෑවෙ හතට ඩියුටි ඕෆ් වෙලා ක‍ටුනායට වෙළඳ කළාපෙ “ඒ” [A ?]ගේට් එකෙන් එලියට බැස්සෙ බෝඩිමට යන්න.

භයානක විදියට පටන්ගත්තට අතර මඟදි මුකුත් උනේ නෑ. වෙනද වගේම මිෂන් හවුස් හන්දියෙ කඩෙන් මාළු හොදියි ආප්පයි කාල දුමකුත් දාගෙන නිවීහැනහිල්ලෙ බෝඩිමට ආව. ඒ එනකොට රෑ අට හමාර විතර වෙලා. පුරුදූ විදියට කෙහෙල් පඳුරු වලට මුවාවෙලා තියන ශවර් එකෙන් ජොකා පිටින් නාල කරල එහෙම පිටි තේ දෙකකුත් හදාගෙන බීල ඇඳ උඩට වෙලා කයියක් ගහනෙන ඉන්නව.

වෙන මොනව කරන්නද. මොකෝ ෆේස් බුක්, බ්ලොග් එහෙම තිබුනය ඒ කාලෙ. ඒ තිබුනත් කෝ ලැප්ටොප්. ඒව රෑ දෙගොඩ හරියෙ දැකපු හීනෙකවත් තිබුනෙ නැද්ද කොහෙද. හෙහ් හෙහ්….

“මම තොට #&$^*% . යකෝ ඩිංගක් එහා මෙහා වෙන්න බෑනෙ එක එක #^*^&!(@& රිංගනව මේක අස්සෙ. මේ *&^%*$ ඕන එකෙක්ට &^@)(&$ “

අපි දෙන්න ඇ‍ඳෙන් බිමට නොවැ‍ටුනා විතරයි ඒ සද්දෙට. නීතා අක්කලයි ගෙදර මීට කලින් කිසිම පිරිමි සද්දයක් ඇහිල නෑ. ඒකටත් එක්ක ගෑණු සද්ද. ඇයි ඉතිං දවසක් නෑර දවසක් ඇන්ටට හම්බුවෙනව නෙව සබ්බුව.

ඒත් හද්දෙයියනේ අද මේ මොකක්ද… ?

“මල්ලි හුල්ලි කියාගෙන ඉන්නකොට මට යාන්තමට හිතුන.. පර #%*&(% “

වරෙන් යන්න මොකද අවුල බලන්න.. නාලයක සරම කඩල ආයෙම ගැටගහන ගමන් කතාකලා.

බොට පිස්සුද..මෙන්න මෙහෙට වෙලා හිටින් නිකං අහක යන පොලුපාරක් නොකා.

අඩෝ ඇන්ට නීතව මරනවද දන්නෙ නෑ. යමං බලන්න.

එක වංගියක් කිව්වනේද මෙහෙට වෙලා හි‍ටු කියල. මරණවනං දැං මරල ඇති. ආයෙ බලන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ඕනම නං උදේට බලාගං.

“ඒයි මචං.. නීතක්ක නේද අඬනව ඇහෙනෙ”, නාලක රහසෙන් වගේ ඇහැව්වට පස්සෙ තමයි මටත් හීනියට ගෑණු ඇඬුම් සද්දයක් ඇහුනෙ.

ෂුවර් එකටම නීතක්ක ඇස් කරකවල බලල පස්ස අඹරවල ඇවිදින ඇවිදිල්ලට අහුවෙච්ච එකෙක් ඇන්ටගෙ අතටම අහුවෙලා වෙන්න ඇති.

පහුවදා උදේ මොකක් වෙන්න ඇති කියලද කට්ටිය හිතන්නෙ…….

අපේ බලාපොරොත්තු සුං ! මෙලෝ විනාසයක් නැ. අපි හිතුවෙ මල්ටිබැරල් ගහපු තල් යාය වගේ ඇතිය කියල. ඇන්ට වෙනද වගේම බාජ්ජු කලිසම ඇඳගෙන ෂර්ට් එකකුත් නැතුව මිදුල අතුගානව. නීතක්ක හැමදාම වගේ කුස්සියෙ පෙරළි කරනව ඇහෙනව. පොඩි වෙනසකට වගේ තිබුනෙ හැමදාම තියන පොල්කුඩුයි තව සුං බුං දාපු ෂොපින් බෑග් එකට අමතරව අන්ඩක් කැඩිච්ච නිල්කමල් ප්ලාස්ටික් පු‍ටුවක් කුණුටැට්ටරේ එනකං වැට අයිනෙ තිබිච්ච එක විතරමයි.

මුකුත් නොවුන ගානට අපි දෙන්නත් ලේස්තිවෙලා වැඩට යන්න මිෂන්හවුස් හන්දියට ගියා. ඔන්න එතනදි තමයි සීන් එක හරියටම තේරුනේ. මෙන්න අපිට පස්සෙ අර ඉස්සරහ කාමරේ බෝඩිං වෙච්ච සිකුරුටිගාඩ් මහත්තය ඉන්නව කොට්ට පැදුරු අකුලගෙන බස් එකක් එනකන්ද කොහෙද අපි දැකලත් නොදැක්ක වගේ අහක බලාගෙන.

සමහර වෙලාවට පොඩ්ඩ එහෙමෙහ උනා නම් එතන ඉන්නෙ නාලක හරි මම හරි අපි දෙන්නම හරිත් වෙන්න බැරි නෑ.

ප.ලි : ආරලු බූරුළු එක්ක කතා ලියන්න ගියාම ඔහොම තමයි. අනිත් පොඩි පොඩි කතා ටිකත් ටිකක් වැඩිපුර අතිනුත් දාල පෝස්ට් දෙක තුනකටම ලියල දානව.

ප.ප.ලි : ගැටගහ ගන්න පුළුවන උනොත් ඊලඟට එන්නෙ ලංකාවෙ හොඳම කොන්දොස්තරල ගැන. ඒකත් ක‍ටුණායකම තමා

පින්තූරය ගත්තේ :http://www.illiteraryfiction.com

Advertisements

49 Responses to කැඩුණු පු‍ටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස

  1. සිං ගාලා සද්දයක් ආවම බැලුවෙ, යකෝ මෙන්න මූ යක්කු ගස් යන වෙලාවට පෝස්ට් එකක් දාලා. හිතුව හරි ගෑණු හුටපටයක් තමයි. විශේෂයෙන්ම ඔය ඇහැටත් වඩා කනට පේන ගෑණුන්ගෙන් පරිස්සං වෙයං කියලා මම කියන්නමයි හිටියෙ.

    කැමතියි

  2. සොසී says:

    නවම් මෙන්න පෝස්ට් එකක් දාලෝ……………………

    කැමතියි

  3. හපොයි බොලව්.මුන් නොවැ ඉදල තියෙන බෝ පැල ටික ඒ පලාතෙම.

    කැමතියි

  4. kathandarakaraya says:

    ගින්දර සහ පුලුං!
    පිච්චුනේ නැති එක ලොකු දෙයක්.

    කැමතියි

  5. malmi says:

    හොද වෙලාවට නවම ගෑවිලා නෑ වගේ නෑ. නැත්තං චූටි මැණිකෙගෙන් තමයි ඊලග පුටු පාර

    කැමතියි

  6. අර උන්නාන්සෙයි අනිත් උන්නාන්සෙයි කරපුවා මිසක් ……… මෙ උන්නාන්සෙලා කරපුවා කවද්ද බ්ලොග් අවකහෙ ලියැවුනෙ……….. 😀

    කැමතියි

  7. ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වුහ.. හොර හිත නොතිබ්බා නම් නවම් මල්ලි සගයත් එක්ක අර කාමරේ ගන්නවා. තමුන් තමුන්ටම විස්වාස නැති හින්දයි එළියේ කාමරේ ගත්තේ.. හික්.. දැන් ඉතින් බෝඩින් කාරයින්ගෙන් වඩාම නරකයෝ දෙන්න ඉතිරිවෙලා.

    කැමතියි

  8. ලවා says:

    මාත් අවුරුදු 6ක් විතර කටුනායක හිටියා මතකද 18 කනුවේ ටි.ටි.අයි එක අන්න ඕකේ තමයි මම ඩිප් එක කොලේ..

    කැමතියි

  9. රාජ් says:

    අඩේ මම හිතුවෙ උම කියල බං.

    කැමතියි

  10. praveena says:

    //මෙන්න අපිට පස්සෙ අර ඉස්සරහ කාමරේ බෝඩිං වෙච්ච සිකුරුටිගාඩ් මහත්තය ඉන්නව කොට්ට පැදුරු අකුලගෙන බස් එකක් එනකන්ද කොහෙද අපි දැකලත් නොදැක්ක වගේ අහක බලාගෙන.//

    පව් අප්පා… 🙂

    කැමතියි

  11. නිහාල් ඇන්ඩ් සන්ස්, නවම් හන්දිය, නවම් මාවත. says:

    හිස්තැන් පුරවන්න කියල අපි නිහාල් ට කියමුද, මිනිහ ඕව හොදට දන්නවා ! නවම් ගේ යාලුවනේ !

    මම තොට ………………. . යකෝ ඩිංගක් එහා මෙහා වෙන්න බෑනෙ එක එක ———— ———— රිංගනව මේක අස්සෙ. මේ ————- ඕන එකෙක්ට ————— “

    ආප්ප සහ කොත්තු සදහා විමසන්න !
    නිහාල් ඇන්ඩ් සන්ස්, නවම් හන්දිය, නවම් මාවත.

    කැමතියි

  12. මේකත් එක්ක අමුනපු හැම පෝස්ට් එකක්මත් කියෙව්වා අනේ මංදා ඒවා කියවද්දි දුකක්ද කලකිරීමක්ද දැනුනේ කියලා මොනවා උනත් සෑහෙන්න වටින අත්දැකීම් ටිකක් ලියන විදිය මාර ලස්සනයි…

    මේ ලිපිය කියෙව්වේ අනික් සේරමත් කියවලා ඉවරවෙලානේ හැබැයි මේක කියවද්දි නම් හිතුනා පහුවදා අයියව අල්ලගනියි කියලා… ලියලා තිබ්බ විදියට දැනුනේ එහෙම්මයි….

    කැමතියි

  13. Gold fish says:

    මටනම් සැකයි අප්පා කොට්ට පැදුරු උස්සගෙන හන්දියේ හිටියයි කියන බුවා ගැන… කවුරු කොහොම කිව්වත් අපි එපැයි සිහිබුද්ධියෙන් අහන්න… 😀

    කැමතියි

  14. දුමී says:

    නෙද්දකින්….! බලාපොරොත්තු ඔක්කොම සුනේ සුං….!

    බලපන් මාරයාගෙන් චෙක් කරලා ඒ දවස්වල කටුනායක පැත්තෙ මොනා හරි ටික කාලයකට මුර කලාද කියල..?

    කැමතියි

  15. 🙂 කාලෙකින් උඹෙ පෝස්ටුවක් දැක්කේ!

    කැමතියි

  16. Weni says:

    අපොයි කඩු ෆයිට්, පොලු ෆයිට් නැත්නම් ලීකෙලි පාරක් වත් ඇතී කියලයි මන් නම් හිතුවෙ..

    කැමතියි

  17. කාලෙකට පස්සෙ….. ඒකත් පිට කාමරයක් ගැන නෙවැ….. මං උන්නා කෝම හරි ඉස්සරා කාමරේ ගැන ලියවෙයිම කියලා… අපරාදේ..

    කැමතියි

  18. පූසා says:

    අයියෝ වැඩක් නෑ! මඟක් දුරදී මං හිතුවේ නවම් අයියාව ගෙදරින් එළෝන තැනට වැඩේ සිද්ධ වෙයි කියලා. ආන්න එහෙනං මේක සුපිරි කතාවක්! 😀

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: