උඹ තමයි දවසකටවත් අයිය බං

ලොකු අයියෙ මොකක්ද බං ඒ කොරාපු නොහොඹිනා වැඩේ උඹ ?

මොන වැඩෙද බණ්ඩො ?

මොන වැඩේද අහන්නෙ, ඇයි ඔය ඩිංගට අමතකද ?

අමතක වෙච්ච කෙහෙල්මලක් නෙමෙයි බං, ඒ ජාතියෙ වැඩ නං කියල කීයක්ද… උඹ ඔය අහන්නෙ අහවල් දෙයක් ගැනද කියල නිච්චි නෑ.

අර මං හන්දියෙ ටියුසොං පංතියක් දාන්න හදාපු වැඩේට පොල්ල දාපු එක !!

හො හෝ.. එහෙම කියන්න එපැයි.. ඒකට එහෙම මං පොල්ල දැම්මෙ නැත්නං ආයෙ මගේ ලොකු අයිය කමටත් ලැජ්ජයිනෙ බං. ඊටත් මං තා ඩිංගිත්ත්තක් සුනංගු උනා නං උඹ සුං.

මං සුං.. හුහ්.. ඒව හඳේ..

කට තිබුන පලියට කැගහන්න එපා බං. උඹ දන්නවනෙ ඔය කට හන්ද බොට වෙච්ච වින්නැහි.

හරි. ඒ කතාව පැත්තක තියමුකො, දැං කියමු බලන්න මොකෝ මං ටියුසන් පංතිය දැම්මම උඹට වෙන නරක ?

පංතියෙන් මට ඇතිවෙන නරකක් නෑ බං හොඳක් මිසක.

එහෙනං අහවල් එකකටද පොල්ල දැම්මෙ ?

පොල්ල දාන්න උනේ උඹ හත්පොලේ ගාගෙන වැඩිපුර හරිය මගේ ඇ‍ඟෙත් ගාන්න එනකොටනෙව ගොනෝ.

මාර බඩුවක්නෙ ලොක්කයියත්. ඇයි ඔහේම නෙ මට කිව්වෙ ලණු ඇදල අත්තිවාරං වලවල් එහෙම කපල මුල්ගල තියන්න සූජානං වෙන්නෙය කියල. එහෙව් උඹ දැං කියනව මං හත්පොලේ ගාගත්තය කියල. මොන අපභ්‍රංස කතාද මේව ඈ..

හෙහ් හෙහ්… මං දැනං උන්න උඹ ඔයි පුරස්නෙ අහන වග. හෙහ් හෙහ්…

ඇයි බං බණ්ඩෝ බොට තේරෙන්නෙ නැත්ද උඹල අනාගන්න තරමටය මට කාගන්න ඇහැක්වෙන්නෙ කියල. ඈ….

මොකක් ?

ඇයි බං උඹල කොරන හැම උලව්වක්ම කෙළවෙන්න යනකොට මම නෙව මැද්දෑවට පැනල යන්තං ගොඩ දාල දෙන්නෙ.

ඉතිං ?

ඉතිං කියන්නෙ.. මං මොන දහ දුරා වැඩේ කොලත් ඒකනෙව ගමේ උන් මට පරස් වචනයක් දොඩන්නෙ නැත්තෙ. උං හිතන්නෙ මං නැත්නං බොලා මේ ගම වනසලාය. මං ඉන්න එක හොඳට යනවය කියල.

අම්මප, මට ඒ හැන හාං කවීසියක් කම්පනාවට නාව හැටි. හෙහ් හෙහ්.. උඹ මට කොන්තරාත්තුව දීල කෙළවගන්න හැටි පැත්තකට වෙලා අපූරුවට බලාගෙන උන්න. හෙහ් හෙහ්, අදහන්න නෙ වටින්නෙ බං උඹ.

ඒක නෙමෙයි බං අයියෙ. හැබෑවටම උඹ මේ ටියුසන් පන්තියට අකමැත්තක් නැද්ද ?

නෑ බං නෑ.. මං එක පාරක් කිව්වෙ?

ඉතිං බං උඹ කොලාපු වැඩෙන් ආයෙ මං කොහොමෙයි රෙද්දක් අඳං අත්තිවාරං කපන්න යන්නෙ ?

හිටිංකො මං කියනකං අලිය නොවී.

උඹ ඉස්සෙල්ලම ආණ්ඩුවෙ ඉස්කෝලෙ වැඩ ටික අවුල් කොරහං. පටං ගනිංකො පින්සිබොල්ගෙන්ම. ඊට පස්සෙ එකා එකා ගුරුවරු මාරුකොරහං. විභාගෙ කාලෙට පස්නපත්තර කඩදහිටික උස්සහං. එහෙම නැත්නං සමාජජ්ජනේ එක අස්සෙ විජ්ජාව එක ගහපන්. ඕන නං උත්තර කොලෙත් ඔයිං එකක් අස්සෙ යවහං.

එහෙම කොරල ?

ඇයි බං එතකොට ළමයින්ටම එපාවෙනවනෙ මේ ඉස්කෝලෙ කෙරුවාව. උං ගෙවල් ඔල ගිහිල්ල කිව්වම ගෙවල් වල උන්ටත් එපා වෙලා ඊලඟ අවුරුද්දෙ ආණ්ඩුවෙ ඉස්කෝලට දාන්න හිතාගෙන උන්න ලමය ඔයි ටියුසොං පංතියකට යවනවනෙ.

ඒටික විතරක් කොරාම ඇතෙයි අය්යෙ ?

ඇතිවෙයි මයෙහිතේ. එහෙම මදිනං ඔය උත්තර පත්තර ඔල ලකුණු කොම්පියුටරේට දාන ඇඩ්ඩිංගෙ කොල්ලට කීයක් හරි අතමිට මොලවල කියහං එහෙං මෙහෙං පොඩ්ඩ පොඩ්ඩ වරද්දන්නෙයි කියල.

ඒ කොරල උඹ මුකුත් නොදන්න ගානට මීක් නොකියා ටික කාලයක් ඉඳල බලහං අයෙම ටියුසොං පංතිය අපූරුවට පටං ගන්න ඇහැක්වෙන හැටි. එදාට එකෙක්වත් උඹට පොලු දාන්න එන එකක් නෑ ?

අයියෙ උඹත්?

මං අහවල් එකකටෙයි බ පොළු දාන්නෙ උඹල හත්පොලේ ගානොගා වැඩේ හීං නූලෙන් ගෙනියනකොට හෙහ් හෙහ්.

Advertisements

17 Responses to උඹ තමයි දවසකටවත් අයිය බං

  1. vimukthi says:

    මොන එකටද මන්ද මට මතක් උනේ…මාලබේ

    කැමතියි

  2. uwiniran says:

    හුඟ කාලෙකින් කතා සෙට් එකම කියෙව්වා…
    අයියා දේශපාලනේ කරන එකෙක්ද..? අර කොන්දොස්තරයා එල පොරක් නේද බං. නීතා අක්කත් ශෝයි.

    කැමතියි

  3. Amila says:

    ඔය තියෙන්නේ නවම් අයියේ,
    අත ගාල ටොක්ක ඇනලා
    ඔය ටික තේරෙන්නෙ නෑ නේ අපේ එවුන්ට

    කැමතියි

  4. හිහ්.. හිහ්.. අනේ ලොකු අයියා නැති ගමක් ගැන හිතාගන්නවත් බෑ..

    කැමතියි

  5. උඹ තමයි නවම් අයියෙ දවසකට වත් අයියා බං. හීනියට ඇන්න නේද ටොක්කක්. මට කෙනෙක් කියපු කතාවක් මතක් උනා. එල්ලෙ ගගහ හිටපු දෙන්නෙක්ව දැම්මා වගේලු ක්‍රිකට් ගහන්න. උන් ක්‍රිකට් ගැන දන්න මගුලකුත් නෑ. මුන් කොච්චර වැරදි කරත් ඉහලින් ඉන්න අම්පයර් මුන් දෙන්නව අවුට් කරන්නෙත් නෑලු. ඒක දන්න නිසා උන්ට ඕනෙ ඕනෙ විදිහට සෙල්ලම් කරනවලු. ඔන්න ඕකයි තත්වෙ.

    කැමතියි

  6. අජ්ජාපනේ නම් ඔහොම ම තමා වුනේ. අනේ මන්ද අපේ ළමයින්ගෙන් පස්සෙ විස්ස විජ්ජාල නිකම්ම නිකන් හුඹස් වෙනවා. මෙන්න කැට. මේ යන පාර ඒ පැත්තටම තමයි හරවලා තියන්නේ. ඒකටම හරියන කේවට්ටයෝ දෙන්නෙක් නෙ ඒක බාරව ඉන්නේ.

    කැමතියි

  7. කාට හරි ටොක්කක් ඇන්න බව නම් තේරුනා. බලන්න ඕනෙ කගෙද ඔලුව ගෙඩි ගැහිලා තියෙන්නෙ කියලා.ලංකාවෙ අධයාපනය අපෙන් නම් අබමල් රිණුවක හානියක් කාලෙකින් නොවූ බව නම් බය සැක නැතුව කියන්නපුලුවන්

    කැමතියි

  8. මොකද බං සීන් එක මට නොතේරේ…

    ඡන්දෙ දැම්ම ඕං.. ‘හැමෝම කියවනව දකින්න’

    කැමතියි

  9. නවම් අයියේ මේවා මෙහෙම දැම්මා වගේ නෙමෙයි, දැන් ඉතින් ලොකු අයියගෙන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි 😀

    කැමතියි

  10. malmi says:

    කට පරිස්සම් කොරාගනින් මලයා. නැත්නම් 50,000 බද්ද උඹටත් ගෙවන්න වේවි

    කැමතියි

  11. මේ ටිකේ ලංකාවෙ නිව්ස් බලන්න උනේ නෑ වැඩිය. පොඩ්ඩක් තේරුනා මදි වගේ

    කැමතියි

  12. පැතුම් හර්ෂණ says:

    මේ Page එක ලෝඩ් වෙනකොට This page has insecure content කියලා message එකක් ආවා. අදයි දැනගත්තෙ ඒ හරුපෙ තේරුම මොකද්ද කියලා.

    (ඇත්තටම එහෙම message එකක් එනවා)

    කැමතියි

  13. ඇයි දෙයියනේ මේ ටික මට තේරුන් නැත්තේ.
    අර ටියුශන් ටික දැම්මට පස්සේ ඒ සර් කාරයා ඉස්කෝලේ පේපර් ටික අරගෙන ටියුශන් එකේ දෙයි කියලා බය දෑ.

    කැමතියි

  14. හික්ස්…. මෙන්න කතා. ඕක තමයි ඇත්තටම වෙලා තියෙන්නෙ. හැමෝම බයයිනෙ දැන් ආණ්ඩුවෙ ඉස්කෝලෙට යන්න.කොයි කාලෙ යන්න වෙයිද දන්නෙත් නෑ නෙ.

    කැමතියි

  15. තේරෙන උන්ට තේරෙනවා මලේ.. පුරස්නේ තියෙන්නේ නොතේරෙන එවුන්ටයි තේරුනත් නොතේරුනා වගේ ඉන්න කැමති උන්ටයි කොහොමද තේරුම් කරන්නේ. හොම්බට දෙකක ඇනල කියන දේත් නොතේරෙන ගොන් ඉන්න රටක..

    කැමතියි

  16. අයියා says:

    අනේ බං උඹටත් ඕන නැති රෙද්දක් නෑ. ඉස්සර වගේ පට්ට කතාවක් දාගෙන හිටපංකො බං..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: