පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි !

අවුරුදු තුනකට පස්සෙ ගමේ ගියා ගිය සතියෙ. ඇඟට මහා කෙඩෙත්තු ගතියකුයි හිතට මළ කම්මැලිකමකුයි එක්ක ගතවෙලා යන්න ගියපු දෙසැම්බර් මාසෙ අයෙමත් පණ ගහල එන්න ඒ ගමන සෑහෙන්න උදව් උනා.

හැමදාම වැඩ වැඩ කියල ජීවිතේ අවස්ථාවන් මඟෑරීම මහා දරුණු දෙයක්. පිස්සෙක් වෙන්නත් බැරිනෑ. මේ මට වෙන්න ගියා වගේ හෙහ්  හෙහ්…

හක්මණ කියන්නෙ මගෙ ජීවිතේ බොහොම ලස්සන මතක සටහන් ‍රැඳිල තියන තැනක්.

පුංචිකාලෙ කුඹුරුවල පැනල මඩකරියො වෙච්චහැටි,
වඩනම්බි මාමත් එක්ක දවුලට කඩිප්පු හොයන්න ගම පුරාම කරක් ගහපු හැටි,
පැලමද කාපු හැටි,
ලොවි සම්බල් කාල කටදැවිල්ල උහුලගන්න බැරුව පුංචිඅම්මලත් එක්ක ගේ වටේ දුවාපුහැටි.
ජූල් සම්බල් කොටාපු හැටි,
පොල් බඩ කාපු හැටි,

කට පිච්චි පිච්චි ආටිචෝක් කාපු හැටි
ආච්චිගෙන් බැනුම් අහ අහ මල් කපාපු හැටි,
ලිං බක්කියෙ මාලු අල්ලපු හැටි,
තල්ලෙ ඇලි ඇලි කුරක්කන් තලප කාපු හැට,
වල කක්කුස්සියෙ වාඩිවෙලා කකා දාපු හැටි,
දෙවුන්දර පෙරහැර බලන්න ගිය හැටි,

රිලා වලිගයි හොර කුරුල්ලොයි එක්ක පන්සල් ගියපු හැටි
බෙටි ගහේ වැල කාපු හැටි,
හීංකිතර මාමගෙ කපු‍ටු පිහා‍ටු කාර් එකේ පුංචි අම්මලට මනමාලයො බලන්න ගියපු හැටි

මගෙ අම්මේ එහෙමත් කාලයක් !

Advertisements

10 Responses to පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි !

  1. නිර්නාමික says:

    දැන් එතකොට කොහොමද මේවා කෑවේ. සමාවෙන්න නොතේරුම් කමට. ඒක උයනවද අර පෑන් එකේ? මට පේන්නේ ඒක නිකම් දොදොල් වගේ හැදිලා කියලා.

    කැමතියි

  2. අපෙ අප්පේ මුන්දැ මැරිලා නෑ නොවැ.

    කැමතියි

  3. arunishapiro says:

    හා හා හරි හාවන් කැලේ මැදින් පැනලා යන්න හදන්නෙ නැද්ද?!!

    කැමතියි

  4. සොසී says:

    ඉතින් ගෙදර අරන් ආවැයි…දැන් කොලු පැට්ටා ලොකුයි නෙව…

    ඒක නෙමෙයි.අපිට නිකමට හරී කිවුවනම් නරකයි නෙහ්… ඇයි අනේ අකුරැස්ස -හක්මණ මහා ලොකු දුරක් යෑ… දොදොල් පත්ත ට හවුල් වෙන්න මොනා වුනත් රසද කියල බලන්න හරි එන්න තිබ්බනේ.

    කැමතියි

  5. Gold fish says:

    අයියේ අර හාවා ගෙදර ඇති කරන එකෙක්ද….

    හික්ස් අර ගින්දර අවුලන්න දස්සයි කතාව දැක්කේ නැද්ද තාම… 😀

    කැමතියි

  6. X-porter says:

    හෆ්ෆා සෑහෙන කාලෙකිං මේ පැත්තෙ ආවෙ… නහුතෙට වැඩ බං…. ඒ එක්කම මෙහෙම කිවුවට තරහ ගන්න කාරිනෑ ඒත් නොකියම බෑ…දැන් මේ බොලොක්ක ලෝකෙ ඉස්සර වගේ කිසි ගතියක නෑ බං… ඉස්සර කොච්චර වැඩ තිබ්බත් උදේ හවහ මේව බලනකං ඉවසිල්ලක් නෑ….. දැං මේවත් නිකං අර ලංකාවේ ටීවී චැනෙල් වගේ…. මෙලෝ රහක් නෑ.සාටර්.. බලල ඉවර උනාම අපිටම කනේ පාරක් ගහගන්න හිතෙනව අනේ මන්දා….. උඹත් එහෙන් මෙහෙන් ලිංකු ටිකක් දාල පොටෝ කෑලිටිකක් දාල නිකං අපිට ඕනවට වගේ…..අපිත් අර උඹ උඩිං කිවුව වගේ “මගෙ අම්මේ එහෙමත් කාලයක් ” කියල ඉස්සර බොලොක්ක ලෝකෙ ගැන හිත හිත ඇවිත් යනව.

    මේ ඒක නෙමෙයි අරක හැඳි ගානකොට අන්තිම හරියෙ පස්ට ආතල් එකක් තියෙන්නෙ අත් දෙකට නෙහ්…..

    (තරහ වෙන්න එපා මචෝ මෙහෙම කිවුවට මේක උඹටම නෙමෙයි කිවුවෙ සමස්ත බොලොක්ක ලෝකෙටම… හිතේ දුකට මොකද අපි උඹලට හරිම ආදරෙයි…. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පත්තර කාරයොන්ට ආදරේ කරා වගේ..)

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: