මම කවුද ?
මාර්තු 25, 2014 ප්‍රතිචාර 9
අල්ලපු ගෙදර මනුස්සයට මම අසල්වැසියා
අල්ලපු ගමේ මනුස්සයට මම එහා ගමේ එකා
අල්ලපු ටවුමෙ එකාට මම එහා ටවුමේ එකා
කොළඹ එකාට මම ගාල්ලේ එකා
ඉන්දියාවේ එකාට මම ලංකාවේ එකා
යුරෝපයේ එකාට මම ආසියාවේ එකා
අඟහරු ලෝකයේ එකාට මම පෘථිවියේ එකා
හැබෑවටම මම කොහෙද ? මම කවුද ?
මට උඹ එකෝමත් එක කාලෙක බ්ලොගක් ලියපු එකා. ඇත්තටම උඹ කවුද?
කැමතියිකැමතියි
උඹ නවම් මාවතේ බොගා
කැමතියිකැමතියි
කාට මොකා වුනත් වැඩක් නෑ … ♪ රැජින මමයි අපේ රාජ්‍යයේ … ♫
කැමතියිකැමතියි
පවු…. තාම සනීප නැද්ද කොහෙද….
කැමතියිකැමතියි
මම අනෙකාට කවුරුන් වගේ පේනවාද කියලා හිතන එක හරිම සංකීර්ණයි. අනෙකාගේ අවශ්‍යතාවයන්ට සම්පූර්ණයෙන් නතු නොවී තමුන් විසින් තනාගත්ත යම් සීමාවන් වලජීවත් වෙන එක වඩාත් උතුම් කියලා මට නම් හිතෙනවා.
කැමතියිකැමතියි
උඹ ඔය මොකෙක්වත් නෙවෙයි කියල හරියටම තේරුණ දාට උඹට උඹව හම්බ වෙයි… 🙂
කැමතියිකැමතියි
ඉස්සර නං බ්ලොගක් ලියපු කොල්ලෙක්.. දැං නං මොකෙද්ද මන්දා… කාලෙකින් දැක්කෙවත් නෑ නේ.
කැමතියිකැමතියි
ගිණියම් ඉර, සඳ සිසිලස අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද???????
කැමතියිකැමතියි
උඹේ ගෑනිට… මිනිහා..
හොර ගෑනිට… හොර මිනිහා..
කැමතියිකැමතියි