අමතකද මචං උඹට … ? [අමතක වීම වෙලාවකට හරිම කාලකණ්නි දෙයක්]
මැයි 22, 2014 ප්‍රතිචාර 35
ඉස්කෝලෙ පොඩි පන්තිවල අපිත් එක්කම ඉඳල ටිකෙන් ටික ලොකු පන්තිවලට යනකොට ඒ කාලෙ හිටපු යාළුවො ඉබේම මඟෑරෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.
සමහර වෙලාවට එහෙම මඟෑරෙන්නෙ ඒ කාලෙ ඉඳපු බොහොම හොඳ යාළුවො වෙන්න පුළුවන්. අපි කිසිම දවසක දැන ගන්න එකෙක් නෑ ඒ අය කොච්චර දුරකට අනාගතේදි හොඳ යාළුවො වෙන්න පුළුවන් කමක් තිබුන අයද කියල.
ඒ දවස් වල අපේ හිත් ගොඩක් පොඩියි යාළුවො ගොඩක් රඳවාගන්න. ගොඩක් වෙලාවට අපේ යාළුවො පන්තියෙන් පන්තිය වෙනස් වෙනව. ගොඩක් වෙලාවට හොඳම යාළුව වෙන්නෙ අල්ලපු පුටුවෙ වාඩිවෙලා ඉන්න කෙනා. එහමත් නැත්නම් මගේ තරහ කාරයගෙ තරහ කාරයා. සමහර වෙලාවට සුවඳ ගහන මකන කැල්ලක්, එහෙමත් නැත්නම් තුඩවල් මාරුකරන පැන්සලක් තියන කෙනා හොඳම යාළුව වෙනව.
ඒ කාලෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙදි හතර පහ වසර වලදි හොඳම යාළුව වෙලා හිටිය කියල මතකයේ තියෙන්නෙ මධූක කියල කළු උස පොහොසත් කොල්ලෙක්.
මම යාළු උනේ මිනිහ ගේන හැම් පෙති මැදිකරපු සැන්ඩ්විච් කන්නයි දෙපැත්ත මාරු කරල ලියන්න පුළුවන් කළුපාට හතරැස් පෑනයි නිසාද කොහෙද. ආණ්ඩුවෙ මාස් පඩි ගත්ත අපේ අම්මටයි තාත්තටයි මට හැම් ගිල්ලන්න වත්කමක් කොයින්ද ?
තව උන්න බොහොම ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙකුගෙ පුතෙකුත් අපිත් එක්ක අසිත් කියල. ඒ නම් පහ වසර වෙනකල් විතරයි. ඊට පස්සෙ මිනිහ කොළඹ ඉස්කෝලෙකටද කොහෙද ගියා. අසිත් එක්ක යාළුවෙලා උන්නෙ උගෙ දනිහ ගාවටම දිග නිල්පාට කොට කලිසමේ තිබිච්ච අමුතු පෙනුමටද කොහද.
මේ මෑතක මධුකගෙන් නොම්මරේ ඉල්ලගෙන කතාකරන ගමන් ඔය කලිසමේ විස්තරේ කිව්වම ඌ කට කනේ තියාගෙන හිනාවුනා උඹ මොකටද මයෙ කලිසම පස්සෙ ආවෙ කියල.තව මොනවද මංද අළුගුත්තේරු කතා තුන හතරකුත් කිව්වට පස්සෙ මට බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනව ගෑණු පරාණයක් මහ හයියෙන් හිනාවෙනව. ඒ මොකක්ද කියල ඇහුවම ඌ කියාපි “මචං මම මේ වයිෆ් එක්ක ඩ්‍රයිව් කරනගමන් ස්පීකර් ෆෝන් දාල තියෙන්නෙ” කියල.
උන් දෙන්න වගේම පොඩිකාලෙ එකට ඉඳල අමතක වෙලා ගියපු තවත් අපූරු යාළුවෙක් ආයෙම මූණු පොත නිසා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ හොයාගත්ත. අනුෂ්කගෙ [අනුවර්ත නමක්] තිබිච්ච අමුතු වචන නිසා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. මට හොඳට මතකයි මිනිහට “ටොනික් පියන්” කියල කියන්න බෑ. කිව්වෙම “බීම පියන්” කියල.
කතා කරන්නෙත් හරිම අමුතු එකෝ එකෙකුත් එක්ක. මගෙ මතකෙ හැටියට මිනිහ උන්නෙ හොස්ටල් එකේ. හරිම හිත හොඳ, බොරු සෝබන නැති කොල්ලෙක් වෙච්ච ඌ එක්ක යාළුකමක් ගොඩ නැඟුනෙ උගෙ හොඳ හිත නිසා වෙන්න ඕනෙ [මට හරියට මතක නෑ]
ඉස්සර කොච්චර හොඳ යාළුවෙක් උනත් දැං කොහොමද දන්නෙ නැති නිසා මූණු පොතේ මුලින්ම චැට් කරන්න පටන්ගත්තෙ වැඩිය විශ්වාසයක් නැතිව. මොකද ඉස්සර වගේම තාමත් හිත හොඳ ඇති කියල කතාබහ කරපු තුන් හතර දෙනෙක්ම ඒ වෙනකොට බොහොම වෙනස් වෙලා උන්න නිසා මට මේක ගැනත් වැඩිය ෂුවර් එකක් තිබුනෙ නෑ. ඒත් වචනයක් දෙකක් චැට් කරනකොට තමයි තේරුනේ තවමත් ඉන්නෙ ඉස්සර එකාම තමයි කියල.
මූණු පොතේ චැට් එකෙන් පරණ විස්තර, අළුත් විස්තර එහෙම කතා කරල ආයෙම සෙට් වෙමු කියල ටෙලිෆෝන් නොම්මරත් මාරු කරගත්ත. ඊට දෙදොහකට පස්සෙ මට අනුෂ්කට කෝල් එකක් ගන්න හිතිල රිංග් කරල බැලුව. ම්හ්.. නෑ සද්දයක්. ආයෙම ට්‍රයි කලා, ඒත් නෑ රිංග්ස් යනව…… ආන්සර් කරන්නෙ නෑ. මොනවහරි හදිස්සි වැඩක් වෙන්න ඇති කියල පස්සෙ කෝල් කරනව කියල හිතාගෙන නිකා උන්න. ඊලඟ දවසෙත් මිනිහගෙන් නෑ උත්තරයක්.
මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල. මූ මූණු පොතේ චැට් එකෙන් නම් පන දෙන්න වගේ කතාව. ඒත් කෝල් කලාම ආන්සර් කරන්නෙ නෑ. බැරිම තැන මම දැම්ම ටෙක්ස්ට් මැසේජ් එකක් ඌට හොඳටම බැනල, “බීරි වෙලාද යකෝ කෝල් කලාම ආන්සර් කරන්න බැරි” කියල.
මෙන්න ඒ සැනින්ම රිප්ලයි එකෙක් උගෙන්.
“ඇයි මචං උඹට අමතක උනාද මගෙ කන් හරියට ඇහෙන්නෙ නෑනෙ” කියල.
මට මිනිහගෙ ටොනික් පියන් / බීම පියන් කතාව මතකයේ තිබුනට ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්න අකමැති නිසා බෑග් එකටම වෙලා හිටපු හියරින්-ඒඩ් එක අමතක වෙලා.
අමතක වීම් මිනිස්සුන්ගෙ හිත් කොච්චර රිදවනවද………………… මහ කාලකණ්ණි හැඟීමක් කාලයක් යනකන් මගෙ හිතේ තිබුන ඒ සිදුවීම නිසා.
ප.ලි : අද වෙනකොට අනුෂ්කත් මේ නවම් මාවතට එනව. පූර්ණ අනුමැතිය ඇතුව තමයි සටහන පල කලේ.
හහ් හහ් හා…මම නං පන්තියේ යාලුවුනේ මැද පෙල සහ පහල මැරෑටි පෙල යාලුවො එක්ක.මට මතකයි මම ඒ ලෙවල් පාඩම් කරන්න ගිය සෙට් එකෙන්ම ඒ ලෙවල් පාස් වුනේ මම විතරයි..අනික් උන් පස්සෙ මට ආතල් එකට බැන්නා..තෝ හොරාට පාඩං කලා අපි නිකං බලා හිටියා කියලා..
කැමතියිකැමතියි
අම්මෝ ඇති කලකට පස්සෙ නවම් වෙලකට බැස්සේ !
කතාව හරියට හරි… එක්කෝ අපිට හොඳම යාළුවො වෙන්න තිබුණු අය එක්ක ගත උන කාලෙ මදි..මගෙ නම් හොඳම යාළුවො ඔක්කොම මට අහිමිවෙන අය. ලඟදි එක්කෙනෙක් සමුගත්තා. ඉතිරි අයගෙන් එක්කෙනෙක් විතරයි හමුවෙන්නෙ කලාතුරකින් ඔසී ගියාම. ඊයෙ පෙරේද මං හිතල බැළුවෙ කොහේ ඇත්ද මගෙ පාසල් යාළුවෝ කියලා. ලොකු කණගාටුවක් එක්කම මා ගැනම තරහක් ආවෙ මං ඔවුන් හොයන්න කිසිම මහන්සියක් අරං නැති බව පිළිගන්න උන නිසා. අහ්.. මගෙ හොඳම යාලුවා ඉතින් ගෙදරම ඉන්නවා.. අපේ වඩා හොඳ බාගෙ.. නොහොත් බෙටර් හාෆ්
කැමතියිකැමතියි
මනුස්ස සම්බන්ධකම්වලට වෙලාවක් නැතිකම වෙලාවකට මහ වදයක් සරත් අයියෙ. බලාගෙන ගියාම මනුස්ස සම්බන්ධකම් මග ඇරගෙන ගොඩනගාගත්තු දේවල්වල කිසිම වටිනාකමක් හිතට දැනෙන්නෙත් නෑ.
කැමතියිකැමතියි
ඇයි අමතකද මචං උඹට ……….
කැමතියිකැමතියි
ඇයි බං උඹ එහෙම අහන්නෙ ?? 😦
කැමතියිකැමතියි
මට නං බොලා දෙන්නම අමතකයි.
කැමතියිකැමතියි
හෙහ් හෙහ් මට නම් උඹ මතකයි බං. 😉
කැමතියිකැමතියි
විස්වාස කරපං අද එන ගමං මායි පෙම්බරයයි කතා කළේ ඔය වගේම දේවල් ගැන. දැන් අපි කෙනෙක්ට රිං කළාම කතා කරන්නෙ නැත්තං මල පන්නව ගන්නව. ඒත් අපි හාංකවිසියක් දන්නෙ නෑනෙ ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටපු තත්වෙ ගැන. සමහර වෙලාවට ඔහේ පිස්සුවෙන් වගේ පාර පයින මිනිස්සු එක්ක තරහ ගන්නකොට මංකියනව. තරහ ගන්න එපා. ඒ මිනිස්සු මොන හිතේ කරදර එක්ක පාරට බැහැලද කියල අපි දන්නෙ නෑනෙ කියල. අපි හැම තිස්සෙම අපේක්ෂා කරනව අනිත් මිනිස්සුත් අපිට ඕනෙ විදියට ක්‍රියාත්මක වේවි කියල. ඒත් එහෙම වෙන්නෙ නෑ නෙ. අපේ අපේක්ෂාවයි ඒ මිනිස්සුන්ගෙ ප්රතිචාරයයි අතර ඉඩ අපිව නුරුස්නා ස්වභාවයකට පත් කරවනව. අනික අනුන් ගැන හිතන එකේ සීමාව මොකද්ද? අසීමිතව අනුන් ගැන හිතන්න ගියොත් සමහර විට අපි ඒකෙන්ම පීඩාවට පත් වෙන්නත් ඉඩ තියෙනව නෙ.
ඒව ඉතිං හරිම සංකීර්ණ කාරණා නේද?
අනික තමයි අපි සමහර වෙලාවට වැඩිය නොහිතා, හිත රිද්දන්ඩ හීනෙකින්වත් නොහිතා කියන දේවල් වුනත් තව කෙනෙක්ට මහා වේදනාවක් දැනෙන අතිශය සංවේදී කාරණාවකට සම්බන්ධ වෙන්න පුලුවන් නෙ. හිතපංකො, දැන් ඔය ශාරීරික ආබාධ, කුලමල, ජාති, පන්ති කතා මිනිස්සුන්ව වර්ග කරවනව විතරක් නෙවෙයි කොච්චර හොඳ අවබෝධයකින් හිටිය අය අතරෙ වුණත් වරදවා වටහාගැනීම් ඇති වෙලා තැවුලට පත් වෙන්න හේතු වෙනවනෙ.
හැබැයි එහෙම දෙයක් කියවුණාට පස්සෙ එහෙම වුණා කියල දැණුනාම ආපහු අපිටමයි අවුල්!!
මට සමහර වෙලාවට මම අකමැති විදියෙ ඒ වගේ දෙයක් තව කෙනෙක් පිරිසක් ඉදිරියෙ කරනව දැක්කාමත් මාර අවුල්!
මේ කතාව කියෙව්වාම මට හිතුනෙ මෙච්චරයි.
දැන් මං කතා කරද්දි ගොත ගහනව. උඹයි මායි මුණ ගැහෙනව.
ඒත් උඹ දන්නෙ නෑනෙ මට ගොත ගැහනෙව කියල. මායි උඹයි කතා කරද්දි උඹ මං ගොත ගහනව දැණුනම ඒ ගැන උඹ ඇහුවත් මට ලොකුවට දැනෙන එකක් නෑ. උඹ දැනගෙන හිටියෙ නෑ කියල මං දන්නවනෙ. ඒත් මගෙ ලඟම කෙනෙක්, ඒ ගැන දැනගෙන හිටිය යාලුවෙක් අතින් ඒ ගැන ඇඟවෙන දෙයක් කියවුනොත්, විහිලුවක් කෙරුනොත් දුක හිතෙන්නෙ මගෙ අඩුපාඩුවට ඇද කළා කියල නෙවෙයි. ඒක අපේ යාලුකමේ තරමට පොඩ්ඩක් මදි වගේ දැනෙන හන්ද. ඒක මට දැනෙනව වගේම ඒ මනුස්සයටත් දැනෙනවනෙ තමන් අතින් වෙච්ච අඩුවක් විදියට.
ඉතිං උඹ දැනගෙන හිටි දෙයක් අමතක වෙලා ඌට දෙයක් කියවුණාම ඒකෙන් උඹේ හිත රිදුන තරම මට හිතාගන්ඩ පුලුවන්.
ඒත් මට හිතන්නෙ නෑ අනුෂ්ක මේ ටික මේකෙ ලියන්න උඹට ඉඩ දුන්න නං උඹ එහෙම ඇහුව එක ගැන උඹ ගැන වැරදියට හිතන තරම් පටු ආකල්පයක් තියෙන කෙනෙක් කියල
දැං ඇති ඕක ඔතනිං අමතක කරපං. හැබැයි පාඩම අමතක කරන්ඩ එපා. එහෙම කළාම ආයෙ වතාවකදි දුක ඩබල් වෙනව.
පරණ යාලුකම් අලුත් වෙලා තියෙන එකේ අනුෂ්කයා එක්කල හොඳවැයිං කයියකට (කොත්තමල්ලි ඇතා නැතා.. එව්ව මමං දන්නෙ නැතා) සෙට් වුණා නං ඕව සේරම හරි යයි.
කැමතියිකැමතියි
ජනූ…..මම දන්නෙ නෑ බං මේක ලෙඩක් ද කියල, ඒත් මොකන් හරි අඩුපාඩුවක් තියන මනුස්සයෙක් එක්ක කතා කරනකොට මට පුදුම අපහසුවක් දෑනෙනව.
අනුෂ්ක එක්ක ඉස්කෝලෙ දවස් වලත් ඊටපස්සෙත් වැඩිය කතා නොකරන්නෙ මගේ කතාවෙන් එයාට එවෙලෙට වෙන අපහසුතාවයට මම වගකියන්න ඕනෙ කියල හිතෙන නිසා.
කටුනායක ඉන්න කාලෙ මාත් එක්ක තව ගොත යළුවෙක් වැඩ කලා. එයා එක්ක කතා කරන වෙලාවට මට හරිම අපහසුයි, ඒ වෙලාවට එයා කියන්න තතමන දේ මමම කියල දානව. ඊට පස්සෙ ආයෙ එයා ගොත ගගහා මට බනිනව ඌට කතාකරන්න දෙන්න කියල
කැමතියිකැමතියි
හෙහ් හෙහ්.. තටම තටම කතා කරනකොට ඉවසං ඉන්ඩ බෑ නං තමයි. මට නං එහෙම මං හිරවෙලා ඉන්න වචනෙ කවුරු හරි කියන එක දැන් ගාණක් නෑ. ඒත් සමහරුන්ට ඒක උහුලගන්ඩ බෑ බං. විශේෂයෙන් පිරිමි කෙනෙක්ට ඒක අමාරු ඇති. ඒක උඹ අනුකම්පා කරල කරන දෙයක් කියල හිතුණම ආත්ම ගෞරවය පිලිබඳ කාරණාවක් විදියටත් දැනෙන්ඩත් ඇති.
ඔය උවමනාවට වඩා සානුකම්පිත වීම ලෙඩකට වඩා මහ කරදරයක්! හිතට වදයක්!
කැමතියිකැමතියි
සහතික ඇත්ත බං
කැමතියිකැමතියි
මේකත් කියවන්න! – මධුරංග ගෙන්.
http://madurangacreations.blogspot.com/2014/05/blog-post_23.html
කැමතියිකැමතියි
ස්තූතියි කකා
කැමතියිකැමතියි
මේ කතාව නම් ඇත්තම තමයි. අපිට කොයිතරම් යාළුවෝ මග ඇරෙන්න ඇද්ද? ඒත් සමහර යාළුවෝ තවමත් අපි ලගින්ම ඉන්නවා. ඒ ගැන නම් හිතන කොට සතුටුයි.
කැමතියිකැමතියි
ඒක නම් එහෙම තමයි. මට ඉඳල හිටල පරණ යාලුවො මුනගැහෙනව. ඒත් නම අමතකයි. පරණ විස්තර සේරම කතා කරනව නම විතරක් අහන්නෙ නැතුව හිත රිදෙයි කියල. ෆෝන් නම්බර් හුවමාරු කරගන්න කොට තමයි අවුල එන්නෙ. සේව් කරගන්න නම මතක නෑනෙ.
කැමතියිකැමතියි
කොච්චර කල් ගියාද බං?…අවුරුදු එකහමාරක් විතර නේද?…උඹව නම් අමතක උනේ නෑ…හෙහ්,හෙහ්,
පලි – ආයම දිගටම ලියනව නේද?
කැමතියිකැමතියි
එසේ යැ. ලියමි… ලියාගෙන යමි !
කැමතියිකැමතියි
මොකක්ද බං අර රවියාත් එක්ක කෑම කන්න ගිහින් පර්ස් එක අමතක වෙච්ච කේස් එක? උඹ මොකුත් ඒකට කියපු බවක් මට මතක් නෑ. ඒ කතාව ඇත්තවද්ද?
කැමතියිකැමතියි
හෙන්රි,
/ මොකක්ද බං අර රවියාත් එක්ක කෑම කන්න ගිහින් පර්ස් එක අමතක වෙච්ච කේස් එක? /
කොහෙද බොල එහෙම අසමජ්ජාති කතාවක් මම කිව්වෙ?…කෝකටත් කියල මම නවමට දාපු කමෙන්ට්ස් ඔක්කොම ආයම බැලුව..ම්හු..නතිං ලයික් දැට් ඇටෝල්!!!
කැමතියිකැමතියි
මම කියනවට බලහල්ල චැට් හිස්ට්‍රි වල එහෙම 😉
කැමතියිකැමතියි
හ්ම්ම්ම්… රවී අයිය ඒ ගැන මුකුත් කිව්වද ? 😉
කැමතියිකැමතියි
හැබැටම මුන්දට විකාරද බං රවී අයියේ, අපි දෙන්නට කොහොම වෙතත් මුන්දටනම් එහෙම එකක් උන එදා සලාක එකේදී. හෙහ් හෙහ් !
කැමතියිකැමතියි
මේන්න උපුටා ගැනීම http://ranrandil.blogspot.com/2014/03/249-14.htmlගෙන්
Nawamamawatha,
අම්මට උඩු නයා..මේ අපේ නවමාබිදානයා නේද? කොහෙද බොල ගිහිල්ල හිටියෙ? තෝ නැතුව අම්මාපල්ල මර පාලුවෙං මම හිටියෙ..කොටිම්ම පිස්සං කොටුවෙං පැනල ගෙදර ආහම බං අර එක පිස්සෙක්වත් නැතිඋනාම වටේ ඉන්න එවුං ඔක්කොම හොඳ සිහිය තියෙන එවුං උනාම දැනෙන්නෙ හිතට මහ පාලුවක්..අන්න ඒ වගේ කොල්ලො..මයෙ අම්මාපල්ල ඇත්ත.
යකෝ අවුරුද්දකටත් වැඩිය උනා නේද?…. අන්තිමට බොට මතකෙයි අපි දෙන්න අර දවල්ට කන්ට ගියා. උඹ අර මාව එක්ක ගියෙ ” අයියෙ යමං නියම තැනක් තියනව දවල්ට කන්ට ඔන්න උඹ ගෙවන්ට එහෙම සූජානං වෙන්ට එපා බිල මයෙ ගානෙ “කියල.
ඒ කරල කාල ඉවරවෙලා මතකෙයි උඹ සාක්කුවට අත දාල ” හුටා අයියෙ මයෙ පර්ස් එක දාල ඇවිල්ල නෙව ඔපීසියෙ. මොකෝ කොරන්නෙ දැං? ” කියල ඇස් දෙකත් ලොකු කොරාන මා දිහාවෙ බලා උන්නු හැටි..
ඒ වංගියෙ මම කිව්ව ” කමක් නෑ බං ඒකෙ අවුලක් නෑ මම ගෙවඤ්ඤම් ” කියල.
ඒ පාර උඹ කියපි ” අයියෙ චූටි මැණිකෙ අද ගෙදර එනකොට රෑ වෙනව මම හිතාගෙන හිටියෙ මෙතනිම්ම රෑට කෑම දෙහෙකුත් අරංයන්ට “කියල.
” හරි මල්ලි අවුලක් නෑ. තව දෙකක් ගනිං “ඔන්න මම කිව්ව.
” අයියෙ මේ…”ඒ පාර උඹ ආයෙම කෙඳිරි ගෑව.
” ඇයි බං?…”මම ඇහුව..
” ගෙදර බල්ලෙකුත්නං ඉන්නව. නෑ එක්කො ඌට ඕන නෑ.. ”
” නෑ.නෑ, බං එහෙම හරි නෑනෙ බල්ල උනත් ඌත පණ තියන සතෙක්නෙ. ගනිං ඌටත් එකක්. ”
ඒ පාර උඹ බල්ලටත් එකක් ගත්ත. අම්මපා මට ඒ දවස මයෙ පණ තියනකල් අමතක වෙන එකක් නෑ..හෙහ්,හෙහ්,
කැමතියිකැමතියි
උලව්වේ.. මේක පලාතම ගඳගස්සල නෙවද…… රෙද්දක් ඈඳන් ආයෙම බ්ලොග් ලියන්න ඇහැක. ෂැහ්…. අජූවයි.
කැමතියිකැමතියි
අඩේ ඔන්න බලාපංකො ඉතිං…ඕකනෙව කියන්නෙ..වඳින්ට ගිය දේවාලෙ ඔලුවට කඩා වැටුන මදිවට දේවරූපෙත් මගෙ ඇඟ උඩට කඩාපාත් වෙච්චි…සද්බාවයෙන්, පිරිසිදු හිතින් කරන්ට යන සත්ක්‍රියා ආය මගෙ ඇඟටම කැපෙන එක ඔය මගෙ මතක ඇති කාලෙක ඉඳල තියන උපංගෙයි කරුම දෝසයක්..අනෙ අම්මාපල්ල…
ඔන්න මලේ ඉඳහංකො වෙච්චිදේ කියන්ට සහසුද්දෙම්ම…
දැං උඹ එක පාරට නවම්මාවත ලියන එක නැවැත්තුවනෙ. මයෙ හිතට බොහොම වේදනයි. ඒ කිව්වෙ ඔය බොලොග් කියල අසූ කෝටියක් විතර තිබ්බට එව්වයිං හිතට අල්ලන එව්ව තියෙන්නෙ දෑතෙ ඇඟිලි ගාණටත් අඩුවෙං…කිව්වම මොකද?…නවං මාවත එයිං එකක්..පාටකයගෙ රසබාව උද්දීපනය කරල කුල්මත් කරල , මෞත්‍ර ලිංගික පද්දතිය අකර්මන්‍ය කරල,අග්න්‍යාශය අනුනාද කරවල, මොලේ මඤ්ඤමානුබූත කරල ..හප්පා..නවංමාවත අන්න ඒ වගෙ එකක්..ඇස් වහක් කටවහක් නෑ මම මේ ඇත්තමයි කියන්නෙ…
ඔය සමහර බොලොග් තියනව..මගේ අමුඩ කෙටිය, මගේ පරණ ජොකා,මගේ දැල් බැනියම, මගේ අඳන කඩේ..ඔන්න ඔහොම..මේ ලෝකෙ නෑ ගතයුත්තක්…කියන්ට තියන දේ කියන්ට එපාය…ඇත්ත කියන්ඩයි බිම හාරන්ඩයි බය වෙන්ඩ ඕන නෑ කියල ඔය කවුදත් කියල තියෙන්නෙ..කවුද බං? මහ දැනමුත්තද කොහෙද නේද?…හරි ඒක ඇරිච්චාවෙ..
ඉතිං උඹ බ්ලොග් එක නොලියා අතෑරියාම මගෙ හිත අකම්පාල වෙලා හිට මම ආස පොලව ගැටලන්ට කල්පනා කර මොකද මේකට කරන්නෙ..කොහොමද නවමව ආයම කුල්මත් කරල ගන්නෙ බ්ලොග් එක ලියවන්ට කියල..අන්තිමට මට ඔය ඔහොම කතන්දරයක් හදල දැම්මෙ අන්න ඒ පරමාර්තය මුදුන් පමුනුවා ගන්ට
ඒ කිව්වෙ මෙහෙමයි..දැං ඔහොම කතාවක් ලියල දැම්මම උඹට මල පැනල මයිල් කොයිල් වෙලා එනව මා එක්ක ඇර ගන්ට…අඩෝ බොරු කියන්ට එපා ඩෝ… ***** වැඩ කරන්ඩ එපා ඩෝ..අරකද මේකද…හෙහ්,හෙහ්, කොටිම්ම එදා වෙච්චි සිද්ධිය ලියල උඹ බ්ලොග් පෝස්ට් එකකුත් දානව..අපට නිරපරාදේ මඩ ගැසීම ගැන නවම්ගේ පිළිතුරු…එතකොට ඔය ගැන යනව ප්රබුද්ද සංවාදයක්..උඹත් ඇවිල්ල ප්රබුද්ද පොරනෙ…ඒ ප්රබුද්ද සංවාදෙං පස්සෙ උඹට හිතෙනව ආයම ලියන්ට ඕන මොන මොනව හරි කියල. එහෙම හිතල උඹ ලියන්ට පටං ගන්නව..ආන්න,…කොහොමද මගෙ කුසාග්ර බුද්දි මහිමය…
හැනා තේරුං ගත්තෙ නෑ මගෙ අබිප්පරාය මොකද්ද කියල මම හිතන්නෙ…
ඒ මොක උනත් මෙහෙම කරුනු පැහැදිලි කරන්ට අවස්තාවක් ලැබුනෙත් හැනාගෙ කමෙන්ට් එක නිසානෙ
හැනා,
ස්තූතියි මචං…..:)
කැමතියිකැමතියි
හරි ඒක එහෙමයි කියහල්ලකෝ. ඒත් උඹේ අභිප්‍රාය ඉෂ්ඨ වුනේ නෑනේ? කෝ ඉතින් නවමා මේක එහෙම වුනේ නෑ කියලා නෑනේ. ගඳ ගැස්සුවා කියලා විතරයි කියලා තියෙන්නේ.
යකෝ රවියා කිව්ව එකක් වුනත් මේ කතාව ඇත්ත වද්ද? :-O
කැමතියිකැමතියි
රවිය මෙතන ගලක් උඩ ශරීරකෘත්‍ය කොරාපු එක ඉසවන්න ඇහැක කියහල්ලකො, ඒත් මේ හැන් රි කරවෙච්චි බෙට්ට සරින් සැරේ පාරනව නෙව අමු හරිය මතුවෙලා පලාතම ගඳගස්සවල අහල ගං හතක ඉන්න බැරි වෙන්න. දුප් කිව්වෙ ……. !!
ප.ලි. අඩේ ඔන්න ආයෙම ලියන්න හිතෙනව බොලව්. 😀
කැමතියිකැමතියි
හෙන්රි,
/ හරි ඒක එහෙමයි කියහල්ලකෝ. ඒත් උඹේ අභිප්‍රාය ඉෂ්ඨ වුනේ නෑනේ? /
ඒක නම් එහෙම තමයි, මේ යස්සය ඒ කමෙන්ට් එක දැකල තියෙන්නෙත් අද මම හිතන්නෙ…හෙහ්,හෙහ්,
කැමතියිකැමතියි
එතනට ගියම “Sorry, the page you were looking for in this blog does not exist” කියනව නෙව
කැමතියිකැමතියි
ඒකනෙ බං ..හෙන් රිය මොකක්ද අපබ්රංසයක් කෙලල. පුදුමයි ඕකා ඇවිල්ල ඔය බ්ලොග්වල වැඩකිඩ ඔක්කොම දන්නව.
මෙතන බලහංකො.
කැමතියිකැමතියි
හැහ් හැහ්.. ඔන්න බලහල්ලකො ඉතිං ආයෙ ලියවන්න ලියල මේකා කොරාපු දේ. ලජ්ජා නහරෙ තියන එකෙක් වසයෙන් ආයෙ මට මේ පලාතෙ පස් පාගන්න ඇහැක් වෙයිද කියල වත් නොහිතා මමත් උගෙ පළලෙ කියල හිතල කොරාපු විගඩම. නින්දිතයි, කුජීතයි !!!
කැමතියිකැමතියි
මොක් ද ඒ “හැනා” කතාව ???
කැමතියිකැමතියි
නවමා,
/ මොක් ද ඒ “හැනා” කතාව ??? /
හැනා කියල කිව්වෙ ඔය හෙන්රියටම තමයි. ඕකගෙ නම ලියන්ට ගිහාම මැදිං ස්පේස් එකක් තියල ලියල පස්සෙ ස්පේස් එක අයින් කරන්ටයි මහ වදයක්නෙ බං. දෙන් අගේන් අයි ඩෝන්ට් ලයික් ඩූඩ්….ඒ නිසා ලේසියට හැනා කියනව මම. 🙂
කැමතියිකැමතියි
මුට්ටිය දාලා බලපු වෙලේත් හිතුවේ ආයේ ලියයි කියලා කෝ ඒ වුනාට නවමාගේ කෑලිත් තිබ්බැයැ.
ඔය පරණ යාළුවෝ හමුවෙනවා නේද සමහර සිදුවීම් සතුටක් වගේම දරාගන්න බැරි දුකක් වෙන අවස්ථාත් තියෙනවා.
කැමතියිකැමතියි
මුට්ටිය දාපු දොහේ නම් මම හිතුවේ ආයේ ලියන්න තමයි. එත් ඉතින් පොඩි පොඩි එහෙ වීම් උනා නේ, මේ වන්ගියෙවත් බලමු ඇදගෙන යන්න
කැමතියිකැමතියි