කුණු කවි
මැයි 26, 2014 ප්‍රතිචාර 11
පැම්පස් පෑඩ් සමඟින් කොන්ඩම් ගැට දා
මල්ලේ මැදට වෙන්නට ලා පැක් කරලා
විසි කල කාලෙ අවසානයි අහක බලා
කුණුගොඩ නැතිය දැන් ඒතැනින් අස්කරලා
ටික ටික එකතුකරලා මුලු සතියෙ කුණු
ඔබලා තදින් කට බැඳලා හොඳින් මලූ
වට පිට බලා තබලා මුල ලයිට් කණූ
ගියොතින් බඩු හරිය කරටම වැටෙයි නඩූ
එහෙයින්,
අල පොතු ළූණු පොතු අලිගැටපේර පොතු
බටු පොතු හෙරළි පොතු සහ තියඹරා පොතු
ඉන්නල පොතු සමඟ ඉඳහිට කොහිල පොතු
මොන විදියකට හෝ තම්බා කෑම යුතූ
තවද,
බෙලිකටු නෙරලු කටු සහ තව දිවුල් කටු
පොල්කුඩු සමඟ අරගෙන කොස් ගෙඩියෙ කටූ
ගලගා දියෙන් හෝ ඇඹුලෙන් මාළු කටූ
බැරි බැරි ගානෙ හෝ ගිලලා දැමිය යුතූ
//නෙරලි// නෙරලු
කැමතියිකැමතියි
ස්තූතියි, නිවැරදි කලා දැන් !
කැමතියිකැමතියි
කුනු කුනු ගගා පැක් කොරළා දෙන මල්ල
මුනු මුනු ගගා දික් කොරළා දෙන මල්ල
කිටි කිටි ගගා එල්ලාගෙන යන මල්ල
බස බස ගගා විසි කොරළා එන මල්ල
සන්තෝසයෙන් පිළිගත් කාගෙත් මල්ල
උද්දාමයෙන් වැජඹුණු ඒ කුණු මුල්ල
නින්දාවෙන් එසවුනු කගෙද එල්ල
අරුමැක්කෙන් අස්කොරළා ඒ ගොල්ල
කැමතියිකැමතියි
මල් හතයි ඇලපාතෙ !! 😀
කැමතියිකැමතියි
මොනවා දැමූවත් මල්ලට කුණු ඔන්න
කොන්ඩම් නම් එපා ඒකේ අහුරන්න
ඩී එන් ඒ බලා කිව්වොත් අහුවෙන්න
ඒ ටික ඇති නවම්, පවුලට කෙලවෙන්න !
කැමතියිකැමතියි
යේමනං මුක්කුද කොරනවා අප්පා ??
කැමතියිකැමතියි
කවි හරඹ නම් බෑ බං.
මමත් මේ මාතෘකාවට කෙටිකතාවක් ලිව්වා කාලෙකට කලින්. තාම ඩ්‍රාෆ්ට් එකේ.
මට කියහං. මේ කුණු නගර සභාවෙන් ගෙනියන්න කිසිම වැඩ පිළිවෙලක් නැද්ද? මිනිස්සු කුණු එක එක තැන් වල දාන්නේ ඒකයි. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවනම් කවුද කැමති කුණු කාරෙකේ දාගෙන ඈතට ගෙනිහින් හොරෙන් විසි කරලා ගුටි කන්න?
එහෙම නම් මිනිස්සු ඔක්කොම කතාවෙලා නගර සභා කාර්යාල භූමියට ගිනිහින් දාන්නයි තියෙන්නේ කුණු ඔක්කොම.
උඹ අරවා ලයිනිං කරන හැටි නම් අගෙයි.
අර පොතු නම් තමබලා කෑවයි කියමු. අර උඩින්ම තියෙන ඒවා එක ජාතියක් නම් ඩ්රැකියුලාට දුන්නෑකි. අනිත් ජාතිය?
කැමතියිකැමතියි
ඔහේ නෑ. කොටිකාවත්ත මුල්ලේරියාව නගරසභාවෙ කුණු ලොරියක් සති දෙකකව විතර සැරයක් එනව, ඒ එන්නෙත් දවල්ට, ඒකට කුණු දාන්නනන් ඉතිං නිවඩු දාල ගෙදර ඉන්න ඕනෙ. දැනට කරන්නෙ කුණු ලොරිය එනව කියල හිතෙන දවස් වෙනකොට අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියල ඒ ගෙවල් ලඟින් තියනව ලොරිය ආවොත් දෙන්න කියල, අපි උඩ තට්ටුවක ඉන්න නිසා තමයි වැඩේ හොඳටම අවුල්.
පණුවො හැදෙනවට මොර්ටීන් ස්ප්‍රේ එක ටිකක් වැඩිපුර ගහල තමයි තඩි ගාබේජ් බෑග් එකේ කට එහම ගැටගහන්නෙ. ඒක හෙන විසාල ක්‍රියාදාමයක් බං. ඒ කොරල හති අරින වෙලාවක තමයි ඔයි ටික ලිව්වෙ.
අනිත් ජාතියට නම් මම හිතාන ඉන්න කණපිට ගහල හෝදල වෑලේ ක්ලිප් ගහල වේලල එහෙම ගන්න. ඔය අහල පහල මඟුලක් ඇට් හෝම් ගෙදරක් එහෙම ආවොත් හෝල්සේල් ගානට දෙන්න ඇහැකි ගිහිල්ල පුම්බල එල්ලගනිල්ල කියල.
කැමතියිකැමතියි
අල පොතු, බටු පොතු වලටනම් කොල්ලො මොකක් හරි ක්‍රමයක් හොයාගන්ට වෙනව..බැරි වෙයිද මෙහෙම? ඕකට සැං ටිකක් එහෙම ගහල වැඩට යනකොට අරං පළයං…ඒ කරල හෙමිහිට ටේබල් පෑං එක වගෙ හතර අත කැරකිල බලල නෝන්ඩි නැතුව විසි කොරහං බේරෙ වැවට…තුන් වරක් ඔන්නම් හිස වටා කරකවල..
පැම්පස් සහ කොන්ඩොම් වැඩේට බොහොම සුලු ප්රතිකර්මයක්නෙ බං තියෙන්නෙ…හාපෝ උඹල මේ හිච්චි එවුන් වගේනෙ ..ඔය සිම්පල් අයිඩියානන්ද එක ආවෙ නැත ඔලු ගෙඩියට? පැම්පස් ඕන නැතිවෙන්ට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගනිං..එහෙම කලාම ඔටෝ කොන්ඩොම් ඕන වෙන්නෙත් නෑ.යකෝ චූටි මැණිකෙ නේස් කෙනෙක් නෙවද? ඕක දන්නෙ නැද්ද?
ආ..මේ ඒක නෙවෙයි…මම අහන්ටමයි හිටියෙ..චූටි මැණිකෙ අර වින්නඹු පුහුණුවට යනවය දැං?
කැමතියිකැමතියි
යකෝ අයියෙ… එක්කො ඕනෙ නෑ බං. මම මේ කෑම එකක් ගන්න යන්න හදන ගමන්, එමින් ගමන් මං බේරේ වැව් ගැට්ටෙ උලාගන්නව මේ කට. අම්මප උඹට කියනවට වැඩිය දාහෙන් සම්පතයි ඉඳගෙන !!
කැමතියිකැමතියි
මොන, එක හරියන කෙලියක් නෙවෙයි මයෙ හිතේ, අපේ උන්දෑ වින්නඹු කං කලොත් ආයෙ උන්නෙ මිනිස්සුන්ට අබ සරණයි. උඹැහැට කියන්න මුන්දැට තියඹරා ගෙඩියක් ඇස්ස ගහගන්න බෑ නෙව හරහට යන්නෙ නැතිවෙන්න.
කැමතියිකැමතියි