ආදරණීය රිදුම – 02
ජූනි 2, 2014 ප්‍රතිචාර 20
තිළිණි ඇයි මට සමීප උනේ කියල මට තවම පැහැදිළි නෑ.
මෙන්න මේ හේතුවය කියල එකක් පෙන්නන්න හැදුවම තව වෙන හේතුවක් මතුවෙනව, ඒ වෙලාවට කලින් එක නෙමේය පස්සෙ මතුවෙච්ච එකය කියල පිළිගන්න හැදුවම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් හේතුවක් තුන්වෙනි එක විදියට මතුවෙනව, ඒකට පස්සෙන් හතර, පහ, හය විදියට එකක් පස්සෙ එකක් විදියට හේතු පෝලිමක්ම ඇවිල්ල මාව එහෙම්පිටින්ම අවුල් කරල දානව.
ඒවෙලාවට ආයෙම අර කලින් ආව වේදනාව මහා බරකුත් එක්ක ඇවිල්ල හිතේ වාඩිවෙනව. ඊට පස්සෙ ඒක පපුවෙ ඉඳල පටන් අරගෙන ටික ටික බෙල්ල පහුකරන් නිකට, කම්මුල්, කන් පහුකරන් ඔළුව ඇතුලට වැදිල තෙරපිලා තෙරපිලා සිතුවිළි ඔක්කොම හිස්කබලෙන් එලියට තල්ලුකරනව කෙස් ගහේ ඉඳල කකියන ඔලුවෙ කැක්කුමකුත් එක්ක.
කොච්චර වේදනාවක් දැනුනත් කිසිම විදියකින් ඒ සිතුවිළි මතුවෙන එක නවත්තන්න ක්‍රමයක් තිබුනෙ නෑ.
නවත්තන්න උවමනාවකුත් එන්නෙ නෑ. ඒක තමයි මම ජීවත්වෙනවා කියල දැනෙන එකම මොහොත. ඒක නිසා කොච්චර පීඩාවක් උනත් මමත් ආසයි ජීවත්වෙනවා කියල දැනෙනවට.
තිළිණි එහෙමටම හැඩ රුවක් තියන කෙල්ලෙක් නෙමෙයි හිත ඇදිල ගියාට, මගෙ ජීවිතේ ඊට වඩා හැඩ නැවතුම් පොළවල් කීයක් නම් පහුකරන් ආවද. අන්තිමට නැවතිච්ච අනුරාධා ඒ අතරෙන් කෙනෙක්.
තිළිණි අනුරාධා එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි, කොටින්ම අනුරාධා මහා කන්දක් නම් තිළිණි පොඩි තෙත පස් කැටියක්. ඒත් අනුරාධා රිදුමක් වෙලා හිටපු මට තිළිණිගෙ ඒ
පුංචිකම කොහොමත් ගැටළුවක් උනේ නෑ.
අල් ෆරිස් එකේ දොලොස්වෙනි තට්ටුවෙ අවුරුද්දක් තිස්සෙ හිරවෙලා හිටපු මට තිළිණි හම්බුවෙන්නෙ හරිම අහම්බයකින්.
වෙනදා වගේම ඩියුටි ඕෆ් වෙලා ටැක්සියක් එනකල් ලොබි එකේ ඉඳපු මම කනට හුරුපුරුදු වචන ඇහෙන දිහාව බැලුවෙ ඉබේටම වගේ. මට පිටුපාල තියන ෆෝන් බූත් එකේ ඇතුලෙන් ඒ හඬ ඇහෙන්නෙ. උවමනාවටත් වැඩියෙන් හයියෙන් කරන කතාව අහන් ඉන්න මම ඉඳපු තැනින් තවත් අඩි කීපයක් පස්සට උනා.
එතනටත් ටැක්සි නවත්තන තැන හොඳට පේනව. ඒක නිසා කමක් නෑ, ටක්සියක් ආවොත් ඉක්මනට යන්න පුළුවන්, අනික මම මේ අහන් ඉන්නෙ අපේ කෙනෙක්ගෙ කතාවක්නෙ, විදේශිකයො ගොඩක් මැද මගේ ඒ කැත කෑදර සන්වන්දීම එහෙම සාධාරණීයකරනය කරගත්ත.
විනාඩි පහකට විතර පස්සෙ බූත් එකේ දොර ඇරගෙන බොහොම සාමාන්‍ය පෙනුමක් තියන ගෑණු ළමයෙක් එළියට ආව.
ඈ ඇඳල හිටියෙ වැළි පාටට ලඟින් යන දුඹුරු පාට ලිනන් කලිසමක්, ඒකටම ගැලපෙන පර්ල් පාට දිග ටොප් එක දනිස්සට පොඩ්ඩක් විතර උඩට වෙනකල් වහගෙන. වම් උරේ එල්ලිලා ඉන්න අහිකුණ්ඨික මල්ලෙ බරට ඇඳුමෙ කර වැඩිපුරත් එක්ක පහලට ඇදිල.
මම විගහට ඇස් අහකට ගත්ත. නැත්නම් ඈ මම නරක මිනිහෙක් විදියට තීරණය කරන්න හොඳටෝම ඉඩ තිබුන
ඔයා ලංකාවෙද ?
කිසිසේත්ම නොහිතපු විදියට මගේ කට ඉස්සර උනා. එයා පුදුම වෙන්න කලින් මම ම මගේ වචන ගැන පුදුම උනා. තත්පර කීපයක් ගියා උනේ මොකක්ද කියල තේරුම් ගන්න.
ඔව් නෙ.. ඔයත් ලංකාවෙද ?
යාත්‍රිකව වගේ කියවිච්ච ඒ දෙබස්වලින් පස්සෙ තවත් පොඩ්ඩක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටපු අපි දෙන්නගෙ හිනාව එක සැරේම පුපුරල ගියේ ඒක කොච්චර මෝඩ සංවාදයක්ද කියල කියන්න වගේ.
ඊට විනාඩි පහලොවකට විතර පස්සෙ අපි දෙන්න හිටියෙ කොෆී බීන් එකේ රෙඩ් වෙල්වට් දෙකක් කකා.
මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් එකේ නැති ගොඩක් කේක් වර්ග වලින් පිරිච්ච කැබින් එකෙන් රෙඩ් වෙල්වට් තෝර ගන්න අපි දෙන්න ඔට්ටු ඇල්ලුවෙ හරියට අවුරුදු ගානක් දැන අඳුරගෙන හිටිය දෙන්නෙක් වගේ.
එදායින් පස්සෙ හැම සති අන්තයකම අපි දෙන්නගෙ සුපුරුදු මීටින් පොයින්ට් එක උනේ කොෆී බීන් එක. සමහර දවස් වල පැයක් හමාරකට පස්සෙ පරිසරය ඒකාකාරී උනාම අපි දෙන්න යනව කොෆී ෂොප් එකේ එලියෙ ස්මාරකයක් වගේ තියල තියන වොක්ස් වැගන් එකට එහා පැත්තෙ තියන සන් ෂේඩ් එක යටට.
එක දෙයක් කියල නෑ, අපිව පහුකරන් යන ගැහැණියකගෙ පර්ෆියුම් සුවඳෙ ඉඳල හඳ, තරු වෙනකල් කතා කරනව.
තිළිණි කියන්නෙ පුදුමයන් ගොඩකගෙන් පිරිච්ච කෙල්ලෙක්, නිතරම ප්‍රීතියෙන් උතුරන, කුතුහලය ඉහවහා ගියපු අපූරු ජීවිතයක්. ඈ ගේ ඒ ප්‍රීතිමත් කම නොනවතින උනන්දුව, නිතරම අවධානයෙන්, කුතුහලයෙන් ඉන්න ගතිය මම මීට කලින් දැකල තියෙන්නෙ ජර්මන් ශෙපර්ඩ්ස්ලගෙන් විතරයි කියල කිව්වොත් ඒක ඈට කරන අපහාසයක් වෙන එකක් නෑ කොහෙත්තම.
ගෙදර ඉන්න වෙලාවටත් මගේ ප්‍රියතම මොහොතවල් ගතවෙන්නෙ නිතරම කන් උස්සගෙන ප්‍රීතියෙන් ඉන්න ටෙඩී ලඟ. ඌට තියෙන්නෙ බොහොම තියුණු අවධානයක්, මං ඩිංගක් හයියෙන් හුස්මක් හෙලුවත් බිම තියාගෙන ඉන්න නිකට විගහට උස්සල තෙත ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉන්නෙ හරියට ඇයි කියල අහන්න වගේ.
සමහර වෙලාවට මම ඌත් එක්ක ඔහේ කතා කරනව.. එකම දේ කී සැරයක් කිව්වත් නොනැසෙන උනන්දුවකින් අහන් ඉන්න ඌට පුලුවන්. ලංකාව දාල එන්න කිට්ටුව කැටයම් කපාපු හීතල වීදුරුවට අමතරව මට ඇහුම්කන් දුන්න එකම ජීවියා ඌ.
තිළිණිත් ඒ වගේමයි ඈට ඕනෑම කම්මැලි මාතෘකාවක් හරි අපූරු උනන්දුවකින් හූ මිටි තිය තියා අහන් ඉන්න පුලුවන්. ඒ හැකියාව හරිම සුන්දරයි. සමහර විටක ඒක මවාගත්තු උනන්දුවක්ද කියලත් නොහිතුනා නෙවෙයි, ඒත් ඒක ගැන අහල ඈට අපහාසයක් කරන්න මට කිසිම වෙලාවක හිතුනෙ නෑ.
මම ඒ මොහොත ආස්වදනය කලා ……….
මමත් දවසක් ඔහොම ඇහුව ….
” මේ…ඔයා ලංකාවෙද? “
” නැතුව ආය සිංහලෙන් කතා කරන මිනිස්සු බලුකිස්තානෙත් ඉන්නවය?”
ඔන්න හම්බ වෙච්චි උත්තරේ… 🙂
කැමතියිකැමතියි
ඉතිං උඹහැ දීල ඇරිය හොම්බට හැටක් ???:D
කැමතියිකැමතියි
පිස්සුද? මාත් ඉතිං පොඩි හිනාවක් දාල කිව්ව ” නෑ..මේ අපේ ලොකු මාම මම පොඩි කාලෙ බලුකිස්තානෙ පදිංචියට ගිහිල්ල තියනව. ඔයා ඒ අපෙ මාමගෙ දුවද කියල දැනගන්නයි මම එහෙම ඇහුවෙ “…කියල.
කැමතියිකැමතියි
ආ මේ ඇවැස්ස නෑනද කියල හොයල තියෙන්නෙ එහෙනං. හෙහ් හෙහ් 😀
කැමතියිකැමතියි
ඇයි එක පොරක් එයාපෝට් ලොබි එකේ ඉඳන්ම ඇහැ දාගෙන හිටියලු කෙල්ලෙකුට. මූත් අර ගට නැති එකෙක්. හිතලා හිතලා ඇහුවොත් අහන්නෙත් ගොංප්රශ්ණයක් බව උගේ යාලුවොත් කියලා තිබුනලු. අර අපි කාටත් තියෙන ප්‍රතික්ෂේප වීමේ භීතිකාව fear of rejection නිසානේ ඔය ඔක්කොම. අන්තිමේදි මූට ඉඳගන්න අහුවෙලා තියෙන්නෙත් කෙල්ල ගාවමයි. මූට අරච්චර එයා කන්ඩිෂන් කරලා තියෙන ප්ලේන් එක ඇතුලෙත් දාඩිය දානවලු. අන්තිමට මූ කෙල්ල දිහා බලලා මෙහෙම ඇහුවලු.
“මිස්..”
කෙල්ල මූ දිහා බැලුවලු.
හැබැයි සැර පාටක් නෑලු. දැන් තමයි මොහොත. මොනවා හරි කියන්නම වෙනවා. කෝ දැන් අර ප්‍රක්ටිස් කරපු පිකප් ලයින්? එකක් වත් ඔලුවට එන්නේ නෑලු. අන්තිමට ඌට ඇහුනේ මේ ප්‍රශ්ණේ.
“මහ්ම් ම්ම්ම්ම්. ඔයා යන්නෙත් මේ ප්ලේන් එකේමද?”
කැමතියිකැමතියි
දන්නව ද? ඔය වගේ ප්‍රශ්ණ අහන අයට ගෑණු ළමයි හරි කැමැති. කොච්චර මෝඩ වගේ පෙනුනත් එතන මොකක් ද එකක් තියෙනවා.
කැමතියිකැමතියි
මම මේ ඒ ගැන කියන්ට ගියා විතරයි..වත් හරියටම හරි…
එතන තියෙන්නෙ කොල්ලගෙ Vulnerability ( මේකට හරියටම හරියන සිංහල වචනයක් නෑ මම දන්න විදිහට ) එකට කෙල්ලො කැමතියි.අනික ඔහොම ඇහුවම අනිවාර්යයෙන් කෙල්ලට හිනා යනව. කතාව පටන් ගන්ට හොඳම ආරම්භයක් ඒක..Hit the Ground Running……අත්දැකීමෙන් කියන්නෙ…මම ඔහොම හිතලම කරල තියනව. 🙂
” මේ …..සික්ස් තර්ටි ෂෝ එක පටන් ගන්නෙ කීයටද කියල ඔයා දන්නවද? “
කැමතියිකැමතියි
මධුර ගොයිය නම් කියන්නෙ “අනතුරට භාජනය වියහැකි” කියල.
http://maduraonline.com/?find=vulnerable
බලාගෙන ගියාම එකෙත් ඇති වරදක් නෑ වගේ. ඔයින් එකකට අහු උනොත් අයෙ මේ සම්මජ්ජාතියෙ බේරෙනව බොරු, ලනුව කෙටි කරල කණුව මුලමයි බඳින්නෙ.
කැමතියිකැමතියි
හුහ්.. ගෑණු ළමයි හරි කැමති ඇති පිරිමි මෝඩයා වගේ ඉන්නවට 😀
කැමතියිකැමතියි
අඳෝමැයි…. විළිලෑජ්ජයි….. ඌට XXXX විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති.. හෙහ් හෙහ්.
කැමතියිකැමතියි
රවී අර උඹ කියපු “සික්ස් තර්ටි ෂෝ එක පටන් ගන්නේ කීයටද” කියන එකේ අනිත් එක
“මේ අවුරුද්දේ මහ සිකුරාදාව වැටෙන්නෙ ඉරිදාවකලු නේද” කියන එක.
උඹ ඔය වල්නරබිලිටි කිව්වාම මට මතක් වුනේ මචං සුලෝහිතේ හිටියා එක හරිම අහිංසක ඉංග්‍රීසි සර් කෙනෙක්. ඒ සර් තමයි අපිව අරන් ඩබල් ඩෙකර් බස් එකක් හයර් කරගෙන ගිහින් ජුලියස් සීසර් මූවී එක පෙන්නුවේ. පොර ඉංග්‍රීසි සාහිත්‍ය දෙයියා. අර ට්‍රෝයි කතාවේ අකිලීස් Achilles උඹට මතකනේ. පොරව අන්තිමට බිමදාන්නේ කොටු බැම්ම උඩ ඇවිදිනකොට ඊතලෙන් යටිපල්ලට විදලා. පොරගේ එකම vulnarable spot එක ඔතන. හරියට අර ඔබිලික්ස් පොඩි කාලේ මැජික් පෝෂන් එකට වැටුනා වගේ සීන් එකක්නේ. එතකොට මොකක්හරි සිස්ටම් එකක තියෙන මර්මස්ථානය නැතිනම් දුර්වල ස්ථානයට කියන්නේ Achilles heel කියලා. පොර අනේ ඕවා කියාදුන්නට අපේ ගොං ඔලුවලට ඕවා යන එකක්යැ. අපි බලා ඉන්නේ මොකක් හරි වචනයක් අල්ලගෙන පොරව බයිට් කරන්නනේ. සර් කාරයා කතාව කියාදීල ඔන්න ප්‍රශ්ණ අහනවා.
What does vulnarable mean? වල්නරබල් කියන වචනේ තේරුම මොකක්ද?
ඔන්න එකෙක් අත ඉස්සුවා. සර් “Yes?” කියලා බලා ඉන්නවා.
“වල්නරබල් කියන්නේ සර් වල්ල රබර් කියන එකනේ.”
සර්ගේ කොච්චරවත් රතුවෙන කන්දෙක රතු වුනා. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා. දැනුයි මචං තේරෙන්නේ අපි හිනාවෙලා තියෙන්නේ අපිටම තමයි කියලා.
I started a joke
and whole world started crying
……
The joke was on me….
කැමතියිකැමතියි
හෙන්රි,
/ උඹ ඔය වල්නරබිලිටි කිව්වාම මට මතක් වුනේ මචං සුලෝහිතේ හිටියා එක හරිම අහිංසක ඉංග්‍රීසි සර් කෙනෙක්. /
ඔය කියන්නෙ වීරමන් සර් ගැනද බං? අර කොයි වෙලෙත් රටකජු කන්නෙ?
/ පොරව අන්තිමට බිමදාන්නේ කොටු බැම්ම උඩ ඇවිදිනකොට ඊතලෙන් යටිපල්ලට විදලා /
විළුඹට විදින්නෙ…..
කැමතියිකැමතියි
ලස්සන කතාවක්නෙ… වෙනස් පරිසරයක වෙනස් විදියකට ගලාගෙන යන වෙනස් කතාවක්ද? කොහොම වුණත් දිගටම ලියන්න.. එක කතාවකට පස්සෙ කල්පයක් බලන් ඉන්න නම් බෑ ඊළඟ කොටස දකින්න….
කැමතියිකැමතියි
වැඩිය නෑ.. සතියයි සතියයි …… 🙂
කැමතියිකැමතියි
මගෙන් එකෙක් ඔහොම (අයියෙ ඔයා ලංකාවෙද ? කියල )ඇහුව එක ගැන මං බ්ලොග් එකේ ලිව්ව. එදයින් පස්සෙ මං අහන්නෙත් නෑ අහන්න වෙන තැනක ඉන්නෙත් නෑ. !
සිංහලෙන් කතාවක් ඇහෙන කොට මාරුවෙලා යන්න වෙන තරමට මේ රටේ හොරෙන් ආපු අය …හැබැයි ඉතිං තනිකඩව තරුන වියේ හිටියා නං අර වගෙ කෙල්ලක් ගැන එහෙම හිතන් එකක් නෑ !
කැමතියිකැමතියි
මට මතකයි ඒ කතාව, ඒකෙ නේද අර සරත් අයියට ඒ මනුස්සය පොඩි පනිශ්මන්ට් එකක් එහෙම දුන්නෙ.. එහෙම හිතුවම අපේකම හැමතැනටම දාන්න බෑ වගේ. “අපේම නයි අපිවම කයි” 😀
කැමතියිකැමතියි
හික්ස්…. අන්න කතාව…. ඉතුරු කතාව බලන්න කල්පයක් බලන් ඉන්න ඕනෙලු… ඇත්තනේ…. 😀
කැමතියිකැමතියි
අඩේ මාළුවා …. ඉන්නව නේ, මම උන්නෙ කාගෙ හරි ඇමක් කාල සෙත්තපෝච්චිවෙලා කියල 😀
කැමතියිකැමතියි
අදමයි නෙ ආවෙ
ඒ හිංද දෙකම කියෙව්ව…
මගෙං එහෙම ඔහොම ඇහුව නං මං කින්නෙ
නෑ අනේ සිංහල කතා කරන උං ඉන්නෙ ඉතියෝපියාවෙනෙ කියල
හැක්
කැමතියිකැමතියි
හෙහ් හෙහ්… “ඒක තමයි මට සැකේකුත් හිතුන පෙනුමෙ හැටියට” කියල අනිත් පැත්තෙන් උත්තරයක් ආවොත් කොහොමට තියෙයිද ? 😀
කැමතියිකැමතියි