ආදරණීය රිදුම – 03
ජූනි 7, 2014 ප්රතිචාර 21
කිසිම වෙලාවක ආදරණීය දෙබසකට තිළිණිට මගේ වයස ගැටළුවක් උනේ නෑ. වෙලාවකට ඒ ගැන මගේ හිතේ මගේ හිතේ පොඩි කුකුසක් තිබුනත් ඈගෙ හැසිරීම කිසිම වෙලාවක ඒක වර්ධනය කරන්නක් උනේ නෑ.
ඈ සැලකුවේ නිතරම මම ඇගේ සම වයසේ මිතුරෙක් වගේ. ඒක නිසා කිසිම වෙලාවක අපිට කතාකරන්න මාතෘකාවලින් නම් අඩුවක් උනේ නෑ.
බොහෝමයක් වෙලාවල් වල ඈගේ මාතෘකාවක් දිගේ කතා කරන එක තමයි උනේ, මම හැම වෙලාවෙම වගේ පරිස්සම් උනා ඈයටම කතාව පටන්ගන්න ඉඩ දෙන්න. මොකද සමගර විට මගේ නාකි මාතෘකා ඈට කම්මැලි වෙන්න පුලුවන්. එහෙම උනොත් ඈ ට මාව එපා වෙලා ඇගේ සම වයසේ කෙනෙක් එක්ක හාද වෙන්න හොඳටම ඉඩ තිබුන.
මම කැමතිඋනේ නෑ එහෙම වෙනවට, එහෙම උනොත් අයෙම මම අර දොලොස්වෙනි තට්ටුවෙ තට්ට තනියම හිරවෙනව.
ලංකාවෙ ඉඳිත්දි සතියකට සැරයක් ආයෙ ආයෙ මතුවෙන සුදු කෙස් කොට පාට කරන එක එහෙදී නැවතුනේ තිළිණිගෙ ඉල්ලීමටමයි. ඈ හරි මනාප උනා පලින් පල කිසිම රටාවකට නැතුව අහඹු විදියට සුදුවෙච්ච කෙස් ගස් දකින්න.
ඒකට අනුරාධා. එයාට පෙන්නන්න බෑ සුදු කොණ්ඩ ගස්. මුලදි එයාම එයාගෙ ඇහිබැම හදන ට්වීසර් එකකින් මගේ සුදු කෙස් ගැලෙව්ව, මුලින්ම විනාඩියෙන් කරපු වැඩේය පහු පහු වෙනකොට විනඩි දෙක, තුන, හතර, පහ වගේ වැඩිවෙනකොට අපි දෙන්නම තීරණය කලා ඩයි එකක් ගාන එක තමයි හොඳම විසඳුම කියල.
තිළිණි මගේ සුදු කෙස්ගස් වලට ආසයි කියල දෑන ගත්ත දවසෙ මම කියාපු අනුරාධාගෙ ධවල කේෂ නාශක ප්රොජෙක්ට් එක ගැන විස්තර අහල කඳුළු එනකල් හිනා වුනේ මම පුදුමයෙන් බලාගෙන ඉඳිත්දි.
මොකද බූතයෙක් වගේ බලගෙන ඉන්නෙ ?
මම බය උනා ඔයාට පිස්සු හැදුනද කියල ඔහොම හිනා වෙනකොට..
ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ කතාව ?
මොන ?
ඇයි අනේ අර ගෑණු දෙන්නෙක් බැඳපු නාකි ගමරාලගෙ කතාව ?
හා දැං මං නාකි ගමය එහෙනං ඈ…… මම බොරුවට තරහක් පෙන්නුව.
නැතුව.. හිතාගෙන ඉන්නෙ කොල්ල කියල වෙන්න ඇති. හැටි විතරක් කොණ්ඩෙත් ඉදිල.
ඈ බොරුවට රණ්ඩුවක් පටන්ගන්න යන්නෙ…. ඒ මං ඈට කැමති එක හේතුවක් !
බොරුවට මාව අස්වසන්න නොහදන එකට, ඒ සජීවී කමට මං හරිම ලෝබ කලා. සමහර වෙලාවට එයා “අනේ නෑ ඔයාට නෙමෙයි කිව්වෙ අයියෝ” වගේ බොරුවක් කිව්වනම් අනුරාධාගේ දෙබසක් වගේ මැරිච්ච ගතියක් දැනෙන්න ඉඩ තිබුන. ඒත් එහෙම උනේ නෑ.
ප්රීතියෙන් රන්ඩු කලා. මම ආසාවෙන් බලන් හිටියා
ඈ ජීවයෙන් පිරිච්ච පුංචි ජීවියෙක් !!
කෝ ඉතිං අහන්නකො…
වයසට නොගැලපෙන තරම් බොළඳකමක් ආරූඪ කරගෙන අහක බලාගෙන ඈ මගේ හිතේ ඇතිකරපු ප්රහර්ෂය මූනෙන් මතුවෙන්න නොදී කම්මුලේ ඇතුල්පැත්ත විකාගෙන හිටපු මගේ කනෙන් ඇදල ඈ දිහාට මාව හරවා ගත්ත.
ඈ ඒ වගේ වැඩ වලට හරිම දස්සයි !!
ඔන්න ඉතිං එක ගමරාළ කෙනෙක් හිටියලු ටිකක් වයස පහේ හරිද ?
ඈ අවුස්සන්න ඕනවටම හූ මිටි තියන්නෙ නැතුව මමත් හිටිය…
මොකක්ද අනේ.. ඔන්න ඔහොම නම් මම කියන්නෙ නෑ. ඈ බොරු තරහක් අරගෙන ආයෙම හුරතල් වෙනව.
ඉතිං ඉතිං කියන්නකො….
මේ ගමරාළට හිතුනලු තමන්ගෙ හමිනේට දෑන් තනියම ගෙදර වැඩපල කරගන්නත් බැරි එකේ තවත් අඹුවක් එක්ක එන්න. එහෙම හිතල එහා ගමෙන් ඇහැට කනට පේන ළමිස්සියෙක් එක්කං ආවලු.
මේ ළමිස්සි හරිම හැඩකාරි. ඒ වගේම තමයි වැඩත් හරිම පිළිවෙලයි. උන්දෑගෙ සත්කාර හන්ද දැන් ගමයත් අලු ගසල දාල පණ ගහල ආවලු. ගෙදරම හරි කළ එළියයි.
ගමයත් මම වගේමයි… මම හිතුව.
හරිද ? … කෝ ඉතිං අහන්නෙ නැද්ද අනේ ??
කතාව කියන ගමන් ඈ බලනව මං අහං ඉන්නවද කියල.
ඉතිං ඊට පස්සෙ ….
මේ ගමයගෙ කෙස්සත් ඔයාගෙ වගේ තැනින් තැන සුදුවෙලා. ගමයගෙ හාමිනේට මේකෙ වගක් නැති උනාට අලුත් මහගෙට නම් මේක දකිනකොට මොකක්ද මොකක්ද වගේලු. ඒක හන්ද දවාලට බත් කාල ඩිංගක් ඇල වෙලා ඉන්න වෙලවට අලුත් මහගෙ ගමයගෙ ඔළුව බොහොම ආදරෙන් උකුලෙන් තියාගෙන විඩෙන් විඩේ අර සුදු ගස් එක දෙක ගලවනවලු.
දෙදොහක් විතර මේක දිහා බලං උන්න ගම හාමිනේට ඉරිසියයි තිරිහං පාට වැටෙන ගමය දැකල. උන්දෑ මොකොද කලේ. අලුත් මහගෙ නාන්න ඔයට යන අල්ල පනල්ලෙ ගමයගෙ ඔලුගෙඩිය අල්ලගෙන කලු කෙස්ස හිඳිනව. ගමයත් මොකක් කොලත් උන් දෙන්නම මයෙ වෙච්චි කියල ඔහේ කරබාගෙන ඉන්නව.
ඔය වැඩේ මාරුවෙන් මාරුවට සුමාන දෙක තුනක් වෙනකොට අන්තිමේ ගමයට ඉතුරු උනේ තට්ට ගෙඩිය විතරයි !!!!
හෙහ් හෙහ් හෙහ්…. මටත් අන්තිමට තට්ට ගෙඩිය විතරක් ඉතුරුවෙයිද දන්නෙ නෑ ගමයට වගේ …. මම හයියෙන් හිනා උනා.
හපොයි නෑ….
මම කැමති සුදු, කළු කවලම් වෙච්ච ඔළුවට !!!
ඈ හිනාවෙලා කිව්ව.
අ ෙන් ඉතින් ඉවෙරයි… ෙමානාද අ ෙන්.
ආ තවේකක්. කොච්චර ලස්සන වුනත් සමහර පිරිමි කැමැති “ගෑණු ගති“ තියෙන ගෑනුන්ටලු.ඒ මේ තිළිණි වගේ ද?
කැමතියිකැමතියි
ඉවරයි කියල හිතුවට ඉවර නෑ ඉවර නෑ. තව තියනවා …… 😀
කැමතියිකැමතියි
ගෑනු ගති නැත්නම් ගෑනියෙක් වෙන්නේ නැනේ 😛
කැමතියිකැමතියි
ගෑණු උපාංග ඇති ඒත් ගෑණු ගති නැති ගෑණු කොච්චර ඉන්නවද
කැමතියිකැමතියි
හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි මතක් වුනා මේක කියවලා.
ඔය හුඟක් ලාබාල කෙල්ලෝ වඩා කැමති මැදිවියේ පිරිමින්ටලු.
ඒක තමයි හොඳ ආරංචිය.
නරක ආරංචිය ඕනේ නෑ නේද?
කැමතියිකැමතියි
ඒක නරක ආරංචියක් වෙන්නෙ මොනවගේ අයටද ? 😉
කැමතියිකැමතියි
ඔය වයසේ ගෑණු ළමයි මැදිවිය කියලා හිතන්නේ අවුරුදු 23 – 30 වගේ වයස් කාණ්ඩයට..
ඒකයි නරක ආරංචිය. වහ නේද? 😀
කැමතියිකැමතියි
ඒ කියන්නේ ඒ ළමයින්ට උඹල වගේ අය පෙන්නේ ලොඹු ගැහිච්ච කිරි අප්පොච්ච්ල වගේ වෙන්න ඇති. 😀
කැමතියිකැමතියි
මගෙ නම් ඔලුවෙ කෙස් ටික ගියේ ඔහොම සීන් එහෙකින් නෙවෙයි. මේ අංගනාවියො මට දෙන වද හින්ද මමම දෑතිම්ම අල්ලල කෙස් සිඳ ගත්ත. හෙහ්,හෙහ්.
කැමතියිකැමතියි
ඒ උනාට තට්ටෙ සමහරුන්ට හරිම තරුණ බවක් ගේනවා. අයිය දැක්කම මට හිතුනෙ අයියත් ස්ටැයිල් එකට තට්ටෙ ගාලා කියලා…..
කැමතියිකැමතියි
ඔය තට්ටයෝ ඉන්නවා නේද… එක්කෝ ඕනෙ නෑ. I have enough enemies.
කැමතියිකැමතියි
හෙහ් හෙහ්.. උඹට ඉන්න හතුරො කන්දරාවට ආයෙ එකෙක් වැඩි උනාය කියල ගානක් දැනෙන එකක් නෑ. ඔන්න ඔහේ කියහං තකහනියක් කියන්න ඇවිල්ල ගිලගත්තෙ මොකක්ද කියල. ඔයි තට්ටයොන්ට මක්ක හරි කියනකොට මට හරි ජොලියක් එන්නෙ 😉
කැමතියිකැමතියි
මුන්දැ ආයෙ තිරිහං කොරල ගන්න මේසක්වලේම නැතුව ඇති ජගතෙක්, එච්චරටම නාකියි ඕං.
මං මේ කිව්වෙ දෑහැට නොදැක මේකා පැඟිරෙක්ය කියල හිතාගෙන ඉන්න බබලත් උන්දැලට. 😀
කැමතියිකැමතියි
ඇග් .. ! මං දැක්ක දොහේ නං හෙණ ගහපු පිට්ටනිය වගේ එහෙන් මෙහෙන් ගස් දහයක් පහලොවක් තිබුන, දැන් ඒකත් නැතෙයි ???
කැමතියිකැමතියි
යුරොපය පැත්තට වෙන්න නං ඔය කතාව ඇත්ත ගැහැණු අය කැමතිම මැදි වියේ අයටලු… අනේ මංද
බටුවන්ගල රාහුල හාමුදුරුවන්නෙ පොලතකුත් තියෙනව නේ ඔය ගැන..
ප්රභානි… මතකද මංද
කැමතියිකැමතියි
ඔන්න ඔන්න මෙහේ අයට නක්කලේ දානනව. හෙහ් හෙහ් මෙහෙත් ඊට දෙවෙනි නෑ. මී ඇස්දෙක පල්ල !!
කැමතියිකැමතියි
සිත කියනෙ පුදුම එකක්. අද අප්රිය කරන දේ හෙට අප්රියයි.. අද ඔළුවෙ සුදු කළු කරන එක්කෙනා හොඳයි හෙට සුදු එහෙමමතියෙද්දී කැමති කෙනා හොඳයි.. සුදු එහෙමම තියෙනකොට වයස පෙනෙන හින්දා අනිත් ගෑණු කැමති නොවෙන හින්දත් වෙන්න පුළුවන්.. ඒස් ඉතින් දන්නෙ ගෑණු කෙනෙක්ම තමයි
කැමතියිකැමතියි
“ඒස් ඉතින් දන්නෙ ගෑණු කෙනෙක්ම තමයි”
මදෑ කොලා…. ඊලඟ කොටසෙ ලියන්න උන්නෙ එහෙම වෙන්නෙ මොකෝ කියල. දැං ඉතිං ඒක හබක් !!!
කැමතියිකැමතියි
🙂
කැමතියිකැමතියි
මේ නවමෝ දැන් බෝ මේකේ ඉතිරි කොටහ දාන්නේ නැතෙයි?
අපිට මහන්සියි හැරිලා ගිහින් ආයේ ආයේ එන්න…..
කැමතියිකැමතියි
හෙහ් හෙහ් තවම ලියනව බං.. මේක ජීවිතයත් මරණයත් අතර සීන් එකක්.. හෙහ් හෙහ්.. 😀
කැමතියිකැමතියි