ආදරණීය රිදුම – 04


තිළිණි හමු උනාට පස්සෙ ගෙවුන බොහෝමයක් දවස්වල වගේ එදා හැන්දෑවෙත් මම ඈගෙන් සමු අරන් ක්වාටස් එකට ආවෙ බොහෝම සැහැල්ලුවකින්. හරියට අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලෙක් වගේ ප්‍රීතියෙන් පිම්බිච්ච හදවතකුත් එක්ක.

එකමත් එක කාලෙකට කලින් මගේ හිතෙන් ගිලිහිලා ගියපු සැහැල්ලුව නැවත ගෙන එන්න, දුක්ඛ දෝමනස්සයන් බොහෝමයක් දුරු කරල ප්‍රීතියෙන් පුරවල දාන්න ඈ එක්ක ගතකරන එක මොහොතකට පුළුවන්. මම ඒ සුවයට ඇබ්බැහිවෙලා කිව්වොත් හරි.

සමහර සවස් වලට ඇයට මාව මුනගැහෙන්න එන්න වෙන්නෙ නෑ. ඈට මට වගේ නෙමෙයි මිතුරු මිතුරියන් බොහොමයි. ඇගේ සේවා ආයතනයේ විතරක් නෙමෙයි ඉන් පිටත උනත් ඈට බොහෝමයක් මිතුරන් හිටිය.

එක අතකට ඒ වගේ ප්‍රීතිය ඉහවහා ගියපු ක්‍රියාශීලී පුංචි ජීවියෙකුට මිතුරන් ගොඩක් ඉඳීම කොහෙත්තම පුදුමයට කාරණාවක් නෙවෙයි.

තිළිණි නොදැක ගතවෙන සතියක් හිතට ගේන්නෙ ලොකු බරක්, ඒ වගේ දවස් වලටනම් ඇය මෙච්චර ප්‍රීතිමත් නොවුනා නම් හොඳයි කියලත් හිතුන.

එහෙම උනා නම් ඈට මාත් එක්ක ගතකරන්න වැඩිපුර කාලයක් ඉතුරුකර ගන්න තිබුන. ප්‍රීතිමත් සැන්දෑවන් ගොඩක් ඇයත් එක්ක ගතකරන්න තිබුන.

 ඒත් එදා ඈගෙන් සමු අරන් එනකොට තිබිච්ච ප්‍රීතිය ඒ සුවදායිබව තිබුනෙ මගෙ ජංගමයට ඇමතුමක් එන කල් විතරයි.

දුරකතනය අතට අරගෙන මොහොතක් ඒ දැල්වෙන තිරය දිහා බලාගෙන ඉඳල ආන්සර් කලා අන්තිමට.

ආදිත්‍ය…..

අනුරාධාගෙ චෝදනාත්මක හැඬුම්බර කටහඬ මාව නොසන්සුන් කලා. ඈට උත්තර දෙන්න කලින් මම තවත් මොහොතක් කල්පනා කලා, ඒ ඈ කතා නොකලයුතුම මොහොතක්. ඒත් එදත් අනිත් හැමදාකම වගේ කතා නොකලයුතුම මොහොතක ඈ කතා කරනව.

ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ… ?

මගේ නිහඬතාවට ටික මොහොතක් ඉවසාගෙන හිටපු ඈ ඇහුව.

ඇත්තටම මට ඒ වෙලාවෙ දෙන්න සාධාරණ උත්තරයක් තිබුනෙ නෑ අනුරාධා ගෙ හිත නොරිද්දා. මට ඕනෙ වුනේ මුකුත් නොකියා නිහඬව ඉන්න.

මට ඕනෙ උනේ නෑ ඒ හිත රිද්දන්න කොහෙත්තම. ඒත් ප්‍රශ්ණයකට පස්සෙ උත්තරයක් නැතිකම ඇතිකරන නිහඬබව  අනුරාධා නොසන්සුන් කරන දෙයක් කියල මම හොඳාකාරවම දන්නව.

නෑ අනුරාධා.. මම මේ ඩිනර් එක ගන්න හැදුවෙ…

මම ඔහේ කටට ආවක් කිව්ව.

හානේ.. එහෙම නම් මම ආයෙ පස්සෙ කතාකරන්නම්.

ඈ එහෙම කිව්වත් ස්වරයේ තිබුනෙ හරියට “හා ඒකත් එහෙමද” කියන්න වගේ දෙයක්. ඒක නිසා අවිනිශ්චිත සංවදයක් කල් දාල හිතෙන් පිච්චි පිච්චී ඉන්න අකමැතිහන්දම මම,

නෑ අනුරාධා.. මම තව පොඩ්ඩකින් කන්නම්, ඔයාගෙ දවසෙ වැඩ ටික ඉවරයිද ?

කියල අහල සංවාදය පටන්ගත්ත..

ඔව්.. මගේ වැඩ නම් ඉවරයි, ඔයාගෙ වැඩනම් තවම ඉවර නෑනෙ ?

ඈගෙ ඒ ප්‍රශ්ණය ආයෙ මගේ පපුව ඇවිළුවා. ඉස්සර ඉඳලම අනුරාධා වහෙන් ඔරෝ කතාවලට හරිම දක්ෂයි, ඒ කරල පැත්තකට වෙලා මම දතකට පූට්ටුකරන් ඉන්න දිහා උපහාසයෙන් බලාගෙන ඉන්නෙ නපුරැ රැජිනක් වගේ. ඒ හොඳටම ඇති මාව පුච්චන්න.

හෙහ් හෙහ් හෙහ්.. ඔව් මම තවම ඩිනර් එකවත් ගත්තෙ නෑනෙ. ඊට පස්සෙ ඔෆිස් එකේ පොඩි වැඩක් කරන්නත් තියනව.

මම මගේ කිසිම තේරුමක් නැති කෘතීම හිනාව ඉස්සරහට දාල කිව්වෙ ඒ අවස්ථාවෙ ඇතිවෙච්ච අපහසුතාවයෙන් මිදෙන්න.

අනේ ඉතිං අපිට බෑනෙ ඔහොම ලස්සනට හිනාවෙන්න.

ඈ තවත් හීයක් හදවතේ ගැඹුරුම තැනකට ඉලක්ක අල්ලලා විද්ද.

ගෑණුන්ට මොකද මංද කියන්න කියන දෙයක් එක සැරේටම කියල දාන්න බැරි ඩිංග ඩිංග කොනිත්තන්නෙ නැතුව. කොහොම උනත් අනුරාධාට මොනව නැතත් ඒ හැකියාව නම් උපරිමේටම පිහිටල තියන වග කලින් වතාවල් වගේම දැනුත් ඔප්පුකරනව.

මොකක්ද අනුරාධා ඔයා ඔය නොකියා කියන්නෙ…. බැරිම තැන මම කෝච්චියට බෙල්ල තිව්වෙ එක පාරටම අහවර වෙනවනම් ඒකත් එකක් කියල හිතල.

මොනව නොකියා කියන්නද ආදිත්‍ය. හිතේ හොර තියං ඉන්නකොට හොඳකට අහන දෙයක් උනත් දැනෙන්නෙ රුයිතෙට තමා.

ඈ  මගෙ හුස්ම හිරකරනව.

විකාර කියවන්නෙ නැතුව කියන්න දෙයක් තියනවනම් එක පාරකට කියන්න.

කවුද තිළිණි කියන්නෙ ?

Advertisements

18 Responses to ආදරණීය රිදුම – 04

  1. Pajero says:

    එක හුස්මටම පහුගිය කොටස් ටිකත් කියවලම ආව………වෙනදා වගේමයි….. උපරිමයි… ඒ වගේම සුපිරියි නවම්…….ලස්සනයි , සල්ලියි ඉස්සර කරගෙන තෙවනුවට ගෑලපීම හොයන එක හුගක් වෙලාවට අපි කරනවා……………

    කැමතියි

  2. Ravi says:

    Eat and come කිව්වලු. මෙච්චර විජහට කොහොමද බං අනූ දැනගත්තෙ? අනිවා අර යෝදිම තමයි ඕක කනේ තියන්ට ඇත්තෙ. 🙂

    කැමතියි

  3. Upeksha says:

    ඒකනේ රවී…

    ඔයාවත් කිව්වා නැති එකේ අර යෝදිම තමයි… අනිවා! ෂෙක් ….

    කැමතියි

  4. maheshrathnayaka says:

    ගම කෑව…
    කව්ද තිළිණි ක්යන්නෙ…
    ඔව් කොච්චියට බෙල්ල තියන්න ගියා නං විදවපංකො ඉතිං
    හැක්

    කැමතියි

  5. මම මේ ඩිනර් එක ගන්න හැදුවෙ…
    හානේ.. එහෙම නම් මම ආයෙ පස්සෙ කතාකරන්නම්.
    මෙහෙම දෙබසක් කලින් අහලා තියෙන ගතියක් දැනුනා. බැලින්නම් මේක.

    ඊටිං සිඤ්ඤෝ කා කා ස. ඒ කාලේ පියන්.
    ඔන්න ෆෝන් එක වදිනවා. ඊටිං ඉස්සුවා රිසීවරේ.
    Hello
    Hello.I’ GM. Who’s speaking there?
    I’m Eatin here, sir.
    Oh sorry, sorry. කාලා ඉන්නවා. කාලා ඉන්නවා. මම පස්සේ කතා කරන්නම්.

    කැමතියි

  6. Sarath says:

    මට හිතෙනවා නවම් අපිව උස කන්දක් උඩට ගෙනිහින් පල්ලෙහාට අතාරියි කියලා.

    කැමතියි

  7. තිසර says:

    මුල ඉඳලම කියවලා ආවත්.. තව ගලපගන්න තැන් බොහොමයක් තියනවා… ඕක තමයි පොතක් නැතුව බ්ලොග් වල කොටස් වශයෙන් යන කතා කියනවනකොට තියන දුක…. තිළිනි කියන්නෙ කවුද කියලා අපි දන්නවා.. දැන් මම බලං ඉන්නේ අනුරාධා කියන්නෙ කවුද කියලා….

    කැමතියි

  8. අපිට මේවා කියවල හාට් ඇටෑක් හදවන්නද නවමෝ බෝ හදන්නේ?

    කැමතියි

  9. maduwanthi says:

    badapu piriminta thaniyen ennakota wena ganu dakkama, thamunge wife naraka kenek widiyata thamai penne. monawa unath mea kathawa nisa ahinsaka pawulak thawama duk widinawa. mea kathawe katha nayakaya oya thanata anna udaw karapu wife dan ayata mathaka naha. masa keepayakata kalin hamba una ganu kena thama hoda. balagena giyama koi pirimiyath akai.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: