එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්

ඔයාට මතකද එදා අපි අලි සෙල්ලං බලන්න අර ගැට්ටෙ වාඩි වෙලා ඉඳිද්දි කාක්කෙක් ජරා කලා…

හැන්දෑවෙ බැල්කනියට වෙලා ඈතින් පේන ගඩොල් වලේ ඉහත්තාවෙ බැඳල ඉන්න මීහරක් ජෝඩුව දිහා බලාගෙන අතරෙ චූටි මැණිකෙ ගෙනාපු අඩු සීනි ප්ලේන් ටී එක තොල ගාන ගමන් මම ඇහුව.

මොන අලි සෙල්ලංද ? මොන කාක්කෙක් ද? ඔයාට විකාරද ?

එතන ප්‍රශ්ණම තුනක් !!!.. අනේ මංද මේ ගෑණු නම්…

ඇයි චූටි ඔයාට ඔය ඩිංගට අමතක උනාද……?

මං අහල තියනව බැඳල ළමයි බමයි හම්බු උනාම ගෑනුත් එක විදියක් වෙනව කියල. ඒත් හීනෙං වත් හිතුව් නැ ඔයාටත් එහෙම වෙයි කියල. මං කොච්චර ජොලියෙන් ඉන්න හිතාගෙන හිටපු කොල්ලෙක්ද.. හයියෝ…… සල්ලි !!

මේ මිනිහට විකාරද කොහෙද…. කවද්ද ඔයයි මායි අලි සෙල්ලං බලන්න ගියේ….

ඇයි සත්තලනේ අර වියතක් විතර සාය කොටයක් ඇඳං ඇවිල්ල ඒක දිහා බල බල ගියපු කොල්ලෙක් බයිසිකලෙත් එක්ක කරගම්පිටිය හන්දියෙදි කාණුවට දොන්ත පදෝරියං උනේ ??

ඇග් ! කොට සා….. මෙ… විකාරද හැබෑටම ?

අප්පට සිරි….. බඩුම තමයි. !!! ඒ ගියේ ඔයා එක්ක නෙමෙයිද ?

මගෙ තැටියෙ ට්‍රැක් පැනල නේද…… ?

න්..නෑ…. ම්.. මේ…

මොකද තටමන්නෙ ?

නෑ… මේ.. හැබැටම ඔයයි මායි අලි බැළුවෙම නැද්ද?

උන්දැ ඊලඟ උත්තරේ දෙන්න කලිං මං සරං ඔඩොක්කුවෙ වාඩි වෙලා උන්න පොඩි එකා ටක්ගාල ගත්ත උකුලට. ආරක්ෂිත උපාය මාර්ගයක් විදියට.

ඉස්සර ජේ. වී. පී කාලෙ පොඩි උන් වඩාගෙන පෙළපාලි යන උන්ට පොලීසියෙන් ගහන්නෙ නැතිය කියල මං කොහෙන්ද මන්ද අහල තිබුන යාන්තමට මතකයි.

ඇයි අලි බලන්න ඔයාලයි තාත්ත පෙරහැරේ ගියාද?

එන පොට හොඳ නැතිය. ප්‍රශ්ණයට උත්තරයක් වෙනුවට තවත් ප්‍රශ්ණයක් එන්නේ මහ ම නරක වෙලාවට ය.

නෑ එහෙම නෙවෙයි.. මං ඇහැව්වෙ ඇත්තටම ඔයයි මායි එහෙම ගියේ නැතෙයි ?

හුහ්…… ! ඈ ගස්සා ගෙන ගෙට ගියා ය.

දැං ඉතිං හරිය.. මට කට වැරදී ඇතිය. ආයේ සුමානයක් යනකල් හරියකට උන්දෑ මාත් එක්ක නෝ කතා ය. වැඩේ ගොඩින් බේරා නොගත්තොත් බත් කාඩ් එකටත් කෙළවෙන පොටක් ය.

ඒත් කරුමේ කියන්නේ මං මුන්දෑ එක්ක නැත්නං වෙනකාත් එක්කදැයි අලි බලන්න ගියේ කියා නිච්චි නැතිය. එකක් කියලය, කී දෙනක්ද. නිවී හැනහිල්ලෙ කල්පනා කරලා බලන්ට ඕනෑය.

හැබැයි ඒකට මෙය කාලය නොවේ ය.

අනිද්දා මඟුල් ගෙදරක යන්නට තිබේ ය. මේ ආරෝව සමහන් කරගන්නේ නැතුව අතිං අල්ලාගෙන ගෙයිං අඩියක් එලියට තියනවා බොරුය.

එතන ගියත් මුන්දෑ මාත් එක්ක හිනාවෙන, දොඩන හැම කෙල්ලෙක්ටම රවන්න පටන්ගනීවි ය. එතකොට උනුත් සුපුෂ්පිතවී කෙහෙවළු පටලවාගත්තොත් සායම යන්නේ මගේය.

ගෑණුන්ට එවායේ වගක් නැතිබව අද්දැකීමෙන්ම දනිමි.

එහෙයින් කෙසේහෝ මා කුමන හෝ දහං ගැටයක් ගසා මෙය මෙතනම අහවර කරගත යුතුය.

චූටි මැණිකේ…. චූටී… චූටියෝ…

ම්හ්… සද්දයක් නැතිය.

මෙන්න පොඩ්ඩා මගෙ සරමේ චූ දැම්මෝ….

තාත්තලට ඕවත් පුළුවන් වෙන්න ඕනෙ. එකක් විතරක් නෙමෙයි !!!

කාමරයෙන් මහ දරුණු ගණයේ උත්තරයක් ලැබිණි. කර මුලටම කෙළවී ඇති සෙයකි.

පොඩි එකා දමාපු චූවක් නැතිය. උන්දෑ මගේ බොරුවට අහු උනේ නැතිය.

බව්වා…

පොඩි එකා බැල්කනියෙන් පල්ලෙහා පාරේ ඉන්නා බල්ලා මට පෙන්නයි.

ආ.. අක්කලගෙ බව්ව නේද පුතේ…. බව්වෝ මෙහාට එන්න…. චූටි පුතාට බලන්න ලඟට එන්න…..

ඌ දෙපාර අඬගහනකොට ලඟට ආවේය. බල්ලන් කීකරු ය.

ප.ලි.ය.

මේක ලිව්වේ මීට අවුරුදු දෙකකට කලින් ය, ඒ 2012 මාර්තු 17 වෙනිදා ය. දැන් පොඩි එකා ලොකුය, කලිසමේ චූ දමාගන්නේ නැතිය. චූටි මැනිකේද මගේ තක්කඩි කම්වලට කේන්ති ගැනීම අතෑර බොහෝ කල් ය. ඒත් එදා කාක්කා කක්කා දැම්මේ කාත් එක්ක අලි බලන්න ගිය ගමනේදෑයි තවමත් නිච්චි නැතිය.

ප.ප.ලි :

ආදරණීය රිදුම – 05 එන්න තව පොඩ්ඩක් කල් යයි වගේ..

Advertisements

12 Responses to එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්

  1. maheshrathnayaka පවසන්නේ:

    හැක්….
    හරියට මතක තියාගන්නෙ නැතිව පොට පටල ගත්තම ඕ වගේ සීං කෝං වෙනව…
    සමහර කොල්ලො දහයකට විතර ලව් කොරන කෙල්ලොයි…
    කෙල්ලො දහයකට විතර ලව් කරන කොල්ලොයි ඕව හැඩල් කොරගන්නෙ කොමද මංද..

    කැමතියි

  2. පින්ග්කිරීම: එක දවසක් හැන්දෑවක – පරණ කතාවක් | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Ravi පවසන්නේ:

    ඔය මතක බැරිවීම් වලින් වෙන අබග්ග වලට මුලිම්ම පිළියං යොදල තිබ්බනං අවුලක් නෑනෙ බං. කොහෙද උඹල ඔය වගෙ නොදන්න දෙයක් මේ අපි වගෙ දන්න කියන කෙනෙක් ගෙන් අහල දැනගන්න එකක්ය?

    මල්ලි මෙන්න මෙහෙමයි කරන්න ඕන..කොහොමද?…ඔය වගෙ සීන් එකක් ගැන ඉස්සෙල්ලම කියල තියන්න ඕන හැබැයි අතේ කෝට් වෙන බොරුවක්…දැන් මෙහෙම ගමු උදාහරණයක්…

    ” මේ ඔයාට මතකද අර ජෝයි බෝට්ටු සේවය ලඟ බංකුවෙ අපි දෙන්න දවසක් ඉඳගෙන කතාකර කර හිටියෙ, අර කොල්ලෙක් ඔයාට මොකක්ද කියල මම ඌ එක්ක වලියට ගියේ?”

    ” කෝ කොහෙද මට මතක නෑනෙ..”

    ” ඇයි අනේ අර විසාල බෝගහ යට තියෙන බංකුවෙ ඉඳගෙන අපි හිටියෙ..” ( ඔය කියන තැන ඇත්තටම බෝ ගහක් නෑ ) 🙂

    ” අනේ යන්ට ඔයා පචමයි ගහන්නෙ..ජෝයි බෝට්ටු සේවය ලඟ කොහෙද බෝ ගහක්.”

    ” ආ… ඇත්තමයි. නේද? එතනෙ බෝ ගහක් නෑනෙව…”

    ” හිහ්,හිහ්, මම දන්නව ඔය ඔයා ලෑස්ති උනේ මාව අවුස්සන්ට. අපි නම් අහුවෙයි එව්වට…”

    ” හෙහ්,හෙහ්, ඒකනෙ ඔයා අහු උනේ නෑනෙ…”

    ඔන්න මල්ලි ඔහොමයි පසුබිම සකස් කරන්නෙ. ඔහොම කරල තිබ්බම ආයෙ පස්සෙ දවසක කට වැරදුනත් උන්දැ හිතන්නෙ මම ආයෙමත් උන්දැගෙ මල පන්නවන්ට කියපු බොරුවක්ය කියල.

    ඉතා වැදගත් – සැඟවියයුතු රහස් ඇති එමෙන්ම මතක ශක්තිය දුර්වල ඔබ සහ මා වැන්නවුන් මෙසේ පූර්ව සූදානමකින් යුතුව පසුබිම සකස් කොටගෙන තිබීම ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද ඉතා හිතකරය.

    කැමතියි

  4. හංසකිංකිණි පවසන්නේ:

    හෙක් හෙක් හෙක්.. නෝන්ඩි හිනාවකට වඩා කිසි දෙයක් මේකට කියන්ඩ මට හිතෙන්නේම නෑ බං.. 😀

    කැමතියි

  5. virtualpathum පවසන්නේ:

    මාත් එක්කත් මේ දැන් වලියක් දාගෙන ඔන්න දැන් කාමරේට ගියා… මම මේ තරහ ගිය හේතුව හිතා ගන්න බැරුව ඉන්න ගමන්… අපි කොච්චර අසරණද … 🙂

    කැමතියි

  6. ඔච්චර අමාරු දෙයක්ද නවමෝ චූටි මෑණිකේ ආස මොනවා හරි (ඕක ඉතින් බජට් ගැන වොරි වෙන්න හිතාහදාගෙන) ගෙනිහින් දීලා මේ අපි මේ පාරවත් අලි බලන්න යමු කීවා නම් හරි.
    අත්දුටුවයි සත්‍යයයි.

    කැමතියි

  7. indika27 පවසන්නේ:

    කියපු කතාන්දර ආදිය තමයි මට අමතක වෙන්නෙ. සමාරුන්ට ඒ කතා කියලම නැහැ..සමාරුන්ට බාගයක් කියලා..

    කැමතියි

  8. henryblogwalker පවසන්නේ:

    First time I saw someone writing 500 words to paint the background to say ‘BITCH’!

    කැමතියි

  9. තිසර පවසන්නේ:

    උඹලට මතක තියාගන්න බැරි ගාණට කෙල්ලො හිටියයි කියනකොට අපිට නිකම්ම හීල්ලෙනවා…

    කැමතියි

  10. Buddhika Anuradha පවසන්නේ:

    ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

    කැමතියි

  11. වැල්මී පවසන්නේ:

    උඹ 2010 දි විතර ලියපුව දැන් කියවල බලනකොට උඹටම ලැජ්ජ හිතෙනව ඇති නේද?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: