නංගි, ඔයාව අද හවසට උස්සනව. බුදුඅම්මෝ එපෝ……………

මචං මං අරකිව හෙට හවස අදිනව කොහේට හරි. ඒකි එළ කෑල්ල බං. මං මුල් දවසෙම හිතුව බඩුව තමයි කියල. දැන් නං වැඩේ ෂුවර් මචං. සී-ලයින් එක එල නේද? ගානත් ෂේප් බං එතන.

අම්මට සිරි‍, තෝ ඒකිව සෙට්කරගත්තද. උඹ නං මාර බුවා තමයි බං.

**** කෑල්ලනෙ ඒකි.

මාර *** නෙ බං ඒකිගෙ. එල එල..

අඩෝ පුළුවන් නං අපිටත් සෙට්කරහංකො ඕකිව.

පෙට්ටිගලවත්තෙ වී. ටී. ඒ එකේ පිටිපස්සෙ තියෙන ගරාවැ‍ටුන බිල්ඩිමට වෙලා දවල් කෑමෙන් පස්සෙ දුමක් අදිනගමන් අපේ යාළුවො සෙට් එක චමින්දයට එහෙම කියනකොට මං නිකං එකපාරටම පුංචි වෙලා ගියා වගේ දැනුන. මායි පරණෙයි මූනට මූන බලාහත්තෙ දුකෙන් වගේ. ඔය කියන කෙල්ල අපි දෙන්නත් දැකල තිබුන.

අපි වී.ටී.ඒ එකට යන්නෙ එක එක පැතිවලින් එන යාලුවො ඔක්කොම බස් ස්ටෑන්ඩ් එකට එකතු වුනාට පස්සෙ හන්ද අපි එතන විනාඩි පහලවක්, විස්සක් හැමදාම උදේට ‍රැ‍ඳෙනව. ඒක හන්දම ඔය කියන ගෑණු ළමයත් මුනගැහෙනව ගොඩක් දවස් වලට. අරුං කියපු විස්තර සේරම ඇත්ත. හරිම හැඩයි. බලන බලන උන් පුච්චල දාන ඇස් දෙකක් තිබුනෙ. කොට සායෙන් පේන දනහිස් දෙක දැකල අහකබලං යන්න තරං මගෙත් හිත පාලනය නොවුනු දවස් අනන්තයි. අඩිය තියනකොට ලා රෝසපාට වෙන චූටි විළුඹට කළු පාට පටි පටි තියෙන සෙරෙප්පු දෙක හරිම හැඩයි.

මගෙ හිතටත් ඒ ළමය ගැන මොන මොනවද හිතිල තිබුනෙ. ඒත් චමින්දයගෙ හිතෙත් ඒ කෙල්ල ගැන තියෙනව කියල මට තේරිච්ච හන්ද මං තරඟ නොකරම පහුබැස්ස. මං දැනං හිටිය චමින්දයට මාත් එක්ක කිසිම තරඟයක් නැතිවග. පරදින තර‍ඟෙකට බැහැල ආපහු වී.ටී.ඒ එකේ ඔළුව කෙලිං තියන් ඉන්න බැරි විත්තිය පරණෙ මීට කලින් වතාවක උදාහරණෙකින්ම පෙන්නල තිබුනෙ.

මොකෝ මචං උඹ අද අප්සට් එකේ වගේ.

නෑ මචං පරණෙ, අරූ අරකිව අදින්නනේ හදන්නෙ.

මොකෝ උඹට දුකයිද? නිකං ඉඳිං, එකිට හොඳනං අපිට මොකෝ බං.

එහෙම නෙමෙයි බං. උඹයි මායි දන්නවනෙ අපේ එකාගෙ හැටි. ඌ ඔය රට යනකං පාළුවට වගේ නෙ ඕක කරන්නෙ. ඒකි පව්නෙ බං. අපි කෙල්ලට කියමුද බං?

යකෝ තොට මෝල් ද කෙල්ලෙක් හන්ද කොල්ලො තරහ කරගන්න ?. අනික ඒකි උඹෙ කවුද මචං. ඒකි ඔය කඩ කෑල්ලක් නෙ බං. උන්ට ඕව ගානක් නෑ. බැළුවම පෙන්නෙ නැද්ද තියෙන අමාරුව. මීට කලිං අනන්තවත් උන් ඕකි ඇදල ඇති බං.

සාම්ප්‍රදායික අවුරුදු විස්සෙ කොළු කතාවෙන් පරණෙ උත්තර දුන්න. ඒත් මගෙ හිතට නං හරිම නෑ. මූ මේ කෙල්ලව සී-ලයින් රෙස්ටොරන්ට් එකට එක්ක ගියොත් නං සිම්පල් වලින් නවතින්නෙ නැතිවිත්තිය මං හොඳටම දැනං උන්න.

බෑ මචං අපි හෙට උදේට බස් ස්ටෑන්ඩ් එකේදි අරුං එන්න කලිං මේකිට විස්තරේ කියමු බං. උඹට බැරිනං පැත්තකින් ඉඳපං. මං කියන්නං.

උඹට ඕනෙ මගුලක් කරගනින්. ගුටි කෑවොත් මං නෑ හරිය..?

ඊට පහුවෙනිද උදේ මමයි පරණෙයි පුරුදු විදියටම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ල අර ගෑණු ළමයට විස්තරේ කිව්ව. ඇස් දෙක උඩ තියන් බය වෙලා වගේ බලං ඉඳල අපි දෙන්නට වැන්දත් මදියි කියල මහ ගොඩක් ස්තූතිකලා. එතකොට තමයි මගෙ හිතට සැනසීමක් ආවෙ. කෝකටත් කියල මේ විතරේ චමින්දයට දැනගන්න තියන්න එපා කියලත් කිව්වෙ වැරදිලාවත් ඌ දැනගත්තොත් ගමකට කන්න වෙනවග දැනං උන්න නිසා.

තවත් අහවල් දෙයකටද මෙතන තවත් බලං ඉන්නෙ. අනිත් උන් එන්න කලිං යමං කියල පරණෙ මාවත් ඇදන් වී.ටී.ඒ එක ගියා. දැන් ඉතිං අපි දෙන්න මුකුත් නොදන්න ගානට කොල්ලොත් එක්ක කතා කර කර ඉන්නව. එතකොටම අපේ සෙට් එකත් ආව.

අඩෝ ! බොලා දෙන්න කොයිවෙලාවෙද ආවෙ ? අපි උඹල එකනං හෙන කට්ටක්නෙ බස් ස්ටෑන්ඩ් එකේ කෑවෙ, තව ඩිංගෙන් පොලීසියෙනුත් කනව මදි පාඩුවට.

නෑ මචං මට දුමක් දාන ඕන උනා, ඊයෙ හංගපු කොටයක් තිවුන ඒකයි බං කලිං ආවෙ. කියල පරණෙ යන්තං වැඩේ ෂේප් කලා.

චමින්දයගෙත් මූනෙ වෙනසක් නෑ. වෙනද වගේම හිනා වෙලා ගූඩ්මෝනිං මචාල කියාගෙන තමයි ඌ ආවෙ. දැං ඉතිං මගෙ හිතටත් හරි. අර කෙල්ල කියල නෑ මූට සිද්ධිය. මොකෝ මූ දැනගෙන උන්න නං මෙලහකට පැත්තකට ඇදල අරං අර කලිං දවසක මුගෙ බත් එක හොරෙන් කාපු චමිලයට දුන්න වගේ බිම දාගෙන දීල අපේ අම්මටවත් මාව අඳුනගන්න බැරිවෙන්න.

මචන් වරෙන්කො පොඩ්ඩක් මෙහාට.

ඇයි මචන්?

මට අරකි අද උදේ වෙච්ච දේ කිව්ව බං.

බඩුම තමයි ඉවරයි නේද? දැං මගෙ පපුවන් දෙමෝලෙන් පිටිකොටනව වගේ එන සද්දෙ මූටත් ඇහෙන සයිස්. යස අගේට ඉඳපු මට මේ කොහෙද යන කෙල්ලෙක් හන්ද වෙන්න යන දෙයක්. වට පිට බැලුව පරණෙවත් ඉන්නවද කියල. ඌට මගේ වගක් නෑ, කොල්ලො සෙට් එකත් එක්ක වට වෙලා කාගෙද බත් එකක් කනව.

උඹ මේක ගනං ගන්න එපා මචං. මං ඒක කරන්නෙ සිරාවට නෙමෙයිනෙ. මට ඕකෙ ගානක් නෑ. කොහෙවත් යන එකියෙක් හින්ද මට උඹත් එක්ක ඇරගන්න උවමනාවක් නෑ මචං. අනික උඹ ඒකිට එහෙම කිව්ව කියල මට පාඩුවක් උනේ නෑ. මෙහේ ඉඳල උඹට නෝට් උනොත් හරි නෑ කියල වීක් එන්ඩ් එකේ එකියි මායි කතරගම යන්න සෙට් කරගත්ත. උඹ ඒකට බාල්දියක් නොපෙල්ල ඉඳහංකො. කියල මගෙ පිටට තට්‍ටුවක් එහෙම දාල, වරෙන් මචං අද මං ගෙනාවෙ කෙහෙල් කොලේ බත් කිව්ව.

baae machax api heta udheita bas staaend ekeidhi arux enna kalix mekita wistharei kiyamu bax. uMata baerinax paeththakin inndhapax. max kiyannax.
%d bloggers like this: