බඳින්න කලිං දා…..

එදා තමයි දවස !  පැයෙන් පැයට චූ බර හැදෙනව. කොහේ තියෙන ඒවද මංද එච්චර.  වතුර බිව්වෙත් වෙනද බොන ගානම තමයි. ගෙදර කට්ටියටනං එච්චර සිහියක් නෑ ඕක දකින්න තරං සේරමල ඒ වෙලාවෙ ගජරාමෙට වැඩ. වැරදිලාවත් කවුරුහරි දැක්කනං එහෙම කල්ප කාලාන්තරේකට හරියන්න කතා අහගන්න තිබුන. මොකෝ කව්ද හිතන්නෙ පැයෙන් පැයට ඔය අමාරුව හැදෙනො කියල, අහල තියෙන්නෙ බය උනාම අනිත් අමාරුව හැදෙනව කියල නෙ.

කොහොමින් කොහොම හරි එදා හැන්දෑ වෙනකොට ඔය අමාරුව අඩුවෙලා ගියාට, යටිබඩ දිහාවෙන් ඔන්න එනව අමුතු හිරියකුත් එක්ක දැවිල්ලක්. ඕක මට සීගිරි නැගල පහල බලද්දිත් ඇවිල්ල තියෙනව. ඉස්සර පොඩි කාලෙ අඹ ගහේ මුදුනෙ අත්තටම නැග්ගමත් එනව. හැබැයි වැඩි අමාරුවක් නං නෑ. පොඩි ජොලි ගතියකුත් දැනෙනව. රෑ වෙන්න රෑ වෙන්න වැඩියි වගේ. ඒත් ඉතිං මේ හෙට උදේ පාන්දර බඳින්න්න ඉන්න කොල්ලෙක්ට කාටවත් කියන්න පුළුවන් දෙයක් යැ මේ වෙන්නෙ.

ඉවසං ඉඳල කොහොම හරි අමාරුවෙන් නිදාගන්න ඇඳට ගියා. මොන……. නින්ද එන්නෙ නෑ…. නින්ද පලකො. හෙට නැත්නං පෝරුවෙ කිරන්න තමයි වෙන්නෙ. ඉතිං කිව්වම අහල නින්ද පල……

ග්ර්ර්ර්.. zzzzzzz……. ග්ර්ර්ර්ර්……… zzzzzzzz…..

හ්ම්ම්ම්… මේ මොකක්ද මගේ ඔළුව උඩින් පා වෙන්නෙ ?

කළු පාටට ගුලියක් වගේ…….. යකෙක් ද?

ඔව් ඔව් යකෙක් තමයි, මේ තියෙන්නෙ මගෙ ඔළුවට උඩින් උගෙ කළු පාට කකුල් දෙක, ඊට උඩින් තඩි බඩ, දිලිහෙන බුරි තුනක්ම තියෙනෙව මූට. ඊටත් උඩින් දිහම දිග අත් දෙක. ඔළුවක් නං පේන්න නෑ. මූ ඔළුව නැති යකෙක් නේද?……. මහ සෝනත් අර වලස් ඔළුව හයිකරන්න කලිං මෙහෙම තමයි ඉන්න ඇත්තෙ.

ඕයි නැගිටහං……

අප්පටසිරි යකා නේද මේ කතාකරන්නෙ.

නැගිටහං බං. වගේ වගක් නැතුව දපල ඉන්න හැටි, උඹද මං ද අද බඳින්නෙ..?

යකා දන්නෙ කොහොමෙයි මං බඳින්න ඉන්න වග. අපේ තාත්ත වැරදිලා මූටත් මගුල් කිව්වවද්ද?

හැබෑමයි, මට ඈහුන මඟුල් කියන්න ලයිස්තුව හදනකොට තාත්ත, ඔය යක්කුන්ට නොකිය පස්සෙ මූණවත් බලන්නෙ කොහොමෙයි කියල අම්මත් එක්ක කතා වෙනව. ෂුවර් එකටම මේ තාත්ත ඉන්වයිට් කරපු යකෙක්….

උඹෙ සරම ඉනේ නේද? මං ලයිට් එක දාන්න හදන්නෙ..

මං අහල තියෙන යක්කු කරන්නෙ අත දිගෑරල පිටට ගහනව, කෑ ගහං ඇඟට පනිනව, බො‍ටුව කඩං රීරි බොනව කියල විතරයි. ඒත් මේ යකා අහන දේවල් වලිං නං හිතාගන්න ඇහැකි මූ මොන යකෙක්ද කියල. මූ නං වල් යකෙක් වගේ. දැං මට වෙන්න යන දේ හිතාගන්න ඇහැකි… බුදු අම්මෝ…… !!!!

මං බිත්තිය පැත්තට හැරුන බයටම. එක පාරටම ලයිට් එක දැම්ම. වහං ඉන්න ඇහිපිය රතුපාට උනා එලියට.

නැගිටහං බං, දැං පාන්දර පහයි කියල හීතල අතකින් යකා මගෙ උරේ අල්ලල පැත්ත පෙරලුව…

මං ඒත් ඇස් පියාගෙන..

ඇරපං යකෝ ඇහැ..

අඩේ මෙන්න යකාත් මට යකා කියනව. මට කේන්ති ගිහිල්ලත් නෙමෙයිනෙ ඉන්නෙ. ඉතිං මං යකා වෙන්නෙ කොහොමෙයි.

කෝකටත් කියල එක ඇහැක් විතරක් ඇරල බැළුව.

අප්පටසිරි අනිත් ඇහැත් ඇරල බැලින්නං මේ මගෙ එහා පැත්තෙ ඇඳේ බුදියගත්තු බෙස්ට්මන් නෙව.

එතකොට කෝ අර යකා….

මං උඩ බැලුව ඇඳේ හාන්සි වෙලා ඉඳංම. යකෙක් නං නෑ,

මගෙ මගුල් කෝට් එකනං කලිසමත් එක්ක එල්ලී එල්ලී ඉන්නව ඉහට උඩිං සිවිලිමේ අමුනපු නෙට් කොක්කෙ.

maha soenath ara walas oLuwa hayikaranna kalix mehema thamayi inna aeththe
Advertisements

හිනා බෝ වේවා !….. පුහ්…….

ලෝකෙ වැඩිපුරම හිනාවෙන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ කියල මම පහුගිය දාක කොහේදි හරි ඇහුව හරි කියෙව්ව හරි කියල මතකයි. එදා ඉඳලම මට හිතුන දෙයක් තමයි ඔය කියල තියෙන්නෙ මම ඉන්න ලංකාවද එහෙමත් නැත්නං මම ඉන්නෙ මම ඉන්නෙ ලංකවෙ නෙවෙයිද කියල. සමහර විට ඔය සමීක්ෂණය කරන්න ඇත්තෙ අර සිග්නල් කට්ටිය “හිනා බෝ වේවා” ප්‍රමෝෂන් එක කරන කරන දවස් වල කියලත් නොහිතුනාම නෙවෙයි.

ඇත්තටම මම උදේට නැගිට්ට වෙලාවට හිනා කීයක් දකිනවද. පුතු පැටිය එක්ක ‍රැ තිස්සෙ ඔට්‍ටු වෙලා පණ ගිහිල්ල වගේ ඉන්න චූටිමැණිකගෙ මූණෙ තියෙන්නෙ හරිම මහන්සි හිනාවක්. සමහර වෙලාවට අපේ අම්ම උදේට හිනාවෙන්නෙ නැති තරං, ඒ සමහර විට උදේ 5.00 ඉඳන් කුස්සියෙ යුද්දෙ පටන්ගන්න හන්ද වෙන්න ඇති. තාත්තගෙ නං ඉතිං හිනාව හරිම ගනං නෙ, රෑ දෙගොඩහරිය වෙනකං පාඩං කරන නංගි උදේට නැටිටල තේ බොන්න එන්නෙ හරියට රෑ තිස්සෙ අයිලෙ පැදපු යකා වගේ මහන්සි මූනක් දමාගෙන.

ඊට පස්සෙ බස් එකේ එනවනං කොන්දොස්තරගෙන් පටංගෙන වැරදීමෙන් කකුල පෑගුන හරි තල්ලු උන එකා හරි ඉඳල ඊලඟට බස් එකෙන් බහිනකොට බහින්න කලිං පෙරලං නගින්න හදන එකා වෙනකං රවනව. මූනෙ හිනා පොදක් නෑ.

වැඩිය ඕන නෑ, ඉස්සර දවස් වල බස්වලට නැගපු හිගන්නෙක් උනත් දුන්න රුපියලට බැන බැන යනව මිසක් හිනාවෙලා යනව දකින්නෙ කලාතුරකින්. දැන් නං උංගෙ ‍රැවිල්ල බලන්න ඕනෙ නෑනෙ. හැබෑටම ඔය ඉස්සර බස් වලට නැගපු හිඟන්නො කෝ.

මෝටර් බයිසිකලෙන් එන කොටනං ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ, වාහනේක යන එකාගෙ ඉඳල පයින් යන එකා වෙනකං රවනවනෙ. කහ ඉර පෙනි පෙනී ඊට මෙහායින් පාර පනින එකාට හෝන් පාරක් ගැහුවොත් එහෙම බලන්න එපාය මූනෙ තියනෙ සිරියාව, හරියට ඒක කහ ඉරෙන්ම පනිද්දි අපි කහ ඉර එහාට තල්ලුකලා වගේ.

ඊලඟට රස්සාව කරන හරියට එනකොට, ‍රැව්වෙ නැතත් හිනාවෙන උන් ඇත්තෙම නෑ වගේ. ඔය නවම් මාවතේ හිනාවෙන අය අඩුයි නෙව. සමහර වෙලාවට ඒ තඩි බඩට දාපු බෙල්ට් එක හරි, දමාපු ටයි ගැටේ හරි හිර වැඩි කමට වෙන්න ඇති. එහෙමත් නැත්නං ඔය කාර් වලින් එන ඌෂ්ණෙට වෙන්න ඇති. සමහර විට වැරදිලා වත් හිනා උනොත් තියන ‍රැස්පොට් එකත් බහින්න බැරි නෑ නෙව.

ස්ත්‍රී පාර්ශවය ගැන නං අහන්න දෙයක් නෑ නෙ. වැරදිලාවත් හිනා උනොත් අපි කසාද බඳින්න අහයි එහෙමත් නැත්නං වෙන මගුලක් අහයි කියල නෙ හිතං ඉන්නෙ. ඕකනං ඉතිං අපි අපේම වැ‍රැද්ද කියලයි මම නං හිතන්නෙ. ඇයි ඉතිං අපේ අය්යල හිතං ඉන්නෙ කෙල්ලක් හිතවත් කමකට හිනා උනාම “වැඩේ හරි” කියලනෙ. ගෑණු පිරිම සම්භන්ධකම් එච්චරටම ලඝු වෙලා. මට මතකයි ඉස්සර ලක්මි කියනව ගෑණියෙකුයි පිරිමියෙකුයි අතරෙ යාළු කමකට සීමාවක් තියනව, එතනින් එහාට වැටදිලාවත් ගියොත් ඒක නවතින්නෙ ආදරයකට හැරිල කියල. ඉස්සර මං ඕකට හිනාවෙලා නිකං උන්නට දැන් නං හිතෙනව ඒක ඇත්ත වෙන්න ඇති කියල.

මට හිතෙන විදියට මිනිස්සු හිනා නොවෙන්න හේතු තුනක් තියෙනව. එකක් මිනිස්සු පුද්ගල සම්භන්දතා වලට බයයි. නොදන්න මනුස්සයෙක් එක්ක කතා කලාම සමහර විට වාතයක් නොවෙන වෙලාවල් නැතුවත් නෙමෙයි නෙ. අල්ලපු ගෙදර නොදන්න අසල්වැසියත් එක්ක කදා කරල ඔය මිනිහ යන්න එන්න පටන් ගත්තොත්, සද්දයක් ඇහුනත් ඔළුව දාන්න හදයි. ඊයෙ රෑ මොකද සද්දවගයක් අහුනෙ, අප්සට් එකක්ද කියල හරි අහයි. තවත් මනුස්සයෙක් ගෙ පෞද්ගලික ජීවිතේට ගරු කරන්න නොදන්න, තමන්ගෙ සීමාවන් නොදන්න මිනිස්සු ඉන්න වටාපිටාවක ඔයිට වඩා දේවල් බලාකොරොත්තු වෙන්න බෑ.

දෙක තමයි, ජීවන අරගලය. ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ ඊලඟ වේල කන්නෙ කොහොමද කියන ප්‍රශ්ණය. ඊලඟ වෙලට තරගෙට වැටිල. රේස් එකන් පැරදුනොත් කාල හමාරයි. හදිස්සියෙවත් හිනාවෙන්න අහක බැලුවොත් අනිකා කොලේ වහල තමන්ව ඉස්සරකරන් යයි කියල බයයි. ඉතිං මොන හිතකින්ද හිනාවෙන්නෙ.

තුන, මං කව්ද උං එක්ක හිනාවෙන්න – උං කවුද මං එක්ක හිනාවෙන්න, කියන මාන්නක්කර සිතුවිල්ල. සමහර වෙලාවට ඕක මාන්නයම නොවී හීනමානය [ඒ කියන්නෙ තමං නොවටිනා කෙනෙක් ය කියල හීතාගෙන ඉඳීම] වෙන්නත් ඉඩ තියෙනව. ප්‍රතික්ෂේප වීමට තියන අකමැත්තත් ඕකෙම කොටසක් විදියට ගනන් ගන්න පුලුවන්. මං හිනා වෙලා අනිකා මාත් එක්ක ඊට හිනා නොවුනොත් මට වෙන ලැජ්ජාව තවත් එකක්.

ඉතිං ඔහොම බලං යනකොට ලෝකෙ වැඩිපුරම හිනාවෙන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ එහෙනං ඈ. පුහ්….. !

dhaen nax uxge raewilla balanna oene naaene. haebaaetama oya issara bas walata naegapu hinnganno koe.
%d bloggers like this: