සිඬාලේප වෙදමහත්තයට වැරදිලා

සිඬාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර
සැම වේදනා කැක්කුම් හැම යයි පැහැර
වාපිත් සෙම් ද සමනයකර දෙන නිතොර
අන්තිම පදේනං දැං මට මතක නැත

ඔය කවිය ඇහෙනකොටම අපිට මතක් වෙන්නෙ සිඬාලේප වෙද මහත්තය නෙ. උන්නැහේ ගැන හරි හරි කතා නෙ හැදිල තියෙන්නෙ.

අර මතකයි නෙ කොහේද මන්ද ඉස්පිරිතාලෙක ගැබිනි වාට්‍ටුවකට “සිඬාලේප වෙදමහතාගේ වැඩක්” කියල ගහපු ඇඳවල් වගයක් දීල ඒ ගැබිනි අම්මලගෙ මහත්තුරුන්ට කේන්ති ගිහිල්ල  වෙච්ච විනාසයක්.

ඔය වෙදමහත්තයට එකපාරක් මේ සිරිලංකාවෙ මහ රජ වෙන්න දොළක් හැදිල දොළක් හැදිල උන්න නෙව. අන්තිමට ඇපත් නැතිඋනා මයෙ හිතේ. දැ නං ඔය හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ව්‍යාපාර කරල පස්ස බිම ඇනගත්තු සමෘද්ධි ලාභීන්ට දේශනයක් දෙකක් කරල සනීපෙට ඉන්නව පේනව.

සිඬාලේප කියන්නෙ බොහොම දෙනාට නැතුවම බැරි දෙයක්නෙ. ඔළුව කැක්කුමකට, කනේ කැක්කුමකට, බඩේ කැක්කුමකට, අතක් පයක් තැලුනම, හෙම්බිරිසාවකට, එකී මෙකී නොකී හැම ලෙඩකටම කෝකටත් තෛලය වගේ. ඕක හදන්න ඕන කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන පෙට්‍රෝලියම් ජෙලි ගත්තෙ සපුගස්කන්දෙ පෙට්‍රෝලියම් එකෙන්. ඔය පෙට්‍රෝලියම් බේස් එකට තමයි මෙන්තෝල් ක්‍රිස්ටල්, යුකැලිප්ටස් තෙල්, කුරුඳු තෙල් සහ තව් අවශේෂ දේවල් දාල අනල බාම් එක හදන්නෙ.

දැං මේ කියන්න යන්නෙ යන්නෙ නං උන්නැහේට වෙච්ච දෙයක්වත් උන්නැහේ හදන දේවල් ගැනවත් නෙමෙයි. උන්නැහේ ගෙ ඔය මහා අනර්ඝ සිඬාලේප හන්ද අපේ එකෙකුට වෙච්ච දෙයක්.

මෙක උනෙත් අර කිම්බ දැකල අක්කට කෑගහපු සංකයටමයි. අපරාදෙ කියන්න බෑ ඌ කරපු ගොංකං සහ බූරුකං සේරම ඇවිල්ල අපිට කියනව.

ඔන්න දවසක් මේකට ගේ ඇතුලෙ කොහෙද බිම වැටිල තිබිල සිඬාලේප පෙට්ටියක් හම්බුවෙලා. මූ බලනකොට ඕකෙ බෝතලේ තිබිල නෑ, හැබයි ප්‍රිස්කිප්ෂන් කොලේ තිබිල. ඔය කාලෙ අපිට ඉස්කෝලෙන් කියල තිබුන අතට අහුවෙන හැමදෙයක්ම කිවන්න පුරුදු වෙන්න කියල. වැදගත් පොතක් දැක්කම අමතක වෙන ඔය කතාව, ඕනෙ නැති කුණු ජරාවක් දැක්කොත් ටක් ගාල මතක්වෙනවනෙ අපිට.

ඔන්න දැන් සංකයත් ගජරාමෙට මේක කියවනව.

දත් කැක්කුම, කං කැක්කුමට, බඩේ පිපුමට, කෙන්ඩ පෙලීමට, ගැහෙන උණට…….කාන්තාවන්ගේ මාසික වේදනා සඳහා…..

……….

ඈ… කාන්තාවන්ගේ මාසික වේදනා.. යකෝ සිඬාලේප වෙදමහත්තයට වැරදිලා නේද.

අම්මේ මෙන්න මේකෙ මානසික වේදනා වලට මාසික වේදනා කියල ගහල. හැමතිස්සෙම මට සිංහල වලට ලකුණු නැතෙයි කියල කියල බැන්නෙට මෙයැයිටත් වැරදිලා මේ……

මේපාර උගෙ ලොකු අයියයි කියනවනෙ උගෙ ඔළුව අතගෑවෙ.

ප / ලි :

ඔය ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ තිබුන ඒව දැං මට හරියටන මතක නැති හන්ද නවම් මාවතේ “අරලිය තේ කඩෙන්” රුපියල්ම හතලිහක් දීල පුංචි සිඬාලේප කුප්පියක් ගත්ත, ඒත් කරුමෙ කියන්නෙ දැන් එන ඒවයෙ ඔය ප්‍රිස්ක්‍රිප්ෂන් කඩදහිය නෑ නෙ. උන්නැහෙත් කොස් කට්ං ද දන්නෙ නෑ.

%d bloggers like this: